theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අම්මාගේ ආදරණීය හඬ පළමු වතාවට කන වැකෙන පුංචි පැටියාගේ ප්‍රතිචාරය

3 අවම කියවීම
අම්මාගේ ආදරණීය හඬ පළමු වතාවට කන වැකෙන පුංචි පැටියාගේ ප්‍රතිචාරයඅම්මාගේ ආදරණීය හඬ පළමු වතාවට කන වැකෙන පුංචි පැටියාගේ ප්‍රතිචාරය

අම්මාගේ හඩට දරුවන් මේතරම් සංවේදීද?

අම්මාගේ හඬ ඇහුනු පළමු වතාවේදී බලන්නකෝ මේ පැටියාගේ ආදරණීය පුංචි මුහුණේ පෙනුම!

අම්මාගේ හඬ තුළ ආදරය පිරිලා

සුන්දර  චාලට් (චාලි) 2017 අගෝස්තු මාසයේදී උපත ලැබුවා.  ඇය උපතින්ම  බිහිරි  දැරියක් වුනා. ඇයගේ ආදරණීය දෙමාපියන්  ඇය වෙනුවෙන්  විසඳුමක් සොයා ගැනීමට වෙහෙසුන  අතර  ඔවුන් අවසානයේදී ළදරු ශ්‍රවණ ආධාරක  වල උපකාරය ලබා ගත්තා.

ක්‍රිස්ටී නැමති මේ අම්මා පළමු වතාවට පුංචි පැටික්කිය  අම්මාගේ හඬ ට සවන් දෙන අපූරු මොහොත පටිගත  කර ගත් අතර අනිවාර්යයෙන්ම  එය ඔබේ දෙනෙත් කදුලින් තෙමාවි. පුංචි  චාලිගේ මුහුණ පළමුව ප්‍රීතියට පත් වුනා. ඉන්පසුව   ඇය  හැගීම්බර වී ඇයගේ නෙත් වලින් කඳුළු වැටීම නවත්වා ගන්න පුංචි සටනක් කලා.

අම්මා "මං ඔයාට ආදරෙයි" කියද්දී බිළිදිය ආයෙමත් හැගිම්බර වුනා.

"චාලිට ශ්‍රවණ ආධාරක ලැබුන පුදුමාකාර මොහොතේ මම දෙවියන් සිහි කලා. ඇයට කිසිම දෙයක් ඇසී තිබුන බව අපි සිතන්නේ නැහැ. ඒ මොහොත  මම විස්තර කලාට වඩා  පුදුම සහගත වුනා.  ඇයගේ ශ්‍රවණ උපකරණ සවිකිරීමේ  හා භාෂා සංවර්ධනයේ අපූරු  ආරම්භය එලෙස සටහන් වුනා."

ක්‍රිස්ටි ක්‍රේන් ඇයගේ Instagram මත සටහනක් යෙදුවාය.

පහත වීඩියෝවේ ඒ අම්මාගේ හඬ ඇහුනු සුන්දර  මොහොත බලන්න:

ලස්සනයි වගේම හැගීම්බරයි නේද? මේ අපූරු මොහොත ඔබත් සමග බෙදා ගත්තේ The Asianparent sri lanka වෙතිනි. අම්මාගේ හඬ

ශ්‍රවණාබාධ ඇතිවීමට හේතු?  අම්මාගේ හඬ

ශ්‍රවණාබාධය සාමාන්‍ය උපත් දෝෂයක් වන අතර එය සෑම ළදරුවන් දහසෙන් 1 ත් 3 ත් අතර ප්‍රමාණයකට බලපායි.  ශ්‍රවණාබාධවලට බොහෝ දේ හේතු විය හැකි නමුත් කිසිදු හේතුවක් සොයාගත නොහැකි රෝගීන් ශ්වණාබාධ සහිත රෝගීන්ගෙන් හරි අඩකි.

කුඩා දරුවෙකුට ශ්‍රවණාබාධ ඇතිවිය හැකි හේතු:

  1. නොමේරූ උපත
  2. දැඩි සත්කාර ඒකකයේ (ICU) රැඳී සිටීම
  3. උපන් අළුත සෙංගමාලය ඇතිවීම සමඟ රුධිර පාරවිලයනයක් අවශ්‍ය වන තරමටම  බිලිරුබින් මට්ටම ඉහළ යාම.
  4. ශ්‍රවණාබාධ ඇතිවීමට හේතු වන ඖෂධ ලබා දීම
  5. පවුලේ සාමාජිකයන් ඇතැමෙක්ට ළමා ශ්‍රවණාබාධ සහිත තත්ව තිබීම
  6. උපතේදී යම් සංකූලතා ඇති වීම
  7. පමණට වඩා වැඩි ආසාදන ඇති වීම
  8. මෙනින්ජයිටිස් හෝ සයිටෝමෙගෙලෝ වයිරස් වැනි ආසාදන ඇති වීම
  9. ඉතා කෙටි ක්කලයකට හෝ අධික ශබ්දයකට නිරාවරණය වීම

දරුවන්ගේ ශ්‍රවණාබාධ කල්තියා හඳුනාගන්නේ කොහොමද?

ඔබේ අලුත උපන් දරුවා ශ්‍රවණ පරීක්ෂාව සමත් වුවත්, දිගින් දිගටම දරුවාගේ ශ්‍රවණය ගැන අවධනයැන් පසුවන්න.

ජීවිතයේ පළමු වසර තුළ ඔබේ දරුවා ළඟා විය යුතු සමහර ශ්‍රවණ සන්ධිස්ථාන:

  • අලුත උපන් බිළිඳුන් බොහෝ දෙනෙක් හදිසි ශබ්ධ වලදී තිගැස්සෙයි
  • මාස 3 ක් වන විට, ළදරුවෙකු සාමාන්‍යයෙන් දෙමව්පියන්ගේ කටහඬ හඳුනා ගනී.
  • 6 මසක් වන විට, ළදරුවෙකුට සාමාන්‍යයෙන් ශබ්ධය දෙසට ඇස් හෝ හිස ශබ්දය හැරවිය හැකිය.
  • මාස 12 ක් වන විට, ළදරුවෙකුට සාමාන්‍යයෙන් සමහර ශබ්ද අනුකරණය කළ හැකියි.

වයසෙන් වැඩෙත්ම ශ්‍රවණාබාධයක් ඇතැයි හැඟවෙන ලක්ෂණ

  • කතාබහ සීමසහිත වීම
  • අවධානයෙනය නිතර බිඳී යාම
  • ඉගෙනීමේ අපහසුතාව
  • රූපවාහිනී ශබ්ධය නිතර වැඩි කිරීම
  • සංවාද මට්ටමේ කථාවට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම හෝ කථාවට නුසුදුසු ලෙස පිළිතුරු දීම
  • ඔහුගේ හෝ ඇයගේ නමට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම

දරුවාගෙන් ඉහත ලක්ෂණ දිස්වේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • අම්මාගේ ආදරණීය හඬ පළමු වතාවට කන වැකෙන පුංචි පැටියාගේ ප්‍රතිචාරය
බෙදාගන්න :
  • This Is How A Mother's Voice Affects The Development Of A Baby's Bain

    This Is How A Mother's Voice Affects The Development Of A Baby's Bain

  • අම්මායි පුතයි අතර අපූරු සබැඳියාවක්

    අම්මායි පුතයි අතර අපූරු සබැඳියාවක්

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • This Is How A Mother's Voice Affects The Development Of A Baby's Bain

    This Is How A Mother's Voice Affects The Development Of A Baby's Bain

  • අම්මායි පුතයි අතර අපූරු සබැඳියාවක්

    අම්මායි පුතයි අතර අපූරු සබැඳියාවක්

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it