ගෙදරට කොටු වෙලා. බලන බලන තැන කොවිඩ්-19 තොරතුරු. ඔළුව අවුල් වෙලා යනව වගේද?

ගෙදරට කොටු වෙලා. බලන බලන තැන කොවිඩ්-19 තොරතුරු. ඔළුව අවුල් වෙලා යනව වගේද?

නොසිතූ විරූ වෙලාවක පැමිණි මේ සුන්දර වකවානුව ආදරයෙන් පිළිගන්න. එයට ගරහන්න එපා!

ගුවන්විදුලිය ඇහුවත්, රූපවාහිණිය දැම්මත්, දුරකථන ඇමතුමක් ගත්තත්, මුහුණු පොතේ ඉහළ පහළ ගියත් දකින්නේ කොවිඩ්-19 විතරමයි. බොහෝ මව්වරුන් මහත් පීඩනයකින් පසුගිය දවස් ගෙවූ බව කියනවා. කොරෝනා නිසා මානසික අසහනය වැඩිවී ඇති බව කියනවා.

තවත් මවුවරුන් ඉදිරි දවස්, සති හෝ මාස කිහිපය මේ ආකාරයෙන් ගෙට වී කොහොම ගත කරන්නද කියා කාන්සාවෙන් පෙළෙනවා. 

කොරෝනා නිසා මානසික අසහනය

තවත් අය තම පුංචි දරුවන්ට පවුලේ අයට කොරෝනා ආසාදනය වේදෝ යන බියෙන් තැති ගෙන පුදුමාකාර මානසික ආතතියකින් පසුවනවා.

මෙය ගෝලීය අරගලයක්. අපට විතරක් බලපාන දෙයක් නෙමෙයි. ඉතින් ගෝලීය අරගල ලංකාවේ අපටත් බලපෑ හැකි අතර අප මේ මුහුණ දෙමින් සිටින්නේ ලෝකයේ රටවල් 185ක් ජනකායත් අප මෙන්ම මුහුණ දෙමින් සිටින අරගලයකටයි.

මෙහි භයානක පැතිකඩ වන්නේ අති සීග්‍ර ව්‍යාප්තිය. මේ ගැන පමණටත් වඩා තොරතුරු ඔබ දන්නවා. ඉතින් මේ ලිපියෙන් ඒ ගැන වෙන විස්තර කියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මෙහි සැනසිලිදායක කාරණය තමා අපගේ විනය, හික්මීම හා හොඳ පුරුදු මගින් මෙම රෝගයට ගොදුරු නොවී ඉන්න පහසුවෙන්ම පුළුවන් වීම.

ශ්‍රී ලංකා රජයෙන් කල් වේලා ඇතිව ගත් ක්‍රියාමාර්ග හා අදාල බලධාරීන්ගේ හා සෞඛ්‍ය අංශ වල අසහාය කැපවීම නිසා මේ කාර්‍යය අපට තවත් පහසු වී තිබීම සතුටට කාරණාවක් නොවේද?

මාස ගණනාවක් පුරාවට කොරෝනා සටන අප නෙත ගැටෙන හෑම තිරයකම දැකලා දැකලා දැන් අපි හැමෝම එක තැනක නතර වෙලා තියෙනවා. නතර වෙලා තියෙන්නෙ හොඳම තැන. ඒ අපේ ගෙදර.

ගෙදර නැවතිලා ඉන්න අපට කරදර වෙන්න, කනස්සල්ලෙන් ඉන්න කිසිම හේතුවක් නැහැ. හිතලා බලන්න.

ඔබ කනස්සල්ලු වෙනවා නම් වෙන්නේ ගෙදර ඇතුළෙ ඉඳලත් ඇතුළේ ජීවත් නොවී පිටත ජීවත් වීම නිසයි. ඒ මොකද්ද ඒ කතාව?

දැන් ඔබ සිටින්නේ ඔබේ ගෙදර. ඔබ ආදරය කරන ඔබේ පවුලේ අයත් එක්ක. දූ දරුවන් ගෙදර. සැමියා ගෙදර. වෙනස්ම අත්දැකීමක් තමා.

මේ අළුත් යථාර්තයට මුහුණ දීම තමා දැන් අපේ මූලික කර්ථවය වන්නේ.

ගෙදරට කොටු වෙලා. බලන බලන තැන කොවිඩ්-19 තොරතුරු. ඔළුව අවුල් වෙලා යනව වගේද?

