බැන්දට පස්සෙ මහත් වෙන්නෙ ආදරේ වැඩි හින්දයි

බැන්දට පස්සෙ මහත් වෙන්නෙ ආදරේ වැඩි හින්දයි

"බැන්දත් හරි දෙන්නට දෙන්න තරඟෙට මහත් වෙනව" මේ ඔබේ කතාව නම් ආරංචිය සුභයි ඔන්න! දැනගන්න, කියවන්න!

විවාහ වී තර වෙන්න ආදරය කරන්න! සතුටින් සිටින යුවළක් එකට තර වන බව විද්‍යාවෙන් පැවසෙනවා. ඉතින් විවාහයෙන් පසු මහත් වීම පුදුම වෙන්නට කාරණාවක් නෙවෙයි.

“බැන්දට පස්සෙ දෙන්නම හරි හරියට මහත් වෙලා.” මේ කතාව ඔයාලටත් පොදුයිද? එහෙනම් මේ ලිපිය ඔබටයි!

සතුටින් සිටින යුවළකගේ ගති ලක්ෂණ බොහෝමයි. ඔවුන් එකිනෙකාට බොහෝ සෙයින් ආදරය කරනවා.

ඒ වගේම ඔවුන් එකිනෙකා සමඟ අවංකව හා විවෘතව සිටිනවා, සන්නිවේදනය කරනවා. එකිනෙකාගේ අවශ්‍යතා ගැන සැමවිටම ගෞරවනීය ලෙස සැලකිලිමත් වනවා.

නමුත් ප්‍රීතිමත් යුවළකගේ තවත් ලක්ෂණයක් ගැන කිව්වොත් නම් ඔබ පුදුම වෙනවා! “ආහ්! එක අතකට පුදුම වෙන එකක් නැහැ!”යුවළක් එකට සතුටින් සිටින විට, ඔවුන්ගේ ශරීර බරත් එකටම වැඩි වෙනවා!

සාර්ථක සබඳතාවක් ඇති යුවලකගේ බර වැඩිවීම ගැන විද්‍යාව පවසන දේ මෙන්න.

විවාහයෙන් පසු මහත් වීම

සෞඛ්‍ය සම්පන්න සබඳතා බර වැඩිවීම: විද්‍යාව ඒ ගැන පවසන්නේ කුමක්ද?

සෞඛ්‍ය සම්පන්න සබඳතාවකදී දෙදෙනාගේ බර වැඩිවීම සැබෑවකි.

විද්‍යාත්මක අධ්‍යයන කිහිපයකින් පෙන්නුම් කර ඇත්තේ ප්‍රීතිමත් සම්බන්ධතාවයක එක් ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශවයේම බර වැඩිවන බවයි. ඇත්ත වශයෙන්ම බලුවොත්, මෙය බොහෝ විවාහක යුවල් තුළ කැපී පෙනෙන රටාවක් කියා ඔයාලත් එකඟ වේවි.

එක් අධ්‍යයනයක දී, පර්යේෂකයන් පිරිසක්, වසර හතරක් තුළ අලුත විවාහ වූ ජෝඩු 169 ක් සොයා අධ්‍යයනය කළා.

මෙම කාලය තුළ, ඔවුන් එක් එක් පුද්ගලයාගේ බර මනින ලද අතර, ඔවුන්ගේ සාමාන්‍ය සතුට සහ ඔවුන්ගේ විවාහයන් තුළ ඔවුන් කෙතරම් තෘප්තිමත්ද යන්න සොයා බැලුවා.

ඉතින් ප්‍රතිඵලය කුමක්ද? තමන්ගේ විවාහය ප්‍රීතිමත් එකක් බවට වාර්තා කළ එම සහකරුවන්ගේ බර අධ්‍යයන කාලය තුළ වැඩිවුනා.

අනෙක් අතට, බර වැඩි නොවූ සහකරුවන් එකිනෙකාගෙන් වෙන්වීමේ ප්‍රවණතාවය වැඩි වුනා.

විවාහයෙන් පසු බර වැඩිවීම: ප්‍රීතිමත් සබඳතා ඇති පුද්ගලයින්ගේ බර වැඩිවන්නේ ඇයි?

