theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවාසනාවන්ත ලෙස හර්පීස් රෝගයට ගොදුරු වු තවත්  පුංචි ජිවිතයක්

5 අවම කියවීම
අවාසනාවන්ත ලෙස හර්පීස්  රෝගයට ගොදුරු වු තවත්  පුංචි ජිවිතයක්අවාසනාවන්ත ලෙස හර්පීස්  රෝගයට ගොදුරු වු තවත්  පුංචි ජිවිතයක්

අලුත් බබාව අමුත්තන්ට ස්පර්ශ කරන්න ‌දෙන්න එපා.

අලුත් බබා හිතුමතේ හැමෝටම අල්ලන්න මිරිකන්න දෙන අම්මලා තාත්තලාට මේ කථාව හොද පාඩමක් වේවි කියලා හිතනවා.

ඇත්තටම මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ මාස 6 ක් තරම් පුංචි වයස වු පුංචි පැටියෙක්.

මේ දරුවා හර්පීස්  (HERPES) නම් රෝගයට ගොදුරු වන්නේ හාදුවක් නිසා කියලා තමයි විශ්වාස කරන්නේ.

මේ ඇග කිළිපොලා යන කථාව තම දරුවන් සිප ගැනීම ගැන දෙමව්පියන්ට අනතුරු ඇගවීමක් කරනවා.

 ඒ පුංචි පැටියාගේ අම්මා ඡායාරූප සමග අනිත් දෙමව්පියන් සමග බෙදා ගන්නා කතාවයි ‌මේ.

මේ පැටියාගේ ‌දුක්බර කතාවත් එක්ක අලුත් බබාව අමුත්තන්ට ස්පර්ශ කිරීමට දීම හා සිප ගැනීමට දීම ගැන ‌දෙවරක් හිතන්න.

අලුත් බබා අමුත්තන්ට දෙන්න හොදද?

අවාසනාවන්ත ලෙස හර්පීස්  රෝගයට ගොදුරු වු තවත්  පුංචි ජිවිතයක්

මාස හයක් වයස වු මේ පැටියාගේ සිරුර පුරා ලප හා තුවාල ඇති වු නිසා දෙමව්පියන් දරුවා රෝහල වෙත ගෙන ගිය බව ද සන් පුවත්පත වාර්තා කරනවා.

මෙම  ලප ඇයගේ සිරුර පුරා, හිස සහ මුහුණ පුරා පැතිරී තිබූ අතර ඇගේ වම් ඇස තුල පවා දකින්නට තිබුනා.

මේ රෝගය නිසා ඇය අන්ධ වේ යැයි පවුලේ අය මෙන්ම වෛද්‍යවරු බිය වුනා.

ඕර්ලාට මෙම වෛරසය වැළඳී ඇත්තේ ඇගේ මව හොලී ක්ශෑන්ක්ස්  විසින් අලුත උපන් මෙම දරුවා අමුත්තන්ට නිරාවරණ කිරීමෙන් පසුවයි. 

“මෙම ලප දුටු විට මට බයක් දැනුණා. මම දැනගෙන හිටියා ඒ නිසා ඇය අන්ධ වෙන්න පුළුවන් කියලා. ඇයගේ ඇස් පෙනීම නැති වේ යැයි සිතීම හරිම වේදනාකාරියි ”

ඇයගේ මව කියා සිටියා.

ඕර්ලාට රෝහල් ගත කර නිරීක්‍ෂණය කරන ලද අතර පැය 24 කට පසු ඉදිමීම අඩු වුනා.

හොලීට සහ ඇගේ සහකරු බ්‍රැඩ්ලි එයාර්ලිගේ සහනය ලබා දෙමින් පසුව, කරන ලද පරීක්ෂණ වලින් පෙනී ගියේ දරුවාගේ ඇස් පෙනීම සදහා මෙය  බලපා නොමැති බවයි.

අවාසනාවන්ත ලෙස හර්පීස්  රෝගයට ගොදුරු වු තවත්  පුංචි ජිවිතයක්

 

අලුත් බබා සිප ගැනීම අනතුරුදායකයිද?

සිපගැනීම නිසා හර්පීස් වැළඳී ඇති පුංචි දරුවෙකුගේ මවකගේ ෆේස්බුක් සටහනකට අනුව ඕර්ලා ඉපදුණු පසු ඇය සිපගන්නා අමුත්තන්ට තහනමක් පැනවීමට මේ අම්මා පෙළඹිලා තියෙනවා.

මෙම පෝස්ට් එක නිසා ඇති වු බිය සියළුම අමුත්තන්ට දරුවා සිප ගැනීම තහනම් කිරීමට හේතු වු නමුත්  ඇය ඕර්ලා ඉපදුණු විට ඇයගේ නළලත සිප ගත්තා.

 “මම භය වුණා. කිසිවෙකුට දරුවා සිප ගන්න එපා යැයි මම පැවසු විට අනෙක් අය සිතුවේ මිමා ව්‍යාකූලව ඇති බවයි.

නමුත් මට කළ හැකි දේ එය ලෙස මම දුටුවා. මට කල හැකි වෙන කිසිවක් නොවු අතර ඇය ඉපදුණු විට මම ඇයගේ නළලත සිප ගත්තා.

නමුත් පසුව මම සියලු අමුත්තන්ට ඇයව සිප ගැනීම තහනම් කළා ”

ඇය පැවසුවා.

දරුවාට වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි හරියටම නොදන්නා අතර, ඇයගේ වෛද්‍යවරු පවසන පරිදි  වෛරසය ස්පර්ශ කිරීමෙන් ද මාරු විය හැකියිලු.

දැන් දරුවාට මාස 15 ක් වෙන අතර සම්පූර්ණ සුවය ලබා සිටියි. නමුත් මේ අම්මා තවමත් කිසිවෙකුට ඇයව සිප ගැනීමට ඉඩ නොදෙයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

“ඇයට මෙම රෝගය වැළදීම අවාසනාවකි. නමුත් ඇය එය කෙලෙස හෝ ජය ගැනීම වාසනාවකි, ”

ඇය පවසනවා.

  වෛද්‍ය කැරොල් කූපර් පවසන පරිදි, හර්පීස් වෛරසය ඉතා පහසුවෙන් බෝවනවා.

ඇස්තමේන්තු කර ඇති පරිදි මිනිසුන්ගෙන් සියයට 90 ක් රෝගයේ වාහකයන් යැයි සිතන අතර පළමු වරට රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයෙකු ගෙන් ඉක්මනින් බෝවේ.

කෙසේ වෙතත්, එයට ගොදුරු වන්නේ කුඩා ළමුන් ගෙන් සුළු පිරිසකි.

හර්පීස් තුවාල ඇති පුද්ගලයෙකු ළදරුවෙකු සිප ගන්නේ නම් හෝ මවකගේ පියයුරු මත හර්පීස් තුවාල ඇති විට වෛරසය පැතිර යන්න පුළුවන්.

 "මගේ දරුවන් කුඩා අවධියේදී ඔවුන්ව අන් අයට සිප ගැනීමට ඉඩ දීමට මම පසුබට වුණා. ඔබට ඕනෑම සක්‍රීයව ආසාදනයක් ඇත්නම් ළදරුවෙකු ස්පර්ශ නොකරන්න."

ඇය පවසනවා.

 හර්පීස් ඉතා ඉක්මනින් බෝවන වෛරසයක් වන අතර එය වේදනාකාරී බිබිලි ඇති කරයි.

එය පැතිරෙන්නේ සෘජු සමෙන් සමට ස්පර්ශ වීමෙන්, ලිංගිකව එක්වීමේදීයි. ඒ මෙන්ම පුංචි හාදුවකින් වුවත් එය බෝවෙන්න පුළුවන්.

අවාසනාවන්ත ලෙස හර්පීස්  රෝගයට ගොදුරු වු තවත්  පුංචි ජිවිතයක්

අලුත් බබා අමුත්තන්ට නිරාවරණය කිරීම භයානකයි

අලුත උපන් දරුවන් සිප ගැනීම විතරක් නොවෙයි ස්පර්ශ කිරීම පවා අවදානම් වෙන්න පුළුවන්.

අලුත උපන් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වී නැහැ.

ඒ නිසා ඔවුන් පහසුවෙන් ආසාදන වලට ගොදුරු වෙනවා.

මේ දවස් වල පැතිර යන සාමාන්‍ය දරුවන්ට පවා අභියෝගයක් වෙන  භයානක ආසාදන එක්ක ඔබේ අලුත් බබා අමුත්තන්ට නිරාවරණය කිරීම ගැන දෙවරක් හිතන්න.

ඒ වගේම තමයි දරුවෙක් ලැබුන ගමන් ඒ අලුත් දරුවාව බලන්න තෑග්ගකුත් අරගෙන දුවගෙන යන්න අපේ අය පුරුදු වෙලා තියෙනවා. හරියට නම මාර්ක් කරගන්න යනවා වගේ නේද ?

ඒ විතරක් නෙමෙයි බබා බලන්න එන හැමෝටම අපි බබාව දෝතින් ගෙනල්ලා දෙනවා.

ඇත්තටම එහෙම කරන්නේ සුහදශිලිත්වයට වුනත් ඔබ ඔබේ අලුත උපන් කිරි කැටියා අවදානමේ හෙලන බව මොහොතක් හිතුවාද?

ඒ වගේම තමයි පුද්ගලයෙකු දිහා එක එල්ලේ බැලුාහ රෝග ලක්ෂණ නොපෙනුන පමණින් ඔහු නිරෝගිබව කියන්න සාක්ෂි නැහැ.

සමහර රෝග තියෙනවා ඒවා වැළදුනත් නොපෙන්වන නමුත් රෝග වාහකයෙක් විදියට ක්‍රියාකරන්න පුළුවන්.

තවත් සමහර රෝග වල විෂබීජ ඇතුල් වී රෝග ලක්ෂණ පෙන්වන්න දින ගණනක් යනවා.

තවත් සමහර අයට රෝගය නැහැ නමුත් රෝග කාරක ඇදුම් වල අත් වල තවරගෙන එනවා.

අමුත්තෙකුට ඔබේ දරුවා දෝතට දීමේ අවදානම කොතරම්ද කියා දැන් ඔබට පැහැදිලියි නේද?

ඔබේ මෙවන් ක්‍රියා නිසා ඔබේ ආදරණිය පැටියා මෙවන් අනතුරක වැටුනොත් අම්මා කෙනෙක් විදියට එය ඔබට කොහොමවත් දරාගන්න නොහැකි වේවි.

 දරුවා හැකි පමණ අමුත්තන්ට ස්පර්ශ කිරීමට හෝ විශේෂයෙන් සිප ගැනීමට ඉඩ  නොදීම නුවණ ඇතිම ක්‍රියාවයි.

ඔබේ දරුවා සිප ගැනීමට අමුත්තන්ට හෝ පවුලේ සාමාජිකයන්ට ඔබ ඉඩ දෙනවාද?

 අමුත්තන් සහ පවුලේ සාමාජිකයන් ඔබේ ළදරුවන් සිප ගැනීම ගැන ඔබට හැඟෙන්නේ කෙසේද? මේ ගැන ඔබගේ අදහස් අපි හා බෙදා ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • අවාසනාවන්ත ලෙස හර්පීස් රෝගයට ගොදුරු වු තවත්  පුංචි ජිවිතයක්
බෙදාගන්න :
  • හාද්දක් නිසා හර්පීස් රෝගය සම්ප්‍රේෂණය වී මියගිය කිරිකැටියාගේ කඳුළු කතාව

    හාද්දක් නිසා හර්පීස් රෝගය සම්ප්‍රේෂණය වී මියගිය කිරිකැටියාගේ කඳුළු කතාව

  • Newborn dies after contracting herpes from a kiss

    Newborn dies after contracting herpes from a kiss

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • හාද්දක් නිසා හර්පීස් රෝගය සම්ප්‍රේෂණය වී මියගිය කිරිකැටියාගේ කඳුළු කතාව

    හාද්දක් නිසා හර්පීස් රෝගය සම්ප්‍රේෂණය වී මියගිය කිරිකැටියාගේ කඳුළු කතාව

  • Newborn dies after contracting herpes from a kiss

    Newborn dies after contracting herpes from a kiss

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it