theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සාර්ථක විවාහය ගැන දරුවන්ට සුභවාදී ආකල්පයක් දෙන්න

6 අවම කියවීම
සාර්ථක විවාහය ගැන දරුවන්ට සුභවාදී ආකල්පයක් දෙන්නසාර්ථක විවාහය ගැන දරුවන්ට සුභවාදී ආකල්පයක් දෙන්න

To have a healthy marriage, parents must be mindful of how they treat their spouses, especially in front of their kids.

සාර්ථක විවාහය පතා ඔබ වූ විවාහ වුණේ දරුවන් ලැබෙන්නට කලින්. ඉතින් සමහර වෙලාවට දරුවන් ඉදිරිපිටත් පරණ හැසිරීම් ඒ විධියටම කරගෙන යනවා. නමුත් අපේ සෑම සියලු හැසිරීමක්ම දරුවන්ට යම් හෝ ආකාරයකින් බලපානවා කියන එකත් අපි බොහෝ දුරට අමතක වෙනවා.

අප කවුරුත් දන්නා යථාර්තයක් තමා අවවාදයට වඩා ආදර්ශය උතුම් බව. ඉතින් සාර්ථක විවාහ ජීවිතයත් ඒ වගේම තමයි. අපි සාර්ථක ජීවිතයක් විවාහ ජීවිතයක් ගත කිරීම තුළින් දරුවාට හොඳ විවාහ ජීවිතයකටකට අඩිතාලම හැටියට පූර්වාදර්ශයක් සපයනවා.

ඉතින් ඔබ හිතන විදිහටට ඔබගේ ඔබ ගත කරන්නේ සාර්ථක විවාහය ජීවිතයක් ද?

සාර්ථක විවාහය

ඔබ සාර්ථක විවාහය ක් ගතකරන බව දරුවන්ට ඒත්තු ගන්වන්නේ කොහොමද?

1. සෙනෙහෙවන්ත වන්න

තම දරුවන් ඉස්සරහ සහකරුවාට සෙනෙහෙවන්ත වෙන්නට පැකිලෙන්නේ කවුද?  ඔබේ සහකරුවා සමඟ ඔබේ මුළු ජීවිතයම ගෙවෙනවා.  ඔබ දෙපළට දරුවන් ලැබෙනවා.

ඔබ දෙදෙනා එක්ව ජීවිතය ගොඩනඟනවා. ගෙවල් දොරවල් යාන වාහන ලබාගන්නවා. මේ සේරම දෙදෙනා එකතුවෙලා කරද්දී දරුවන් ඉස්සරහ එකිනෙකාට සෙනෙහස පෙන්වන්නට පැකිලෙන්නේ මොනවටද?

ඔබේ දරුවන් ඉදිරියේ ඔබේ සහකරුට කුමන හෝ එක් ආකාරයේ සෙනෙහසක් වන්නට පැකිලෙන්නට එපා.

ඔබ ඔබගේ සහකරුවාට දක්වන ආදරය කරුණාව තුළින් ඔබ නොදැනුවත්වම දරුවන්ට ඔවුන් හැසිරීමිය යුතු ආකාරය ගැන පූර්ව පූර්වාදර්ශයක් සපයනවා.

ඒ වගේම ඔබ නොදැනුවත්වම ඔවුන්ට ආත්මවිශ්වාසයක් ලබා දෙන්නේ ඔවුන්ගේ සෑම කාන්තාවකගේම ඔබ දෙදෙනා එක සේ ඔවුන් පිටුපසින් සිටින බවට සහතික කරමින්.

දරුවන්ට විවෘතව හැඟීම් ප්‍රකාශ කිරීමත් ඔබ මෙයින් උගන්වනවා. හැඟීම් දැනීම්, විශේෂයෙන්ම කෙනෙක්ව පැසසීම, අගය කල යුතු වෙලාවට අගය කිරීම, ආදරය සෙනෙහස ප්‍රකාශ කිරීම ඔබ පෙන්වා දෙනවා.

හිතේ කොටුකරගෙන ඉන්නවා වෙනුවට මෙසේ විවෘතව හැඟීම් දැනීම් ප්‍රකාශ කරන්නට දරුවන්ට පෙන්වන ක්‍රමයක් තමයි ඔබත් එසේ විවෘත අදහස් සහ හැඟීම් ප්‍රකාශ කිරීම.
මෙසේ විවෘත අදහස් ප්‍රකාශ කිරීම මගින් ඔබ ද ඔබේ සහකරුට ඔබ වටා සිටින අයටත් සානුකම්පාව, සෙනෙහස, දයාව, අනුකම්පාව සහ කරුණාව වැනි ගුණාංග ඔබතුලින් ඔවුන්ට ඔබ පෙන්වා දෙනවා.

2. සණ්ඩු සරුවල් කරන්න. ඒත් ඒවා දිගින් දිගට ගෙන යන්නට එපා

එක වහලක් යට දිගින් දිගටම ඉන්නකොට සණ්ඩු සරුවල් ඇතිවීම සාමාන්‍ය දෙයක්.
එකිනෙකා අතර මතගැටුම් ඇතිවීම සාමාන්‍යයි.

ඔබේ විවාහය තවත් ශක්තිමත් වෙන්නේ මෙම මත ගැටුම් හරහා තමයි.

සාමාන්‍යයෙන් දරුවන් ඉදිරියේ සණ්ඩු සරුවල් නොකිරීමට පුරුදුවීමත් ඉතාමත්ම ඥානාන්විත ක්‍රියාවක්.

කෙතරම් මතගැටුම් තිබුණත්, ඒවා පුද්ගලිකව සමතයකට පත් කරගන්නටත් හැකි නම් එය වඩාත් සාර්ථක ක්‍රමයයි.

කෙසේන නමුත් සියුම් මත ගැටුම් අමනාපකම් දරුවන්ට තේරුණා කියලා වරදක් නැහැ. වඩා වැදගත් වන්නේ එම මතගැටුම් අභිබවා ඔබ දෙදෙනා යළිත් එකතුවී යහළු මිත්‍ර වීමයි.

මෙය ඔබට මෙන්ම ඔබේ දරුවන්ටද සුන්දර අත්දැකීමක් වනවා .
ඔබ අතර මත ගැටුම් සිදු වූවත්, ඒවා තාවකාලික බවත් ඔබ දෙදෙනාගේ නොවෙනස් සෙනෙහස හා රැකවරණය ඔහුට ලැබෙන බවත් මෙම අත්දැකීම් ඔස්සේ ඔවුන් ඉගෙන ගන්නවා.

3. පවුලේ අරමුණු ගැන කතාබහ කරන්න

ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ පවුලේ අරමුණු සාකච්ඡා කිරීමට හේතුව වන්නේ දෛනික දේට අමතරව පවුලක් ලෙස අනාගත අරමුණු ඇති කරගැනීමටත්, ඒවා ජය ගැනීමටත්‍ ය.

ගෙදර හැමෝම මෙයට දායක වීම වැදගත්. එකිනෙකා සමඟෙකිනෙකාගේ බලාපොරොත්තු, සිහින හා අරමුණු බෙදාහදා ගන්න.

මෙය පුද්ගලිකව ඔබ වෙනුවෙන් පමණක් නොව ඔබේ මුළු පවුලම වෙනුවෙන්ය.

ඔබේ දරුවන් පවුලේ කොටස්කරුවන් නොවේද? එබැවින්, ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ පවුලේ අරමුණු සාකච්ඡා කිරීමට ඔබේ දරුවන්ටද ඉඩ සැලසිය හැකිය.

මෙහි මූලික දේ හැමෝගේම සහභාගිත්වයයි. එබැවින් නිදසුනක් ලෙස නිවාඩුවක් ගත කිරීමට ස්ථාන තෝරා ගැනීම වැනි දේකට හැමෝගේම අදහස් එක් කොට කතා බහ කරන්න.

4. සෑම සතියකටම වරක් වත් එළියට යන්න

යොදාගත් දිනයක එළියට යෑමෙන් පවුලේ එකිනෙකාට ප්‍රමුඛතාවයක් ලබා දීම තහවුරු කරනවා.

ඔබේ සහකරුව හෝ සහකාරියව ඔබ අගය කරන බව පෙන්වීමෙන් ඔබ ආදරය කරන පුද්ගලයින්ව ඔබ අගය කරන ආකාරය ගැන දරුවන් ඉගෙන ගන්නවා.

එබැවින් ඔබට හැකි නම් සෑම සතියකම ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ Date එකක් නැතහොත් විශේෂ කෑමකට යන්න.

එය විසිතුරු අවන්හලක විය යුතු නැහැ. ඔබ ඔවුන් සමඟ තනිවම කාලය ගත කළ යුතුය.

විවාහය යනු හිසට බරක් නොවන බවත්, එකිනෙකා සමඟ ගුණාත්මක කාලයක් ගත කිරීම ඔබේ ප්‍රමුඛ අරමුණක් බවත් අමතක කරන්න එපා.

මෙය ඔබේ දරුවන්ට ඔබ තුළින් දකින්නට හැකිවනවා.

healthy marriage

Photo by Gus Moretta on Unsplash

සාර්ථක විවාහය විනාශ වන්නේ කෙසේද?

ඔබට දරුවන් අභිමුව ඔබේ විවාහය සාර්ථක බව ඔවුන්ට පෙන්විය හැකි නම්, ඊට ප්‍රවිරුද්ධ ලෙස ඔබේ විවාහය අසාර්ථක බවද ඔවුන්ට පෙන්විය හැකියි:

1. ඔබේ සහකරු හෝ සහකාරිය ගැන වැරදි කතා කිරීම

ඔබේ සහකරු හෝ සහකාරියගේ වැරදි කතාකිරීම ඔබේ විවාහයට හෝ දරුවන්ගේ යහපැවැත්මට කෙරෙහි කිසි සේත්ම උදව් වන්නේ නැහැ.

ඔබට ඔබේ ස්වාමිපුරුෂයා ගැන විශ්වාසයක් නැතිනම්, ඔබේ දරුවන් ඔහුව විශ්වාස කරන්නේ කොහොමද?

දරුවන් සමඟ විවෘතව කතාබහ කිරීම ඉතා විශිෂ්ට ගුණාංගයක්. නමුත් එය ඔවුන්ට සෘණාත්මක ලෙස බලපාන්නේ නම් ඔබ ඔවුන්ට කෙතරම් විවෘතද යන්න ගැන සීමාවක් පැනවිය යුතුයි.

ඔබේ සහකරු හෝ සහකාරිය ගැන ඔවුන්ගේ පසුපසට වැරදි කතාකිරීමෙන්, කෙනෙකුගේ පස්සට වැරදි කතාකිරීම සුදුසු දෙයක් බව ඔබ ඔවුන්ට ඒත්තු ගන්වනවා.

එමෙන්ම එකිනෙකාගෙන් දේවල් වසන් කොට තබාගැනීමත් අහිතකර ලෙස ඔබ ඔවුන්ට උගන්වනවා.

2. ඔබේ සහකරු හෝ සහකාරියගේ මාපියකරණ කුසලතා ගැන ප්‍රශ්න කිරීම 

ඔබත් ඔබේ සහකරුත් පවුලේ සහජීවනය සඳහා හොඳින් සංකලනය වූ  ඒකකයක් ලෙස ක්‍රියා කිරීම ඉතා වැදගත් වනවා.

ඔබ දෙදෙනා මෙම ජීවන ගමනේ හවුල්කරුවන් වන අතර එකම හවුලක් නොහොත කාණ්ඩයක් ලෙස ක්‍රියා කළ යුතුයි.

ඔබේ දරුවන් ඉදිරියේ ඔබේ සහකරු හෝ සහකාරියගේ කැපවීම, හැකියාව ආදිය අවතක්සේරු කිරීම සහ ප්‍රශ්න කිරීම මෙම එක්සත් හවුල බිඳ දැමීමට තවත් හේතුවක් වනවා.

ඔබ ඔබේ දරුවන් ඉදිරියේ ඔබේ සහකරුගෙන් ප්‍රශ්න කරන විට, ඔබේ දරුවන්ට දෙමාපියන් වශයෙන් ඔබේ හැකියාව පිළිබඳ විශ්වාසය නැති වී යනවා.

ඔබේ දරුවන්ට ඔබ කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි වූ විට, ඔවුන් පහසුවෙන්ම ඔබට විරුද්ධ වීමටත්, මුරණ්ඩු වීමටත්, ඔබට ගරු නොකිරීමටත් පෙළඹෙනවා.

3. ඔවුන්ව “නරක මිනිහා” කිරීම 

මෙයත් දෙමාපියන්ගෙ පස්සට බැන වදිනවා හා සමානය. ඔබේ සහකරුව හෝ සහකාරියව දරුවන් ඉදිරියේ  “නරක මිනිහා” හෝ “සතුරා” ලෙස හුවා දැක්වීම ඉතා නුසුදුසු ක්‍රියාවකි.

මෙයින් ඔබ ඔවුන්ට දෙන්නේ හොඳ ආදර්ශයක් නොවන අතර, ක්‍රියාකාරී දෙමව්පියන් ලෙස ප්‍රතිරූපයටද මෙය හානිකරයි.
අනුන්ට වරද්ද පැටවීම ඉතා පහසු ක්‍රියාවකි.

නමුත් ඔබ දෙපළ එකම හවුලක් හෝ යුවලක් සේ ක්‍රියා කිරීමේදී ඔබ එකිනෙකාට වැරදි පැටවීමෙන් හා චෝදනා කිරීමෙන් වැළකිය යුතුයි.

එසේ කිරීමෙන් ඔබ එකමුතුවක් ලෙස, යුවලක් ලෙස ඔබේ සමතුලිතතාවට හානි කරගන්නවා.

ඵලක් නැති තර්ක හරහා එසේ වැරදි පැටවීමෙන් වලකින්න. පහසුවෙන්ම සුළු දෝෂ නිසා දෙකඩ වෙන්නට පහසු බව ඔවුනට පෙන්වන්න එපා.

එකිනෙකාගේ අතපසුකම් තේරුම් ගනිමින්, ඒවාට අවම කරගැනීමට එකිනෙකාට උපකාර කර ගනිමින්, ජීවිත ගමන ප්‍රසන්නව හා එකමුතුව ඉදිරියට ගෙන යා හැකි බව ඔබේ ක්‍රියාවෙන් දරුවන්ට පෙන්වන්න.

සාර්ථක විවාහය පවත්වාගෙන දුෂ්කර විය හැක – නමුත් එය කළ නොහැක්කක් නොවේ.

එය එක් වරකින් හෝ දෙවරකින් සාර්ථක කරගත හැක්කක්ද නොවේ. නමුත් ඔබගේ සෑම ක්‍රියාවකින්ම ඔබ දරුවන් ඉක්මනින් ග්‍රහණය කරග්න්නා ධනාත්මක හෝ සෘණාත්මක ආදර්ශයක් සැම විටම දරුවන්ට දෙමින් යන ගමනකි විවාහය.

එය ධනාත්මක ආදර්ශයක් කරගැනීම ඔබ අතේ පවතින දෙයකි.

සාර්ථක විවාහයක් තුළ අසාථක අත්දැකීම් අනිවාර්‍යයෙන්ම තිබෙන්නට පිළිවෙන. මෙම අත්දැකීම් විවාහය ශක්තිමත් කරන අභ්‍යාස බවට පත්කරගන්නට ඔබට පුළුවන්.

ඔබ සාර්ථක විවාහයකට කැප වුණු සහකරුවෙක් නම්, මෙම කාර්‍යය ඔබට වඩාත් පහසු වනු ඇත.

ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ අභියෝග හම්වේ ඔවුන් ශක්තිමත්ව යළි නැගී සිටින ආකාරය දරුවන්ට පෙන්වන්න.

ඔවුන්ගේ දිනුම් දරුවන් හා අගය කරන්න, සමරන්න. පැරදුම් වලදී අත දෙන්නට දරුවන් හවුල් කරගන්න.

මෙම අත්දැකීම් දරුවන්ට ශක්තිමත් වීමට උගන්වයි.

පවුලේ සියලුම සාමාජිකයන් අතර පැහැදිලි හා අවංක සන්නිවේදනයක් පවතින තාක් කල් එය ඔබගේ පවුල් බැඳීමද අනිවාර්යයෙන් ශක්තිමත් කරනු ඇත.

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • සාර්ථක විවාහය ගැන දරුවන්ට සුභවාදී ආකල්පයක් දෙන්න
බෙදාගන්න :
  • හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

    හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

  • පවුලේ වැදගත්ම දෙය දරුවන් නොවන්නේ ඇයි?

    පවුලේ වැදගත්ම දෙය දරුවන් නොවන්නේ ඇයි?

  • හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

    හොඳ නැන්දම්මා කෙනෙක් වෙමුද ?

  • පවුලේ වැදගත්ම දෙය දරුවන් නොවන්නේ ඇයි?

    පවුලේ වැදගත්ම දෙය දරුවන් නොවන්නේ ඇයි?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it