දරුවන්ගේ පිට මත පැට වු පොත් බෑගය කරන මේ හානිය ගැන ඔබ දැනුවත්ද?

දරුවන්ගේ පිට මත පැට වු පොත් බෑගය කරන මේ හානිය ගැන ඔබ දැනුවත්ද?

ඔබේ දරුවාගේ බෑගයත් බරද? කියවන්න.

දරුවන්ගේ පාසැල් බෑග් ගැන දෙමාපියන්ට කරන  අනතුරු ඇඟවීමක් මේ ලෙසින් අප ඉදිපත් කරනවා.

සහීර් අලිගේ ඥාතී පුත්‍රයා කොඳු ඇට පෙළේ වේදනාව ගැන පැවසුවා.ඒ වගේම  ඔහු පාසැල් බෑගය රැගෙන යාමට පටන් ගත් දා සිටම පිටුපසට නැමී ඇවිදින්නට පටන් ගත්තා.

අපේ රටේ නොවුනත් ෆේස් බුක් හරහා ලොව පුරා ගිය සහීර් අලිගේ කතාව මුළු මහත් දෙමාපියන්ට ලබාදෙන්නේ අපූරු පාඩමක්.

මීට මාස 6 කට පෙර පළ කරන ලද ෆේස්බුක් සටහනකින් සාහීර් කියා සිටියේ තම ඥාතී පුත්‍රයා බර පොත් බෑගයක් එල්ලා ගෙන යෑම නිසා කොන්දේ ආබාධයකින් පීඩා වින්ද බවයි.

ඒ නිසා ඔහුව  විශාල ශල්‍යකර්මයකට භාජනය කරන්න සිදු වුනා. ඔහුගේ ප්‍රාථමික පාසලේ යන ඥාතී පුත්‍රයා පිටුපසට නැවී ඇවිදීමට පටන් ගත්තා.

ඒ වගේම  බර පාසල් බෑගය නිසා ඔහුගේ කොන්දේ ඇති වුන වේදනාව ගැන ඔහු පවසන්න වුනා.සහීර්ගේ ඥාතී පුත්‍රයාගේ කොඳු නාරටිය කෙතරම් දරුණු ලෙස නැවී ඇත්දැයි පෙන්වන පින්තූර ද මෙම පෝස්ට් එක සමඟ පළ වුනා.

මෙවැනි අත්දැකීම් ලද දෙමව්පියන් මෙම පෝස්ට් එකට සිය අදහස් දක්වා තිබුනා. වැඩිහිටියන් වු තමාට පවා දරුවාගේ බෑගය ඔසවා ගෙන යා නොහැකි තරම් බර බව තවත් සමහර දෙමාපියන් අදහස් දක්වා තිබුනා.

ඒ නිසා එදිනෙදා තම දරුවාට අවශ්‍ය පොත් පමණක් බෑගයට දමන්න. නිතර පන්තියේ කාලසටහන පරීක්ෂා කරන්න.

දිනෙන් දින වැඩිවෙන පාසැල් වැඩත් එක්ක දරුවන්ගේ පොත් බෑග් එකත් බර වැඩිවෙනවා. මේ බර පාසැල් බෑගය ඔසවගෙන යන නිසා දරුණු කොන්දේ ආබාධ පමණක් නොව ස්නායූ රෝග පවා ඇතිවෙන්න පුළුවන්.
දරුවන්ගේ පිට මත පැට වු පොත් බෑගය කරන මේ හානිය ගැන ඔබ දැනුවත්ද?

දරුවන්ගේ පිට මත පැට වු පොත් බෑගය කරන මේ හානිය ගැන ඔබ දැනුවත්ද?

පාසල් දරුවන්ගේ බෑග් එක ඔවුන්ගේ ශරීර බරෙන් 10% ට වඩා වැඩි නොවිය යුත්තේ ඇයි?

බෑග් එක බර වැඩියි නම් ගුරුත්වාකර්ෂණයට නිසා සිරුර ඉදිරියට නැඹුරු වී කොඳු ඇට පෙළේ පීඩනය වැඩි කරනවා. 

මේ නිසා  උරහිස්වල ඉහළ  මාංශ පේශි වලටද හානි වෙන්න පුළුවන්.

මෙහි කෙටිකාලීන බලපෑම් 

කොඳු ඇට පෙළේ පීඩනය වේදනාකාරී වුවත් පටක වලට සිදුවන හානිය එසේ නොවේ. ඒ නිසා නොදැනුවත්වම හානියක් වෙන්න පුළුවන්.

 දිගු කාලීන බලපෑම් 

ස්නායු පද්ධතියේ සෞඛ්‍යයට බලපෑම් වෙන්න පුළුවන්.  කොඳු ඇට පෙළේ අසමතුලිතතාවය නිසා මොළය හා ශරීරය අතර සන්නිවේදනයට බලපෑම් ඇතිවෙන්න පුළුවන්.

දරුවන්ගේ පාසැල් බෑග්: ‌මේ සඳහා විසඳුම් 

1

  • ගුණාත්මක බෑග්  භාවිතා කිරීම
  •  බෑග් එක සෑම විටම උරහිස් දෙකටම පැළඳීම
  • දරුවාට චලනය වීමේ වැදගත් කම කියා දෙන්න 
  •  දරුවාගේ කොන්ද ඇතුළු සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. 
  • දරුවාගේ පොත් බෑගය සකස් කිරීමේදී සහභාගී වෙන්න. කාල සටහනට අනුව පොත් දැමීම, පාසැලේ තබා ආ හැකි පොත් එසේ තබා එන්න උපදෙස් ලබා දීම, අනවශ්‍ය බර එකතු කරන දේවල් ඉවත් කිරීම කරන්න පුළුවන්.
  • බෑගයේ බර දරුවාගේ බරෙන් 10% ඉක්මවා යන්න දෙන්න එපා.
  •  බෑගයට අධික ලෙස බර පටවන්න එපා.

මුලාශ්‍ර  sg.theasianparent.com www.practo.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.