ඉතින් මේ කාරණාව සඳහා සූදානම් වෙන්න මුලින්ම ඔබ ගෙදර ඇතුළේ ඉන්නට ඕනා. ඒ ශරීරයෙන් වගේම හිතින් පවා ගෙදර ඇතුළෙ ඉන්නට ඕනා.

මුහුණු පොතේ, වෙනත් සමාජ ජාලා සහ මාධ්‍ය හරහා නානාවිද පුවත් ප්‍රචාරය වෙනවා.

මේ අළුත් යථාර්තය ඔබට නව අත්දැකීමක් නම්, පැය කිහිපයකට හෝ ඔබ මෙම පුවත්, සමාජ ජාල සහ අනෙකුත් විද්‍යුත් ප්‍රචාර වලට විරාමයක් දිය යුතු වනවා.

ඉතින් අපි බලමු කවදාවත් අප අත් නොදුටු මේ අමුතුම අභියෝගයට මානසික සුවතාවයකින් යුතුව මුහුණ දෙන්නට පුළුවන්ද? පුළුවන් නම් එසේ කරන්නේ කොහොමද යන්න.

ගෙදර ඇතුළේ ‘ලොක් ඩවුන්’ එකට මුහුණ දෙන්නට කලින්, අපි යම් යථාර්තයන් ටිකක් ගැන සළකා බැලිය යුතුයි.

මේ යතාර්ථයන් හතර පදනම් කරගෙන ඔබට පහසුවෙන්ම ගෙදරට වෙලා පවුලේ අයත් එක්ක කාලය ගත කරන්නට සිතින් සහ ගතින් සූදානම් වන්නට පුළුවන්.

කොරෝනා නිසා මානසික අසහනය තුරන් කිරීමට දවස ආරම්භ කරන්නට මත්තෙන් මා නිරන්තරයෙන් සිහිපත් කළ යුතු මූලධර්ම 4ක්

  1. ගෙදර හැමෝම කැමති සතුටින් මෙන්ම නිදහසේ ඉන්න.
  2. මට පාලනය කරන්නට පුළුවන් මෙගේ සිතිවිලි සහ හැසිරීම් පමණයි.
  3. මේ අවට මගේ පාලනයෙන් තොර සිදුවීම් කිසිවක් මට වෙනස් කරන්නට බැහැ. ඒත් ඒවාට මා ප්‍රතිචාර කරන ආකාරය වෙනස් කරන්න පුළුවන්.
  4. හැම තත්පරයකම මේ කැමති දේ සිතන්නට, පතන්නට, තෝරාගන්නට, කරන්නට නිදහස සහ බලය මා සතුයි

දැන් මේ යතාර්ථය අවබෝද කරගත්තා නම්, ඉතිරි පියවර ගැන මා නොකීවත්, ඔබට එහි අවබෝධය සහ වැටහීම ඇති වනවා.

පහසුවෙන්ම ඔබගේ ඉදිරි දින, සති, මාස  උද්‍යෝගයෙන් ගත කරන්නට හැකියාව ඇති වනවා. ඒව සැලසුම් කරගන්නට ප්‍රඤාව සහිත නුවණ පහල වනවා.

ඉතින් මේ කටයුත්ත තවත් පහසුවෙන් කරගන්නට ඔබට උපකාර විය හැකි පියවර කිහිපයක් පහත සඳහන් කරනවා.

ගෙදර ඇතුළට වෙලා ඉද්දී, කොරෝනා නිසා මානසික අසහනය නැතිව මානසික සතුට ඇති කරගන්නේ මෙහෙමයි.

  1. මේ මොහොතේ මගේ සිතේ දුවන හැඟීම් මොනවාද? මොහොතක් මෙනෙහි කරන්න

ඔබ සිටින්නේ සැනසීමෙන්ද? බියෙන්ද? තැති ගැන්මෙන්ද? විනෝදයෙන්ද? මොහොතක් දෙනෙත් පියාගෙන ඔබගේ සිතේ මේ මොහොතේ ඇති හැඟීම් මොනවාදැයි තේරුම් ගන්නට උත්සාහ කරන්න.

ඔබේ සිතේ ඇත්තේ සතුටු සිතිවිළි නම්, ධනාත්මක හැඟීම් නම් ඔබට පහසුවෙන්ම ඊළඟ පියවර මගහැර තුන්වන පියවර වෙත පිවිසෙන්න පුළුවන්.

  1. මගේ සිතේ තියෙන්නේ කනස්සල්ලක්. දැන් මා කළ යුත්තේ කුමක්ද?

