theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අළුත් බබාවා නිවැරදිව වඩාගන්නේ මෙහෙමයි

6 අවම කියවීම
අළුත් බබාවා නිවැරදිව වඩාගන්නේ මෙහෙමයිඅළුත් බබාවා නිවැරදිව වඩාගන්නේ මෙහෙමයි

අළුත උපන් බබා මුලින් මුලින් වඩාගන්න බයයි වගේද? චූටි පැටියාව නොබියව පහසුවෙන් කවඩාගත හැකි ක්‍රම් 8ක් මේ.

දරුවා එසවීම නිවැරදිව කරන්නේ මෙහෙමයි: පින්තූර සමඟින්ම ආරාක්ෂාකාරී ලෙස දරුවා ඔසවාගන්නා ආකාර 8 ක්

ඔබ ඔබේ දරුවා අල්ලා ගත් මුල්ම මොහොත මතකද? හෙදිය ඔබේ අලුත උපන් බිළිඳා ඔබේ දෝතට දුන් මොහොතේම, ඔබේ දෑත් වෙව්ලන්නට ඇති. ඔබේ හුස්ම මොහොතකට  නවතින්නට ඇති. ඔබේ දෑස් කොණට සතුටු කඳුළක් එක්වන්නට ඇති. ඔබේ දරුවා මුල්ම වරට දෝතට ගැනීමේ සුවිශේෂී බව එයයි.

අළුත් බබාවා නිවැරදිව වඩාගන්නේ මෙහෙමයි

කෙසේ වෙතත්, අලුත උපන් බිළිඳකු දෝතට ගැනීම පහසු නැත. ඔබ නොසන්සුන් වීම ස්වාභාවිකය. ඔබේ පොඩ්ඩා ඔබේ ග්‍රහණයෙන් ගිලිහී යනු ඇතැයි සිතට නිතර තිතරම බිය දැනේ. සිතේ බය තේරුම් ගත හැකි වුවත්, ඔබේ දරුවාට ආරක්ෂිත ලෙස සහ සුවපහසු ලෙස කටයුතු කරන්නට ඔබට පුළුවන්.

ඔබේ දරුවා රඳවා තබා ගත හැකි විවිධ ඉරියව් ගැනයි අද මේ කියන්නට යන්නේ. බය නැතිව බබා අල්ලාගන්නට, වඩාගන්නට මේ උපදෙස් උපකාර වේවි.

නමුත් ඊට පෙර, මේ කාර්යය සඳහා ඔබ සූදානම් විය යුතුය.

1. ඔබේ දෑත් පිරිසිදු කරගන්න: ඔබ දරුවා ඔසවන්නට හෝ අල්ලන්නට පෙර ඔබේ දෑත් සේදීම පුරුද්දක් කරගන්න.

දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් වර්ධනය වෙමින් පවතින අතර ඔබේ අපිරිසිදු දෑත් වල රැඳිය හැකි විෂබීජ මගින් දරුවාට ආසාදන ඇති වන්නට පුළුවන්.

ඔබේ දෑත් සේදීම සඳහා මෘදු සබන් සහ උණුසුම් ජලය භාවිතා කරන්න. හැකිනම් ළදරුවා බැලීමට පැමිණෙන අමුත්තන්ටද භාවිතා කළ හැකි ස්ථානයක ඒවා දරුවා ළඟ තබන්න.

ඔබ සුවපහසුව සිටින්න: මෙය ශාරීරික සුවපහසුව පමණක් නොව, ඔබේ දරුවා හොවාගැනීම ගැන ඔබට ඇති ආත්ම විශ්වාසය ද වේ. ඔබට මුලින් බියක් දැනෙන්නට පුළුවන. නමුත් කාලයත් සමඟ ඔබ ඊට හැඩගැසෙනු ඇත.

2. ආධාරකයක් සැපයීම: අලුත උපන් බිළිඳුන්ගේ බෙල්ලේ මාංශ පේශි ශක්තිමත් නොවන අතර ඒවා තනිව හැසිරීමට දරුවා අපොහොසත් වනවා.