අප සඳහන් මෙම අධ්‍යයනයේ දී පර්යේෂකයන්ට සිත්ගන්නාසුලු න්‍යායක් තිබුනා. ඔවුන් යෝජනා කරන්නේ ප්‍රීතිමත්, ස්ථාවර සම්බන්ධතාවයක සිටින අයට තවත් සහකරුවෙකු සොයා ගැනීමට/ ආකර්ෂණය කර ගැනීමට තවදුරටත් අවශ්‍යතාවක් ඇති නොවන බවයි.

ඉතින්, ඔවුන් වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම ඒ සියල්ල අතහැර දමා, ඔවුන්ගේම සහකරුවන් අතර සුව පහසුව ලැබීමෙන් තෘප්තිමත් වුණා!

තවද මෙම තෘප්තිමත් සහකරුවන් හට, සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටා පුරුදු (බැදපු ආහාර, දුම් පානය, මත්පැන් භාවිතාව) කෙරෙහි අවශ්‍යතාවයක් නැහැ.

ඒ හේතුවෙන් බොහෝ විට අධ්යයනයට සහභාගී වූ සහකරුවන්ගේ ආහාර වේලෙහි හොඳ පලතුරු සහ එළවළු වර්ග ඇතුළත් කර ඇති බවත් අනාවරණය වුනා.

තවද, මේ අනුව, පුද්ගල බර වැඩි වීමට, බැදපු ආහාර ගැනීම, දුම් පානය, මත්පැන් භාවිතාව වැනි සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටා පුරුදු බල බලපා නැහැ.

ඒ වෙනුවට, පර්යේෂකයන් මෙම බර වැඩිවීම සඳහා වඩාත් චර්යාත්මක පදනමක් ඇති බවත් සොයාගත්තා.

මිනිසුන් එකට ජීවත්වන විට, ඔවුන් තම සහකරුගේ ජීවන රටාව ද අනුකරණය කිරීමට නැඹුරු වනවා. මේ සියල්ල සෞඛ්‍ය සම්පන්න නොවන්නට පුළුවන්.

නිදසුනක් වශයෙන්…

1. පිරිමින් ආහාරයට ගන්නා ආහාර ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් කාන්තාවන්ද අනුභව කරන්නට පෙළඹෙනවා.

සහකරුගේ ජීවන රටාවට අනුවර්තනය වන බව පෙන්වීමට හොඳ උදාහරණයක් වන්නේ කාන්තාවන් පිරිමින්ට සමාන හෝ  ඊට වඩා ආහාර ප්‍රමාණයක් ආහාරයට ගැනීමයි.

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම අවශ්‍ය කැලරි ප්‍රමාණ එකිනෙකාගෙන් බෙහෙවින් වෙනස් විය හැකි බැවින්, ආහාරයට ගන්නා කොටස් ප්‍රමාණයන්ද වෙනස් වනවා. එම නිසා දෙදෙනා එක ප්‍රමාණයෙන් ආහාර ගැනීම බර වැඩිවීමට විශාල ලෙස බලපානවා.

2. ගෙදරදී ආහාර පිසගත් විට විශාල ප්‍රමාණ වලින් අනුභව කිරීම

ආහාර පිළියෙළ කිරීම සඳහා කාලය ගැනීමට සහකරුවන් කැපවී සිටිනවා. තනිකඩව ජීවත් වන්නන් බොහෝ විට විශාල ප්‍රමාණ වලින් ආහාර පිළියෙල නොකරන අතර බොහෝ විට වේලක් හෝ දෙකක් නොකා බගහැරීමටත් නැඹුරු වනවා.

නමුත් එකට ජීවත්වන යුවලකට පවුලේ ආහාර වේල් විශේෂ අංගයක් වනවා. එවැනි බැඳීම් වඩාත් සම්පූර්ණ ආහාර වේලකටද යොමු වන්නේ මූලික ආහර වලින් පසුව අතුරුපස හෝ ඇතැම් විට මධ්‍යසාර ටිකක්ද එම වේලට ඇතුළත් කරමින්.

