theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මයි දුවයි අතර බැඳීම තරම් බැඳීමක් ලොව තවත් නැහැලු

2 අවම කියවීම
අම්මයි දුවයි අතර බැඳීම තරම් බැඳීමක් ලොව තවත් නැහැලුඅම්මයි දුවයි අතර බැඳීම තරම් බැඳීමක් ලොව තවත් නැහැලු

අම්මාගෙයි දුවගයෙි ආදරණිය බැදීම ගැනයි ‌මේ...

අම්මයි දුවයි අතර ක්‍රියා කරන මොළයේ රසායන විද්‍යාත්මක ක්‍රියාවලියක්  අනිවාර්යයෙන්ම තියෙනවා.

මොනවා වුනත් සෑම විටම අම්මාලා තම දියණියන්ගේ පසුපසින්  සිටිනවා. අම්මායි දුවයි අතර බැඳීම ලොව අන් කිසි සම්බන්ධතාවයක් වගේ නොවෙයි.

දුව ගැන හොදටම දන්නේ අම්මා තමයි.  

අම්මා කෙනෙකුට ඇයගේ දියණියගේ සිත කියවන්න පුළුවන් වගෙයි. 

අම්මාගෙයි දුවගෙයි මේ අපූරු බැදීමට විද්‍යාත්මක පැහැදිලි කිරිමක් ඇතිබව ඔබ දන්නවාද ?

දියණියන් රැකබලා ගැනීම

නිරෝගී අම්මයි දුවයි අතර බැඳීම : ඔබ සිතනවාට වඩා බලවත්

අම්මායි දුවයි අතර බැඳීම  සියලුම් දෙමව්පියන් දරුවන් අතර  වු බැඳීම් අතරින් ශක්තිමත්ම එක බව කියනු ලබනවා.

එසේ කියන්නේ  හුදෙක් සාමාන්‍ය නිරීක්ෂණ මත පදනම් වී පමණක් නොවෙයි.

ස්නායු විද්‍යාව පිළිබඳ ජර්නලයේ පළ වූ අධ්‍යයනයකට අනුව,  ඔවුන්ගේ මොළයේ සිතුවිලි ක්‍රියාවට නංවන පොදු ක්‍රම සියල්ල එය පහත දමනවා.

පවුල් 35 ක් පිළිබඳව අධ්‍යනයක් කලා. ඒ අනුව හැඟීම් නියාමනය කරන මොළයේ කොටස අනෙක් සම්බන්ධතා ඇති යුගලයන් වලට වඩා මව්වරුන් සහ දියණියන් අතර සමාන වුනා. 

ඔබේ මොළය ඔබේ දියණියට සමානව හැඟීම් ක්‍රියාවට නංවනවා.

ඒ නිසා ඔබට ඔබේ දියණිය හිතන දකින විදියට කාරණා තේරුම් ගන්න වැඩි ඉඩක් තියෙනවා.

ඇය ගැටලුවකට මුහුණ දෙන විට, ඔබට එය ඇයට දැනෙන විදිය හිතාගන්න පුළුවන්.

 සමහර විට ඔබට වැඩිහිටි දරුවන් සිටියි නම් ඔබ දෙදෙනාම දැඩි ලෙස එකඟ නොවන විට එය පැහැදිලි කරනවා.

එසේ වන්නේ ඔබ ඇගේ තත්වය මොළයේ රසායන විද්‍යා මට්ටමින් හොඳින් වටහා ගැනීම නිසයි.

අම්මයි දුවයි අතර බැඳීම තරම් බැඳීමක් ලොව තවත් නැහැලු

දියණියගේ මානසික සෞඛ්‍යය කෙරෙහි අම්මාගේ  බලපෑම

මොළය තුල පරීක්ෂා කරන ලද  කෝටිකොලිම්බික් පද්ධතිය හැඟීම් නියාමනය කිරීමට හැරුණු විට  “මානසික අවපීඩන රෝග ලක්ෂණ ප්‍රකාශ කිරීම” සමඟද සම්බන්ධ වී ඇති බව අධ්‍යයනය පෙන්වා දෙනවා.

එනම් අම්මාගේ  මානසික සෞඛ්‍ය අත්දැකීම් තුලින් ඉදිරියේදී  දියණිය පෙන්වන මානසික සෞඛ්‍යය පිළිබඳ දකින්න පුළුවන්.

සැන් ෆ්රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ෆුමිකෝ හොෆ්ට් පවසන පරිදි, මව්වරුන්ගෙන් සහ පියවරුන්ගෙන් උරුම වූ මොළයේ රටාවන් මානසික සෞඛ්‍යය තත්වයන්ට බලපානවා.

“කාංසාව, ඔටිසම්, ඇබ්බැහි වීම, භින්නෝන්මාදය, ඩිස්ලෙක්සියා, කවර ලෙස හෝ ඔබ එය හදුන්වන්න පුළුවන් ,” හොෆ්ට් පවසනවා.

දියණියගේ මල්වර වීම

එසේ වුවද, මෙම රෝග ලක්ෂණ “මවගෙන් පුතාට හෝ පියාගෙන් දරුවාට සම්ප්‍රේෂණය වෙනවාට වඩා මවගෙන් දියණියට සම්ප්‍රේෂණය වීමට වැඩි ඉඩක් තියෙනවා”.

හොද හෝ නරක වෙන්න පුළුවන් නමුත්  වෙනත් සබඳතාවලට වඩා මව්වරුන් සහ දියණියන් එකිනෙකාට වෙනස් ආකාරවලින් බලපෑම් කරන බවට සැකයක් නැහැ.  අම්මයි දුවයි ගැන කියන ‌මේ කතාවත් අපූරුයි ‌නේද?

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • අම්මයි දුවයි අතර බැඳීම තරම් බැඳීමක් ලොව තවත් නැහැලු
බෙදාගන්න :
  • ජීවිත කාලය පුරාම ඔබේ දරුවා ඔබ සමග ඇති බැඳීම එලෙසම තබාගන්න අපූරු ක්‍රම 21 ක්

    ජීවිත කාලය පුරාම ඔබේ දරුවා ඔබ සමග ඇති බැඳීම එලෙසම තබාගන්න අපූරු ක්‍රම 21 ක්

  • දරුවා හා අම්මා පළමු වරට එකිනෙකා දකින පළමු මොහොත තුල ඇතිවෙන අරුම පුදුම බන්ධනය

    දරුවා හා අම්මා පළමු වරට එකිනෙකා දකින පළමු මොහොත තුල ඇතිවෙන අරුම පුදුම බන්ධනය

  • ජීවිත කාලය පුරාම ඔබේ දරුවා ඔබ සමග ඇති බැඳීම එලෙසම තබාගන්න අපූරු ක්‍රම 21 ක්

    ජීවිත කාලය පුරාම ඔබේ දරුවා ඔබ සමග ඇති බැඳීම එලෙසම තබාගන්න අපූරු ක්‍රම 21 ක්

  • දරුවා හා අම්මා පළමු වරට එකිනෙකා දකින පළමු මොහොත තුල ඇතිවෙන අරුම පුදුම බන්ධනය

    දරුවා හා අම්මා පළමු වරට එකිනෙකා දකින පළමු මොහොත තුල ඇතිවෙන අරුම පුදුම බන්ධනය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it