theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

"මම අම්මා කෙනෙක් වුනාට පස්සේ මගේ වෘත්තිය ජීවිතය හුඟක් කළඑළි වුණා"

5 අවම කියවීම
"මම අම්මා කෙනෙක් වුනාට පස්සේ මගේ වෘත්තිය ජීවිතය හුඟක් කළඑළි වුණා""මම අම්මා කෙනෙක් වුනාට පස්සේ මගේ වෘත්තිය ජීවිතය හුඟක් කළඑළි වුණා"

දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන හිමාලි සයුරංගි ගෙන් අපේ අම්මලාට ගතහැකි පාඩම් බොහෝමයක් තියෙනවා. ඇයත් සමග නිසංසලා ලියනගේ සමීප සාකච්චාවක යෙදුනා...

මේ දවස් වල වැඩිපුර තිරයේ දක්වන දක්ෂතා නිසාම කතාබහට ලක්වෙන ඉතා දක්ෂ නිළියක් වන හිමාලි සයුරංගි සමග මාතෘත්වය හා  ගැහැනියක් ලෙස ඇය පෙරටත් වඩා කරළියට පැමිණ රසික සිත් ආකර්ෂණය කරන්නට ලැබීමට හේතු  ගැන අසන්නට හිතුනා.

මවක් වීමෙන් පසු ජීවිතයේ හුඟක් දේවල් කැප කරමින් යළි තම වෘත්තිය ජීවිතයට පිවිසුනත් පෙර මෙන් එතරම් සාර්ථකත්වයට පත්වීමට සමහර කාන්තාවන්ට ලැබෙන්නේ නැහැ.

නමුත් හිමාලි වර්තමානයේ මව් පදවිය දරමිනුත් වෙනදාටත් වඩා ජනප්‍රිය තලයේ ඉන්නට හේතුව අහන්න අපට හිතුනේ ඇය ආදරණීය දියණියකගේ ආදරණීය අම්මා කෙනෙක් නිසාමයි.

“කොයි අවස්ථාවකවත් මම මගේ දුවව මාධ්‍ය ඉදිරියේ නැතිනම් මගේ රසිකයන්ට ප්‍රසිද්ධියේ පෙන්වන්න මම ප්‍රතිපත්තියක් විදිහට කැමති නැහැ.

අපේ රටේ වගේම ලෝකයේත් තරු එහෙම කරන, නොකරන අය ඉන්නවා. එක් එක්කෙනාගේ පෞද්ගලික මතය. නමුත් මම මා විසින්ම දමාගත් වාරණයකට අනුව මගේ පවුලේ අය, මගේ පෞද්ගලිකත්වය ලෝකයට නිරාවරණය කරන්න කැමති නැහැ.

මූලිකවම මගේ දරුවාට, සැමියාට ලැබිය යුතු නිදහස් අයිතිය නැති කරන්න මම කැමති නැහැ. මම නිළියක් නම් මගේ දක්ෂතා ගැන කතා කරනවා මිස මගේ පවුල ගැන කතා කරනවට මම කැමති නැහැ”.

ඇය ඉතා තදින් ඇගේ ප්‍රතිපත්තියේ රැඳී සිටිමින් ඇගේ දියණිය හා පවුල ගැන ඇය දරන මතය විවෘතව අපිට කිව්වා. ඒ අදහසම නිසා ඇය තුළින් බොහෝ ජනප්‍රිය වීමට උත්සාහ කරන පිරිසට හොඳ ආදර්ශයක් ලබා ගත හැකි බව වැටහුණා.

වර්තමානයේ බොහෝ දෙනෙක් ප්‍රසිද්ධිය පතා අන්අයව යොදා ගන්නවා. නමුත් තමන් දක්ෂ නම් පවුලේ අය යොදාගෙන ප්‍රසිද්ධ වීමට අවශ්‍ය නැහැ. නර්තනයට, ගායනයට, රංගනයට එකසේ දක්ෂ ඇය එය පසුගියදා අවසන්වූ හිරු මෙගා ස්ටාර් තුළින් තවත් තහවුරු කළා.

නමුත් පෙර පාසල් වයසේ දියණියක් ඉන්න අම්මා කෙනෙකුට පාසල් යන යුවතියක් තරම් පෙනුමක් රඳවා ගනිමින්  නිදහස් බවක් හිතේ තබා ගනිමින් වේදිකාවේ නිදහසේ රඟන්න පුළුවන්ද?

ඔබ ඔය තරම් දක්ෂ ලෙස නිදහසේ ඔබේ හැකියාවන් මව් පදවියෙන් පසුවත් ඉදිරිපත් කරන්නට කරන සුවිශේෂී දේවල් මොනවද? අපි ඇයගෙන් ඇහුවා.

“හුඟක් අම්මලාට දරුවන් ලැබුනහම තමන්ගේ වෘත්තිය නතර කරලා දාන්න සිදුවෙනවා. මටත් ඒ ගැටලුව ඇති වුණා. ඒත් මම කිසිම ආයතනයකට බැඳිලා නැති නිසා මම ස්වාධීනව මගේ රැකියාව ගැන තීරණය කළා. නිළියක් වුනත් සාමාන්‍ය අම්මා කෙනෙක් මුහුණ දෙන සියලු අත්දැකීම් වලට මමත් මුහුණ දුන්නා.

මාස 6ක් දුවට මව්කිරි විතරක් දුන්නා. අවුරුද්දක් යනතුරු මම කිසිදු දෙයකට සහභාගී වුනේ නැහැ. නමුත් මා තුළ මගේ වෘත්තිය තවදුරටත් ඉදිරියට ගෙන යායුතුයි කියන අරමුණ තිබුණා. දරුවා වෙනුවෙන් කැපවෙමින් සැමියාගේ යුතුකම් ඇතුළු ගෙදර වගකීම් ඉටුකරමින් මම නැවත මගේ වෘත්තියේ නියැලෙන්න උත්සාහ කළා.

ඊට මට මගේ සැමියාගේ දෙමාපියන් වගේම මගේ දෙමාපියන් හුඟක් උදවූ කළා. ඒත් මම අනිත් හැම අම්මා කෙනෙක් වගේම ගෙදර කෑම හදන්න, මැදියම් රෑ වෙනතුරු වුනත් බබාගේ රෙදි හෝදලා, අයන් කරලා, පසුවදා කන කෑම බීම සුදානම් කරලා තියන්න පසුබට වුනේ නැහැ”.

“කිසි දවසක මම වෘත්තිය නිසා මගේ දරුවාගේත් ගෙදර වගකීමුත් පැහැර හැරියේ නැහැ. ඒ නිසාම ගෙදරින් එළියට යනකොට මගේ මනස නිරවුල්ව තිබුණා”.

“මගේ දූ ලැබුනට පස්සේ මගේ රංගන ජීවිතය තවත් කළඑළි වුණා කියලා මම හිතන්නේ. මම නොකඩවා සම්මාන උළෙලවල් වල හොඳම නිළියට නිර්දේශ වෙමින් හොඳම නිළිය ලෙස සම්මානයට පවා පාත්‍ර වුනේ දූ ලැබුනට පස්සෙයි”.

“හුඟක් නිළියන්ට මේ වාසනාව ගිලිහි යන්නේ දක්ෂතාවය තිබුනත් ගෙදර වගකීම් වලින් මිදෙන්න හිතට මානසික නිදහසක් නොමැතිකම නිසයි”.

නමුත් හැම ගැහැනියකටම මෙය කළ හැකි බව හිමාලි කියනවා. පිරිමින්ට මෙන් නොව කාන්තාවන්ට එකවිට කාර්යන් කිහිපයක නිරතවිය හැකි බව හුඟක් සාර්ථක කාන්තාවන් වගේම ඇයත් විශ්වාස කරනවා.

ඒ ගැහැණු ශක්තිය, උවමනාව ඇගේ සාර්ථකත්වයට හේතු වන බව හිමාලි කියන්නේ සතුටින්. ඇය එදා වගේම ඇගේ ශරීරයේ හැඩය හා පෙනුම පවත්වාගෙන යනවා. අපි ඒ ගැනත් ඇගෙන් ඇසුවා. “මම දුවලා පැනලා වැඩකරනවා. හුඟක් අම්මලා වගේමයි. උදව්වට කෙනෙක් නැති වෙලාවල් ඕනෑතරම් උදාවෙලා තියෙනවා. ඒ වෙලාවට මම හැමදේම තනිවම කරගන්නවා”.

හිමාලි සයුරංගි

ඇය ජනප්‍රිය නිළියක් වුනත් අම්මා කියන චරිතය ඇයටත් පොදුයි. ඇය ඒ ගැනත් කිව්වා. “මමත් සාමාන්‍ය ගැහැනියක්. ඒ නිසාම මටත් ආදරය, දුක, සතුට එකලෙස දැනෙනවා. මම නිතරම විශ්වාස කරන්නේ පුංචි කාලයේ දරුවන් එක්ක දෙමාපියන් රැඳිය යුතුයි කියලයි. මම එක දිගටම වැඩ කළොත් එකදිගටම දුවත් එක්ක කාලය ගත කරනවා”.

හිමාලි සයුරංගි කියන්නේ දරුවන්ගේ හැසිරීම් හා දෙමාපියන්ගේ හැසිරීම් එකිනෙකට මුහුවීම තුළින් බැඳීම් වැඩිවෙනවා කියලයි. “මම මාකට් ගියත්, කොන්ඩේ කපන්න ගියත්, වෙනත් වැඩකට ගියත් හැකි හැම වෙලාවකම දුවත් එක්ක ඉන්න උත්සාහ කරනවා.

එතකොට අපි දෙන්නටම අපි දෙන්නව මග හැරෙන්නේ නැහැ. ඒ නිසා දුවගේ ළමා කාලය මම කොයිතරම් කාර්යබහුල වුනත් විඳින්න අවස්ථාවක් හදාගන්න මම කටයුතු සුදානම් කරනවා”.

මවක් ලෙස කොතරම් කාර්යබහුල වුනත් අපිට හැමදේම විඳින්න පුළුවන් ඊට අවශ්‍ය උවමනාව, උනන්දුව විතරමයි. හිමාලි සයුරංගි නමැති දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනිය ගෙන් අපේ අම්මලාට ගතහැකි පාඩම් බොහෝමයක් තියෙනවා.

  • කොයිතරම් කාර්යබහුල වුනත් පවුල සහ දරුවන් වෙන් නොවන ලෙස කටයුතු සැලසුම් කිරීම.
  • මවක් වුනත් තම හැකියාවන් මරා නොදමා ඊට මනා කළමනාකරණයකින් කටයුතු කිරීම.
  • තමන්ගේ අරමුණු වෙනුවෙන් අන් අය යමක් ඉටුකරන තුරු බලා නොඉඳ තම අරමුණ කරා ගමන් කිරීම.
  • නිවසේම නොරැඳුනත් හැකි හැමවිටම දරුවා හා එක්ව අනෙක් කටයුතු වලට එක්වීම.
  • ජනප්‍රියත්වය හෝ ප්‍රසිද්ධිය වෙනුවෙන් තමාගේ දක්ෂතාවය මිස පවුලේ සාමාජිකයන්ගේ තොරතුරු හෝ ඕපදුප ඊට අදාල කර නොගැනීම.
  • පවුල සුවිශේෂී නිසාත්, ජනප්‍රිය චරිතයක් නිසාත් ඕපදුප සොයන අයට තමන් මාතෘකාවක් නොවීමට මවක් ලෙස කටයුතු කිරීම.
  • තමන්ගේ වෘත්තියට තම දරුවන් තල්ලු නොකිරීම හා ඔවුන්ගේ නිදහසට, තීරණ වලට ගරු කිරීම.

මේ හැම කාරණයක්ම එක්වී ඇයට නිරවුල් සිටින මවක ලෙසත් සාර්ථක රංගන ශිල්පිනියක ලෙස කටයුතු කරන්නට අද වන විට වාසනාව ලැබී තිබෙනවා.

ඒ හිමාලි සයුරංගි ජීවිතයේ මනා කළමනාකරණයකිනුත් හුදු ජනප්‍රියත්වය උදෙසා නොව පවුල වෙනුවෙන් කැපවෙමින් කටයුතු කරන නිසා යැයි අපට සිතෙනවා. ඇයට ආදරය කරන ඔබට ඇගෙන් උගත හැකි බොහෝ දේ ඇතැයි theAsianparent Sri Lanka අපි විශ්වාස කරනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

 

 

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • දේශීය
  • /
  • "මම අම්මා කෙනෙක් වුනාට පස්සේ මගේ වෘත්තිය ජීවිතය හුඟක් කළඑළි වුණා"
බෙදාගන්න :
  • චේතනා ලියනගේ ගෙන් ජීවිතයේ යථාර්ථය දරුවන්ට කියාදෙන්න.

    චේතනා ලියනගේ ගෙන් ජීවිතයේ යථාර්ථය දරුවන්ට කියාදෙන්න.

  • ඔබ ඔබේ දරුවන් සමග සාකච්ඡා නොකළ යුතු කාරණා 5 ක්

    ඔබ ඔබේ දරුවන් සමග සාකච්ඡා නොකළ යුතු කාරණා 5 ක්

  • චේතනා ලියනගේ ගෙන් ජීවිතයේ යථාර්ථය දරුවන්ට කියාදෙන්න.

    චේතනා ලියනගේ ගෙන් ජීවිතයේ යථාර්ථය දරුවන්ට කියාදෙන්න.

  • ඔබ ඔබේ දරුවන් සමග සාකච්ඡා නොකළ යුතු කාරණා 5 ක්

    ඔබ ඔබේ දරුවන් සමග සාකච්ඡා නොකළ යුතු කාරණා 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it