එමනිසා, දරුවාගේ හිසට සහ බෙල්ලට ආධාරකයක් ලෙස ඔබේ දෑත් හැසිරිවිය යුතු වනවා. එමෙන්ම, හිසෙහි මෘදු කොටස් වන ෆොන්ටනෙල්ස් (fontanelles) තද නොකිරීමටද වග බලා ගන්න.

දරුවාට මාස තුනක් පමණ වනට විට හිසේ සහ බෙල්ලේ මාංශ පේශි මත හොඳ පාලනයක් ඇතිවන්නට පටන් ගනී. ඒ වන තෙක් දරුවාගේ හිසට ආධාරකයක් ලෙස කටයුතු කිරීම වැදගත් වනවා.

අළුත උපන් දරුවා එසවීම ගැන ඔබ දත යුතු දේ

බිළිඳෙකු නිවැරදි ලෙස ඔසවන්න නම්, ඔබ මුලින්ම ඔහුව/ඇයව ඔසවාගත යුතු වනවා. එක් අතක් හිස යටින් ද තවත් අතක් බබාගේ තට්ටම් යටින්ද තබන්න. දැන් පැටියාව ඔබේ පපු ප්‍රදේශය දෙසට ගෙන එන්න. දරුවාගේ බෙල්ල සහ හිස අල්ලාගෙන සිටීම පහසු වන තාක් ඔබට දරුවාව පහසුවෙන් මෙම ඉරියව්වේ තබා ගත හැකියි.

අළුත් බබාවා නිවැරදිව වඩාගන්නේ මෙහෙමයි

එසේම, ඔබේ පැටියා ඇතැම් ඉරියව් වලට වැඩි කැමැත්තක් දක්වනවා.

දරුවා එසවීම සඳහා වඩාත් පහසු ඉරියව් තෝරාගැනීම:

ඇයට වඩාත් ගැලපෙන දේ තේරුම් ගැනීමට ඔබට විවිධ ඉරියව් අත්හදා බැලිය යුතු වනවා.

1. උරහිස් මත රඳවාගැනීම: දරුවා එසවීම

දරුවා එසවීම

  • මෙය ඔබගේ අලුත උපන් බිළිඳාට වඩාත් ස්වාභාවික වන ඉරියව්වකි. ඔබ එය කළ යුතු ආකාරය මෙන්න:
  • දරුවාගේ සිරුර ඔබට සමාන්තරව, ඇයව ඔබේ උරහිස් දෙසට ඔසවන්න.
  • ඔහුට/ඇයට ඔබේ පිටුපස බැලීමට හැකි වන පරිදි ඔහුගේ/ඇගේ හිස ඔබේ උරහිස මත තබන්න.
  • ඇගේ හිස සහ බෙල්ල එක් අතකින් ද තට්ටම් තවත් අතකින් ද ආධාර කරගන්න.
  • මෙම ඉරියව්ව ඔබේ දරුවාට ඔබේ හෘද ස්පන්දනය ඇසීමටද ඉඩ දෙයි.

2. තොටිල්ලේ ආකාරයට හොවා ගැනීම: දරුවා එසවීම

තොටිල්ලේ ආකාරයට දරුවා ඔසවාගැනීමේ ඉරියව්ව

අළුත් බබාවා නිවැරදිව වඩාගන්නේ මෙහෙමයි

තොටිල්ල යනු සරල මෙන්ම පහසු ඉරියව්වක්. ඔබේ අලුත උපන් බිළිඳාට නිදා ගැනීමට තොටිල්ලක ආකාරයට ඔසවාගත හැකි ආකාරයයි මේ:

  • ඔබේ දරුවා ඔබේ පපු මට්ටමට සමාන්තරව, හිස සහ බෙල්ලට ආධාර කිරීම සඳහා ඔබේ අත පහළ සිට ඉහළට තල්ලු කරන්න.
  • ඔබේ දරුවාගේ හිස, වැලමිට නැම්ම මත මෘදු ලෙස රඳවාගන්න.
  • දැන් ඔබේ අත බෙල්ලේ සිට තට්ටම් සහ උකුල දෙසට ගෙන යන්න.
  • ඔබේ දරුවා ඔබ වෙතට ගෙන එන්න, එවිට ඔබට ඇයව ඉක්මනින් නින්දට ගෙන යා හැකිය.

3. මුනින් අතට ඔසවාගැනීම:

දරුවා එසවීම

ඔබේ දරුවා නිසැකවම මෙම ඉරියව්ව භුක්ති විඳීවි. අලුත උපන් බිළිඳා මේ ආකාරයෙන් හැසිරවිය යුත්තේ මෙහෙමයි:

  • ඔබගේ වැළමිට මනැම්මෙන් ඉහළට දරුවාගේ හිස සිටින සේද පහළ භාගය ඔබගේ අත දිගේ රැඳෙන සේ  දරුවා මුනින් අතට ඔසවාගන්න.
  • දරුවාගේ දෙපා ඔබේ අත දෙපසින් නිදහසේ වැටෙන්නට ඉඩ හරින්න.
  • දරුවාට ආරක්ෂිත බවක් දැනීම සඳහා ඔබේ අනෙක් අතද ආධරකයක් සේ තබාගන්න.

මේ ඉරියව්ව දරුවාගේ ගුඩුස් යැවීමටද උපකාර වන අතර එවිට බබාගේ පිටුපසට මෘදු ලෙස පිරිමදිමින් තට්ටු කරන්න.

4. උකුලෙන් ඔසවාගැනීම: දරුවා එසවීම

දරුවා එසවීම

මේ ඉරියව්ව සුදුසු වන්නේ දරුවාට තනිවම හිස සහ බෙල්ල සම්පූර්ණයෙන් පාලනය කළ හැකි විටයි. එවිට දරුවාගේ ඉණෙන් ඔසවාගත හැකි වනවා. ඉතින්, ඔබේ දරුවා මාස තුනක් ඉක්මවන විට මෙම ඉරියව්ව උත්සාහ කරන්නට ඔබට පුළුවන්. ඔබට මෙය කළ හැකි ආකාරය මෙන්න:

  • ඔබේ දරුවාට මුහුණ පිටතට හැරෙන පරිදි ඔබේ උකුල් ඇට මත දරුවා වාඩි කරවන්න.
  • ඔබ දරුවාගේ ඉණ වටා ඔබේ අත ඔතා තිබිය යුතුය.
  • ඔබේ දරුවාට පහසුවෙන් ඔහු/ඇය වටා ඇති දේවල් නිදහසේ නිරීක්ෂණය කරන්නට මෙම ඉරියව්ව උපකාර වනු ඇත.

5. මුහුණට මුහුණ ලා ඔසවාගැනීම:

දරුවා එසවීම

මෙම ඉරියව්ව ඔබට දරුවා සමඟ අන්තර් ක්‍රියා කිරීමට ඉඩ සලසනවා. මෙම ඉරියව්ව පරිපූර්ණව උත්සාහ කළ හැක්කේ මෙහෙමයි:

  • එක් අතකින් ඔබේ දරුවාගේ හිසට හා බෙල්ලට ආධරකය සපයන්න.
  • අනෙක් අතින් බබාගේ තට්ටම් වලට සහාය දෙන්න.
  • දැන් දරුවා ඔබ ඉදිරිපිට පපුවට පහළින් අල්ලා ගන්න.
  • ඇයගේ සිනහව භුක්ති විඳින්න සහ ඇය සමඟ විනෝද වන්න.

6. “හෙලෝ වර්ල්ඩ්” ලෝකය දකින ඉරියව්ව:

දරුවා එසවීම

දරුවා කුතුහලයෙන් පිරිලාද? එහෙනම් මේ ඉරියව්ව බබාට කියාපු ඉරියව්වක්. මොකද එයාට පහසුවෙන් ඕනෑ තරම් වටපිට බලන්නට පුලුවන්. මේ ඉරියව්ව දරුවා පුටුවක වාඩි වී සිටිනවා සේ  ඔබේ අතේ වාඩි වී සිටින ඉරියව්වක්.

  • ඔබේ දරුවාට පිටුපසට හේත්තු වී ඔබේ පපුව මත විවේක ගන්නට සලසන්න. එවිට ඇගේ හිසටද හොඳ ආධරකයක් ලැබෙනවා.
  • ඇය දෙපැත්තට ඇලවිම්ම වැළැක්වීමට එක් අතක් දරුවාගේ පපුව හරහා තබාගන්න.
  • ඔබේ අනෙක් අත  දරුවාගේ තට්ටම් යටින් තබාගන්න.
  • දරුවාට හොඳ ආදාරකයක සහයෝගය දෙන්න.

ඔබට වාඩිවී වුවද දරරුවා මේ ආකාරයෙන් අල්ලාගන්නට පුළුවන්. එවිට දරුවාගේ තට්ටම් ඔබේ උකුල මත තබාගන්නට පුළුවනි. කෙසේ වෙතට් මාස තුනට අඩු ළදරුවන් සඳහා මෙම ඉරියව්ව සුදුසු වන්නේ නැහැ.

7. පාපන්දු ඉරියව්ව:

දරුවා එසවීම

මෙය ඔබේ දරුවාට අවශ්‍ය් මව්කිරි දීමට මේ ඉරියව්ව සුදුසූයි. සිටගෙන හෝ වාඩි වී සිටියදී මෙම ඉරියව්වෙන් දරුවා රඳවාගන්නට පුළුවන්. ඔබ එය කළ යුතු ආකාරය මෙන්න:

  • ඔබේ අතෙන් ඔබේ දරුවාගේ බෙල්ලට සහ හිසට ආධාරකයක් සපයන්න.
  • දරුවාගේ හිස සහ බෙල්ල අනෙක් අතින් සකසන්න.
  • දරුවාගේ කකුල් පිටුපසට දිගු කර ඔබේ සිරුර දෙසට හරවාගන්න.
  • ඔබේ පැටියා ඔබේ පපුවට සමීප කරන්න.
  • හිසට අමතර ආධාරයක් ලබා දීම සඳහා හෝ දරුවාට මව්කිරි දීම සඳහා අනෙක් නිදහස් අත භාවිතා කරන්න.

8. උකුලේ රඳවා ගැනීම:

අළුත් බබාවා නිවැරදිව වඩාගන්නේ මෙහෙමයි

මෙම ඉරියව්ව දරුවාට පබෝතල් කිරි පෙවීමේදී ඉතා පහසු වන ඉරියව්වක්. මෙය දරුවා ඔසවාගත හැකි තවත් ක්‍රමයක් වන අතර වාඩි වී සිටින විට භාවිතා කළ හැකිය.

  • වාඩි වී සිටින විට ඔබේ පාද බිම් මට්ටමේ ස්ථිරව තබා ඔබේ දරුවා උකුල මතට ගෙන එන්න.
  • ළදරුවාගේ හිස ඔබේ දණහිසට ආසන්නව උඩ අතට මුහුණ ලා තිබිය යුතුය.
  • ආධාරය සඳහා ඔබේ අත් දෙකම හිසට යටින් තබන්න, ඔබේ නළල ශරීරය පුරා තබන්න.
  • ඇයගේ දෙපා ඔබේ ඉණ කලාපයට ඇතුල් වීමට ඉඩ දෙන්න.

ළදරුවෙකු නිවැරදිව තබා ගැනීමට උපදෙස්:

දරුවා අල්ලාගෙන සිටින අතරතුර ඔහුඒ/ඇයගේ මනෝභාවය කෙරෙහිද අවධානය යොමු කරන්න. ඇය අඬනවා නම් හෝ නොසන්සුන් නම්, ඇයට සුවපහසුවක් ලබා දීම සඳහා ඇයට පසු යැයි හැඟෙන ඉරියව්වකට වෙනස් කරන්න.

මූලාශ්‍ර: momjunction.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • /
  • අළුත් බබාවා නිවැරදිව වඩාගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

    අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

  • අලුත උපන් කිරිකැටියා සමඟ ඔබ නොකළම යුතු දේවල් හතරක්

    අලුත උපන් කිරිකැටියා සමඟ ඔබ නොකළම යුතු දේවල් හතරක්

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

  • අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

    අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

  • අලුත උපන් කිරිකැටියා සමඟ ඔබ නොකළම යුතු දේවල් හතරක්

    අලුත උපන් කිරිකැටියා සමඟ ඔබ නොකළම යුතු දේවල් හතරක්

  • කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

    කුස්සියේ වද දෙන ගුල්ලන් මට්ටු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it