theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

උස සැමියයි, මිටි බිරිදයි, ප්‍රීතිමත් යුග දිවියයි විද්‍යාත්මක ඇසින් මෙන්න

5 අවම කියවීම
උස සැමියයි, මිටි බිරිදයි,  ප්‍රීතිමත් යුග දිවියයි  විද්‍යාත්මක ඇසින් මෙන්නඋස සැමියයි, මිටි බිරිදයි,  ප්‍රීතිමත් යුග දිවියයි  විද්‍යාත්මක ඇසින් මෙන්න

උස පිරිමින් හා යුග දිවියේ සතුට අතර සම්බන්ධතාවක් තියෙනවාද?

උස පිරිමින් සදහා කාන්තාවන් ටිකක් වැඩිපුර ආකර්ෂණය ‌වෙන බව අද ‌ලෝකයේ දකින්න පුළුවන්. ඇත්තටම එසේ ‌වෙන්නේ ඇයි?

මෙහි විද්‍යාත්මක පසුබිමක් තියෙනවාද?

නැතිනම් ‌මේ කියන කතා වල ඇත්ත නැත්ත ‌මොනවාද?

කාන්තාවන් ඇත්තටම උස පිරිමින්ට ආකර්ෂණය ‌වෙන ‌හේතුව කුමක්ද?

මේ ඒ පිළිබදව කල යම් යම් අධ්‍ය්‍යන වලින් ගත් ‌තොරතුරු අඩංගු ලිපියකි.

උස සැමියයි, මිටි බිරිදයි, ප්‍රීතිමත් යුග දිවියයි.

උස පිරිමින් හා මිටි ගැහැනුන් ගැන මේ කියන කතාව මොකද්ද? මෙය වැරදියට තේරූම් ගන්න එපා. 

එය ඔබේ සහකරු සමඟ ශක්තිමත්, ප්‍රීතිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට විශාල කාර්තව්‍යයක් වෙනවා.

යුගල අතර ඇති උස වෙනස, ඔවුන් එකට සිටීම කොතරම් සතුටුදායකද යන්න පෙන්වා දීම සදහ අධ්‍යයනයක් කළා.

එම අධ්‍යයෙන් අපූරු කරුණක් හෙලි වුනා.  විශේෂයෙන් මිටි කාන්තාවන් උස පිරිමින් සමඟ සතුටින් ඉන්නවාලු

මේ ඒ ගැනයි. උස පිරිමින් හා ප්‍රීතිමත් යුග දිවියක් අතර ඇත්තටම සම්බන්ධයක් තියෙනවාද?

කාන්තාවන් තමන්ට අවශ්‍ය දේ දනී

උස සැමියයි, මිටි බිරිදයි,  ප්‍රීතිමත් යුග දිවියයි  විද්‍යාත්මක ඇසින් මෙන්න

පරිපූර්ණ ආදරයක් හෝ උස අතර සම්බන්ධතාවය සෑම විටම සිදු වන්නක් නොවේ.

රසායන විද්‍යාවට ඒ තුල සොයා ගැනීමට විද්‍යාව, පරිණාමය සහ මනෝ විද්‍යාව යන පැතිකඩ වලින් බොහෝ දේවල් තියෙනවා. 

කාන්තාවන් බොහෝ විට පිරිමින්ට වඩා මිටියි. එය ජානමය බලපෑමකි.

සමහර විට, මෙය අනෙක් අතට සිදු වී , උස ගැන සැලකිලිමත් වන ප්‍රතිලෝම භූමිකාවන්හි ඔබ සිටින්නත් පුළුවන්.

මනාපය සලකා බැලු විට කාන්තාවන් උස පුරුෂයින්ට වැඩි කැමැත්තක් දක්වනවා. 

2018 වර්ෂයේ අගෝස්තු 17,Gigi Yau (@ggyau) විසින් බෙදාගන්නා ලද සටහනක්

පර්යේෂණයන් පෙන්වා දෙන්නේ එක්ව ගත කිරීමේදී කාන්තාවන් විසින් නිරතුරුවම උස පිරිමින් වඩාත්  ආකර්ශනීය ලෙස දකින බවයි.

උප පිරිමින්ගේ අන්තර්ජාල ගිණුම් සදහා මිටි පිරිමින්ට වඩා හොඳ ප්‍රතිචාර අන්තර්ජාලය හරහා ලැබෙනවා.

උස පිරිමින් කාන්තාවන් ආකර්ෂණය කර ගැනීම පමණක් නොව, එහි ප්‍රතිඵලයක් ලෙස  විවාහය ද සිදුවිය හැකිය.

උස පිරිමින් හා මිටි ගැහැණුන් හමුවන විට, සැබෑ ආදරය උපදියි

උස සැමියයි, මිටි බිරිදයි,  ප්‍රීතිමත් යුග දිවියයි  විද්‍යාත්මක ඇසින් මෙන්න

කාන්තාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව  උස පුරුෂයින් වෙත ආකර්ෂණය වෙනවා.

නමුත් මෙය සතුට හා ඉටුවීමට සම්බන්ධ වන්නේ කෙසේද?

උස පිරිමින්ට හා සමාජයේ ඉහළ සමාජ තත්ව හා ඉහළ ආර්ථික තත්වය සමග සම්බන්ධයක්  ඇති බව අධ්‍යයනය කර තියෙනවා.

ඔවුන් ඉහළ වැටුප් හා තනතුරු තනතුරු හොබවයි.

සංජානනය අනුව උස පිරිමින් වඩා විශ්වාසදායක හා හැකියාවන් ගෙන් පිරිපුන් අය ලෙස පෙනෙනවා.

සංඛ්‍යානමය වශයෙන්, උස පිරිමින් වැඩි වරප්‍රසාද ලැබීමට ඉඩ තියෙනවා.

මේ කාරණා අනුව න්‍යාය වන්නේ කාන්තාවන් උස පිරිමින් තෝරා ගැනීමෙන් ඔවුන්ට සුවපහසු ජීවිතයක් ගත කිරීමට වැඩි අවස්ථාවක් ලැබෙන බවයි.

ජීව විද්‍යාත්මකව ගත් කල, උස පුරුෂයින් කාන්තාවන්ට වඩා හොඳ ආරක්ෂකයින් ලෙස සැලකෙනවා.

එය ප්‍රාථමික යැයි සිතිය හැකි නමුත් ඇත්ත වශයෙන්ම එය එසේ වෙනවා.

ප්‍රග් ඓතිහාසික යුගයේදී මෙය අවශ්‍ය වූ බැවින් ශක්තිමත්, උස පිරිමින්ට වැඩි කැමැත්තක් කාන්තාවන්  දැක්වුවා.

කාලයාගේ ඇවෑමෙන් පිරිමින් වෙත සිය කාන්තා සහකාරියන් ආරක්ෂා කිරීම කාර්යභාරයක් පැවරුනා.

ඔබ වඩා ශක්තිමත් හා උස තරමට  තර්ජන වලින් බේරීමට සහ පවුලට සැපයීමට ඔබට වඩා හොඳ අවස්ථා තිබෙනවා.

එය සත්‍යයකි, අප මේ වන විට සිටින්නේ “ආරක්ෂාව” සඳහා අපට පුරුෂයින් අවශ්‍ය වූ කාලයට සියවස් ගණනක් එහායිනි. නමුත්, එය ඔබේ පරිණාමයයි.

උස පිරිමින්: උස සතුටට කරුණක්, නමුත් එය සැමදාටමද?

මුදල් සහ ආරක්ෂාව ඉතා වැදගත් නමුත් ඒවා සියල්ලම නොවේ.

දකුණු කොරියාවේ ආර්ථික විශේෂඥයෙකු හා පර්යේෂකයෙකු වන කිටේ සොන් ඉන්දුනීසියාවේ විශාල දත්ත කට්ටල පිළිබඳව කරන ලද අධ්‍යයනය පදනම් කරගෙන සිය සොයාගැනීම් බෙදාහදා ගත්තා

 “ඉන්දුනීසියාව සිත්ගන්නා කරුණක් ඉදිරිපත් කරන්නේ එය පසුගිය සියවස් දෙක තුල  ලොව පුරා උස කෙටිම කලාපයට අයත් වූ බැවිනි.

එහි ජනගහනය වර්තමානයේ ලෝකයේ කෙටිම ජනගහනයෙන් එකක් බවට පත්ව තිබෙනවා.

උස අය දුර්ලභ වු විට, කාන්තාවන්ට උසින් වැඩි අය සමග එය නැති අයට වඩා සතුටක් ලබනවා.“

මෙම අධ්‍යයනයට 25,000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වූ අතර නිතිපතා දත්ත යාවත්කාලීන කිරීම් සිදු වුනා.

උස පුරුෂයින් වැඩි ඉපැයීම් භුක්ති විඳින බව තහවුරු වී ඇති හෙයින්, කාන්තාවන්ගේ සතුට ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් හෝ හවුල්කරුවන් මූල්‍යමය වශයෙන් සැපපහසු වීම හා සම්බන්ධ විය හැකිද?

පිළිතුර ඔව් යන්නයි. නමුත් ප්‍රශ්නාවලියේ මූල්‍ය අංශ නිශ්චිත ධනාත්මක ප්‍රතිඵල ලබා දෙන අතරම, මිනිසෙකුගේ වැටුපකට, උස සහ විවාහ සතුට අතර සම්බන්ධයක් මුළුමනින්ම තීරණය කළ නොහැකි බව සොන් සොයා ගන්නා ලදී.

තවද, ඔහුගේ පර්යේෂණය ද සිත්ගන්නා කරුණක් නිරීක්ෂණය කළා. උස ආකර්ශනීය සාධකයක් වන නමුත් එය කිසිසේත් ස්ථිර සාධකයක් නොවේ.

විවාහයෙන් වසර 20 කට ආසන්න කාලයක් ගතවීමෙන් පසු “මිස්ටර් ටෝල්” චමත්කාරය නැති වී යනවාලු.

උස පිරිමින් හා ශ්‍රී ලාංකික අපේ කාන්තාවන්

උස සැමියයි, මිටි බිරිදයි,  ප්‍රීතිමත් යුග දිවියයි  විද්‍යාත්මක ඇසින් මෙන්න

විවාහය  කියන්නේ ටිකක් බැරෑරුම් කර්තව්‍යයක් නිසා උස වැනි ආකර්ෂණය කාලයත් සමග අඩු වෙන සාධක මතම පමණක් එය තිරණය කිරීම ඔබට අවාසිදායක වෙන්න පුළුවන්.

අපේ ශ්‍රී ලාංකික ලාබාල ‌‌යෞවනියන් නම්  උස, කඩවසම්, නපුරු,ධනවත් , බලවත් කුමාරයෙක් ඇවිත් කැන්දන් යනකම් යෞවනයේ මුල් කාලයේ බලාගෙන ඉන්නවා.

එහි වරදක් නැහැ. ඒ ඇයගේ සොදුරු යෞවනයේ හීන වෙන්න පුළුවන්.

නමුත් කාලයත් එක්ක පරිණතව විසිවෙන් දශකය ගත කරන විට ඇය යමක් තේරූම් ගන්නවා.

ඒ තමන්ගේ ජිවිතයේ සහකරුවා විය යුත්තේ තමන්ව තේරූම් ගත් තමාව පෝෂණය කල හැකි ආරක්ෂාව දිය හැකි අයෙක් විය යුතු බවයි.

ඒ වගේම ශ්‍රී ලංකික වැසියන් ‌බොහොමයක් සාමන්‍ය උස පරාසයකට උරුමකම් කියන නිසා උසම උස පිරිමින් ‌සොයා ගන්න අසීරූ ‌වෙන්න පුළුවන්.

උස පිරිමින් ලැබීම වාසනාවක් මෙන්ම එතරම් උස නැති හොද සහකරුවන්ද සිටින බව අමතක නොකරන්න.

ඉතින් ‌මේ ගැන ඔ‌බේ අදහස් ‌කොහොමද?  උස සැමියෙක් ඔබේත් හීනයද? ඔබේ අදහස් අපිටත් කියලා යන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • උස සැමියයි, මිටි බිරිදයි, ප්‍රීතිමත් යුග දිවියයි විද්‍යාත්මක ඇසින් මෙන්න
බෙදාගන්න :
  • ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

    ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

  • අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

    අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

  • ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

    ආදරෙයි නොකිව්වත් ඔබේ සැමියා ඔබට සැබැවින් ඔබ ආදරය කරන බවට සලකුණු දහයක්

  • අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

    අවුරුදු විස්සකට පස්සෙත් සැමියා ඔබට ආදරෙයිද? මෙන්න කියවන්න සලකුණු 21ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it