theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවාට උගත් කම පමණක් දීම, ඔහුගේ හෝ ඇයගේ අනාගතය අසාර්ථක කරයි!

3 අවම කියවීම
දරුවාට උගත් කම පමණක් දීම, ඔහුගේ හෝ ඇයගේ අනාගතය අසාර්ථක කරයි!දරුවාට උගත් කම පමණක් දීම, ඔහුගේ හෝ ඇයගේ අනාගතය අසාර්ථක කරයි!

දෙමාපියන් හා දූ දරුවන් තම මුදල්, කාලය හා ශ්‍රමය වැඩිපුරම වය කරන්නේ ඉගෙනීමටයි. දරුවකු උගත් වූ පමණින් සාර්ථකත්වය ලබාගත හැකිද? ඔබ දන්නා උගත් කමින් පමණක් සාර්ථක වූ අය කවුද?

දරුවකුගෙ උගත් කම තරම් දෙමාපියන් මහන්සි වන තරමක් අන් දෙයක් දැක නැති තරම්. පාසල් යාම, පන්ති යාම, ගෙදර වැඩ කිරීම ආදී ඉගෙනීමේ කටයුතු වලට නූතන සමාජයේ දරුවකුගේ කාලයෙන් වැඩිපුරම ප්‍රමාණයක් වෙන් වන අතර දෙමාපිය ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක්ද සාමාන්‍යයෙන් දවන්ගේ අධ්‍යාපනය කෙරෙහි වැය වනවා.

මෙපමණක් දරුවකුගේ අධ්‍යාපනය වෙත පමණක් වැය කරන මෙම ලිපිය කියවන බහුතරයක් මෙම ලිපියේ මාතෘකාව කියවූ සැනින් කුපිත වන්නටද ඉඩ කඩ ඇත්තේ ඒ නිසයි. ක්ෂණික නිගමන වලට ඒමට මත්තෙන් ලිපිය කියවීමට ඔබට ආරාධනා කරන අතර මිට එකඟ වීම හෝ නොවීම ලිපිය කියවා අවසානයේ ඔබට භාර කරමි.

මහත් වගකීමෙන් මෙම ලිපියේ මාතෘකාව ලිවූ අතර මිට හේතු පාදක දීමට මත්තෙන් උගත් කම සහ සාර්ථකත්වය මොනවාදැයි අර්ථකථනය කිරීම වඩාත් යෝග්‍ය යැයි සිතමි.

උගත් කම යනු කුමක්ද?

උගත් කම යනු යම් විෂයක් හෝ විෂය පද්ධතියක් හෝ විෂයන් කිහිපයක් හෝ පිලිබඳ කෙනෙකුගේ දැනුම මනින මිනුම් දණ්ඩකි. පාසැල් ශේණි, සීමා විභාගයන්, උපාධි හා පශ්චාත් උපාධි ආදිය නිසි ලෙස හැදෑරීමෙන් සහ අදාළ විභාග උසස් ලෙස සමත් වීමෙන්, කෙනෙකු උගත් කමේ හිනිපෙත්තට නගිනු ඇත.

සාර්ථකත්වය යනු කුමක්ද?

මෙහි අර්ථකථනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ එක් එක්කෙනාගේ සාර්ථකත්වය ඒ ඒ කෙනාගේ ඉලක්ක, බලාපොරොත්තු සහ අපේක්ෂා මත රැඳී ඇති නිසාය.

නමුත් සමාජමය මිනුම් දණ්ඩක් සේ ගැනීමේදී සා සමාජීය විද්යාඥයින් පෙන්වා දෙන පරිදි සාර්ථකත්වය යනු මිනිස් ජිවිතයේ සමාජීය මාන කිහිපයක් සමබරව පවත්වාගෙන යාමේ හැකියාවයි. 

ජීවිතයේ රෝදයේ මූලික මාන ලෙස දක්වන්නේ;

  1. වෘත්තීය
  2. පවුල් සබඳතා (නෑදෑ හිතමිතුරන්)
  3. පවුල හා සහකරු සමඟ සබඳතාව
  4. ආර්ථික මට්ටම
  5. ආත්මික/ආගමික සමබරතාව
  6. සමාජීය සබඳතා
  7. සෞඛ්‍යය
  8. පුද්ගලික දියුණුව
  9. නිර්මාණශිලිත්වය
  10. ක්‍රියාශීලි බව
Wheel of Life

ජිවිතයේ රෝදය

මෙය ජිවිතයේ රෝදය නොහොත් Wheel of Life යනුවෙන් හැඳින්වෙන අතර මෙය සමබරව පවත්වාගෙන යාමෙන් ජිවිතයේ සැබෑ සතුට අත්විඳින්නට හැකි වන බව තීව්ර කරගෙන තිබෙනවා. මෙම ජිවිතයේ රෝදය පිලිබඳ වැඩි විස්තර මෙතනින් දැනගන්නට පුළුවන්.

කෙසේ නමුත් දරුවා උගතෙකු බවට පත් කිරීමට දරුවාගේ ජිවිතයෙන් සහ ළමා කාලයෙන් මෙන්ම දෙමාපියන්ගේද කාලය, ශ්‍රමය හා මුදල්ද 90%ක් පමණ යට කිරීමෙන්  දෙමාපියන් ඉහත ජිවිතයේ රෝදයෙන් පෝෂණය කරන්නේ වෘත්තීය මානයට අයත් පරාසය පමණයි. මෙය දරුවාගේ අනාගතය විශාල අවධානයකට ලක් කරන්නේ අනෙක් මාන ප්‍රගුණ  කිරීමට වය කර ඇත්තේ 10%ක කාලය හා ශ්‍රමය පමණක් බැවින් එම මාන ඉතා පහල මට්ටමක පවතිනවා.

මෙම තත්වය දරුවා වැඩිහිටියෙක් වූ පසු ඔහුව හෝ ඇයව මහත් ආතතියකට ලක් කරනවා. මෙය ඔබ සිතනවාට වඩා මහත් බැරෑරුම් තත්වයක්. දරුවාට අනෙක් මාන වල වැදගත් කම කියා දීමට මෙය ප්‍රමාද වැඩිව ඇති හෙයින්, කෙතරම් උගත් වුවද, දරුවන්ට සමාජයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව හීන වනවා. මෑත කාලයේ බොහෝ උගත් යවුවන යවුවනියන් විසින් දිවි හානි කරගැනීම මෙම තත්වය පසක් කිරීමට දායක වන කදිම නිදසුනක්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මෙහි බැරෑරුම් කම තේරුම් ගැනීමේ වගකීම දෙමාපියන්ගේ පරම යුතුකමක්. මෙය සාර්ථකව කරගෙන යා හැකි අකර පිලිබඳ වැඩමුළු ග්‍රේට් ඉම්ප්‍රෙෂන්ස්  ආයතනය හරහා ලබාගන්නට පුළුවන්.

දරුවන් ජිවිත රෝදයට අනුව සියලු අංග වලින් සමබර සාර්ථක පුද්ගලයෙකු කරගන්න අකාරය ගැන වැඩි විස්තර අප ඉදිරියේදී කතා කරන්නට බලාපොරොත්තු වනවා.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • දරුවාට උගත් කම පමණක් දීම, ඔහුගේ හෝ ඇයගේ අනාගතය අසාර්ථක කරයි!
බෙදාගන්න :
  • ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

    ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

  • දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්

    දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්

  • ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

    ඔබගේ දරුවාගේ ඉගෙනීම මන්දගාමී කරවන මේ දේවල් දහයෙන් වළකිමුද?

  • දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්

    දරුවන්ට ඉහළ ප්‍රතිඵල ලබාගැනීම වළක්වන දෙමාපියන් විසින් නොදැනුවත්ව කරන වැරදි 4 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it