වයිෆ්ගේ අම්මා යාළුවෙක් වගේ තියාගන්නේ ‌මෙහෙමයි

වයිෆ්ගේ අම්මා යාළුවෙක් වගේ තියාගන්නේ ‌මෙහෙමයි

Wife ගේ අම්මා නැතිනම් ඔබේ නැන්දම්මා යාළුවෙක් වගේ ඉන්න එක තරහකාරයෙක් වගේ ඉන්නවාට වඩා ගොඩාක් හොද වේවි!

Wife ගේ අම්මා එක්ක මං ‌කොහොමද ‌ෂේප් එකේ ඉන්නේ? ඔයා හිතන්නේ එහෙම ‌නේද?

අද හැමෝම කථා කරන්නේ නැන්දම්මා ලේලි ප්‍රශ්නය ගැන නේද? ඒ ප්‍රශ්නේ මැද්දේ හැමදාම ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ තැලෙන්නේ පිරිමියෙක්.

ලේලියි නැන්දම්මයි නයාට අදුකොළ වගේ ඉන්න බහුතරයක් ඉන්න සමාජයක බෑනා හා නැන්දම්මා අතර රණ්ඩු ගැන ඇහෙනවා නම් අඩුයි. ඒකට හරියටම හේතුවක් කියන්න අමාරුයි.

ඒත් වයිෆ් අම්මා නැත්තම් ඔබේ ආදරණිය නැන්දම්මා එක්ක ෂේප් එකේ ඉන්න විදිය ගැන තමයි අපි අද ඔබට මග පෙන්වීමක් කරන්නේ,

ඔබේ නැන්දම්මා කියන්නේ ඔබේ වයිෆ්ගේ ලගම සම්බන්ධතාවයක්. මරණය තෙක්ම එයින් ඔබට කවදාවත් මිදිමක් ගැලවීමක් නැහැ.

ඒ නිසා මේ හැම සම්බන්ධතාවයක්ම බැලන්ස් එකේ පවත්වා ගැනීම ඔබට වැදගත් වේවි. ඒ වගේම ඔබේ පවුලේ සමගිය ආරක්ෂා කරගන්නත් එය ක්‍රමයක් වේවි.

වයිෆ්ගේ අම්මා තාත්තා එක්ක හොද විදියට ගණුදෙනු කරන්න. ඒ හදවත් එක්ක ආදරයෙන් බැදෙන්න ඔබට හදවතේ භාෂාව කියලා දෙන්න තමයි අපේ අද මේ සුදානම. මෙන්න ඒ සදහා වටිනා කාරණා 9 ක්

තාත්තාට උයන්න පුළුවන් කෑම

  1. Wife ගේ අම්මා හා කටයුතු කිරීම : ඔබේ සහකාරිය සමග එක්ව කටයුතු කරන්න

ඔබ ඔබගේ සහකාරිය සමග ගැටුම් ඇති කරගන්නවා නම් නැන්දම්මා ඔබගේ යුග දිවියට අත පොවන්නේ ඒ දුර්වල තැනින් බව අමතක නොකරන්න. ඒ නිසා ඔබ දෙපල එකා මෙන් තීරණ ගන්න. කටයුතු කරන්න.

ඔබේ සහකාරියට සැමියාද ? නැතිනම් අම්මාද ? යන්න තෝරාගැනීමට වෙන ගිරයට අහු වු පුවක් ගෙඩියක ස්ථානයට පත් නොකරන්න.

ඔබ කල යුත්තේ ඇය හා ඇයගේ නැදෑ මිත්‍රාදින්ගේ සම්බන්ධතාවය වටහා ගෙන ඔබේ පවුල් ජිවිතය පවත්වා ගැනීමයි.

සමහරවිට වයිෆ්ගේ දෙමව්පියන් ඔබට ගැටළු ඇති කරන්නන්  නැතිනම් ඔවුන් ගුණගරුක නොවන අය ලෙස ඔබට හැගෙන්න පුළුවන්. නමුත් තවම ඔවුන් ඇයගේ දෙමව්පියන්ය. එය අමතක නොකරන්න.

  1. Wife ගේ අම්මා හා කටයුතු කිරීම :  මායිම් සහ සීමාවන් නියම කරන්න

ඔබ වයිෆ් එක්ක කතා කරලා ඔබේ පවුලට අවශ්‍ය සීමා මායිම් සකස් කරන්න. එය ඔබේ දරුවන් කන බොන දේ වෙන්න පුළුවන් නැතිනම් මුදල් වියදම් කරන විදිය වෙන්න පුළුවන්. ඒ වගේම ඒ සීමාවන් ලගා කරගත හැකි සීමාවන් වීම වැදගත්.

පසුව එම සීමාවන් ඔබේ නැන්දම්මා මාමාටත් වටහා දෙන්න. එතකොට අනවශ්‍ය ගැටුම් ඇති වෙනවා අඩුයි. ඔවුන් ඔබේ රුචි අරුචිකම් පහදා දෙන්න හොදම ක්‍රමයක් තමයි මේ සීමා මායිම්.

උදාහරණයක් විදියට ඔබ ඔබේ දරුවා පැණිරස කෑම කනවාට අකමැති වෙන්න පුළුවන්.

නමුත් ඔබේ නැන්දම්මා මාමා මේවා දරුවාට ගෙනවිත් දුන්නොත් ඔබට ඇතිවෙන්නේ ඔවුන් කෙරෙහි අකමැත්තක්. ඒ නිසා මේ සීමා මායිම් ක්‍රමයෙන් අපි බබාට පැණිරස දෙන එක නැවැත්තුවා කියලා ඔවුන්ට එය දැනුම් දෙන්න පුළුවන් නේද?

නැන්දම්මා සහ ලේලි

  1. Wife ගේ අම්මා හා කටයුතු කිරීම:  සීමා මායිම් පවත්වාගන්න.

සීමා මායිම් පනවා ගැනීමම ප්‍රමාණවත් නැහැ. ඒවා පවත්වාගැනීම අතිශයින්ම වැදගත්.

උදාහරණයක් ලෙස ඔබේ නැන්දම්මා නොකියා ඔබේ නිවසට එනවාට අකමැති නම් කලින් දැනුම් දී එන ලෙස ඇයට කියන්න ඔබට පුළුවන්.

ඒ වගේ සෑම දෙයක් සදහාම ඒ ඒ සීමා මායිම් පවත්වා ගන්න. මුරණ්ඩු වී ප්‍රශ්න ඇති කරගන්නවාට වඩා එය හොද ක්‍රමයකි.

  1. Wife ගේ අම්මා හා කටයුතු කිරීම :  කෙලින් කථා කරන්න.

වහින් ඔරෝ කථා කිරීම වගේම නැන්දම්මාට කියන්න අවශ්‍ය ‌දේවල් වයිෆ් හරහා කියන එක නවත්වන්න.

ඔබ නිවැරදි දේ කරනවා නම් ඔබට තෝල්කමුදලි කෙනෙකු අවශ්‍ය නැහැ. ඔබ ඔබේ නැන්දම්මා සමඟ කෙලින්ම කතා කරන්න. ඔබේ අදහස් ඍජුවම පවසන්න.

ඔබට කරදර කාරී යමක් ඔවුන් ගෙන් සිදුවෙනවා නම් කෙලින්ම කීයන එක වැදගත්. ඒවා පණිවිඩ මෙන් තුන්වන පාර්ශවය හරහා යවන එක අප්‍රසන්නයි නේද?

  1. Wife ගේ අම්මා හා කටයුතු කිරීම :  ඔබ ඔබම වෙන්න

ඔබ ඔබේ නැන්දම්මාට අවශ්‍ය කෙනා වීමට අවශ්‍ය නැහැ.ඔබ ඔබම වන්න. එසේ වෙනස් වීමට යෑම අනවශ්‍ය හිත් නොහොදකම් හා ගැටුම් වලට හේතු වෙන්න පුළුවන්.

දරුවන් සමඟ සබඳතා

  1. Wife ගේ අම්මා හා කටයුතු කිරීම : යථාර්තවාදි වෙන්න

සෑම නැන්දම්මා කෙනෙක්ම එක වගේ නැහැ. සමහරුන්ට කල හැකි දේවල් සමහරුන්ට බැහැ.

සමහරුන් කරන දේවල් සමහරු කරන්නේ නැහැ. ඒ නිසා ඔබේ නැන්දම්මා සෑම දෙයක්ම කරාවි කියලා බලාපොරොත්තු වෙන්න එපා.

ඒ වටහා ගැනීම නැන්දම්මා එක්ක වැඩ කටයුතු කරද්දී ඔබට වැදගත් වේවි.

       7. Wife ගේ අම්මා හා කටයුතු කිරීම : සන්සුන් වෙන්න

කලබල නොවන්න. කෝපය පාලනය කරගන්න. ඉවසීම පුරුදු වෙන්න. අවසානයේදි සන්සුන් වෙන්න.

සෑම ගැටුමකදීම කෝපය හොද ඉන්ධනයකි. ඔබ කෝපයෙන් කියාකරන තාක් ගැටුම බුර බුරා නගියි. ඒ නිසා සන්සුන් වීම තුලින් ගැටුම අඩාල කරන්න පුළුවන්.

  1. Wife ගේ අම්මා හා කටයුතු කිරීම : පරිණත වන්න

ඔබේ දෙමාපියන් ඔබට ආදරය කරන ලෙසින්  ඔබේ නැන්දම්මා ඔබට ආදරය කල යුතු බව බලාපොරොත්තු නොවන්න.එය පළමුවෙන්ම ඔබ තේරෑම් ගත යුතුයි.ඇය සමහරවිට ඇයගේ දරුවා වු ඔබේ බිරිදට වඩා අඩුවෙන් ඔබට සලකනවා වෙන්න පුළුවන්. ඒ ඔබේ බිරිද ඇයගේ දරුවා නිසා බව තේරූම් ගන්න.

  1. Wife ගේ අම්මා හා කටයුතු කිරීම : කරුණාවන්ත වන්න

ඔබට කාරුණික වීමට මුදල් වැය වෙන්නේ නැහැ. නැන්දම්මා ඔබට අකාරුණික වෙන්න පුළුවන්. නමුත් ඔබ හැකි පමණ ඉවසීමෙන් කාරුණිකව කටයුතු කරන්න.

මේ ඔබට කල යුතුම දේවල් ටිකක් විතරයි. ඊට අමතරව තව පුංචි පුංචි දේවල් ටිකක් කරලා නැන්දම්මාව යාළු කරගන්න පුළුවන්. නැන්දම්මයි ලේලියි වගේ මේක අමාරු නැහැ.

ඒ වගේම නැන්දම්මා එක්ක හිත හොදින් යාළුවෙක් වගේ ඉන්න ලොකු ලොකු දේවල් කරන්න අවශ්‍ය නැහැ. 

  • නැන්දම්මාගේ සේවය අගය කරන්න
  • පිස දෙන ආහාර රස බව කියන්න
  • උපදෙස් පිළිපැදීම හෝ නොපිළිපැදීම කලත් ඇයට ඇහුම් කම් දෙන්න
  • ඇයට නිසි ගෞරවය දෙන්න
  • තැන තැන ඇයව විවේචනය කරන්න එපා
  • ඇයට පුංචි තෑග්ගක් දෙන්න.
  • අවශ්‍ය තැන්වල එක්ක යන්න
  • උදව් අවැසි විට උදව් ලබා දෙන්න

මේ පුංචි පුංචි Tips ටිකක් විතරයි හොදද? නැන්දම්මා කියන චරිතය තුලත් ඉන්නේ මනුශ්‍යයෙක් නේ. ඉතින් ඔබ ඇය හා හොදින් කටයුතු කරන විට අනිවාර්යයයෙන්ම ඇයත් ඔබට ආදරයෙන් සලකාවි. 

වයිෆ්ගේ අම්මා එක්ක බැලන්ස් කරගෙන ෂේප් එකේ කූල් එකේ ඉන්න තියෙනවා නම් කියලා හිතෙනවා නේද? එහෙනම් මේ පියවර අනුගමනය කරලා බලන්න.

ඔබ ලගත් මෙවැනි ඉගි තියෙනවා නම් අපිත් එක්ක බෙදාගන්න.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය