theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මහල් නිවාස වල ඇති බැල්කනිය දරුවාට අනාරක්‍ෂිත විය හැකි විධි 8 ක්

3 අවම කියවීම
මහල් නිවාස වල ඇති බැල්කනිය දරුවාට අනාරක්‍ෂිත විය හැකි විධි 8 ක්මහල් නිවාස වල ඇති බැල්කනිය දරුවාට අනාරක්‍ෂිත විය හැකි විධි 8 ක්

ඔබත් මහල් නිවසක ජීවත් වෙන දෙමාපියන් නම් හෝ ඔබ එහි යන එනවා නම් මේ කරුණු ගැන සිතන්න.

ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ මහල් නිවාස වල බැල්කනියෙන් වැටී සිදුවූ ළදරු මරණ අනතුරු වාර්තා වුණා. එය පිළිබඳ නිරන්තර අවධානය වගේම දෙමාපියන්ගේ සැලකිල්ලත් හරිම වැදගත්.

බොහෝ විට අප නොසිතන දෛවෝපගත අනතුරු වලට මුල අපේ නොසැලකිල්ල නිසා වන්නට පුළුවන්. නාගරීකරණය හා වාණිජීකරණය මත අපට වැඩිවන මහල් නිවාස වල ප්‍රවණතාවයට වැටකඩොලු බඳින්න බැහැ. නමුත් අපේ ආරක්ෂාව හා දරුවන්ගේ ආරක්ෂාව ගැන සිතීම අපේ ජීවිත පහසු කරන බව මතක තබා ගැනීම වැදගත්.

ඔබත් මහල් නිවසක ජීවත් වෙන දෙමාපියන් නම් හෝ ඔබ එහි යන එනවා නම් මේ ගැනත් සිතන්න.

1. රෙදි වැල්, පොලු, ඉනිමගවල් බැල්කනියේ තබන්න එපා

සමහර විට පහසුව සඳහා දෙමාපියන් බැල්කනියේ යම් යම් දේවල් තැබීමට පෙළඹෙනවා. විශේෂයෙන් ඉනිමග වැනි දෙයක් වැඩක් අවසන් වූ පසු යම් ආරක්‍ෂිත තැනක තැබීම වැදගත්. බැල්කනියක එය තැබීමෙන් දරුවන් සෙල්ලමට වුනත් ඊට නගින්න ඇති අවස්ථාවන් වැඩියි. අනෙක් අතට රෙදි වැල් පොලු වැනි දේවල් නිසාද දරුවන් විවිධ සෙල්ලම් හා ක්‍රියාකාරකම් වලට පෙළඹෙන්න පුළුවන්. වැලේ එල්ලීමත් පොලු බිමට දැමීමට යාම වැනි අලුත් අත්හදා බැලීම් කරන්නට යාමෙන් විශාල අනතුරු වෙන්නට ඇති ඉඩකඩ බොහෝමයි.  

2. අලංකාරයට තබන පුටු බංකු

කුඩා දරුවන් නිවසේ ඇත්නම් ඔවුන් තරමක් වැඩිමහල් වන තුරු බැල්කනියේ පුටු, බංකු වැනි දේවල් තැබීමෙන් වළකින්න. මන්ද ඔවුන් උඩුමහලේ සිට පහත බැලීමට මේවා බැල්කනියේ වැට ළඟට ගෙන යාමට ඉඩ තිබෙනවා. ඉන් දරුවන්ගේ සමබරතාවය නැතිවී වැටෙන්න පුළුවන්.

3. නිතර ජනෙල් හා දොරවල් විවෘතව තබන්න එපා

දරුවන් ගැවසෙන විට බැල්කනිය දෙසට ඇති ජනෙල් හා දොරවල් නිතර ඔවුන්ට බැල්කනියට පිවිසීමට නොහැකි වන සේ වසා තබන්න.

4. දරුවන්ට පේන්න බැල්කනිය මත නගින්න එපා

සමහර විට විවිධ දේවල් වලට ගෙදර වැඩිහිටියන් යමක ආධාරයෙන් බැල්කනියට නගින්න පුළුවන්. නමුත් මෙවැනි දේ දරුවන් ඉදිරියේ කිරීමෙන් ඔවුන්ද ඒවා අනුගමනය කරන්න පුළුවන්. ඉන් ඉතා භයානක තත්වයක් උදා වෙන්න පුළුවන්. විශේෂයෙන් වැඩිහිටියන් නැති අවස්ථාවක ඔවුන් ඊට පෙළඹෙන්න පුළුවන්.

5. කෙටි තාප්පයට ආරක්‍ෂිත පියවරක්

ඔබේ මහල් නිවාසය ඉදිරිපිට ඇත්තේ හුඟක් කෙටි තාප්පයක්ද? එසේ නම් ඊට ආරක්ෂාව යොදන්න පියවරක් ගන්න. ඊට වාතාශ්‍රය ලැබෙන ලෙස සිදුරු සහිත දැලක් යොදා කවුරුන් හෝ ඉන් වැටීමට ඇති අවධානම වළකා ගන්න.

6. තට්ටු නිවාස වල සාද ආදිය පැවැත්වෙන විට දරුවන් ගැන අවධානය දෙන්න

නිතර අමුත්තන් වැඩිපුර ගැවසෙන අවස්ථාවක හැකිනම් බැල්කනිය පෙදෙස අවහිර වනසේ වෙනත් බාධකයක් ඔබට යොදන්න පුළුවන්. නැතිනම් කලබලකාරී ස්වභාවය මත දරුවන් අනතුරු වලට ලක්වීමේ අවධානම වැඩි වෙන්න පුළුවන්.

7. බැල්කනිය පිරිසිදු කරන අයගේ ආරක්ෂාව ගැන සිතන්න

නිතර බැල්කනිය පිරිසිදු කරන විට එය සිදු කරන අයට ආරක්ෂාව ගැන මතක් කරන්න. ආරක්‍ෂිත හිස් වැසුම් පැළඳීම හා ලිස්සන සුළු දේවල් භාවිතයේදී ප්‍රවේශම් වීම වැදගත්. 

8. පහත මාල වල සිට පණිවිඩ හුවමාරු කරන්න එපා

විශේෂයෙන් පොඩි දරුවන්ට පේන්න උඩ මහලේ සිට පහත මාලයට කතා කිරීම, අතවැනීම වැනි දේවල් දරුවන්ද බලාසිටින්න පුළුවන්. මේවා ඔවුන් අනුකරණය කිරීමෙන් ඉතා භයානක අනතුරු සිදුවිය හැකියි.

ලොව පුරා රටවල අනාරක්ෂිත ලෙස බැල්කනි වල හැසිරීම හා අනාරක්ෂිත කෙටි වැට වල් නිසා ජීවිත හානි ඕනෑතරම් සිදුවී තිබෙනවා. අනතුරු අපට කිසිදා කියා නොඑන නිසා එයින් ආරක්ෂා වීම ජීවිතයේ සතුට සැනසුමට හේතුවන නිසා ඔබේ හොඳම මිතුරිය  theAsianparent Sri Lanka මේ තොරතුරු ගෙන ආවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • මහල් නිවාස වල ඇති බැල්කනිය දරුවාට අනාරක්‍ෂිත විය හැකි විධි 8 ක්
බෙදාගන්න :
  • බැබලෙන සමකට රෝස වතුර යොදාගත හැකි අවස්ථා 3 ක්.

    බැබලෙන සමකට රෝස වතුර යොදාගත හැකි අවස්ථා 3 ක්.

  • මේ ලක්ෂණ 7 පෙන්වයි නම් ඔබට ඉන්නේ සුපිරි බුද්ධිමත් දරුවෙක්

    මේ ලක්ෂණ 7 පෙන්වයි නම් ඔබට ඉන්නේ සුපිරි බුද්ධිමත් දරුවෙක්

  • බැබලෙන සමකට රෝස වතුර යොදාගත හැකි අවස්ථා 3 ක්.

    බැබලෙන සමකට රෝස වතුර යොදාගත හැකි අවස්ථා 3 ක්.

  • මේ ලක්ෂණ 7 පෙන්වයි නම් ඔබට ඉන්නේ සුපිරි බුද්ධිමත් දරුවෙක්

    මේ ලක්ෂණ 7 පෙන්වයි නම් ඔබට ඉන්නේ සුපිරි බුද්ධිමත් දරුවෙක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it