ඔසප්වීම සමග අධික ලෙස රුධිරය පිටවීමට හේතු හා ප්‍රතිකාර

ඔසප්වීම සමග අධික ලෙස රුධිරය පිටවීමට හේතු හා ප්‍රතිකාර

මාසිකව ඔබ මුහුණ දිය හැකි තවත් තත්වයක් ගැන කතා කරමු

ඔසප්වීමේදී අධික රුධිර වහනය ගැන ගොඩාක් දෙනාට දැනගන්න බොහෝ කරුනු ඇති.

සෑම කාන්තාවක්ම මාසිකව අත්විදින ඔපස්වීම තුල මෙවැනි තත්වයකට කාන්තාවකට මුහුණ දෙන්න වෙන්න පුළුවන්.

ඒ සම්බන්ධව නාරි හා ප්‍රසව වෛද්‍ය සමන් හේවා මහතා විසින් ලියන ලද ලිපියක් අපි ඔබ වෙත ගෙන එනවා.

ඔසප්වීමේදී අධික රුධිර වහනය

ඔසප් වේදනා සමනය

ගොඩක් දෙනා දැඩි ලෙස පීඩා විදින රෝගී තත්වයක් පිලිබඳව අද බලමු.

සාමාන්‍යයෙන් ඔසප් වීම යුවතියකට සාමාන්‍යය දෙයක් වුවත් බොහෝ දෙනෙක් එයට බිය වීමට හේතුව මේ අධික ලෙස රුධිරය පිට වීම.

වර්ථමානයේ වයස 20 සිට 50 දක්වා කාන්තාවන්ගෙන් 20% ක් පමන ප්‍රතිකාර ගන්නා තත්වයක් නිසා එසේ වීමට හේතු හා එයින් මිදීමට කලහැකි දේ පිලිබඳව මේ ලිපියෙන් පැහැදිලි කරන්නම්.

සාමාන්‍යයෙන් කාන්තාවකට ඔසප්වීම මසකට වරක් චක්‍රයක් ආකාරයට සිදුවෙන අතර මෙහිදී දුන කිහිපයක් සාමාන්‍ය ලෙස රුධිරය පිටවීම තමයි සිදුවන්නේ.

රුධිර පිටවීමේ ප්‍රමාණය , දින ගනන හා ඔසප්වීමට ගතවන කාලය කෙනින් කෙනාට වෙනස්.

ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට හේතු පිලිබඳව පෙර ලිපියක් පලකල නමුත් අවශ්‍ය නම් නැවත ඒ පිලිබඳව ලිපියකින් පැහැදිලි කරන්න ඉදියේ පුළුවන්.

මේ රුධිරය පිටවීම ඔබේ දෛනික කටයුතු වලට භාදාවක් නම් අධික ලෙස රුධිර පිටවෙනවානම් ඔබ එයට ප්‍රතිකාර කල යුතුය.

ඔසප් චක්‍රය අවසානයේ සිරුරේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන සාන්ද්‍රනය අඩුවීම සමග ගර්භාෂයේ ඇතුලත බිත්තිය නැතුනම් එන්ඩොමෙට්‍රියම් කියන සෛල ස්ථරය බිදවැටී ඔසප්වීම ආරම්භ වෙනවා.

මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් දින කිහිපයකින් අවසන් වන අතර සිරුරට හානිකර ලෙස රුධිර වහනය වීමක් සිදුවන්නේ නැහැ.

නමුත් සමහර අසාමාන්‍ය තත්ත්වයන් නිසා රුධිර වහනය අධික වීමට හා ස්වාභාවිකව නතර නොවීමට ඉඩ තියෙනවා. අපි බලමු ඒකට හේතු මොනවාද කියල

ඔසප්වීමේදී අධික රුධිර වහනය ඇති වීමට හේතු

ඔසප්වීම සමග අධික ලෙස රුධිරය පිටවීමට හේතු හා ප්‍රතිකාර

  •  ඔසප්චක්‍රයේ හෝමෝන ක්‍රියාවලිය අසමතුලිත බව. සාමාන්‍යයෙන් මල්වර වීම අවසානයේ සහ ආර්ථවහරනයට පෙර කාලසීමාවේදී ඔසප්චක්‍රයේ හෝමෝන අසමතුලිත බවක් පවතිනවා.

ඒ නිසා අධික රුධිර වහනය මල්වර වූ දැරියන් හා ආර්ථවහරනයට ආසන්න කාන්තාවන් අතර සුලබව දකින්න පුළුවන් .

ඊට අමතරව පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් PCOS වැනි රෝග තත්වයන් නිසාත් මෙලෙස හෝමෝන අසමතුලිත බවක් ඇතිවෙන්න පුළුවන්

  • ගර්භාෂය තුල ෆයිබ්‍රොයිඩ් ගෙඩි පැවතීම .... ගර්භාෂයේ මාංශපේෂි බිත්තියේ ඇතිවන ෆයිබ්‍රොයිඩ් ගෙඩි අධික රුධිර වහනයට හේතුවක් වෙන්න පුළුවන්.

එම ගෙඩි පිහිටන ස්ථානය හා ඒවායේ විශාලත්වය අනුව රුධිර වහනය සිදුවන ප්‍රමාණය වෙනස් වෙනවා.

  • ගර්භාෂය ඉදිමීමට ලක්වන ඇඩිනොමයෝසිස් adenomyosis රෝග තත්ත්වය... මෙම රෝග තත්වය ඇතිනම් සාමාන්‍ය රුධිර වහනයක් සිදුවෙන්න පුළුවන්.
  •  ගර්භාෂයේ ඇතුලත බිත්තියේ ඇතිවන පොලිප්. Endomertial polyp ලෙස හදුන්වන මස්දළු නිසාද ඔසප්වීමේදී අසාමාන්‍ය රුධිර වහනයක් සිදුවෙන්න පුළුවන්.
  • ගර්භාෂය ආශ්‍රිත විෂබීජ ආසාදන තත්වයන් ඇතිකරන pelvic inflammatory disease නිසාද ඔසප්වීමේදී අධික රුධිර වහනයක් සිදුවෙන්න පුළුවන් .
  •  කලාතුරකින් ඉහත හේතූන්ට අමතරව රුධිර කැටිගැසීම අසාමාන්‍ය වන රෝග තත්වයන් , රුධිර කැටිගැසීම වලක්වන ඖෂධ ලබාගැනීම , උපත් පාලන ලූපය, හෝමෝන අඩංගු උපත් පාලන ක්‍රම වැනි හේතූන් නිසාවෙනුත් ඔසප්වීම සමග අධික ලෙස රුධිර වහනය වීම සිදුවීමට පුළුවන්.

ඔබට ඔසප්වීම සමග අධික රුධිර වහනයක් ඇතිබව හැගුනේනම් මුලින්ම එයට හේතු වන රෝග තත්වයන් ඇතිද යන්න සොයා බැලිය යුතුය.

මේ සදහා වෛද්‍යවරයකු සමග ඔබේ ගැටලුව සාකච්ඡා කර ඔබේ තත්වය හා රෝග ලක්ෂණ නොසගවා වෛද්‍යවරයා හට පවසා වැඩිදුර පරීක්ෂණයක් කිරීමට අවශ්‍යද යන්න තීරණය කලයුතුයි.

ගර්භාෂයේ ඇතිව බොහෝ රෝග තත්වයන් ස්කෑන් පරීක්ෂණයක් මගින් හදුනාගන්න පුළුවන්.

අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය මගින් ගර්භාෂයේ බිත්තියේ ඝණකම සහ එහි ඇතිවන ෆයිබ්‍රොයිඩ් වැනි ගෙඩි , ඇඩිනොමයෝසිස් තත්වය , ගර්භාෂයේ ඇතුලත බිත්තියේ ඝණකම වැඩිවීම හා එහි ඇතිවන මස්දළු හදුනාගන්න පලපුරුදු වෛද්‍යවරයකු හට පුළුවන්.

