අජීරණයක් ඇඟේ ක්‍රියාත්මක වෙන විට දැනෙන අපහසුතාවයන් හුඟක් තිබෙනවා. වමනය, බඩ රිදීම මෙන්ම කිහිප වරක් වැසිකිලි යාමට සිදුවීම වැනි අවස්ථාවන් දනින්නට පුළුවන්. ඔබ සත්ව ආහාර ගන්නා කෙනෙකු නම් හෝ මාංශ වලට අසාත්මික තත්වයන් ඇතිවෙන්නෙ නැතිනම් ඔබ කුකුල් මස් (chicken) වලට ආශා නොවෙන්න හේතුවක් නැහැ. රසින් වගේම ලොව පුරා විවිධ කෑම අත්හදා බලන්න කුකුල් මස් යොදා ගැනෙනවා.

නමුත් කුකුල් මස් වල සැල්මොනෙල්ලා නම් බැක්ටීරියාවක් අඩංගු වන අතර කුකුල් මස් හරි ලෙසට භාවිතයට නොගත් පසු එය මුලුතැන්ගෙය තුළ පමණක් නොව ඔබ ගන්නා අනෙක් කෑම දක්වාත් පැතිරෙන්න පුළුවන්.
පරීක්ෂණ දත්තවලට අනුව හැම chicken කැබලි 4 කින් එක කැබැල්ලක සැල්මොනෙල්ලා බැක්ටීරියාව අඩංගු විය හැකි බව පැවසෙනවා. මෙය ශරීරයට ඇතුල්වූ විට බඩේ අමාරු, වමනය සමහර අවස්ථාවන් වලදී ඊට වඩා දරුණු රෝග ලක්ෂණ වුවත් මතු වන්නට ඉඩ ඇති බව පැවසෙනවා.
Bacteria
ඒ නිසා chicken පිසීමේදී මේ තත්වයෙන් මිදීම ඉතා වැදගත් වුවත් බොහෝ නිවෙස් වල අනුගමනය කරන වැරදි පිළිවෙත් නිසා තත්වය වෙනස් වෙනවා. ඉන් මුළුතැන්ගෙයට නිකරුනේ මෙම බැක්ටීරියාව කැඳවා ගැනීමක් සිදු වෙනවා.
වාර්තා වලට අනුව නිවෙස් 56 ඇසුරෙන් ප්‍රශ්නාවලියකට අනුව කරන ලද සමීක්ෂණයකදී මේ තත්වය ගැන කරුණු අනාවරණය කර ගන්නට යෙදුනා. නමුත් මේ සියලු දෙනා ක්‍රියාකරන ආකාරය අනුව ඔවුන් මුළුතැන්ගෙය සහ උපකරණ වල සැල්මොනෙල්ලා බැක්ටීරියාව නිකරුණේ පතුරවා ගන්නා බව අනාවරණය වුණා.
මේ ඇසුරෙන් Eyob නමැති සඟරාව මූලිකත්වය ගෙන මුද්‍රණය වී තිබුණ ආහාර වල ආරක්ෂාව පිළිබඳ පිළියම් අංශයේ විශේෂිත සඟරාවක් ලෙසිනුයි. ඔවුන්ට අනුව මෙම විෂබීජ පතුරවා ගැනීම ගැන මිනිසුන්ගේ සැලකිල්ල අඩු වුවත් ඔවුන් දැනුමින් අඩු අය නොවන බව පවසනවා. ආහාර වල ආරක්ෂාව ගැන ඔවුන්ගේ අවධානය අඩු බව තවදුරටත් පවසනවා.
මෙය ක්‍රියාත්මක වන පිළිවෙළෙහි ඇති වරදක් ඔහු පවසනවා. බොහෝ විට පාරිභෝගිකයන් අතට පත්වන විටත් මේ කුකුල් මස් පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්වී හමාරයි. සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් නොවෙනා රෝහලේ වෛද්‍ය ඩෙස්මන් වයි Channel News Asia වෙත අදහස් දක්වමින් කියා සිටියේ මෙම කුකුල් මස් ඉතා හොඳ පෙනුමෙන් මෙන්ම දූවිලි කුණු නැති බවට පෙනුනත් ඒ වන විටත් සැල්මොනෙල්ලා බැක්ටීරියාව අඩංගු විය හැකි අතර එය සේදීමෙන් ඉවත් කළ නොහැකි බවයි.
මන්ද අමු කුකුල් මස් හෝ බිත්තර සෝදන විට එය සින්ක් එකේ හෝ භාජන වල තැවරීම වළකාගන්න බැහැ. ඒ නිසා අමු කුකුල් මස් පිරිසිදු කර සෝදා ගැනීමෙන් පසු අනිත් පිසූ ආහාර ගැනීමට නම් මුළුතැන්ගෙය ඉතා හොඳින් පිරිසිදු කරගැනීම වැදගත් වෙනවා, වෛද්‍ය වයි පවසනවා. ඒ වගේම අමු මස් හා පිසූ ආහාර සඳහා ඒවා කපන ලෑලි දෙකක් තබා ගැනීමටත් ඔවුන් නිර්දේශ කරනවා.
දැන් කුකුල් මස් නිවැරදි විදියට පිලියෙල කරන්න දන්නවා නේද? එහෙනම් මේ රසවත්, ගුණවත් chicken රෙසිපි එක හදලා බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය
කුකුල් මස් – ග්රෑම් 250ක්
තක්කාලි – ගෙඩි දෙකක් (හොඳින් පොඩිකර තලපයක් සේ හදාගන්න)
ලීක්ස් – මිටක් පමණ
ලුණු, මිරිස් කුඩු, කළු තුනපහ ටිකක්, කරදමුංගු, කරාබුනැටි ආදිය අවශ්‍ය පමණ
තෙල් – මේස හැඳි 2ක් පමණ
සාදන ක්‍රමය
1. සෝදා කපාගත්කු කුල් මස් ග්රෑම් 250ක් රයිස් කුකරයට දමන්න
2. දැන් මෙයට තක්කාලි ගෙඩි 2කින් හොඳින් පොඩි කරගත් තක්කාලි තලපය එක් කරගන්න (නැතහොත් තක්කාලි Paste ටින් එකක්)
3. කපාගත් ලීක්ස් ටිකක්
4. ලුණු, මිරිස් කුඩු, කළු තුනපහ ටිකක්, කරදමුංගු, කරාබුනැටි ආදිය අවශ්‍ය පමණ
5. ජලය අවශ්‍ය පමණට දමා බත් එක ඉදෙන්නට හරින්න (වතුර එකතු කල පසු ලුණු රස අවශ්‍ය පමණට සකසා ගන්න)
6. දැන් හොඳින් මිශ්‍ර කරගත් මේ රසවත් බත් එක පවුලේ සැම හා රස විඳින්න 🙂
theAsianparent Sri Lanka පුංචි නමුත් මේ වැදගත් කරුණු ඔබට ඉදිරිපත් කරන්නේ ඔබේ සෞක්‍ය හා පවුලේ නිරෝගී බව වෙනුවෙන්මයි.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