theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ප්‍රීතිමත් යුග දිවියක් ඇති කරන්නට පාර කියන මේ පුංචි වෙනස්කම් 3 අත්හදා බලන්න.

3 අවම කියවීම
ප්‍රීතිමත් යුග දිවියක් ඇති කරන්නට පාර කියන මේ පුංචි වෙනස්කම් 3 අත්හදා බලන්න.ප්‍රීතිමත් යුග දිවියක් ඇති කරන්නට පාර කියන මේ පුංචි වෙනස්කම් 3 අත්හදා බලන්න.

ප්‍රීතිමත් විවාහයකට මේ කරුණු 3 ගැන සිතා බලන්න...

ප්‍රීතිමත් යුග දිවියකට සහකරුවන් විසින් කළ යුතු දේවල් ගැන අපට ඔවදනක් දෙන මහාචාර්ය විලියම් ජේ. ඩොරති පවුල් සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස මිනෙසොතා විශ්වවිද්‍යාලයේ කටයුතු කරනවා.

ඔහු විශ්වාස කරන ආකාරයට ඉතා කුඩා විශ්වාසයකට දුර ගමනක් යා හැකි බවයි.

සමහර විට කෙනෙකු තමන්ගේ පවුලේ බැඳීම ශක්තිමත් බව ඉතා හොඳින් පැවතීගෙන යන බව සිතුවත් මේ පුංචි කරුණක් නිසා එය ඔබ සිතනවාට වඩා ශක්තිමත් වෙන්න පුළුවන්.

හොඳ සබඳතාවයකට පීඩනයෙන් තොරව යම් කාලයක් ගත කිරීම ඉතාම වැදගත්, ඩොරති පවසනවා.

සතුටින් ඉන්න විවාහක පිරිස් මේ නිසා හුඟක් සතුට ළඟා කරගන්නවා. 

මේ අතරතුර දරුවන් හදා වඩා ගැනීමේ පීඩනය මේ අයට අලුත් දේවල් වෙන්නේ නැහැ.

Women’s Health Magazine හරහා ඩොරති කරුණු 3 ක් හුවමාරු කරගත්තා.

සතුටින් තම පවුල් ජීවිතයත් දරුවන්වත් රැකබලා ගැනීමත් ඉටු කරන්න මේ මගින් සාකච්ඡා කර තිබුණා.

ප්‍රීතිමත් යුග දිවියකට මේ කරුණු ගැන සිතා බලන්න.

1. පොඩි දෙයකින් සිතන්න ආරම්භ කරන්න

සමහර විට ඉතා කුඩා දෙයක් විශාල වීමට හැරීම මග හැරීම වැදගත්. ඔබ දැනට කරමින් සිටින දෙය නතර කරන්න එපා. නමුත් එය එකට එක්ව කරන්න. ඩොරති පවසනවා. හුඟක් පුංචි පුංචි දේවල් එක්ව කිරීමෙන් ඔබේ සබඳතාවයන් ශක්තිමත් වෙනවා.

ඇය ඒ අතරට උදේ තේ කෝප්පය එක්ව ගැනීම, හවසට ඇවිදින්න යන්න, දවස අවසානයේ නින්දට පෙර මිනිත්තු 15 ක් කතා කරන්න ඔබ දෙදෙනාට වෙන්කරන්න.

නමුත් මේ අවස්ථාවන් වල කිසි විටකත් තරමක් බැරෑරුම් දේවල් කතාවට නොයන ලෙස ඇය අවවාද කරනවා.

පුංචි දේවල් වලින් සතුට විඳින විට බැරෑරුම් දේවල් එතනට ඇද ගැනීම සුදුසු නැහැ. සංසන්දනාත්මක දේවල්, එකඟ නොවීම වැනි දේවල් මේ මොහොතට ගෙන එන්න එපා.

මෙවැනි දේවල් දෙදෙනෙකුගේ සුපුරුදු චර්යාවන් වෙනස් කරගන්න පාර කපනවා.

2. ප්‍රීතිමත් යුග දිවියකට අනුරාගී රැයක් වෙන් කරගන්න

'Romance' යන වචනය නැතිනම් අනුරාගය, රාගය පමණක් යැයි සිතීම වැරදී අදහසක්. එය ආදරය හා ආකර්ෂණය මුසුවූ හැඟීම් වල එකතුවක් ලෙස සලකන්න පුළුවන්. දෙදෙනෙකු එකට එක් වීමත් එලෙස හඳුන්වන්න පුළුවන්.

ඉතින් මෙලෙස ආදරයෙන් හමුවෙන දිනයක් දින ආදර්ශනයක සඳහන් කර තිබීම ටිකක් අමුතු දෙයක් වේවි.

නමුත් දිගු කාලයක් පුරා තම ආදරය, සබඳතාවය එලෙසම තබා ගන්නට සිතන අය මෙලෙස සතියට දිනක්වත් හමුවීම අනුවණ කමක් සේ සිතන්නේ නැහැ.

මෙලෙස සතියක සැලැස්ම සමග ලිංගිකත්වයට සැලැස්මක් හා පිවිසීමක් හදාගන්න පුළුවන්.

ඩොරති සඳහන් කරන අතර මේ ආදර රස හැඟීම් හා ශෘංගාරය මුසු වූ දිනයක සතුට ඔබට විඳින්නට හැකිවන බව ඇය කියනවා.

ලිංගිකත්වය වෙනුවෙන් විවාහක යුවලක් දිනයක් වෙන්කර ගත්තාට එහි කිසිම වරදක් නැහැ. ඇය තවදුරටත් පවසනවා.

3. රණ්ඩුවකදී උවමනාවට වඩා ඊට ප්‍රතික්‍රියා කරන්න එපා (එයින් පසුව හෝ අතරදීවත් )

විවාහක ජීවිතයක් තුළ රණ්ඩු ඇතිවීම සාමාන්‍ය දෙයක්.

සබඳතාවයක රණ්ඩු ඇති වන්නේ අනෙකා ගැන වැඩිපුර සිතන නිසා බව පැවසෙනවා. එය විවාහයේ අවසානය කරා යාමක් නොවේ.

මිචිගන් සරසවියේ කරන ලද අධ්‍යනයකට අනුව සහකරු සමග තරහෙන් සිටීම එය අනෙකා සමග බැඳී සිටීම කෙරෙහි දක්වන සංඥාවක් වගෙයි.

ඉන් හැඟවෙන්නේ ඔබට අදහස් කීමට නිදහස් බවක් දැනෙන බවයි, කිරා බ්‍රිදි කතුවරිය පවසනවා.

හුඟක් සමීප සබඳතාවයන් තරමක් නොරිස්සුම් සහගත වෙන්න පුළුවන්.

නමුත් එහි අනුවර්ත නම් අනිසි භාෂාව හා පීඩාකාරී හැසිරීම් නැතිවීම වැදගත්.

මේවා පිටු දකිමින් කරන රණ්ඩු සරුවල් වල එතරම් බරපතල වරදක් ඔවුන් දකින්නේ නෑ.

ආදරය, සෙනෙහස, ශෘංගාරය සබඳතාවයකට අවශ්‍ය ආහාර වගෙයි. theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ආදරය වෙනුවෙන් කළ සටහනක්.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

                                                                                                                                                                                

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ප්‍රීතිමත් යුග දිවියක් ඇති කරන්නට පාර කියන මේ පුංචි වෙනස්කම් 3 අත්හදා බලන්න.
බෙදාගන්න :
  • ප්‍රීතිමත් විවාහය ඔබට පමණක් නොව දරුවන්ටත් යහපතක්

    ප්‍රීතිමත් විවාහය ඔබට පමණක් නොව දරුවන්ටත් යහපතක්

  • බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

    බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

  • ප්‍රීතිමත් විවාහය ඔබට පමණක් නොව දරුවන්ටත් යහපතක්

    ප්‍රීතිමත් විවාහය ඔබට පමණක් නොව දරුවන්ටත් යහපතක්

  • බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

    බිරිඳගේ මුවින් පිටවෙන මේ පුංචි වර්ණනාවන් 9 ට සැමියන් හුඟක් කැමතියි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it