නිවසේදි ගැබිනි බව පරීක්ෂා කල හැකි මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කරන පරීක්ෂණය

නිවසේදි ගැබිනි බව පරීක්ෂා කල හැකි මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කරන පරීක්ෂණය

ගර්භණිබව ‌ගෙදරදීම තහවුරු කරගනිමුද? ‌මෙන්න hcg පරීක්ෂණය

ළදරු නාම උත්පාදකය

ස්ත්‍රී පුරුෂ භාවය

අකුර

ප්‍රභේදය

සොයාගත් ළදරු නම්

සොයාගත නොහැක

මොකද්ද ‌මේ hcg පරීක්ෂණය කියන්නේ? ටිකක් පළපුරුදු අම්මලා නම් ‌මේ ගැන අහලා ඇති. එහෙත් ‌ගොඩාක් අය ‌මේ ගැන හරියටම දන්නේ නැහැ.

මිනිස් ගැහැනිය පිළිසිද ගත් පසු එම යුක්තාණුව ගර්භාෂයට සවි වෙන විටම වාගේ මුත්‍රා වල Human chorionic gonadotropin (hcg )  නම් හෝමෝනය අඩංගු වෙනවා.

මෙය ගර්භණි සමයේ පමණක් නිෂ්පාදනය වෙන හෝමෝනයකි.

ගර්භනී සමයේ පළමු සති 8 සිට 10 දක්වා කාලය තුළ hcg මට්ටම සාමාන්‍යයෙන් ඉතා වේගයෙන් ඉහළ යනවා.

ගර්භනීභාවයේ 10 වන සතියේදී මෙම මට්ටම් උපරිම මට්ටමට ළඟා වන අතර පසුව දරු ප්‍රසූතිය තෙක් එය ක්‍රමයෙන් පහත වැටෙනවා.

මුත්‍රා වල මෙම hcg මට්ටම හදුනාගැනීමට පරීක්ෂණ තියෙනවා. 

නිවසේදි ගැබිනි බව පරීක්ෂා කල හැකි මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කරන පරීක්ෂණය

මෙම පරීක්ෂණය නිවසේදි ‌මෙන්ම රසායනාගාරයක් මගින්ද සිදුකර ගන්න පුළුවන්.

 

මුත්‍රා වල hcg පරීක්ෂා කිරීමේ ප්‍රයෝජන

ගර්භණිත්වය තහවුරු කරගැනීමට ‌අද  ‌ලෝකයේ ‌බොහොම දියුණු ක්‍රම තියෙනවා. ඉන් පහසුවෙන්ම නිවසේදි ඔබට කරගන්න පුළුවන් පහසු පරීක්ෂයක් වීම ‌මෙම පරීක්ෂණයේ ඇති වාසියකි. මීට අමතරව එම කට්ටලයට යන වියදම හැර ‌වෙනත් කිසිම වියදමක් ‌මෙහිදි දරන්න ‌වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ නම් ඉතා අඩු මුදලට ‌ ‌ප්‍රෙග්නන්සි සිල්ප් මිලදි ගන්න පුළුවන්.

ඔසප් වීමට නියමිත දින පසුවී සති 1 සිට 2  ඇතුලත මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කිරීමෙන් ගර්භණීභාවය පරීක්ෂා කරගන්න පුළුවන්. ඔබ ඔසප් දිනය වැරදියට ගණනය ප්‍රතිඵල වැරදීමට ඉඩ ඇති බවද මතක තබා ගන්න.

hcg පරීක්ෂණයේ අවදානම් තියෙනවාද?

ම්‍රත්‍රා වල hcg පරීක්ෂණයෙන් වැරදි ප්‍රතිඵල ලැබීමට පුළුවන්.  එයට ‌බොහොමයක් ‌හේතු තියෙනවා අපි ඒ ගැන පසුව කතා කරමු. ‌මෙම පරීක්ෂණයෙන් එන ප්‍රතිඵල වල ඔබට ගැටලුවක් ඇති නම් ඔබේ ‌වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබාගන්න.

ගැබ් ගැනීමක් නොමැති වුවද කලාතුරකින් මෙම පරීක්ෂණයෙන් අසාමාන්‍ය, ගර්භණී නොවන පටක හඳුනාගත හැකි අතර, වෛද්‍යවරයෙකු වෙත යෑම අවශ්‍ය වෙනවා. මේ වැනි අවස්ථා වල ඔබට වැරදි ප්‍රතිඵල ලබා දෙන්න ප්‍රළුවන්.

hcg  පරීක්ෂණය සඳහා ඔබ සූදානම් විය යුත්තේ කෙසේද? 

hcg මුත්‍රා පරීක්ෂණයක් කිරීමට විශේෂ සූදානමක් අවශ්‍ය වන්නේ නැහැ. ඔබ නිවසේදීම මෙම පරීක්ෂණය කරන්නේ නම් සුදානම් විය යුතු ආකාරය පහත උපදෙස් ලබා දී තියෙනවා. ඔබට එම උපදෙස් අනුගමනය කර නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

  • මේ සදහා අවශ්‍ය පරීක්ෂණ කට්ටලයක් මිල දී ගන්න.
  • මුත්‍රා සාම්පලය ගැනීමට පෙර එම කට්ටලයේ ඇති උපදෙස් සැලකිලිමත්ව කියවන්න.
  • මෙම පරීක්ෂණ කට්ටලය කල් ඉකුත් වී ඇතිදැයි පරීක්ෂා කරන්න.
  • ඔබගේ ඔසප් සිදුවීමට නියමිතව තිබු දින සිට සති 1 හෝ  2 කට පසු පළමු උදෑසන මෙම පරීක්ෂණය කරන්න.
  • ඔබේ මුත්‍රා සාම්පලය එකතු කිරීමට පෙර දියර වැඩි ප්‍රමාණයක් පානය කරන්න එපා. 

hcg මුත්‍රා පරීක්ෂණය කරන ආකාරය

ඔබට මෙම පරීක්ෂණය වෛද්‍යවරයා ලග හෝ නිවසේදි කරන්න පුළුවන්. මෙම පරීක්ෂණය නිවසේදි කරන විට ඔබ එම  කට්ටලය සමඟ ඇතුළත් කර ඇති උපදෙස් ප්‍රවේශමෙන් අනුගමනය කළ යුතුය. ඒ වගේම පහත උපදෙස් ‌‌හොදින් කියවා පිළිපදින්න.

  • ඔබ උදෑසන අවදි වූ ගමන්ම මෙම පරීක්ෂණය කිරීමට සැලසුම් කරන්න. උදෑසන  මුත්‍රා වැඩි සාන්ද්‍රණයෙන් යුක්ත වන අතර දවසේ ඉහළම hcg මට්ටම එහි අඩංගු වෙනවා. 
  • නිසි ආකාරයට මුත්‍රා මාරගය පිරිසිදු කර මුත්‍රා පිරිසිදු බදුනකට එක් කරගන්න.
  • මෙහිදි පරීක්ෂණ කට්ටලයේ ඇති තීරුව දර්ශකය තෙක් මුත්‍රා වල ගිල්වා තත්පර 5 ක් පමණ සිටින්න. 
  • මෙහිදි එය ධනාත්මක නම් තවත් වර්ණ රේඛාවක් පෙන්වන අතර ඍණාත්මක නම් එහි කිසිදු වෙනසක් සිදු නොවේ.

නිවසේදි ගැබිනි බව පරීක්ෂා කල හැකි මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කරන පරීක්ෂණය

මෙම පරීක්ෂණය ප්‍රතිඵල ගැන තව දුරටත්

ඔබගේ hcg මුත්‍රා පරීක්ෂණය ප්‍රතිඵල වල නිරවද්‍යතාවය රඳා පවතින්නේ පරීක්ෂණ කට්ටලයේ උපදෙස් නිවැරදිව අනුගමනය කිරීමට ඔබට ඇති හැකියාව මත යි.

ඔබට ඍණාත්මක ප්‍රඵලයක් ලැබී ඇති නම් එය අවිනිශ්චිත ප්‍රතිඵලයක් ලෙස සලකන්න. 

ඔබ ගැබ්ගෙන නැති බව ඔබට සහතික වන තුරු, ඔබ ප්‍රවේශම් විය යුතු අතර වර්ධනය වන කලලයට හානියක් විය හැකි කිසිවක් කිරීමෙන් වළකින්න. ගර්භණී සමයේදී දුම් පානය කිරීම, මත්පැන් පානය කිරීම සහ ඇතැම් ඖෂධ ගැනීම ඔබේ දරුවාට හානිදායක වෙන්න පුළුවන්.

ඔබට එක්වරක් ඍණාත්මක ප්‍රතිඵල ලැබුනොත් දින කිහිපයක් සිට නැවත එම පරීක්ෂණය සිදු කර බලන්න පුළුවන්.

එමගින් කලින් අවස්ථා‌ෙවේ යම්කිසි වරදක් සිදුවී ඇත්නම් එය නිවැරදි වී ඔබට ධනාත්මක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්.

එසේ ධනාත්මක ප්‍රතිඵල ‌නොලැබේ නම් හා ඔබගේ ඔසප්දි වීමට නියමිත දිනය සැලකිය යුතු ‌ලෙස ප්‍රමාද වී ඇත්නම් ඔබගේ ‌වෛද්‍යවරයා හමු වී උපදෙස් ගන්න. 

ඍණාත්මක ප්‍රතිඵල සදහා හේතු

ඔබ ගර්භණි වුවත් ඔබට එසේ ‌නොමැති බව ‌හෝ ඔබ ගර්භණි ‌නොවී ඔබ ගැබ්‌ගෙන ඇති බවට ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්.

එසේ වීමට ‌හේතුන් ‌ලෙස පහත කරුණු ඔබට ‌පෙන්වා ‌දෙන්න පුළුවන්. ඒ නිසා පහත කාරණා පිළිබදද වඩාත් සැලකිලිමත් ‌වෙන්න.

  • ඔබ පළමු උදෑසන මුත්‍රා පිටකර ඉන්පසු එකතු කරන ලද මුත්‍රා  සාම්පලයක් භාවිතා කිරීම
  • ධනාත්මක ප්‍රතිඵලයක් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් තරම් hcg නිෂ්පාදනයට පෙර පරීක්ෂණය කිරීම
  • ඔබේ ඔසප් වීම නතර වුන කාල සීමාව වැරදි ලෙස ගණනය කිරීම
  • කල් ඉකුත් වු පරීක්ෂණ කට්ටලයක් භාවිතය
  • පරීක්ෂණ පටිය සලකුණ මට්ටමට මුත්‍රා වල ‌නොගිල්වීම
නිවසේදි ගැබිනි බව පරීක්ෂා කල හැකි මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කරන පරීක්ෂණය

උදෑසනම පිටකරන පළමු මුත්‍රා ටික එකතු කර ගැනීම වැදගත්.

ඔබට ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබී ඇත්නම්, ගැබ් ගෙන නොමැති බව තහවුරු කිරීම සඳහාසතියකට පසු නැවත පරීක්ෂණයකරන්න.

මෙම ඍණාත්මක ප්‍රතිඵල වැරදි බව පෙන්නුම් කරන බවත් ඔබ ගැබ්ගෙන ඇති බවත් ඔබ විශ්වාස කරන්නේ නම්, ඔබ ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

එවිට වෛද්‍යවරයා විසින් hcg  රුධිර පරීක්ෂණයක් සිදු කරන අතර එය මුත්‍රා පරීක්ෂණයට වඩා සංවේදි වෙනවා.

ඔබට ධනාත්මක ප්‍රතිඵලයක් ලැබී තියෙනවාද? අපේ සුභ පැතුම්. එබ අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ.

ඔන්න දැන් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. නිසි පෝෂණය වගේම සායන වලට සහභාගී වෙමින් නිසි වෛද්‍ය උපදෙස්ද පිළිපදින්න.

ඔබටත් ‌මෙවැනි පරීක්ෂණ කට්ටල භාවිතා කර අත්දැකීම් තියෙනවාද? ඔබට ලැබුන ප්‍රතිඵලය ‌කොතරම් දුරට නිවැරදි වුවාද? ඔබගේ ‌තොරතුරු අපගේ අනෙක් මිතුරු අම්මලා එක්ක ‌බෙදාගන්න පහතින් කමෙන්ට් කරන්න.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.