ඔබේ සිතේ තැති ගැන්ම, කනස්සල්ල වැනි සෘණාත්මක සිතිවිලි ඇත්නම්, ඒ ඔබ අනාගතය ගැන (නැතහොත්) සත්‍ය ලෙස සිදු නොවුනු මනංකල්පිත අදහස් වලින් සිත පුරවන් සිටින නිසා විය හැකිය.

එසේත් නැතිනම්, පසුගිය සිදුවීම් වල හිරවී අතීතයේ ජීවත් වනවා විය හැකිය. එසේත් නැතිනම් ඔබ අසල සිටින හෝ නොසිටින වෙනත් කෙනෙකු නිසා කනස්සල්ලෙන් විය හැකිය.

මේ තත්වයෙන් මිදීමට ඉහත සඳහන් කළ මූලධර්ම වෙත ඔබ අවධානය යොමු කළ යුතු වනවා. එම සත්‍ය තුළින් අතීතයේ හෝ අනාගතයේ හෝ වෙනත් කෙනෙකු සම්බන්ධ හෝ සිතිවිලි වලින් මිදෙන්නට තීරණයක් ගන්න.

ගෙදරට කොටු වෙලා. බලන බලන තැන කොවිඩ්-19 තොරතුරු. ඔළුව අවුල් වෙලා යනව වගේද?

ඔබ වටා මේ මොහොතේ ඇති, ඔබට කෘතඤපූර්වක විය හැකි සියළු දේ දෙස මොහොතක් බලන්න.

හිසට වහලක්, ඔබේ පවුල, දූ දරුවන්, දෙමාපියන් හෝ ඔනෑම දෙයක් තිබිය හැකියි. මේ මොනවාවත්ම නැතිනම්, ලෝභ නැතිව පායන හිරු, යහමින් හමන සුළං, ගස් කොළං යනාදී මෙකි නොකී දහසකුත් දේ ඔබ අවට තිබෙන ආකාරය බලන්න.

ගැඹුරු හුස්මක් ගෙන... මේ හැම දේටම ස්තූතිවන්ත වන්න.

  1. ගෙදර සතුට ඇති කරන්නට හෝ නැති කරන්නට පූළුවන් කපිතාන් මමයි

දැන් ඔබ නිවසේ සිටින කාලය සුන්දර ලෙස හසුරුවන්න කපිතාන් ඔබයි. ලොකු සිනහවක් පා සුක්කානම අතට ගන්න. ගෙදර හැමෝටම ඔබට හැකි පමණින් සතුට පිරි තැනක් බවට ඔබේ නිවස පත් කරන්නට තීරණයක් ගන්න.

මේ තීරණය සුභවාදී මනසකින් ගත් පමණින් ඔබට දැනෙන්නට පටන් ගන්න ජවය, සතුට ඔබටම දැනෙන්වා ඇති. මේ සිතිවිල්ලත් එක්කම ඔබට පාලන කරන්නට පුළුවන් දේවල් පාලනය කරන්නට පටන් ගන්න. 

අද උයන්නේ මොනවද? ඒකට හවුල් වෙන්න කැමති පොඩ්ඩන්ට ආරාධනා කරන්න. එය පිළිගත්තොත්, එයාල ඒවි. එහෙම නැතිනම්, එයාලට සතුට ගෙන දෙන දේවල් සොයාගන්නට එයාලට උදව් කරන්න. එළවළු පාත්තියක් හදා දෙන්න කියන්න.

මිදුළේ ලස්සන මල් පාත්තියක් හදන්න කියන්න. ඔබත් ඔබට සතුට ගෙන දෙන දෙයක් කරන්න. දවස හැමෝටම සතුට ගෙන දෙන ආකාරයට සැලසුම් කරගන්න.

  1. ගතින් ගෙදරට කොටු වුණත් සිතින් නිදහස් වන්න 

සමාජ ජාල වල නිරතුරුවම අප දකින්නේ ගෙදරට හිර වුණු ජීවිතය කෙතරම් අසීරුද යන්නයි. මගේ හැඟීම නම්, ගෙදර සැබෑ නිදහස විඳින අයවළුන් හට තම් සතුට කියන්නට පරිඝණකයට එන්නටවත් වෙලාවක් නැතිව ඇති.

එහෙම සතුටින් කල් ගත කරන බොහෝ දෙනා ගෙදර දුවා දරුවන් එක්ක

  1. කාලෙක ඉඳන් අස් පස් කරගන්න බැරු වුණු කාමරයක් හෝ විශේෂ තැන් අස් පස් කරනවා
  2. නිහඬ රංගන සහ එවැනි වෙනත් ක්‍රීඩා කරනවා
  3. උයන්න පිහන්න උදව් වෙනවා
  4. වත්ත පිටිය සුද්ද පවිත්‍ර කරනවා
  5. ගෙදර මිදුලේ පැළෑටි හඳුනාගන්නවා
  6. සින්දු කියනවා
  7. චිත්‍ර අඳිනවා
  8. වාහන සුද්ධ පවිත්‍ර කරනවා
  9. දූ දරුවන්ට දෑතේ වැඩ උගන්වනවා

තව බොහොමයක් ජාති ලියන්නට පුළුවන්. නමුත් සුපුරුදු සැලැස්මට අමතරව කාලයක් තිස්සේ ඔබ කරන්නට සිහින මැවූ දේවල් අනන්ත අප්‍රමාණ විය හැකියි.

  1. කොරෝනා නිසා මානසික අසහනය තුරන් කරගන්න නිර්මාණශීලී වන්න

මේ ඔබ තුළ කාලයක් තිස්සේ නිහඬව සිටි නිර්මාණශීලී බිළිඳා අවද් කිරීමට වේලාවයි. ගෙදර අනෙක් අයගේ නිර්මාණශීලිත්වයත් අවදි කරවන්නට ඔබට උපකාර කළ හැකියි. 

මා දන්නා කෙනෙක් (ඈ සමාජ් ජාල වලින් සම්පූර්ණයෙන් ඈත් වෙලා දවස ගෙවනවා. විවේකයක් ලද විට පමණක් එහි සුළු වෙලාවක් ගත කරනවා)

කට්ටියම ගෙඩහ්‍ර නිසා කෑම පිළියෙල කිරීම සංකීර්ණ නැහැ. අමුතුවෙන් කෑම සකස් කර අසුරන්නට අවශ්‍ය නැහැ. වේල් තුන සැලසුම් කරගෙන උදෙන්ම උයන වැඩේ ඉවර කරනවා. 

කට්ටියම උදේ කෑමෙන් පසුව නිදහසේ කාලය ගත කරනවා. දවල් කෑමෙන් පසු පොඩි නින්දක් දමා වත්තේ වැඩ පටන් ගන්නවා. 

හවස් වෙද්දී ගෙට එන්නෙ හොඳ මහන්සියෙන්. හොඳට ඇඟ පත සෝදාගෙන, තේ බීලා චිත්‍රපටියක් බලනවා හැමෝ එක්කම ටී වී එකේ. 

හවස ගෙදර අය එකතුව කලින්ම රාත්‍රී ආහාර ගන්නවා. පසුව එකතු වෙලා පුංචි ආගමික වතාවත් කරනවා. වෙලා තිබුණොත් ගෘහස්ථ ක්‍රීඩාඅවක් කරනව හැමෝ එක්කම. පසුව නින්දට යනවා. 

ඔයාලටත් ගෙදර හැමෝටම සරිලන විදිහේ දෛනික සැලැස්මකට වැඩි ආතතියක් නැතිව හුරු වෙන්නට පුළුවන්.

  1. අධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වන්න. දරුවන්වත් ඊට හුරු කරන්න

ජීවිතයේ අධ්‍යාත්මික පරිණත බව ජීවිතයට කෙතරම් සැනසීමක් දෙනවාද යන්න ඔබ පුද්ගලිකවම අත්දැකිය යුතු දෙයක්. පසුගිය ජීවිතය පුරාවටම ජීවිතය ගෙනයන්නට දුවන වේගයත් එක්ක මේ ගැන අත්දකිනවා තියා හිතන්නටවත් අපහසුයි. උදේ පාන්දර අවදි වූ ගමන් සහ රෑ නින්දට පෙර දෙනෙත් පියාගෙන විනාඩි 5ක් හෝ 10ක් නිශ්චලව ගත කරන්නට හුරු වන්න. 

අධ්‍යාත්මික උපදේශන, සංගීතය, බණ භාවනා වලට සවන්දීමට, නියැලෙන්නට, වතාවත් කරන්නට කාලය වෙන් කරගන්න

වෙන එකක් තියා, කොටින්ම කියනවා නම්, බොහෝ දෙනෙක් දුක් මහන්සි වී මුදල් උපයන්නේ කවදා හෝ මේ නිදහස් භුක්ති විඳින්නට බව ඔබට නිකමටවත් හිතුණාද?

නොසිතූ විරූ වෙලාවක පැමිණි මේ සුන්දර වකවානුව ආදරයෙන් පිළිගන්න. එයට ගරහන්න එපා!

කොරෝනාවෙන් බේරෙන්න ඔබ්ට හැකි උපරිමයෙන් ඔබේ වගකීම ඉටු කරනවා නම්, ඒ ගැන තව දුරටත් හිතන්නට හෝ කනස්සලු වීමෙන් කිසිඳු ප්‍රයෝජනයක් අත් වන්නේ නැහැ.

මොන යම් හෝ හේතුවකින් කොරෝනා ආසාදනය් වුවහොත්, ඊට අවශ්‍ය ක්‍රියා මාර්ග ඒ ඒ අවස්ථා වලදී ගත හැකියි නේද?

ඒ ගැන දැන් තියා තැති ගැන්මෙන් ඔබ නැති කරගන්නේ මේ ලැබුනු සුන්දර අවස්තාවන් නැතිකර ගැනීම නොවේද?

ගෙදරට කොටු වෙලා. බලන බලන තැන කොවිඩ්-19 තොරතුරු. ඔළුව අවුල් වෙලා යනව වගේද?

ඔබට මෙකී ආකාරයෙන් සතුටින් දවස් ගත් කිරීමට අභියෝගයක් වන ලෙස ඔබ ගෘ හස්ථ පීඩනයකට ලක් වන්නේ නම්, ඔබට අවශ්‍ය සහය සැපයීමට බොහෝ ආයතන ඇපකැප වී සිටිනවා.

ඔබේ සිතේ කනස්සලෙන් මිදීමට වෙනත් සහයෝගයක් අවශ්‍ය නම් අපගේ ෆේස්බුක් පිටුව හරහා මා හා අස්ම්බන්ධ වන්නට පුළුවන්.

මේ අතර මෙම කාලයේ ඔබ මුහුණ දෙන ගෘහස්ථ ගැටළු කිහිපයක් තෝරාගෙන ඒවාට මුහුණ දෙන ආකාරය ගැන ෆේස්බුක් ලයිව් වැඩසටහනක් හරහා අප්‍රියෙල් 3වන සිකුරාදා පෙව 10.00ට ඔබ හා සම්බන්ධ වන්නට බලාපොරොත්තු වනවා.

ඉතින් මේ ආකාරයෙන් ඔබටත්, ඔබේ පවුලේ අයටත් සුදුසු ලෙස සුදුසු දේ තෝරා ගන්නට පුළුවන්. අවශ්‍ය ලෙස වෙනස් කම් කර ඉතාම සතුටින් එකතු වී කාලය ගත කරන්නට දැන් ඔබට පුළුවන්.

සතුටින් ඉන්න. වසර ගණනාවකින්, 2020 කොවිඩ්-19 සමරු සටහන් ගැන ආවර්ජනය කරන්නට පවුලේ අයත් එක්ක දයාබර සිහිවටන නිර්මාණය කරගන්න. කොරෝනා නිසා මානසික අසහනය ඇති වන්නේ නැහැ. සොඳුරු මතකයන් විතරයි.

මේ ලිපිය ඔබ වෙත ගෙන ආ මා, වාග්-නියුරෝන උපදේශිකාවක් වන අතර (NLP Practitioner) ලිපි ලිවීමට අමතරව. කොළඹ මනෝ විද්‍යා පාඨමාලා ආයතනයක් වන ලෝගෝස් ආයතනයේ උපදේශිකාවක් ලෙසද, ග්‍රේට් ඉම්ප්‍රෙෂන්ස් ආයතනයේ නිර්මාතෘවරිය ලෙස ස්වාධීන උපදේශිකාවක් ලෙසද කටයුතු කරනවා.

කොවිඩ්-19 ආශ්‍රිත අපගේ සියළු ලිපි මෙතැනින් කියවන්නට පුළුවන්. ඒ වගේම මේ වේලාවේ රෝගය පැතිරවීමට අනුබල නොදී නිසි සනීපාරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් නිරෝධායන කටයුතු වලට ඔබගේ උපරිම සහය දෙන ලෙසත් අපි යලිත් ඔබට මතක් කරනවා.

කොවිඩ් 19 හදිසි ඇමතුම් සේවා අංක - 0710107107 සහ 0113071073

කොවිඩ්-19 ලොව පුරා ව්‍යාප්තිය පිළිබඳ යාවත්කාලීන සංඛ්‍යාලේඛණ සඳහා මෙම අඩවියට පිවිසෙන්න.

මූලාශ්‍ර: vox.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Niloufer Perera

කතන්දර ලිපි