theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අත් පා මුඛ රෝගය නොහොත් Hand, Foot and Mouth Disease (HFMD)

3 අවම කියවීම
අත් පා මුඛ රෝගය නොහොත් Hand, Foot and Mouth Disease (HFMD)අත් පා මුඛ රෝගය නොහොත් Hand, Foot and Mouth Disease (HFMD)

අද Dr. Dinu විශේෂාංගය ඔස්සේ ලංකාවේ කුඩා දරුවන්අ අතර සීග්‍රයෙන් පැතිරෙන අත් පාද සහ මුඛ රෝගය නොහොත් Hand, Foot and Mouth Disease (HFMD) ගැන ඔබට ඇති ගැටළු වලට පිළිතුරු සැපයෙන්නේ ඔබේ දැනුවත් වීම පිණිසයි.

දරුවන්ගේ සෞඛ්‍ය ගැටළු පිලිබඳ ප්‍රශ්ණ රැසක් අප වෙත නිතර යොමු වනවා. අපට බහුලව ලැබෙන ප්‍රශ්ණ විමසුම් මුල්කොටගෙන, දරුවන්ගේ සෞඛ්‍ය ගැන නිරතුරු උත්සුක වන අපගේ ආදරණීය රසික මාපියවරුන් වෙනුවෙන් මේ ලිපිය අත් පා මුඛ රෝගය නොහොත් Hand Foot and Mouth disease සම්බන්ධවයි. පළපුරුදු වෛද්‍යතුමියකගේ සහය ඇතිව මේ විශේෂාංගය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටින්.

ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන පැන වලට මෙසේ පිළිතුරු සපයමින් අපට දායක වන්නේ  වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මියයි.

Dr. Dinu ලෙස අප බොහෝ දෙනා හඳුනන ඇය සේවය කරන්නේ කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග නිවාරණ සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේය. ඇය හම්බන්තොට, මඩකලපුව සහ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ළමා රෝග වාට්ටු වල වෛද්‍යවරියක ලෙසද සේවය කර තිබෙනවා.

Dr. Dinuගේ විශේෂත්වය වන්නේ ඇය වෛද්‍යවරියක් මෙන්ම මවක්ද වීමයි.

ඉතින් එදිනෙදා ජිවිතයේ මවකට පැන නගින ගැටළු වලට ඇය මෙසේ පිළිතුරු සපයන්නේ ඉමහත් සතුටින්.

ඇය අද අපව දැනුවත් කරන්නේ ලංකාවේ මේ දිනවල පොඩි දරුවන් අතර පැතිර යන අත් පා මුඛ රෝගය. නොහොත් Hand Foot and Mouth Disease (HFMD) සම්බන්ධයෙන්.

අත් පා මුඛ රෝගය නොහොත් Hand, Foot and Mouth Disease (HFMD)

අත් පා මුඛ රෝගය (Hand Foot and Mouth disease – HFMD)

මොකද්ද මේ අත් පා මුඛ රෝගය/Hand Foot and Mouth (HFMD) කියන්නේ?

අත් පාද හා මුඛ රෝගය කියන්නේ එන්ටෙරෝවයිරස් නමින් හඳුන්වන වයිරස් කාණ්ඩයක් මගින් ඇතිවන වයිරස් ආසාදනයක්.

මෙය සාමාන්යයෙන් වැළඳෙන්නේ කුමන වයස් වල අයටද?

මෙම රෝගය බහුලවම වැළඳෙන්නේ අවුරුදු 5ට අඩු දරුවන්ටයි. වැඩිහිටියන්ට මෙම රෝගය වැළඳුනත් බොහෝවිට රෝග ලක්ෂණ පෙන්නුම්කරන්නේ නැහැ.

නමුත් රෝගී ලක්ෂණ නොමැති රෝගය ශරීරගත වූ වැඩිහිටියෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්.

අත් පාද හා මුඛ රෝගය

Hand foot and mouth

HFMD පැතිරෙන්නේ කෙසේද?

රෝගී අයෙකුගේ කෙල හෝ සෙම වලින් බිබිලි පිපිරී නිකුත් වන ශ්‍රාවයෙන් රෝගය පැතිරෙන්නට පුළුවන්.

තවද මලපහ වලින් රෝගය ඇතිකරන වයිරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්.

ඒ කියන්නේ රෝගී දරුවෙකු සමග ගැවසීම, රෝගී දරුවෙකුගේ කැස්සට හෝ කිඹුහුමකට නිරාවරණය වීම හෝ රෝගී දරුවෙකුගේ සෙල්ලම් බඩු මගින් තවත් දරුවෙකුට මෙම රෝගය බෝවෙන්න පුළුවන්.

මෙම රෝගය බලපාන්නේ ශරීරයේ කුමන කොටස් වලටද?

රෝගයේ මුලික හඳුනාගැනීමේ ලක්ෂණයක් වන “වතුර බිබිලි” හෝ රතු පැහැති පලු/කුෂ්ඨ වැඩිපුරම හටගන්නේ  අත්, අත්ල,වැලමිට, පාද, පතුල්, මුඛය, උගුර, තට්ටම් ප්‍රදේශය සහ පිට යන ප්‍රදෙශයන් වලයි. සමහර දරුවන්ට ඉහත කී ප්‍රදේශ වලට අමතරව ශරීරය පූරා මෙම පලු හටගන්නත් පුළුවන්.

අත් පා මුඛ රෝගය

අත් පා මුඛ රෝගය

මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

උණ, උගුරේ අමාරුව, කෑම අරුචිය සහ දරුවාගේ මලානික බව තමයි මුලින්ම ඇතිවන්නේ. මේ රෝග ලක්ෂණ ඇතිවී දින දෙකකින් පමණ පසුඉහත කී  ප්‍රදේශවල රතු පැහැති කුෂ්ඨයක් හෝ වතුර බිබිලි හටගන්න පුළුවන්.

රෝගයේ පීඩාකාරී බව ඇතිවන්නේ මුඛයේ ඇතිවන වේදනාකාරිබිබිලි/තුවාල නිසයි.

දින කිහිපයකින් පසු මෙම බිබිලි පිපිරී ඝන පොත්තක් ඇතිවනවා. ඉන්පසු රෝගයේ අවසානයේදී මෙම බිබිලි ඇතිවුණු තැන් වලසම වියලී ගලවීයාමටත් ඉඩ තිබෙනවා.

HFMD වැළඳුනු දරුවකුට සාත්තු කරන්නේ කෙසේද?

රෝග ලක්ෂණ පහල වූ විට දරුවාව වෛද්‍යවරයෙකුට පෙන්වා රෝග විනිශ්චය කරගැනීම තමයි මුලින්ම කල යුත්තේ. කුෂ්ට සහ වතුර බිබිලි වෙනත් රෝගයන්හීත් ඇතිවන නිසා නිවැරදි රෝග විනිශ්චය ඉතාම වැදගත්.

වෛද්‍යවරයෙකු රෝගය මෙයම බව තහවුරු කර ඊට අදාල බෙහෙත්වර්ග නියම   කරනු ඇත.

ඔබ කල යුත්තේ එම බෙහෙත් නිසි වෙලාවට දීමත් දරුවා පිරිසිදුව තබා ගැනීමත්ය.  උණ සුවවුණු පසු (බිබිලි තවමත් තිබුනත්) දරුවාව ජලයෙන් පිරිසිදු කරාට හානියක් නැහැ.

අත් පා මුඛ රෝගය ඇති විට කෑමට නුසුදුසු දේවල් තිබේද?

විශේෂයෙන් සඳන් කල යුත්තේ මුඛයේ ඇති බිබිලි නිසා දරුවන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවයි.

මෙම තුවාල ඉතාමත් වේදනාකාරී බැවින් රළු, ඉතා උණුසුම්, ඇඹුල්, සැර, ලුණු අධික අහාර මගින් වේදනාව වැඩිවන්න පුළුවන්.

ඒ නිසා සියුම් සහ මද සිසිල් අහාරපාන දරුවටලබාදෙන්න. දරුවා විජලනයට පත් නොවීමට හොඳින් ජලය සහ කැඳ වර්ග ලබාදෙන්න. මාස 6ට අඩු ළදරුවෙක් නම් මව්කිරි පමණක් ප්‍රමාණවත්.

මෙම රෝගය සුව වීමට කොපමන කල් ගත වෙනවාද?

සාමන්‍යයෙන් රෝගය දින 7-10ක් ඇතුලතදී සුව වෙනවා.

HFMD රෝගයෙන්වැළකියහැකිද?

රෝගයසැදුනු දරුවන්ව  පාසල්, පෙරපාසල් නොයවා රෝගය සුව වෙනතුරු සිටීමෙන් අනිත් දරුවන්ට රෝගය වැළඳීමෙන් ආරක්ෂාකල හැක.

සැමවිටම ගමන් බිමන් වලින් පසුව, දරුවාගේ මලපහ පිරිසිදු කිරීමෙන් පසුව අත්  සේදීම ඉතා වැදගත්.

නිවසේඑක රෝගී දරුවෙකුගේ සෙල්ලම් බඩු අනිත් දරුවන්ට නොදීම මගින් අනිත් දරුවට රෝගය සම්ප්‍රේෂණය වීම් හැකියාව අඩු කල හැක.

HFMD රෝගයට එන්නතක් තිබේද?

නැහැ. මෙම රෝගය සඳහා එන්නතක් නිෂ්පාදනය කරලා නැහැ.

මෙම රෝගය නැවත නැවත සැදෙන්න පුළුවන්ද?

මෙම රෝගයට හේතුකාරක වන වයිරස් කාණ්ඩයක් සිටිනවා. එක වරකට රෝගී වන්න හේතු කාරක වුනු ප්‍රභේධයට ප්‍රතිශක්තිය ඇති වුවත් නැවත එම කාණ්ඩයේම වෙනත් ප්‍රභේදයක් මගින් මෙම රෝගයම නැවත ඇතිවිය හැක.

අත් පා මුඛ රෝගය නොහොත් Hand, Foot and Mouth Disease (HFMD)

අත් පාද හා මුඛ රෝගය/Hand Foot and Mouth (HFMD)  සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසකින් අප දැනුවත් කල වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මිය (Dr. Dinu)  වෙත නැවතත් අපගේ කෘතජ්යපුර්වක ස්තුතිය පළ කරන්නේ ඉමහත් සතුටින්. 

 

Dr. Dinu ඇතුළු තවත් සුහද මවුවරුන් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යන Sri Lankan Moms Facebook සමුහය ලාංකීය මවුවරුන් උදෙසා සැකසු සොඳුරු සමූහයකි. මෙතුළින් මවකට වැදගත් වන බොහෝ දෑ ගැන ඔබට දැනුවත් විය හැකි අතර ඔබ මුහුණ පාන ගැටළු ඇත්නම් ඒවා Dr. Dinu වෙත යොමු කිරීමේ අවස්ථාවද ඔබට ලැබෙනවා.

යලිත් මෙවැනිම වැදගත් පිළිතුරු පැන් සංග්‍රහයකින් වෛද්‍යතුමියගේ දැනුම ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • අත් පා මුඛ රෝගය නොහොත් Hand, Foot and Mouth Disease (HFMD)
බෙදාගන්න :
  • What all parents need to know about Hand Foot Mouth Disease

    What all parents need to know about Hand Foot Mouth Disease

  • දරුවන්ට යටිපතුල් නිල තෙරපුම මගින් ලැබෙන ප්‍රයෝජන

    දරුවන්ට යටිපතුල් නිල තෙරපුම මගින් ලැබෙන ප්‍රයෝජන

  • What all parents need to know about Hand Foot Mouth Disease

    What all parents need to know about Hand Foot Mouth Disease

  • දරුවන්ට යටිපතුල් නිල තෙරපුම මගින් ලැබෙන ප්‍රයෝජන

    දරුවන්ට යටිපතුල් නිල තෙරපුම මගින් ලැබෙන ප්‍රයෝජන

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it