නොහිතන ලෙස මතුවිය හැකි අමුතු කොරෝනා ලක්ෂණ 

නොහිතන ලෙස මතුවිය හැකි අමුතු කොරෝනා ලක්ෂණ 

කොරෝනා වල ‌මේ අමුතු ‌රෝග ලක්ෂණ ඔබටත් ඇත්නම් සැලකිලිමත් ‌වෙන්න.

සාමාන්‍ය කොරෝනා ලක්ෂණ ගැන අපි දැන් හොදින්ම දැනුවත්. ඒ කොතරම්ද කියනවා නම් දැන් අපි කිවිසුමකටත් බයයි.

ඒ වගේම කොරෝනා වයිරසයේ වර්තමාන තත්වයන්  පිළිබඳව අධ්‍යයන කිහිපයක් සිදු කර තියෙනවා.

ඒ අතර COVID-19 සාපේක්ෂව නව රෝගයක් වන අතර ආසාදනය සිදු වෙන රටාවන් පිළිබඳව ඇත්තේ සිමීත තොරතුරු ප්‍රමාණයකි.

මෙම ගෝලීය වසංගතය ලොව පුරා විශාල අවධානයක් යොමු වී ඇත්තේ එය පැතිරයාම වළක්වන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු අදහසක් නොමැති නිසයි.

ඇත්තටම බියවීමට කාරණයකි.

නොහිතන ලෙස මතුවිය හැකි අමුතු කොරෝනා ලක්ෂණ 

කෙසේ වෙතත්, අප සැවොම සන්සුන්ව ආසාදනය වැළඳීමේ අවදානම අවම කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් හා ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.

මීට අමතරව, දෙමව්පියන් වශයෙන්, සමහර රෝගීන් තුළ බහුලව දක්නට ලැබෙන මෘදු හා සැඟවුණු කොරොනා ‌වෛරස් රෝග ලක්ෂණ ඇතුළුව COVID-19 හි වර්තමාන සොයාගැනීම් පිළිබඳව අප තොරතුරු දැනගත යුතුය.

සැඟවුණු කොරෝනා ලක්ෂණ

සුවඳ හෝ රසය පිළිබඳ හැඟීම නැති වීම

නොහිතන ලෙස මතුවිය හැකි අමුතු කොරෝනා ලක්ෂණ 

එක්සත් රාජධානියේ උපදේශක කන, නාසය, සහ උගුර රෝග අධ්‍යයනය සහ හිස සහ බෙල්ලේ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය නිර්මාල් කුමාර් ‌මෙසේ  පවසනවා.

"සමහර ලාබාල  රෝගීන් අනිවාර්යයෙන්ම COVID-19 හා සම්බන්ධ කිසිදු ප්‍රධාන රෝග ලක්ෂණයක් නොපෙන්වන්නට පුළුවන්."

යමෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති නම් ගඳ සුවඳ නොදැනීම,සහ රසය නොදැනීම පවා ඇතිවෙන්න ඉඩ තියෙනවා.

බොහෝ වෛද්‍යවරු මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර තියෙනවා.

මෙම සැඟවුණු කොරෝනා රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ට ස්වයං නිරෝධායනය සඳහා උපදෙස් ලබා දෙනවා.

ඒ අතර රෝගය තවදුරටත් පැතිරීම වළක්වා ගැනීම සඳහා වහාම වෛද්‍ය උපකාර ලබා ගන්නා ලෙස ඔවුන් දන්වා සිටිනවා.

සැඟවුණු කොරෝනා ලක්ෂණ - දෙමාපියන් දැනුවත් විය කාරණා

නොහිතන ලෙස මතුවිය හැකි අමුතු කොරෝනා ලක්ෂණ 

රසය දැනීම අඩු වීම  සහ ආහාරවල සුවඳ සහ ඔබේ වටපිටාව ඇති ගන්ධයන් නොදැනී යාම යන දෙකම සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි රෝග ලක්ෂණ වෙනවා.

මෙය බොහෝ මිනිසුන් සඳහා තාවකාලික තත්වයක් වුවද, එය වර්තමාන තත්වය තුළ වඩාත් බැරෑරුම් දෙයක ලකුණක් වෙන්නත් පුළුවන්.

කෙසේ වෙතත්,  ඔබට ඇත්තේ සැඟවුණු කොරෝනා වයිරස් රෝග ලක්ෂණයක්ද?

වෛද්‍ය උපදෙස් විමසීමට පෙර ඔබ කොපමණ කාලයක් බලා සිටිය යුතුද? මෙන්න ඒ පිළිබද මගපෙන්වීමක්.

1. ඔබට සුවඳ හෝ රසය තාවකාලික නොදැනෙන සෙම්ප්‍රතිශ්‍යාවක් ඇති නම් සහ උණ වැනි COVID-19 ප්‍රධාන  රෝග ලක්ෂණ නොමැතිද?

එසේනම් ඔබ යථා තත්ත්වයට පත්වන තෙක් දිනක් හෝ දෙකක් බලා සිටින්න පුළුවන්.

කෙසේ වෙතත්, මෙම කාලය තුළ ඔබ සහ අනෙක් අය ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා ස්වයං නිරෝධායනය සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න.

දින කිහිපයකට පසුව පවා ගැටලුව පවතින්නේ නම්, වහාම වෛද්‍යවරයා හමුවන්න.

නමුත් හමුවීමට  කලින් එය කල යුතු ආකාරය පිළිබද උපදෙස් ගන්න දුරකථනයෙන් අමතන්න.

2.අනෙක් අතට, මෙම සංවේදක දෙක නැතිවීම සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ රෝග ලක්ෂණ සමඟ නොපැමිණේද?

එසේනම් ඔබ COVID-19 සඳහා පරීක්‍ෂා කර ගැනීම සඳහා ඔබේ තත්වය දුටු විගස ඔබේ වෛද්‍යවරයාට දැනුම් දිය යුතුය.

ගඳ හෝ රසය පිළිබඳ හැඟීම හදිසියේම නැතිවීම සාමාන්‍ය දෙයක් නොවන අතර එය සොයා බැලිය යුතුය.

තවද, ඔබේ වෛද්‍යවරයා ඔබ රෝහලට යා යුතු යැයි හෝ් නැතයි තීරණය කලත් , සුවඳ හා රසය පිළිබඳ සංවේදීතාවන්ගෙන් පෙළෙන පුද්ගලයින්ට අවම වශයෙන් දින හතක්වත් ස්වයං නිරෝධායනය විය යුතු බව ලොව පුරා වෛද්‍යවරු මිනිසුන්ට උපදෙස් දෙනවා.

එසේ කිරීමෙන් තව දුරටත් සම්ප්‍රේෂණය වීම වළක්වා ගත හැකි අතර නිසි වේලාවට නිසි ප්‍රතිකාර ලබා ගත හැකිය.

COVID-19 හි දැනට නොදන්නා වෙනත් රෝග ලක්ෂණ නොමැති අවස්ථාවලදී එනම් උණ සහ කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි ශ්වසන රෝග හදුනාගත හැකි අවස්ථාවන් තියෙනවා.

එහිදි ගඳ සුවඳ හා රසය පිළිබඳ හැඟීමක් නැතිවීම කොරෝනා වයිරසයේ සැඟවුණු රෝග ලක්ෂණයක් විය හැකි බැවින්ද ඒ ගැනද සැලකිලිමත් විය යුතු ‌වෙනවා

රෝගීන් සුවඳ, රසය හා ආහාර රුචිය නැති වී ඇති බව වාර්තා කරයි

කොරෝනා  වෛරසය සඳහා වැළදි ඇති බවට තහවුරු වුන රෝගීන්  ඔවුන්ගේ ෂැම්පූ සුවඳ නොදැනෙන බවට වාර්තා කළා.

ඒ වගේම රෝගයට ගොදුරු වු පළපුරුදු සූපවේදීන්ට සමහර ආහාරවල සුවඳ හඳුනා ගැනීම දුෂ්කර වුනා.

රෝගය වැළදි  මවකට ඇගේ කුඩා දරුවාගේ ඩයපර් සුවඳ නොදැනී ගියා.

මෙවැනි නව කාරණා රාශියක් අනාවරණය වුනා.

හුස්ම ගැනීමේ අපහසුතාව සහ උණ වැනි වඩාත් සුලභව දන්නා COVID-19 රෝග ලක්ෂණ මතු වීමට පෙර, තමන්ගේ රසය පිළිබඳ හැඟීම නැතිවීමත් සමඟ ආහාර රුචිය අඩු වන බවට පැමිණිලි කළ රෝගීන් ද වෛද්‍යවරුන් හමු වී තියෙනවා.

වැඩිදුර වාර්තා වලට අනුව, දකුණු කොරියාවේ කොරෝනා වයිරස් ආසාදිත රෝගීන් 2,000 න් 30% ක් පමණ සුවඳ හා රසය පිළිබඳ සංවේදීතාවන්හි දුර්වලතා පෙන්නුම් කළා.

බාස්කට්බෝල් ක්‍රීඩක රූඩි ගොබට්ට් ගේ සිදුවීම ඇතුළු සෑම අවස්ථාවකම රෝගීන් සුවඳ හා රසය දැනීමට ඇති නොහැකියාව පෙන්නුම් කළ අතර වෙනත් රෝග ලක්ෂණ පෙන්නුවේ නැහැ.

නාසය සිරවීම පවා තිබුනේ නැහැ.

මෙම රෝග ලක්ෂණ ඇතිවන්නේ ඇයිද යන්න තවමත් පැහැදිලි නැහැ.

සමහර වෛරස් මොළයේ ඇති ප්‍රත්‍යක්‍ෂ සංවේදක ස්නායු වලට ආසාදනය වන අතර තවත් සමහරක් නාසය තුළ ඇති සෛල ප්‍රතිග්‍රාහක විනාශ කරනු ලබනවා.

වෛරස් වලට මොළයට ආසාදනය වීමේ හැකියාව මගින්  COVID-19 මගින් ශ්වසනය බිද දැමීමට හේතුව පැහැදිලි කළ හැකි බව වෛද්‍යවරු පවසනවා.

මෙම ලක්ෂණ පෙන්වන රෝගීන්ගෙන් හොඳ ප්‍රතිශතයක් ඇති අතර සුවඳ සහ රසය නැති වීම COVID-19 හි ඉතා අමුතු රෝග ලක්‍ෂණයක් බවට සැකයක් නැහැ.

නමුත්  මීට පෙර වාර්තා වී ඇති වෙනත් සාමාන්‍ය රෝග ලක්ෂණ හා මේවා පැවතියාද නැද්ද යන්න අපි සොයා බැලිය යුතුයි. තවද සැඟවුණු කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් ‌වෙන්න.

ඔබත් ඔබේ ‌සෞඛ්‍ය ගැන නිරන්තර අවධානයෙන් සිටින්න. ‌

කොවිඩ් 19 ‌රෝග ලක්ෂණ ‌හෝ එහි ‌මෙවන් අමුතු ‌ෙරෝග ලක්ෂණ ඔබත් අත්විදිනවා නම් ස්වයං නිරෝධායනය වන්න. ‌ ‌

වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව දැනෙනවා නම් ‌කොවිඩ් 19 සදහා ප්‍රතිකාර කරන ‌‌රෝහලක් ‌වෙත යන්න.

කොවිඩ් 19 හදිසි ඇමතුම් සේවා අංක - 0710107107 සහ 0113071073

ලෝකය තුල කොරෝනා ව්‍යාප්ති‌යේ වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

මුල් රචනය:Shabnam Muzammil

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි