theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස් 7 ක්

5 අවම කියවීම
බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස් 7 ක්බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස් 7 ක්

බබාගේ හිසකෙස් ගැන ඔබට ගොඩාක් ප්‍රශ්න ඇති නේද? මෙන්න ඒවා රුසකට අපෙන් තොරතුරු. බබාගේ කොණ්ඩයට නිසි රැකවරණය දෙන්න මග පෙන්වීමක්.

බබාගේ හිසකෙස් ගැන ඔබට ගොඩාක් ප්‍රශ්න ඇති නේද? ඒවා සේරම ආරම්භ වෙන්නේ බබා ඉපදුන මොහොතේ ඉදලා.

සමහර බබාලාට උපතින්ම කොණ්ඩය ‌ගොඩාක් අඩුයි. සමහර බබාලාට ලස්සන පිරුනු හිසකෙස් තියෙනවා. බබලාගේ හිසකෙස් වල වර්ණ අතර වෙනස්කම් තියෙනවා.

“අනේ මගේ බබාගේ කොණ්ඩය වැවෙයිද?“ ඔබ නිතර හිතමින් වද වෙනවා නම් මෙන්න ඔබට අපෙන් අත්වැලක්. බබාගේ කොණ්ඩය ‌වර්ධනය ගැන තොරතුරු බලමු.

උපතේ සිට මාස 6 දක්වා බබාගේ හිසකෙස් 

ඔබේ බබාගේ කොණ්ඩයේ ස්වභාවය තීරණය කරන්නේ ජානයි. එය රුළි සහිත වෙන්න පුළුවන්. නැතිනම් දිගු ඍජු කෙස් වෙන්න පුළුවන් .

පසුව කෘතිමව වෙනස් නොකලහොත් හැර සියල්ලන්ටම ලැබෙනුයේ ජාන විසින් තීරණය කරන ලද හිසකෙස් වේ.

උපදින කොට නැතිනම් මාස 6 ක් වෙනකම් බබාගේ තට්ටේ නම් නැතිනම් කොණ්ඩය ‌අඩු නම් කලබල වෙන්න එපා.

සමහර බබාලාගේ හිස නිතර නිදා සිටින මෙට්ටය ස්පර්ශ වෙන කොටසේ කොණ්ඩය ‌අඩුවක් දකින්න පුළුවන්.

තව දරුවා හිස පිසුපසට තබා එහා මෙහා යන්නේ නම් ඒත් මේ කොණ්ඩය ‌අඩුව දකින්න පුළුවන්. තව ඔබේ හෝ සැමියාගේ හිසකෙස් අඩුයි නම් බබාගේ මේ ආරය දකින්න පුළුවන්.

මෙම ජාන සම්බන්ධයෙන් ඇති කරුණේදි හැර අනෙක් කරුණු වලදි කොණ්ඩය ‌නැවත වර්ධනය කරගන්න පුළුවන් බව අමතක කරන්න එපා.

බබාට හොදට මව්කිරි හා නිස පෝෂණය ලබා දීම මෙන්ම හිසකෙස් වල සනීපාරාක්ෂාව රැක ගැනීම නිරෝගී කොණ්ඩය ‌සදහා මග පාදයි. 

නිරෝගී හිසකෙස් ඔබේ නිරෝගී බව පෙන්වනවාද? 

ඇත්තටම නිරෝගී හිසකෙස් ඔබට ලැබෙන්න ඔබට නිසි පෝෂණයක් ලැබිය යුතු වෙනවා. නිසි පෝෂණයක් ලැබෙනවා නම් ඔබට නිරෝගී බවත් ලැබෙනවා.

ඒ නිසා නිරෝගී දරුවන්ට නිරෝගී හිසකෙස් දකින්න ලැබිම සාමාන්‍යයයි.

බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස් 7 ක්

උපතේ සිට අවරුදු 5 දක්වා නිරෝගී හිසකෙස් වර්ධනය

 

ඔබේ දරුවාට නිරෝගී හිසකෙස් ලබා දෙන්න අම්මාට කරන්න පුළුවන් දේවල් බොහොමයක් තියෙනවා.

දරුවාගේ හිස් කබලේ කබොලක් බැදීම

ඔබේ දරුවාගේ හිස් කබල මත බැදී ඇති කබොල ඇත්තටම රොගී තත්වයක් හෝ ආසාදනයක් නොවේ.

එය ඇතිවීමට හේතුව නොදන්නා නමුත් එය කැසීමක් ඇති නොකරයි. සාමාන්‍යයෙන් මාස 12 ක් පමණ වන විට ඉබේම එය සුව වෙනවා.

නමුත් මෙම කබොල ආසාදනය වී තිබේ නම් ඉක්මනින්ම වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න.

මෙම කබොල පිරිසිදු කිරීමට බලපෑමට ලක් වූ ප්‍රදේශයේ පිරිසිදු පොල්තෙල් ටිකක් ආලේප කර පොඟවා ගන්න.

ඉන්පසුව මෘදු බුරුසුවක් භාවිතයෙන් කොරපොතු මෘදු ලෙස මදින්න. එවිට ඒවා  ගැලවී ඉවත්ව යාවි.

බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස්

බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස් 7 ක්

බබාගේ කොණ්ඩය ‌නිරෝගීව පවත්වා ගන්න ඔබට වැදගත් වන මුලික කාරණා කිහිපයක් අපි ‌මෙහිදි ඔබට මතක් කරන්න සුදානම්. ‌මෙන්න හිසකෙස් වල නිරෝගී වර්ධනය වැදගත් කාරණා 7 ක්.

1.නිතර බබාගේ හිසකෙස් වලට ‌තෙල් දාන්න

ඔබේ දරුවාට අවුරුද්ද සම්පූර්ණ නම් ඔබට ඔහුගේ ඔලුවට දිනපතා තෙල් දාන්න පුළුවන්. ඉන්පසු හොදින් සම්බාහනය කරන්න.

එහිදි බබාගේ හිසේ නොවැසුනු සිදුරු එනම් රන්ධ්‍ර ගැන සැලකිලිමත් වෙන්න.

නමුත් ඔබ හොදින් සම්බාහනය කරන්න දන්නේ නැති නම් ඒ සම්බන්ධව පළපුරුද්ද ඇති කෙනෙකු ගෙන් උපදෙස් ගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

2. බබාගේ හිසකෙස්  පිරිසිදුව තබා ගන්න

සෑම දින දෙක තුනකට වරක්ම බබාව මද උණුසුම් ජලයෙන් නහවන්න.

කොණ්ඩය ‌හා හිස්කබල පිරිසිදුව තබා ගැනීම සනීපාරක්ෂාව සඳහා පමණක් නොව අපිරිසිදු කොණ්ඩය ‌හා සම නිසා ඇතිවිය හැකි අනවශ්‍ය ආසාදන වළක්වා ගැනීමට උපකාරී වෙනවා.

3.කන්ඩිෂනර් භාවිතා කරන්න

ඔබේ දරුවාගේ කොණ්ඩයේ රැළි හෝ ගැට ඇත්නම් ෂැම්පු කිරීමෙන් පසු කොණ්ඩයට අනිවාර්යයෙන් කන්ඩිෂනර් කරන්න.

එය නිරෝගී කෙස් කළඹක් සදහා අත්‍යාවශ්‍ය දෙයකි.

4.තෙත හිසකෙස් වියළන්න

ඔබේ දරුවා නැවීමෙන් පසු වියළි ටවල් එකකින් බබාගේ කොණ්ඩය වියළන්න. මේ මගින් බබාව හෙම්බිරිස්සාව වැනි රෝගී තත්වයන්ට ගොදුරුවීම වළක්වා ගන්න පුළුවන්.

ඒ වගේම බබාගේ කොණ්ඩය ‌පිහින්න පිරිසිදු ටවල් එකක් භාවිතා කරන්න. තදින් පිස දැමීමෙන් හිසකෙස් වලට හානිවිය හැකි බැවින් මෘදුව පිසදැමීමට වගබලා ගන්න.

5.හිසකෙස් වලට සත්කාර කරන්න

දැති සිහින් පනාවකින් මෘදුව බබාගේ කොණ්ඩය ‌පීරන්න. බබා අව්වට යන විට තොප්පියක් දාන්න.

නින්දට පෙර හෝ නෑමට පෙර moisturiser අඩංගු තෙල් වර්ගයක් බබාගේ හිසට යොදන්න. අනවශ්‍ය ලෙස තද කොණ්ඩ පටි හා කටු භාවිතා නොකරන්න.

6.හිසකෙස් වලට නිවැරදිව විලාසිතා කරන්න

බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස් 7 ක්

  • මෘදු පනාවක් භාවිතා කරන්න

ඔබේ බබාගේ කොණ්ඩය ‌මත මෘදු පනාවකින් පීරන්න. තදින් පීරිමෙන් හිසට තුවාල වී ලේ ගලන්න පවා ඉඩ තියෙනවා.

බබාගේ කොණ්ඩය විලාසිතානුකූලව සකස් කලද එය මෘදුව කිරීමට වග බලා ගන්න.

  • හිසකෙස් කැපීම

කොණ්ඩය ‌කැපීම එය වැවීමේ වේගයට හෝ එහි ඝනකමට බලපෑමක් නොකරයි.

නමුත් කෙටි කොණ්ඩයක් ‌පවත්වා ගැනීමෙන් එය දරුවාගේ ඇස් කන් වලට ගිහින් අපහසුතාවයට පත්වීම වළක්වා ගන්න පුළුවන් වගේම හිසකෙස් වල සනීපාරක්ෂාව පවත්වා ගන්න පහසුයි.

7.නිසි පෝෂණය ලබා දෙන්න

ඔබේ දරුවාට පහත පෝෂකද ඇතුලු නිසි සමබර ආහාර  වේලක් ලබා දෙන්න.

  • යකඩ:

කොණ්ඩය ‌නිසි ලෙස වර්ධනය වීමට යකඩ අවශ්‍ය වන අතර මෙය කොණ්ඩය ‌කැඩී යාමද වළක්වයි. ඔබේ දරුවාට ස්වාභාවික ආහාර වලින් ප්‍රමාණවත් යකඩ ලබා දෙන්න.

  • ආමන්ඩ්:

 ආමන්ඩ් වල  ප්‍රෝටීන් සහ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු වෙනවා. ඔබ එය ඔබේ දරුවාට අසාත්මික නොමැති නම් ලබා දෙන්න. 

මෙයට  සමේ ගුණාත්මකභාවය සහ වයනය වැඩි දියුණු කිරීමට හැකි බැවින් දරුවන්ගේ සම මත ආමන්ඩ් තෙල් ආලේප කරන්න.

ආමන්ඩ් ප්‍රතිශක්තිය වැඩි කරනවා. ඒ වගේම ඔබේ දරුවාගේ සමස්ත වර්ධනයට උපකාරී වෙනවා.

ඔන්න අපි අද කිව්වේ බබාගේ ‌කොණ්ඩය නිරෝගීව වර්ධනයට හා පවත්වා ගැනීමට ‌‌හේතුවෙන කාරණා 7 ක්.

ඔබ ඔබේ දරුවා‌ගේ ‌කොණ්ඩය ‌ ගැන වඩාත්ම සැලකිලිමත් නම් ‌මේ උපදෙස් පිළිපදින්න.

දරුවාගේ හිසකෙස් වල අසාමාන්‍ය ගැටලුවක් ඇති බව ඔබට හැගෙන්නේ නම් ඒ සම්බන්ධව ‌වෛද්‍යවරයෙකු හමුවෙන්න.

ඔබට ‌මේ ලිපිය වැදගත් වුනාද? ඔබට ‌මේ සම්බන්ධව කියන්න යමක් තියෙනවාද? එසේ නම් පහලින් ඇති කමෙන්ට් තීරයේ ඔබේ අදහස් සටහන් කර අප හා ‌බෙදා ගන්න.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • බබාගේ හිසකෙස් නිරෝගීව වර්ධනය වීම සදහා රහස් 7 ක්
බෙදාගන්න :
  • දරුවාගේ හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත්  කිරීමෙන් කොණ්ඩය ඝනව වැඩේද?

    දරුවාගේ හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත්  කිරීමෙන් කොණ්ඩය ඝනව වැඩේද?

  • හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

    හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

  • දරුවාගේ හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත්  කිරීමෙන් කොණ්ඩය ඝනව වැඩේද?

    දරුවාගේ හිසකෙස් සම්පුර්ණයෙන්ම ඉවත්  කිරීමෙන් කොණ්ඩය ඝනව වැඩේද?

  • හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

    හිසකෙස්: ශක්තිමත්, දිගු, නිරෝගී කෙස් කළඹක් දෙන මේ විශ්මිත තෛලය ගෙදරදීම සාදා ගනිමු!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it