theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පුංචි පුතාට නංගියෙක් හරි මල්ලියෙක් හරි දෙන්න මෙන්න හේතු 13ක්!

4 අවම කියවීම
පුංචි පුතාට නංගියෙක් හරි මල්ලියෙක් හරි දෙන්න මෙන්න හේතු 13ක්!පුංචි පුතාට නංගියෙක් හරි මල්ලියෙක් හරි දෙන්න මෙන්න හේතු 13ක්!

ඔබේ දරුවාට නංගියෙක් හරි මල්ලියෙක් හරි දිය යුත්තේ ඇයි? ඊට වටිනා හේතු කිහිපයක් දැනගන්න.

ගෙදර ඉන්න දරුවාට නංගියෙක් හෝ මල්ලියෙක් ඉල්ලා හඬනවාද?

ඔබ තනි දරුවෙක් ලෙස හැදී වැඩුනා නම් ඒ නිසාම ඔවුන්ට ලැබුණු සුවිශේෂී දේවල් කොතෙකුත් ඇති. ඒ වගේම ඔබේ සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක් සමග හැදී වැඩුනා නම් පවුලක් ලෙස ඔබ ලද මිහිරි මතක බොහෝ තිබෙන්නට පුළුවන්.

සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක් එක්ක හැදී වැඩෙන කොට රණ්ඩු සරුවල්, යාළුකම්, බෙදා හදා ගැනීම් ආදී හැමදේම ඉගෙන ගන්න ලැබෙනවා. කොයිතරම් තරහ තිබුනත් ඒ හැමදේම පුංචි වෙලාවකින් අවසන් වෙනවා.

එත් මින් කියන්නේ එක දරුවෙක් ඉන්න පවුලක වරදක් නෙවෙයි. නමුත් එක දරුවෙකුගේ සුරතල් විඳිමින් ඔබ තවත් දරුවෙකු හදනවා ද නැද්ද යන්න ගැන වැට උඩ ඉන්නවා නම් ඔබට මේ කරුණු හුඟක් වැදගත් වේවි.

දරුවාට නංගියෙක් හෝ මල්ලියෙක් ගෙනත් දෙන්න!

1. වගකීම් බෙදාගන්න ඉගෙන ගන්නවා

දරුවන් වැඩෙත් ම ඔවුනට පවුල තුල පුංචි පුංචි වගකීම් හිමිවෙනවා. එත් ඔබේ දරුවා පවුලේ එකම දරුවා නම් ඔහුට විතරක් සමහර දේ දරන්න වීම ඔහුට පීඩනයක් විය හැකිය.

නමුත් මෙවන් අවස්ථාවක ඔහුට එක වෙන්න තවත් සහෝදරයෙක් සිටිනම් විටෙක ඔවුන් එම වගකීම විනෝද වන්නක් අයුරින් ඉටු කරන්නත් එය විඳින්නත් ඉගෙන ගන්න තියෙන ඉඩ කඩ වැඩයි.

පුතාට නංගියෙක් මල්ලියෙක් දෙන්න

“අයියා මට ලස්සනට කියලා දෙනවා”

 2. දරුවන් වැඩෙද්දී  ඔවුන් පිටස්තර සමාජය සමග ගැටෙන කාලය වැඩි වෙනවා

පිටස්තර අය නිසා ඇති වෙන සිත් රිදීම් පීඩාවන් ඔබට බෙදාගන්න ඔබව හොඳින් දන්නා කෙනෙක් හිඳිම හරිම වැදගත්.

එවැනි මොහොතක ඔබේ අයියා, නැත්නම් අක්කා ඔබ වෙනුවෙන් ඉදිරිපත් වුන මතකද? ඔබේ දරුවාටත් ඒ අවස්ථාව ලබා දීම වටින්නේ ඒ නිසයි.

3. දරුවාට නංගියෙක් හෝ මල්ලියෙක් සිටීනම් එකිනෙකාගෙන් ඉගෙනගන්න පුළුවන්

බොහෝ විට වැඩිමලාගෙන් බාලයා බොහෝ දේවල් ඉක්මනින් ඉගෙන ගන්න නිසා අඩු වයසින් බාල දරුවන් දක්ෂතාවන් මතුකර ගන්නවා.

අනෙක් අතට වැඩිමලා, බාලයාගෙන් වුනත් යම් දේවල් ඉගෙන ගන්න අවස්ථාවන් තියෙනවා. අයියා ජයග්‍රහණයක් ලැබුවහොත් මල්ලිටත් ඉන් උත්තේජනයක් ලැබෙනවා. මල්ලි ජයග්‍රහණය කලොත් ඉන් අයියාටත් උත්තේජනයක් ලැබෙනවා.

එය එකිනෙකට බෙහෙවින් වැදගත් වන්නේ අන්න ඒ නිසයි.

 4. සෙල්ලම් කරන්න අලුත් යාලුවෙක්

තමන්ට සහෝදරයෙක් හරි සහෝදරියක් හරි ඉන්නවා කියන්නේ හරියට ගෙදර යාලුවෙක් ඉන්නවා වගේ තමයි.

ඒ නිසා ඔබේ එකම දරුවාට හොඳම යහළුවෙක් හෝ යෙහෙලියක් ගෙනත් දෙන්න. එයට ඔහු හරි සතුටු වේවි.

 5. දරුවාට නංගියෙක් හෝ මල්ලියෙක් සිටිනා විට පාළුවක් දැනෙන්නේ නැති තරම්

නිවසක වෙනස් වයස් පරතරයන් වල දරුවන් සිටීම දෙමාපියන්ට වගේම දරුවන්ට විවිධ අත්දැකීම් ලබා දෙන්නක්. ඔබට කිසිවිටෙක පාළුවක් දැනෙන්නේ නැති තරම්.

ඒ නිසා දරුවන් සමාජානුයෝජනයට හුරු වීමත් එමෙන්ම ඔවුන් ඉතා විනෝදයෙන් සරලව ජිවිතයට මුහුණ දෙන්න ඉගෙන ගන්නවා.

දරුවාට නංගියෙක් හෝ මල්ලියෙක්

දරුවාට නංගියෙක් හෝ මල්ලියෙක් දෙන්න: “අපිට කවදාවත් පාලුවක් දැනෙන්නෙ නෑ!”

 6. පෞද්ගලික ආරක්ෂකයෙක්

ගෙදරක දරුවෙක් දෙන්නෙක් ඉන්නකොට වැඩිමලා නිතරම බාලයාගේ ආරක්ෂකයා වෙනවා. ටිකක් ලොකු වෙනකොට දෙන්නා දෙන්නව ම ආරක්ෂා කරන්න පුරුදු වෙනවා.

එක්කෙනෙකුට අනතුරක් වෙනකොට අනෙක් කෙනා ඉදිරිපත් වෙන්න පුරුදු වෙන්නේ අන්න එහෙමයි.

7. සහයෝගය ඉගෙන ගන්නවා

බොහෝ විට පිරිමි දරුවන් හෝ ගැහැණු දරුවන් විතරක් ඉන්නකොටත් නැතිනම් අක්ක නංගි තමන්ගේ ඇඳුම් හා අනෙකුත් දේවල් මාරු කරගන්න පුරුදු වෙනවා. ඉන් ඔවුන් තුල සහයෝගය ගොඩනැගෙනවා.

8. ඉවසීම පුරුදු කරන්න පහසු වෙනවා

දරුවන් දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් ඉන්නකොට රණ්ඩු සරුවල් වලනම් අඩුවක් නැහැ. කතාව, වාද විවාද නිතර ඇහෙනවා.

එත් ඒවා සුළු වේලාවකින් අවසන් වෙනවා. අන්තිමට ඔවුන්ට ඔවුන්ව නැතිව බැරි වෙනවා. ඒ නිසා කිසි දවසක ඔවුන් හුදකලා මිනිසුන් වන්නේ නැහැ.

 9. එකිනෙක අතර ඇගයීම

අක්කා හොඳ දෙයක් කලොත් අක්කව ආදර්ශයට ගන්න නංගිට කියන්න අවස්ථාවක් එනවා. ඒ වගේ එකිනෙකාගේ හොඳ ගති දක්ෂතා ඉස්මතු කිරීමෙන් අනෙක් කෙනාගේ දුර්වල කම් හදාගන්න උදව් කරන්න පුළුවන්.

එත් කොයි  මොහොතකවත් එක් අයෙක් සුවිශේෂී ලෙස සලකන බව නොපෙන්විය යුතුයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

10. වගකීම් බෙදාගන්න පුළුවන්

පුංචි දරුවෝ දවසක වැඩිහිටියෝ වෙනවා. එතකොට ඔබව රැකබල ගන්න වෙන්නේ ඔවුන්ටයි. ඉතින් ඔබව රැකබලාගන්න වගකීමට කිහිප දෙනෙක්ම හිටියොත් එය ඔබට කෙතරම් නම් සතුටක්ද?

පුතාට නංගියෙක් මල්ලියෙක් දෙන්න

“අපි දෙන්නා යාලුයි!”

 11. දරුවාට නංගියෙක් හෝ මල්ලියෙක්: ජීවිත කාලය පුරාවටම ඔවුන් එකට බැඳී සිටිනවා

යහළුවන් අපිට කාලාන්තරයකින් පසුව වුවත් නැතිවී යන්න පුළුවන්. එත් සහෝදර ප්‍රේමය සදාකාලිකයි. අපි මිය යන තුරුම අපිට ඒ ආදරය වෙනස් වෙන්නේ නැහැ. කිසිවෙකුටත් වෙනස් කරන්නත් බැහැ.

මෙවැනි කාරණා බොහොමයක් එකතුව ඔබ ඔබේ දරුවාට යහපතක් කරන බව දැන් ඔබට වැටහේවි. දරුවන් වෙනුවෙන් හොඳම දේ කිරීම දෙමාපියන්ගේ එකම බලාපොරොත්තුවයි. theAsianparent Sri Lanka අපේ බලාපොරොත්තුවත් එයමයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • පුංචි පුතාට නංගියෙක් හරි මල්ලියෙක් හරි දෙන්න මෙන්න හේතු 13ක්!
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • තාත්තායි දුවයි මේ ආදරයයි පුංචි ඊර්ෂ්‍යාවක් ඇවිල්ලා

    තාත්තායි දුවයි මේ ආදරයයි පුංචි ඊර්ෂ්‍යාවක් ඇවිල්ලා

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • තාත්තායි දුවයි මේ ආදරයයි පුංචි ඊර්ෂ්‍යාවක් ඇවිල්ලා

    තාත්තායි දුවයි මේ ආදරයයි පුංචි ඊර්ෂ්‍යාවක් ඇවිල්ලා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it