විවාහයත් සමඟ, මෙලෙස ආහාර ගැනීම වඩාත් වැදගත් වන්නේ ඔවුන් ජීවිතයේ කාර්යබහුල වනවාත් සමඟ එකට වාඩි වී ආහාර ගනිමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ආහාර භුක්ති විඳීමට කටයුතු කරන නිසායි.

3. දෙදෙනාට එකතු වී ප්‍රමිතියෙන් යුතු කාලයක් (Quality Time) මිඩංගු කිරීමට ප්‍රමුඛතාවය දීම මගින් දෙදෙනාට වෙන වෙනම තම පුද්ගලික සෞඛ්‍යය ගැන සලකන්නට කාල වේලාවක් නොමැති වනවා.  

නිදසුනක් වශයෙන්, අලුත විවාහ වූ යුවළක් බොහෝ විට සොඳුරු රාත්‍රී භෝජනයකට ගොස එකට ආහාර ගැනීම ප්‍රිය කරනවා.

දවස පුරා වැඩ කිර, ව්‍යායාම කිරීමට තනිව යනවාට වඩා එකට එකතු වී කාලය ගත කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා.

සති අන්ත්තක පවා එකට චිත්‍රපටයක්  බලන්නට යාම, සීනි සහිත කෑම සහ බීම ගනිමින් නිදහස් කාලය භුක්ති විඳින්නට පෙළඹෙනවා.

ඉතින් මහත් වෙන එක අහන්න දෙයක් නොවේ.

4. දරුවන් ලැබීම විවාහයෙන් පසු මහත් වීම ට හේතු වනවා

මේ ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. දරුවන් ලැබීම නිතැතින්ම බර වැඩිවීමට හේතු වනවා. නිදසුනක් ලෙස දරුවන්ට කවා ඉතිරි වන ආහාර නහස්ති නොකරන්නට නිසා දරුවන් ඉතිරි කළ ආහාර කෑමටත්  දෙමාපියන් පෙළඹෙනවා.

දරුවන් සිටින්නේ “මැක් සහ චීස්” කෑමට ලොල් අවධියක නම්, දෙමාපියන්ද ඉබේටම මේ තැන් වලින් ක්ෂණික ආහාර කන්නට පෙළඹෙනවා. ඉතින් මෙය පැහැදිලිවම දෙමාපියන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර විකල්ප වෙන්නේ නැහැ.

5. ඔබේ සහකරුගේ සෞඛ්‍ය ඉලක්ක 

තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ ඔබේ සහකරුගේ සෞඛ්‍ය අරමුණු වල ප්‍රගතියක් නොමැති වීමට හේතුව ඔබ ඔබේ සෞඛ්‍ය අරමුණු ඉටු කර නොගැනීම නිසා බවයි.

උදරය අඩුකර ගැනීමට උනන්දුවක් නොමැති සහකරුවෙකු උදාසීන බව ඔහුගේ හෝ ඇයගේ සහකරුගේ උනන්දුව හීන කරන්නටද දායක වනවා. තනිකඩ කාලයේ මෙම තත්වය වෙනස්.

healthy relationships weight gain

Healthy relationships weight gain: Cooking at home more often instead of eating out is a way to stop piling on the pounds.

ඉතින් සතුටින් සිටින ගමන් විවාහයෙන් පසු මහත් වීම වලක්වාගන්න හැකියාවක් තිබේද? ඒ සඳහා කුමක් කළ හැකිද?

සැබවින්ම, ආදරය කර තර වීම සතුටට කාරණාවක් තමා. නමුත් යථාර්ථය නම්, අධික බර වැඩි වීම සෞඛ්‍ය සම්පන්න නොවන බවයි.

ඇත්තෙන්ම, ඔබ ආදරය කරන්නේ නම්, සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවක් නිසා ඇති වන ආදීනව වලින් ඔබේ ජීවිතයේ ආදරය අහිමි අරගන්නට ඔබෙ කැමති හනැහැ නේද?

ඉතින් සතුටින් සිටින යුවල් වලට බර අඩු කරගෙන, උදරයද අඩු කරගන්නට උපකාර වන උපදෙස් කිහිපයක් මේ!

1. පිටින් ආහාර ගැනීම වෙනුවට ආහාර නිවසේදීම පිසගන්න විවාහයෙන් පසු මහත් වීම

ඔබ අනවශ්‍ය බර වැඩිකරගැනීම වලක්වාගන්නට සහතික කර ගත හැකි එක් පහසු ක්‍රමයක් නම් නිවසේදී ආහාර පිසගැනීමයි.

ගෙදර පිසූ ආහාර ඔබේ උදරයේ වර්ධනය පාලනය කරනවා.
මෙයට විශේෂ හේතුව ඔබ පිසූ ආහාරයේ සම්පූර්ණ අන්තර්ගතය ගැන ඔබට මනා පාලනයක් මෙන්ම දැනුමක් තිබීමයි.අවන්හල් ඔබේ ආහාරයට ඇතුළත් කරන නිශ්චිත අමුද්‍රව්‍ය ඔබ දන්නේ නැහැ. එහි ප්‍රධාන අහිතකර සංඝටක වන්නේ අතිරේක ලුණු, මේදය හෝ සීනි ය.2. ඔබගේ සහකරු ඔබගේ ව්‍යායාම සගයා කරගන්න. ඔබේ සෞඛ්‍ය ඉලක්ක වෙත නිරතුරුවම එකට ගමන් කරන්න 
එකිනෙකාගෙන් මොහොතක්වත් වෙන්ව ගත කිරීමට අපහසුද? කණගාටු වෙන්න එපා! එකට ජිම් එකට යන්න!

අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ සහකරුවන් සමඟ ව්‍යායාම කිරීමෙන් ඔබට දහඩිය වැඩි වන අතර මුළු කාලයම ඵලදායී වන බවයි.

3. හොඳ ජීවන රටාවන්ට බද්ධ වී සිටින්නවිවාහයෙන් පසු මහත් වීම

විවාහයෙන් පසු බර වැඩිවීම

බෙරි අනිවාර්යයෙන්ම කුණු කෑමට වඩා සෞඛ්‍ය සම්පන්න ආහාර වේ. රූප ප්‍රභවය| stock photo

බර අඩු කර ගැනීමේදී, ඔබගේ පාඨමාලාව පුරාවටම රැඳී සිටිය යුතු බව මතක තබා ගැනීම වැදගත්ය: ඔබ නිවසේදී ආහාර පිසීම සහ ව්‍යායාම කිරීම ආරම්භ කලාද? සුභ පැතුම්! එය හොඳ ආරම්භයක්!

නමුත් එයින් අදහස් කරන්නේ ඔබ එය නතර කළ යුතු බව නොවෙයි.

වැදගත් වන්නේ කොතරම් කුඩා පරිමාණයෙන් වුවත්, ඔබගේ දෛනික කැපවීමයි.

ඔබ ආරෝපණය කරගත යුතු වෙනත් හොඳ පුරුදු වනුයේ:

  • පලතුරු, එළවළු සහ ඇට වර්ග වැනි සෞඛ්‍ය සම්පන්න විකල්ප සමඟ ඔබේ ක්ෂණික ආහාර සහ ක්ෂණික නූඩ්ල්ස් සියල්ලම ආදේශ කරන්න.
  • නිර්දේශිත පරිදි වෛද්‍ය පරීක්ෂාවන්ට සහභාගී වන්න.
  • එකිනෙකාගේ සෞඛ්‍ය අරමුණු සඳහා වගකියන්නට බැඳී සිටින්න.

සැබෑ ආදරය නාමයෙන් තර වන්නට අවශ්‍ය නැහැ.

එය ඔබ එකට දීර්ඝායු සහිත ප්‍රීතිමත් හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් එකක් කරගන්නට ඔබේ ආදරය මත වූ කැපවීම තුළින්ම පහසුවෙන්ම කරගන්නට පුළුවන්. ඔබ එකඟද?

මූලාශ්‍ර: Psychology Spot, Healthline, Huffington Post (Article 1, 2), NY Post, Smithsonian Mag, PLoS One, Wiley

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

 

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි