theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සෞඛ්‍යාරක්‍ෂක නොවන පසුබිමක නිවෙස් තුල නිරෝධායනය සඳහා මාර්ගෝපදේශය

4 අවම කියවීම
සෞඛ්‍යාරක්‍ෂක නොවන පසුබිමක නිවෙස් තුල නිරෝධායනය සඳහා මාර්ගෝපදේශයසෞඛ්‍යාරක්‍ෂක නොවන පසුබිමක නිවෙස් තුල නිරෝධායනය සඳහා මාර්ගෝපදේශය

නිවෙස් තුල නිරෝධායනය කිරීම ගැන ඔබත් දැනුවත්ද? ‌

නිවෙස් තුල නිරෝධායනය කිරීම ගැන ඔබත් දැනුවත්ද?

කොරෝනා වෛරසය නැතිනම් කොවිඩ් 19 ලොව පුරා පැතිර යන සමයක යලි මව්බිම කරා පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සතු වගකීමක් තියෙනවා.

තත්වය කුමක් වුවත් ඔබ මව්රටට යලි පිළිගන්න සුදානම්. මේ ඔබේ මව් රටටයි. ඔබේම ආදරණියයන් හුස්ම ගන්නා රටයි.

ඔබ දැඩිව රෝගය පැතිර යන රටවල සිට එන විට පවා  පිළිගන්න ඔබේ ආදරණියයන් සුදානම්.

නමුත් ඔබ කොවිඩ් 19 කැටිව ඇවිත් සාමාන්‍ය ජනතාව අතරට මුහුවෙන්න එපා.

ඔබ අරගෙන එන කොවිඩ් 19 කීදෙනෙකුගේ ජිවිත අනාරක්ෂිත කරන්න පුළුවන්ද? රටම අගාධයකට හෙලන්නත් එය ප්‍රමාණවත්. 

ඒනිසා මෙරටට එන ඔබ  සදහා වැඩපිළිවෙලක් සුදානම් කර තියෙනවා. නිරෝධායනය කියන්නේ ඒ වැඩ පිළිවෙළයි.

ඔබට දවස් 14 ක මේ පුංචි කැප කිරීම රට ඔබේ මව් රට වෙනුවෙන් කරන්න බැරිද?

හදිසියේ පැන නැගුන තත්වයක් නිසා ඔබට ඉහළම පහසුකම් නොලැබෙන්න පුළුවන්. නමුත් අපේ සිංහ පුතුන් ඔබ වෙනුවෙන් මේ දින 14 කැප වෙලා ඉන්නවා.

එවන් පසුබිමක් තිබියදි ඔබ නිරෝධායනය නොවී හොරෙන් පැන එන්නේ ඇයි? ඔබත් මරාගෙන මැරෙන මිනිස් බෝම්බයක් වෙන බව දන්නවාද?

ඔබ කොවිඩ් 19 අරගෙන ඇවිත් ඉස්සෙල්ලාම දෙන්නේ ඔබේ අම්මාට තාත්තාට නැත්තම් බිරිදට දරුවන්ට වෙන්න පුළුවන්.

ඒ වගේම තමයි ඔබ විසින් බෝකර හරින අනෙක් මිනිසුන් සොයා ගන්න වෙනමම මහන්සියක් දරන්න වෙනවා.

ඔබ නිරෝධායනය වී සිටින විට ඔබ ආසාධිතයෙක් නම් හදුනාගත් වහාම ඔබට ප්‍රතිකාර ලැබෙනවා.

ඒ වගේම තමයි නිරෝධායනය වෙන කාලය තුල ඔබෙන් අන් අයට බෝවිමක්  සිදු නොවන නිසා ඔබෙන් රටට අවැඩක් වෙන්නේ නැහැ.

පසුගිය දින කිහිපය තුල මෙලෙස වගකීමෙන් තොරව කටයුතු කල මිනිසුන් කිහිප දෙනෙක් නිසා තවත් පිරිසක් ආසාදනයට ලක් වුනා.

එලෙස ආසාදනයට ගොදුරු වුවන් සොයා වෙනම මෙහෙයුමක් දියත් කරන්න වුනා. 

සෞඛ්‍යාරක්‍ෂක නොවන පසුබිමක නිවෙස් තුල නිරෝධායනය සඳහා මාර්ගෝපදේශය

ඒ නිසා අප ඔබ සියලු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස වගකීමෙන් ක්‍රියාකල යුතු මොහොතයි මේ.

ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝග නිවාරණ ඒකකය නිරෝධායනයේ මාර්ගෝපදේශ ඉදිපත්කරනු ලැබු ලිපියේ අඩංගු කාරණා ඔබගේ දැනුවත් වීමට අපි යලිත් මෙහි ඉදිරිපත් කරනවා.

සෞඛ්‍යාරක්‍ෂක නොවන පසුබිමක නිවෙස් තුල නිරෝධායනය සඳහා මාර්ගෝපදේශය

දැනව විදේශගතව සිට පැමිණෙනන් නිරෝධායන මධ්‍යස්ථාන තුල දින 14 නිරෝධායනයට ලක් කරනු ලබන්නේ රට තුල සිටින ජනතාව අතර මෙම රෝගය පැතිර යාම වැළැක්වීමටයි.

දැනටමත් එම මධ්‍යස්ථාන තුල දී රෝගය වැළදි සිට හදුනාගත් පුද්ගලයින්ද දැනට ප්‍රතිකාර ගනු ලබනවා.

ඔවුන් කෙලින්ම සමාජයට මුදා හැරියා නම් ඇති වෙන තත්වය මොහොතක් හිතන්න.

“නිවාස නිරෝධායනය”

මේ සංකල්පය යටතේ  සෞඛ්‍ය සම්පන්න නොවන පසුබිමක දෘශ්‍යමානව සෞඛ්‍ය සම්පන්න, නමුත් අවදානම් සහිත සම්බන්ධතා වෙන වෙනම තබා ගැනීම සිදුකරනවා.

නව කොරෝනා වයිරසය

 

නිවෙස් තුල නිරෝධායනය සදහන් පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න

1.හැකි නම් නිවසේ ප්‍රමාණවත් වාතාශ්‍රයක් සහිත වෙනම කාමරයක් තුල අවදානම් පුද්ගලයා වෙන් කිරීමට සලකා බලන්න.

2. නිවසේ අනෙක් සාමාජිකයන් වෙනත් කාමරයක නැවතී සිටිය යුතුය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

3.පවුලේ සාමාජිකයන්ගෙන් අවම වශයෙන් මීටරයක දුරක් පවත්වා ගන්න.

4.වඩාත් සුදුසු වන්නේ නිවසේ සාමාජිකයින් වෙනම නාන කාමරයක් භාවිතා කිරීමයි. එහෙත්, එකම නාන කාමරයක් බෙදා ගන්නේ නම්, ටැප්, දොර අගුල් සහ උපකරණ සබන් හා ජලය යොදා  පිරිසිදු කිරීම අවශ්‍ය වෙනවා

5.නිවසට පැමිණෙන අමුත්තන් අවම කරන්න. නිරෝධායනයට ලක් වු තැනැත්තා කිසිදු අමුත්තෙකුට මුණ නොගැසිය යුතුය.

6.නිතර  අවම වශයෙන් තත්පර 20 ක්වත් සබන් හා වතුරෙන් අත් සෝදන්න. අත් සේදීමේ පහසුකම් ප්‍රමාණවත් නොවන අවස්ථාවන්හිදී ඇල්කොහොල් අඩංගු අත්  සෝදන දියරයක් භාවිතා කර සනීපාරක්ෂාව පවත්වා ගන්න.

සෞඛ්‍යාරක්‍ෂක නොවන පසුබිමක නිවෙස් තුල නිරෝධායනය සඳහා මාර්ගෝපදේශය

7.අත් නොසෝදා ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න.

8.නිවසේ නිරෝධායනය කරන පුද්ගලයෙකු දිනකට දෙවරක් උෂ්ණත්වමානයක් භාවිතා කරමින් ශරීර උෂ්ණත්වය නිරීක්ෂණය කරන්න. උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුව, උගුරේ අමාරුව, ශරීරයේ කැක්කුම සහ වේදනාව වැනි රෝග ලක්ෂණ ඇති වුවහොත් වහාම එම ප්‍රදේශය පිළිබඳ MOH / PHI වෙත දැනුම් දෙන්න.

9.භාවිතයෙන් පසු ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සහ අත්වැසුම් නැවත භාවිතයෙන් තොරව  නිසි ලෙස ඉවත දැමිය යුතුය. ඒ සදහා වඩාත් සුදුසු වන්නේ සංවෘත භාජනයන්ය.

10.පාවිච්චි කරන ලද උපකරණ, ඇඳ ඇතිරිලි සහ ඇඳුම් සබන් හා වතුරෙන් සේදිය යුතුය.

නිවෙස් තුල නිරෝධායනය: සක්‍රීය මහජන සෞඛ්‍ය අධීක්ෂණය සමඟ ස්වයං අධීක්ෂණය 

  1. නිවාස නිරෝධායන පුද්ගලයින් ක්ෂේත්‍ර අධීක්ෂණය හා පසු විපරම් කිරීම සඳහා වගකිව යුතු නිලධාරියා MOH ය.
  2. නිරෝධායන පුද්ගලයින් අධීක්ෂණය කිරීම සඳහා MOH විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) පත් කරනු ලැබේ.
  1. දින 14 ක නිරෝධායනය පුරාවට දුරකථන ඇමතුමකින්, කෙටි පණිවුඩයක් මගින් පැමිණීමෙන් PHI ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දිනපතා පරීක්ෂා කරනු ලබනවා. 
  2. සලකුණු  සහ රෝග ලක්ෂණ ඇති පුද්ගලයෙකු වේ නම්, වහාම PHI ,MOH සහ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෙත දැනුම් දිය යුතුය. 
  3. සැකකටයුතු රෝගීන් ප්‍රවාහනය “1990 ඇමතුම් ගිලන්රථ (සුවසැරිය) සේවාව” මගින් ළඟම ඇති රජයේ රෝහල වෙත හෝ නම් කරන ලද රෝහල් වෙත ගෙන යනු ලැබේ. 
  4. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (RDHS) සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (PDHS) සහාය පරිපාලන කටයුතු වලදී සහ පළාත් / දිස්ත්‍රික් උපදේශක ප්‍රජා වෛද්‍යවරුන් (CCP) සහ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයින් තාක්ෂණික සහාය ලබා දෙනු ලබනවා.

කොවිඩ් 19 නිසා ඔබ නිවෙස තුල ස්වයං නිරෝධායනය වෙනවා නම් ඔබට අවැසි සහය දෙන්න පිරිසක් සුදානම්.

ඔබට අවැසි සිල්ලර බඩු, ළමයින්ට හා වැඩිහිටියන්ට අවැසි ඖෂධ ගෙන්වා ගැනීම ෆේස් බුක් පණිවිඩයක් www.facebook.com/CCRTLK වෙත යොමු කරන්න. නැතිනම් 0777346334 අමතන්න.

ලෝකය තුල කොරෝනා ව්‍යාප්තියේ  වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

මුලාශ්‍ර ලිපියට පිවිසෙන්න.

Featured Image: Fox News

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • සෞඛ්‍යාරක්‍ෂක නොවන පසුබිමක නිවෙස් තුල නිරෝධායනය සඳහා මාර්ගෝපදේශය
බෙදාගන්න :
  • COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

    COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

  • කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

    කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

  • COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

    COVID19 පැතිරෙන කාලය තුල ඔබ මිලදී ගත යුතු දේවල් සහ ප්‍රමාණ

  • කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

    කොවිඩ් 19 විසින් වැඩිපුර වින කරන අපේ වැඩිහිටි පරපුර ආරක්ෂා කරගනිමු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it