ඊට අමතරව ඔබට මේ ගැටලුව ඇතිනම් රුධිරගත හිමොග්ලොබීන් මට්ටම අඩුද යන්න පරීක්ෂා කිරීම වැදගත්.

රුධිරයේ හෝමෝන මට්ටම පරීක්ෂා කිරීම මගින් හෝමෝන අසමතුලිත බවක් ඇතිද යන්න හදුනාගන්න පුළුවන්.

ඉන්පසු වෛද්‍යවරයකු නිර්දේශ කරන ඖෂධ භාවිතය ප්‍රතිකාර ක්‍රම හා ක්‍රියාකාරකම් මගින් මේ තත්වය පාලනය කරන්න පුළුවන්.

අධික රුධිර වහනය නිසා සිරුරේ හිමොග්ලොබීන් අධික ලෙස මට්ටම අඩුවීමට ප්‍රතිකාර ලෙස රුධිර පාරවියලනය අවශ්‍ය වෙනවා.

එසේ නොමැතිනම් යකඩ හා විටමින් වර්ග ප්‍රතිකාර ලෙස භාවිතා කරන්න පුළුවන්.

සැ යු : ඔබේ රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරයකු ඔබට ලබා දෙන ප්‍රතිකාර ක්‍රමය අනුගමනය කලයුතුයි.

කිසිවිටෙක රෝගයක් සදහා ප්‍රතිකාර ගැනීමේදී ඔබට පහසු දේ නොව වෛද්‍යවරයකු නිර්දේශ කරන ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරන්න.

ඔසප්වීමේදී පිටවන රුධිර ප්‍රමාණය අඩු කරන්න වෛද්‍ය උපදෙස් මත mefenamic acid වැනි ඖෂධ භාවිතා කරන්න පුළුවන්.

ඔබේ ඔසප් චක්‍රයේ හෝමෝන ක්‍රියාකාරිත්වය අසාමාන්‍ය නම් එයට ප්‍රතිකාර ලෙස ඔබව පරීක්ෂා කරන වෛද්‍යවරයා ඔබට උපත් පාලන පෙති ( මිතුරි ) හෝ වෙනත් හෝමෝන ඖෂධයක් නියම කරන්න පුළුවන්.

එවැනි හෝමෝන ඖෂධ ලබාගන්නවිට වෛද්‍යවරයාගෙ උපදෙස් අනුව නියමිත වේලාවටම ඖෂධ ලබාගැනීම ඉතා වැදගත්.

හෝමෝන ඖෂධ නිසිපරිදි නොගැනීම නිසාත් ඔබේ රුධිර වහනය අසාමාන්‍ය වෙන්න පුළුවන්.

දිගින් දිගටම හෝමෝන ඖෂධ ලබාගැනීම අවශ්‍ය වුවහොත් දීර්ඝ කාලයක් ඖෂධ ලබාගැනීම වෙනුවට ගර්භාෂයේ තැන්පත් කරන හෝමෝන අඩංගු ලූපයක් ප්‍රතිකාර ලෙස භාවිතා කරන්න පුළුවන්.

ඖෂධ භාවිතය මගින් රුධිර වහනය පාලනය කරන්න නොහැකි අවස්තාවල ශල්‍යකර්මයක් මගින් ප්‍රතිකාර කරන අවස්තා තිබෙනවා. මොනවාද ඒ සදහා කරන සැත්කම් ????

මේ සදහා කරන සැත්කම්

ඔසප්වීම සමග අධික ලෙස රුධිරය පිටවීමට හේතු හා ප්‍රතිකාර

  • ගර්භාෂය ඇතුලත පරීක්ෂා කර බලන හිස්ටරොස්කොපි සැත්කම.

මෙහිදී යෝනිමාර්ගයෙන් ඇතුල් කරන ඉතා සියුම් කැමරාවක් මගින් ගර්භාෂයේ ඇතුලත කුහර නිරීක්ෂණය කරනවා.

ඒ අවස්තාවේදීම ගර්භාෂයේ ඇති මස්දළු හා ෆයිබ්‍රොයිඩ් නම් ගෙඩි ඉවත් කිරීමට මේ සමග පුළුවන් .

ඊට අමතරව ගර්භාෂයේ ඇතුලත බිත්තියේ පිලිකා තත්වයක් ඇතිද යන්න පරීක්ෂා කිරීමට ජෛව සාම්පලයක් මේ සමගම ලබාගන්න පුළුවන්.

  • ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කරන මයෝමෙක්ටොමි සැත්කම

සිරුරට අවම හානියක් වන ලෙස ලැපරොස්කොපි සැත්කමක් ලෙන කරන්න පුළුවන්.

  • ඇඩිනොමයෝමෙක්ටොම් සැත්කම

ගර්භාෂයේ ඇඩිනොමයෝසිස් තත්වය විසිරී නොමැති නම් ඇඩිනොමයෝමෙක්ටොම් සැත්කම මගින් ගර්භාෂය ඉවත් නොකර එම කොටස පමනක් ඉවත් කරන්න පුළුවන්. එම සැත්කමත් ලැපරොස්කොපි ක්‍රමයට කරන්න පුළුවන්.

  • ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම .

ඉහත සැත්කම් සියල්ල නුසුදුසු අවස්තාවකදී එම කාන්තාවන්ගේ රුධිර වහනය ස්තීරව නතර කරන්න මේ සැත්කම මගින් හැකියාව තියෙනවා.  ගර්භාෂය ඉවත්කිරීමේදී ඇතිවන වේදනාව හා අතුරු ආභාද අවම කිරීමට මෙම සැත්කම දැන් නවීන තාක්ෂණය මගින් ලැපරොස්කොපි ක්‍රමයට කරන්න හැකියාව තියෙනවා. (ගර්භාෂය ඉවත් කිරීම හා එයට පෙර කලයුතු දේ පිලිබඳව මීලග ලිපියකින් බලාපොරොත්තු වන්න . )

  •  ගර්භාෂයේ ඇතුලත බිත්තියට හානිකර , ඒ මගින් රුධිර වහනය අවම කරන endomertial ablation ක්‍රමය.

ඒ මගින් රුධිර වහනය තරමක් දුරට පාලනය කරන්න හැකියාව තියෙනවා.

ඔබට ඔසප්වීම සමග රුධිර වහනය අධිකව සිදුවේනම් ඒ නිසා නීරක්තිය වැනි අතුරු ආභාද ඇතිවනතෙක් බලා නොසිට ඉක්මනින් වෛද්‍යවරයකු හමුවී සුදුසු ලෙස පරීක්ෂා කර ලැබෙන උපදෙස් නිවැරැදිව අනුගමනය කරන්න.

වෛද්‍යවරයකු විසින් බලාදෙන උපදෙස් ඔබවිසින් නොසලකා හැරීමෙන් පහසුවෙන් පාලනය කරන්න පුළුවන්.

ඒ නිසා රෝගී තත්වයක් වුවත් ඔබේ සිහින බොද කිරීමට හේතුවීමට මෙන්ම ඔබ ඉතා අවදානම් තත්වට පත්වීමට ඉඩ ඇති නිසා ඉබේ යම් රෝගී තත්ත්වයක් පිලිබඳව වෛද්‍යවරයකු ලබාදෙන උපදෙස් නිවැරැදිව අනුගමනය කරන්න.

දිගින් දිගටම කරන ප්‍රතිකාර අසාර්ථක වන්නේනම් සැත්කමක් මගින් මේ තත්වය පාලනය කරන්න පුළුවන් .

මුල් සටහනට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි