theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අනේ මටත් දුවෙක් සිටියා නම්...

5 අවම කියවීම
අනේ මටත් දුවෙක් සිටියා නම්...අනේ මටත් දුවෙක් සිටියා නම්...

පුතුන් දෙදෙනෙකු ලද මවගේ අතීතය ගෙනහැර පාන කතාන්දරය ...

දුවෙක් සිටියා නම් යැයි සුසුම්ලන මවකගේ කතාන්දරයට අපි මොහොතක් සවන් දෙමුද?

ගොඩාක් අම්මලා පුතාලා ලබන්න කැමති වෙද්දි දුවෙක් නැති පුතාලා විතරක් ඉන්න අම්මා කෙනෙක්ට ඒ ගැන දැනුනේ මෙහෙමයි.

මම සුන්දර පුතුන් දෙදෙනෙක් ලද මවක්, ඒ වගේම මම හදපත්ලෙන්ම ඔවුන්ට ආදරය කරන බවත් ඔවුන්ගෙන් තොර ලොවක් මට නොමැති බවත් මුලින්ම කියන්න අවස්ථාවක් ලබා ගන්නවා.

නමුත් මටත් දුවෙක් සිටියා නම් යැයි සිතෙනවා.

මම පළමුවරට ගර්භණී වු අවස්ථාවේදී දුවෙක් ලැබේවි යැයි සිතුවා.

මා බොලද ලෙස ගවුම් පොඩිත්තක් පවා මිලදී ගත්තා.

සති විස්සේදි කරනු ලබන ස්කෑන් පරීක්ෂණයේදී ඔහුගේ පුංචි පුරුෂ ලිංගය පෙන්වමින් වෛද්‍යවරයා පුංචි පුතු වෙනුවෙන් අපිට සුභ පැතුවා.

රෝස පාට පුංචි ගවුම මම පසෙකින් තැබුවා. (නමුත්  එය මගේ පුංචි පුතාට වයස මාසයේදී අන්දවා ඡායාරූපයක් අරගත්තා.)

අපේ පළමු පුතා අප ජිවිත වලට ආදරය හා සතුට අරගෙන ආවා.

මම දෙවැනි වරටත් ගර්භණී වු විට මට නැවත දුවෙකු ලැබේවි යැයි සිතුවා.

සියල්ල කෙරෙහි මා පැසුනු බුද්ධියක් ඇත්තියක යැයි කවුරුන් හෝ සිතනවා විය හැකිය.

නමුත් කණගාටුවට කරුණ නම් මම ආයෙමත් පුංචි ගවුම් එකතු කරන්න පටන් ගත්තා.

ඒ වගේම මම පුංචිම පුංචි සුදු පාට බෝ එකකින් හැඩ වුන සපත්තු යුගලක්ද එකතු කරගත්තා.

මම නමක් පවා තෝරා ගත්තා.

සති විස්සේදි කරනු ලබන ස්කෑන් පරීක්ෂණයේදී නැවතත් පුංචි පුරුෂ ලිංගයක් අපිට පෙන්වනු ලැබුවා.

ගවුම්, සපත්තු පසෙකින් තැබු බවත් ඒවා නැවත කවදාවත්ම එළියට ඒවිද යන විශ්වාසයක් මට නොමැති බවත් කියන්න අවශ්‍ය නොවේවියැයි සිතනවා.

මගේ ආකර්ෂණීය කොණ්ඩයක් සහිත පුංචි කොලු පැටියා අප ජීවිත  ප්‍රීතිමත් කළා.

නමුත් දැන් මේ පුංචි දරුවන් හා ඔවුන්ගේ සිරිත් විරිත් අපේ ජිවිත පුරවනවා.

හොඳ දෙමාපියන්ගේ දරුවන්

නමුත් මට දුවෙක් සිටියා නම් යැයි සිතෙනවා.

ඇයි?

මම පිරිමින් ගෙන් වටවෙලා ඉන්නවා.

ඔවුන් ආදරණීයයි, ඔවුන් සුරතල්, ඔවුන් සියල්ලන්ම මගේ, ඒ වගේම මමත් ඔවුන්ටත් ඔවුන්ගේ පුංචි පිරිමි හැසීරිමටත් ගැඹුරින් මෙන්ම තියුණු ලෙස ආදරය කරනවා. මේ සියල්ලම සත්‍යයයි.

නමුත් මේ ස්ත්‍රී පුරුෂ බෙදීම තුල මාව විශාල ලෙස ඉක්මා ගොස් තියෙනවා (ගෙදර සිටින ගැහැණු සුනඛයින් දෙපල ගණන් නොකර).

මේ පුරුෂාධිපත්‍ය මදක් යටපත් කිරීමට තවත් ස්ත්‍රී ප්‍රාණයක් සිටියානම් මම කැමතියි.

තව දවසක් මගේ පුත්‍රයෝ ඇදේ දිගා වී කම්බුල් මත අත් තබාගෙන පොතක් කියවමින් වුන්නෝය.

මම මගේ අදහස මදකට කල් දැම්මෙමි.

සුන්දර දේවල් වෙනුවෙන් 

අළුත් මව්වරුන්ට උපදෙස්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මගේ ගැහැණු හදවත ඉදහිට හෝ පුංචි කෙල්ලකට ලස්සන ඇදුම්, ලස්සන කොණ්ඩ පටි හා කටු, දිලිසෙන සපත්තු  හා ආභරණ පලදවන්න ඉල්ලා සිටිනවා.

මගේ පුතුන්  ඒ වගේ ලස්සන ඇදුම් ගලපමින් ඇන්දවීමට පොඩ්ඩක් වත් ඉඩ දෙන්නේ නැහැ.

ඒ වෙනුවට නිරස පිරිමි ළමුන් වෙනුවෙන්ම නිෂ්පාදිත ආකර්ෂණීය නොවු සුපිරි වීරයින්ගෙන්  හෝ තේරුමක් නැති වදන් වලින් ආවරණය වු  ඇදුම් වලට මට සීමා වෙන්න වෙලා.

ඇත්තෙන්ම සියලු ගැහැණු දේවල් ප්‍රතික්ෂේප කරන ගැහැණු දරුවෙක් හෝ මට සිටියා නම් මම එයින් හෝ සැහීමකට පත්වෙන්න තිබුනා.

ඒ ඇය විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට තරම් වයසින් වැඩීමට පෙර මට  ඇයට පුංචි ගවුම් හා කුඩා සුදු සපත්තු අන්දවමින් ගැහැණු බවේ රසය විදින්න තිබුනා.

පිරිසිදුකම සදහා

මම සැබැවින්ම උත්සහ කරනවා. නමුත් පුංචි පිරිමි ළමුන් ස්වභාවයෙන්ම හැඩි කරන්න පුරුදු වෙලා තියෙනවා.

සෑම පාසැල් දිනයක් අවසානයේදී  ඔවුන් විසින් ගලවා ඉවත ලන ලද සපත්තු, මේස් හා ඇදුම් ඔස්සේ යමින් මට ඔවුන් ඉන්නා ස්ථානය දැනගන්න පුලුවන්.

දවස අවසානයේදී ඔවුන්ගේ සෙල්ලම් කාමරය සුළිකුණාටුවක් හැමුවා සේය.( ඇත්තෙන්ම මම තමයි එය පිරිසිදු කරන්නේ )

ඒ වගේම තමයි කතුර අරගෙන කඩදාසි කපමින් ගේ පුරා කුඩා කඩදාසි විසුරවමින්  ඔවුන්ගේ කැපීමේ හැකියාව ඔප්නංවා ගැනීම මේ අවස්තාවේ ඔවුන්ගේ ප්‍රියතම දේ වෙලා තියෙනවා.

පිරිමි ළමුන්ගේ ( සමහර පිරිමින්ගේ) ඍජුවම  ඉලක්කය ගැනීමේ නොහැකියාව නිසා මම දිගින් දිගටම නාන කාමරයේ හා වැසිකිළියේ සනීපාරක්ෂක පහසුකම් සොයා බලනවා.

සත්තකින්ම අවුල් සහගත ගැහැණු ළමයින් කිහිපයක් මෙහි සිටියත් ඔවුන් අඩුම තරමින් වැසිකිළියේ පියන නොවසා පිටනොවන බව මට විශ්වාසයි. එහෙම නේද?

මගේ පිරිමි දරුවන්ට පෝෂණයට, මග පෙන්වීමට හා උදාහරණයක් දැක්වීම සදහා 

අනේ මටත් දුවෙක් සිටියා නම්...

දැන් මාව වැරදියට වටහා ගන්න එපා.

මගේ පිරිමි දරුවන් මතු දවසක කාරුණික, වගකීම් සහිත,  සැලකිල්ල දක්වන, හැකියාවෙන් පිරි වැඩිහිටියන් බවට පත් වේවි.

ඒ ගැන බලාපොරොත්තුවක් ඇතුව මම ඔවුන්ට  පෝෂණය හා මගපෙන්වීම ලබා දෙනවා.

මම අනික් අයට ගරු කිරීම ගැන ඔවුන් සමග දිගින් දිගටම කථා කරන අතර හැකිතරම්  ස්ත්‍රී පුරුෂ භාවය හදුනා ගැනීමේ නොහැකියාව පිලිබඳ අදහසක් ඔවුන්ට කාවැද්දීමට උත්සහ කරනවා.

නමුත් මට දුවෙක්  සිටියා නම් ඇය මගේ පිරිමි දරුවන්ට  ගැහැනිය පිරිමින් වගේම කොතරම් හැකියාවෙන් පිරිපුන්ද , ශක්තිමත්ද, දක්ෂද  යන්න පෙන්වා දීමට සජිවී උදාහරණයක් වන බවට නිසැකය.

ඔවුන්ගේ ජීවිතයේ සිටින ගැහැණු ළමයාට ගරු කිරීම මෙන්ම ඇයව ආදරයෙන් රැකබලා ගැනීම තුලින්  ලබාගන්නා අත්දැකීම් ඇසුරෙන් ඒ දේවල් ඉගෙන ගනු ලබයි.

මේ වටිනාකම් මතු දවසක ඔවුන් වැඩිහිටියන් වු පසු ඔවුන්ගේ ජිවිතයේ මිතුරියන්, පාසැල් සගයන්, ජීවන සහකාරිය හා දියණියන් ලෙස කාන්තාවන් සමග ඔවුන් ගොඩ නගාගන්නා සම්බන්ධතා තුල යලි  ඉස්මතු වේවි.

ඒ වගේම තවත් කාන්තාවකට පමණක් තේරුම් ගත හැකි ආදරයේ සොදුරු පාඩම් මුමුණමින් ඉගැන්වීම තුලින් කාන්තාවන්ට පෙනෙන ඇය තුල ඇතිවෙන  විශේෂ සිතුවිල්ල දකින්නට මටත් දුවෙක් සිටියා නම් කියලා හිතෙනවා.

පුංචි ගවුම් නැවත එලියට ගන්න කාලේ උදාවෙලාවත්ද?

දියණියක් කියන්නේ ගෙදරට  දොලොස් මහේ පහනක්.

ඒ පහනේ එලිය ලබන්නට පෙරුම් පිරු ඒ මව්හදවතේ රිද්මය ඔබට ගෙන ආවේ හැමදාම වැදගත් දේ ඔබට තිළිණ කරන The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

මුල් රචනය - Nalika Unantenne

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • අනේ මටත් දුවෙක් සිටියා නම්...
බෙදාගන්න :
  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

    කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

  • අම්මියෙක්ගේ  කදුලු...

    අම්මියෙක්ගේ කදුලු...

  • කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

    කාන්තාවන්ගේ කෝපය පාලනය කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it