theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ශ්‍රී ලංකාවේ HIV ආසාදනය  අවුරුදු 18-40 ත් තරුණ පිරිමින් අතර සීඝ්‍ර ලෙස වැඩිවීමක් 

3 අවම කියවීම
ශ්‍රී ලංකාවේ HIV ආසාදනය  අවුරුදු 18-40 ත් තරුණ පිරිමින් අතර සීඝ්‍ර ලෙස වැඩිවීමක් ශ්‍රී ලංකාවේ HIV ආසාදනය  අවුරුදු 18-40 ත් තරුණ පිරිමින් අතර සීඝ්‍ර ලෙස වැඩිවීමක් 

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18-40 ත් අතර තරුණ පිරිමින් අතර  HIV ව්‍යාප්ත ‌වෙන බව වාර්තා ‌වේ.

ශ්‍රී ලංකාවේ HIV ආසාදනය ගැන කතා කරන්න කලින් HIV ගැන ටිකක් දැනුවත් වෙමු. ඒඩ්ස් යනු ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණ ඇති රෝග තත්වයක් වේ. HIV යනු  මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයයි.

HIV මගින් AIDS (ඒඩ්ස්) තත්වය ඇතිවෙනවා. පුද්ගලයෙකුගේ රුධිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති සෛල (CD4 සෛල) සංඛ්‍යාව එක් මට්ටමකට වඩා පහල යෑම මෙහි ලක්ෂණයකි.  AIDS සදහා ප්‍රතිකාරයක් නැහැ. ආරක්ෂා කාරී වීම ඉත් වැදගත් වෙන අතර ඉන් රෝගය සම්ප්‍රේ’ෂණය වීම වළකියි.

ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයන් සිටින අතර ඉන් බහුලයක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

1

වයස අවුරුදු 18-40 ත් අතර තරුණ පිරිමින් ගැන භයානක ‌හෙලිදරව්වක්

අද අපි HIV ගැන කියන්න යන්නේ ටිකක් විතර භයානක ආරංචියක්. පසුගිය 2019.11.25 දින කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවක් පැවැත් වුනා.

එහිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුයුක්තව සිටින විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි මහත්මිය ඇග කිළිපොළා යන අනාවරණයක් කලා.

ඒ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18-40 ත් අතර තරුණ පිරිමින් අතර  HIV ව්‍යාප්ත වන බවයි. 

මෙම තරුණ පිරිස  රුධිරය HIV පරීක්ෂාවට ලක් කිරීම ඔවුන්ට මෙන්ම සමාජයටත් වැදගත් බව මෙම හමුව අමතමින් ඇය තව දුරටත් පවසා සිටියා.

2025 වන විට ශ්‍රී ලංකාවෙන්  HIV / ඒඩ්ස් තුරන් කිරීමට අපේක්ෂා කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්දන වැඩසටහනේ වෛද්‍ය චන්දනී හෙට්ටියාරච්චි මහත්මිය පැවසුවා.

ඒ සම්බන්ධයෙන් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවාලු.

ජාතික ලිංගාශ්‍රිත රෝග / ඒඩ්ස් මර්දන වැඩසටහනට සම්බන්ධ විශේෂඥ වෛද්‍ය ලිලානි රාජපක්ෂ මහත්මියට අනුව  HIV ආසාදිතයින් විශාල පිරිසක් HIV සුව කළ හැකි යැයි විශ්වාස කරමින් සුදුසුකම් නොලත් වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා. නමුත් එය මිත්‍යාවකි.       HIV / ඒඩ්ස් සුව කළ හැකි ඖෂධයක් හෝ එන්නතක් ලොව තවම සොයාගෙන නැහැ.

සියලුම HIV රෝගීන්ට සුදුසුකම් ලත් වෛද්‍යවරයකු විසින් නියම කරනු ලබන බටහිර ඖෂධ භාවිතා කර සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකියි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න, ප්‍රීතිමත් හා සාමාන්‍ය ජීවිත ගත කරන HIV ආසාදිතයින් 1,600 ක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර නොමිලේ ලබා ගනු ලබනවා.

නවතම HIV පරීක්ෂණ තාක්ෂණය මඟින් ආසාදනය වී සති කිහිපයක් ඇතුළත වෛරසය හඳුනාගන්න පුළුවන්. මේ වසරේ සැප්තැම්බර් 30 වනදා විට ශ්‍රී ලංකාවේ නවතම HIV ආසාදිත වයස අවුරුදු 18 ත් 49 ත් අතර පිරිස 300 ක්බ බව සොයා ගත්තා.

ශ්‍රී ලංකාවේ HIV ආසාදනය: HIV බෝවෙන ආකාර

HIV ආසාදන බෝවීමක් සිදුවනු ලබන්නේ රුධිරය, ශුක්‍ර තරල, යෝනි මාර්ගයේ ස්‍රාවයන්, ශුක්‍ර මෝචනය හෝ මව් කිරි මගිනි. 

  • ආසාදනය වූ කෙනෙකු සමඟ අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් 
  • HIV ආසාධිත මවකගෙන් ගර්භණී කාලයේ දී, දරු ප්‍රරසූතියේදී සහ මව් කිරි දීමේදී දරුවාට ආසාදනය වීම
  • රුධිරය හෝ ශුක්‍ර පරිත්‍යාග
  • ආසාදනය කළ කෙනෙකුගේ ඉන්ද්‍රීයන් බද්ධ කිරීම්
  • ජීවානුහරණය නොකරන ලද එන්නත් කටු මගින්
  • අසාදිත රුධිර පාරවිලයනය මගින්

2

ශ්‍රී ලංකාවේ HIV ආසාදනය: HIV පහත ආකාර වලින් බෝ නොවේ

  • ස්පර්ශ කිරිමෙන්
  • හවුලේ ආහාර භාවිතය
  • වැසිකිළි හෝ පොදු උපකරණ භාවිතයෙන්
  • මදුරුවන් දෂ්ට කිරීමෙන්
  • සිප ගැනීමකදී 

HIV  වැළදුන පුද්ගලයෙක් සාමන්‍යයෙන් පෙනුමෙන් නිරෝගී පුද්ගලයෙකු වගේමයි. ඒ නිසා ඔවුන් පෙනුමෙන් හදුනා ගන්න බැහැ.

ශ්‍රී ලංකාවේ HIV ආසාදනය: HIV  වළක්වා ගැනීම

3

විශ්වාසදායක ඇසුරක් පවත්වා ගන්න

  • ඔබගේ ලිංගික ඇසුර විශ්වාසිදාය ඇසුරක් කරගන්න
  • අනාරක්ෂිත ඇසුරකදි ආරක්ෂිත ක්‍රම (කොණ්ඩම්) භාවිතා කරන්න.
  • ඔබ දරු ප්‍රසුතියට සුදානම් නම් ඔබට HIV  වැලදි ඇත් නම් ඒ සදහා වෛද්‍යවරයා නිර්දේශ කරන ප්‍රතිකාර ඖෂධ ලබාගන්න.
  • රුධිර පාරවිලයනය, ශුක්‍රාණු ලබාගැනීම හා අවයව බද්ධ කිරීමේදි සැලකිලිමත් වන්න
  • ඔබගේ බාහිර තුවාල ඇත්නම් අන් අයගේ රුධිරය සහිත තුවාල ස්පර්ශ කිරීමෙන් වළකින්න.

අපගේ අනාගත තරුණ පරම්පරාව මේ මරාන්තික රෝගයෙන් බේරා ගන්න අපි සියල්ලන්ම එක්ව කටයුතු කරමු. රෝගය සම්ප්‍රෂේණය වීම වළක්වා එය නුදුරේදීම ශ්‍රී ලංකාවෙන් අතු ගා දමමු.

මුලාශ්‍ර – dailynews  , aidscontrol

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පුවත්
  • /
  • ශ්‍රී ලංකාවේ HIV ආසාදනය  අවුරුදු 18-40 ත් තරුණ පිරිමින් අතර සීඝ්‍ර ලෙස වැඩිවීමක් 
බෙදාගන්න :
  • හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

    හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

  • තල තෙල් වලින් ඔබේ ලිංගික ජීවිතය ශක්තිමත් කල හැකි බව ඔබ දැන සිටියාද?

    තල තෙල් වලින් ඔබේ ලිංගික ජීවිතය ශක්තිමත් කල හැකි බව ඔබ දැන සිටියාද?

  • හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

    හොඳ ලිංගික ජීවිතයකට කැමතිද? ඔබේ සැමියා සමඟ දරුවන්ගේ රාජකාරි බෙදාගන්න!

  • තල තෙල් වලින් ඔබේ ලිංගික ජීවිතය ශක්තිමත් කල හැකි බව ඔබ දැන සිටියාද?

    තල තෙල් වලින් ඔබේ ලිංගික ජීවිතය ශක්තිමත් කල හැකි බව ඔබ දැන සිටියාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it