කොළඹ, ගම්පහ සහ පුත්තලම් දිස්ත්‍රික්ක වලට පැනවූ ඇඳිරි නීතිය අද පැය කිහිපහකට ලිහිල් කිරීමත් සමඟ අප බොහෝ දෙනෙක්ට අත්‍යාවශ්‍ය වන ගෙදරටම බඩු ගෙන්වා ගැනීම භාණ්ඩ මිළදී ගැනීම සඳහා වෙළඳසැල් වෙත යාමට ඉඩකඩ ලැබුණා.
ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුළ කිලෝ මීටර ගණනාවක් දිගු පෝලිම් වල ජනතාව රැඳී සිටිනු දක්නට ලැබුනා. අති සීග්‍රයෙන් පැතිරෙන වසංගත තත්වයක් යටතේ, මොහොතකට හෝ මෙලෙස එක් රැස් වීම ඉතාමත්ම අනතුරුදායක තත්වයක් ඇතිකළ හැකිය. COVID-19 ට එරෙහි මෙම සටනේදී සමාජ දුරස්ථභාවය අපගේ හොඳම අවියයි. කෙතරම් දුරස් වුවත්, බඩගින්න නිවාගැනීමද අත්‍යවශ්‍ය වන්නක්.
මේ තීරණාත්මක අවස්ථාවේදී, අප හැමගේම හදවත් අපගේ රජයටත්, ත්‍රිවිධ හමුදාව හා පොලීසියටත්, වෛද්‍ය හා සොඛ්‍ය සේවා නිළධාරීන්ටත්, මාර්ගස්ථ පවිත්‍ර කරන්නන්ට, අත්‍යවශ්‍ය සේවා සපයන්නන් සහ රාජ්‍ය නිළධාරීන්ටත් නොයෙකුත් මාධ්‍ය වලටත් කෘතඥතාවයෙන් පිරී යනවා නොවේද?
ඒ හා සමානවම අද දවසේ හැකි සියල්ලන්ටම අවශ්‍ය බඩු භාණ්ඩ ලබාගැනීමට අවශ්‍ය උපරිම සහය ලබා දුන් වෙළඳසැල් වල කාර්යමණඩළ වලට මෙන්ම මහත් ඉවසීමෙන් හා හික්මීමෙන් තම වාරය එන තෙක් රැඳී සිටි මහජනතාව ගැනත් ආඩම්භරයක් ඇති වනවා.
කෙසේ නමුත් මින් නොනැවතී මෙම COVID-19 වසංගතය පරාජය කිරීමෙහි ලා ඇතැම් සංවිධාන තවත් පියවරක් ඉදිරියට තබන බව සතුටට කරුණක්. මෙම ආයතන විශේෂ අනුමැතියක් යටතේ ඔබට අවශ්‍ය දෑ ඔබේ දොරකඩටම ගෙනැවිත් තැබීමට පොරොන්දු වී සිටිනවා.
එබැවින් ඔබගේ නිවසේ සිටම බඩු භාණඩ පමනක් නොව, ඖෂධ පවා ලබාගත හැකි මෙම අවස්ථා වලින් උපරිම් ප්‍රයෝජනය ලබාගන්න.
ගෙදරටම බඩු ගෙන්වා ගැනීම සම්බන්ධ සේවා සපයන ආයතන
1. ගෑස්


2. පාන්
මේ දිනවල චූන් පාන් රථ වලට පාන් සහ බේකරි ආහාර අලෙවි කිරීමට අවසර දී ඇති බැවින් ඔබට අවශ්‍ය බේකරි ආහාර ඔබ ප්‍රදේශයේ සැරිසරන පාන් වෑන් රථයෙන් ලබාගන්නට කටයුතු කරන්න. ඊට අමතරව කොළඹ නගරයේ නිවැසියන්ට පහත ආයතනයෙන්ද තමන්ට අවශ්‍ය බේකරි ආහාර ගෙන්වාගන්නට හැකියි.

3. සිල්ලර බඩු
PickMe සමඟ
PickMe යනු අප කවුරුත් දන්නා ප්‍රවාහන සේවා සපයන ඇප් යෙදුමක් වේ. මේ අවස්ථාවේ දී ඔබේ අත්‍යවශ්‍ය දෑ ලබා ගැනීම සඳහා මොවුන් විසින් ඔබට විශේෂ ප්‍රවාහන සේවාවක් ලබා දීමට පියවර ගෙන ඇත. ඇඳිරි නීතිය අතරතුර පවා ඔබට අවශ්‍ය බඩු භාණ්ඩ ගෙන්වා දීමට මොවුන්ට හැකි වන්නේ ඔවුන්ට ලැබුණු විශේෂ අවසරයක් මතයි.
ඔබගේ ජංගම දුරකථයේ PickMe ඇප් යෙදුමේ Food කොටසට ගොස් ඔවුන් සපයන සේවා ගැන වැඩි විස්තර ලබාගන්නට පුළුවන්.
Glomark

කීල්ස් වෙතින් ඔබට අවශ්‍ය භාණ්ඩ www.keellssuper.com/ වෙබ් අඩවිය හරහා ඇණවුම් කර නිවසටම ගෙන්වාගන්නට පුළුවන්

විවිධ සමූපකාර සමිති: මිනුවන්ගොඩ

විවිධ සමූපකාර සමිති: ජා-ඇල

කොළඹ නගරය අවට ඇතැම් ප්‍රදේශ වල සිල්ලර බඩු ඇණවුම් සඳහා ග්‍රොසරි ඩ්‍රොප් සේවාව


4. එළවළු සහ පළතුරු
එළවළු, පළතුරු සහ සිල්ලර බඩු ගෙදරටම බඩු ගෙන්වා ගැනීම සඳහා දායක වන ලස්සන ෆ්ලෝරා ආයතනය ඇතුළු වෙනත් ආයතන රැසක් ඔබ වෙනුවෙන් සේවයට සූදානම්!
නැවුම් පලතුරු, එළවළු සහ අනෙකුත් දෛනික අත්‍යවශ්‍ය දෑ ඔබේ දොරකඩට කෙලින්ම ලබා දෙන්නට ලස්සන ෆ්ලෝරා ඇපකැප වී සිටිනවා!
සුපිරි වෙළඳසැල් ගාස්තු වලට වඩා නැවුම් බව සහ මිල අඩු බව සහතික කිරීම සඳහා ඔවුන්, ඔවුන්ගේ පළතුරු සහ එළවළු කෙලින්ම වගාකරුවන්ගෙන් ලබා ගන්නවා. එබැවින් ඒවායේ සනීපාරක්ෂාව, නැවුම්බව සහ ගුණාත්මකභාවය ඔවුන් සහතික කරනවා.
ඔබගේ ඇණවුම මේ ආයතන හරහා ලබාගන්න පුළුවන්.







5. මස්, මාළු, බිත්තර 








6. කිරි ආහාර


7.රූපලාවන්‍ය හා සනීපාරක්ෂක ද්‍රව්‍ය
මෙම භාණ්ඩ ඇණවුම් කිරීම සඳහා www.justgoodness.co/ අඩවිය වෙත පිවිසෙන්න.

7. පානීය ජලය
ඇමරිකන් ජලය American Water ආයතනය විසින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවන් වල පවා ජලය බෙදා හැරීමට විශේෂ අනුමැතියක් ලබාගෙන ඇති බැවින් ඔබගේ පානීය ජලය ඇණවුම් කිරීම සඳහා මෙම www.americanwater.lk අඩවියට පිවිසී අවශ්‍ය පියවර අනුගමනය කිරීමෙන් පිළිවෙනි.
8. ඖෂධ
www.healthnet.lk
www.healthnet.lk පිටුවේ ඔබගේ බෙහෙත් වට්ටෝරුව ඇතුළු කළ යුතුයි. ඉන් පැය 24-48 අතර කාලයක් තුළ ඇඳිරි නීතිය පවතින කාලයේ පවා ඔබගේ ඖෂධ ඔබට ලැබෙන්නට සලස්වනු ඇත. රු. 1000කට වැඩි සියලුම ඇණවුම් සඳහා ප්‍රවාහන ගාස්තු අය නොකරනු ඇත.
පහත දැක්වෙන ආයතනද ඔබ වෙනුවෙන් ඖෂධ අලෙවි කර ඔබ් නිවසටම ගෙන දෙන්නට සූදානම් වී ඇත. ඔබගේ ඖෂධ අවශ්‍යතා සඳහා මොවුන් සමඟ සම්බන්ධ විය හැක.


කොරෝනා රෝගය ගැන අප පළ කළ සියළු ලිපි මෙතැනින් ලබාගත හැකියි.
කොරෝනා ආසාදිතයින් ගැන යාවත්කාලීන තොරතුරු:covidsl.com
මූලාශ්‍ර: readme.lk
ඒ වගේම මේ වේලාවේ රෝගය පැතිරවීමට අනුබල නොදී නිසි සනීපාරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් නිරෝධායන කටයුතු වලට ඔබගේ උපරිම සහය දෙන ලෙසත් අපි යලිත් ඔබට මතක් කරනවා.
කොවිඩ් 19 හදිසි ඇමතුම් සේවා අංක - 0710107107 සහ 0113071073
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.