theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාගේ උණ සඳහා නිවසේ ඇති පිළියම්

4 අවම කියවීම
ඔබේ දරුවාගේ උණ සඳහා නිවසේ ඇති පිළියම්ඔබේ දරුවාගේ උණ සඳහා නිවසේ ඇති පිළියම්

උණ සඳහා නිවසේ ඇති පිළියම් සලකා බලන වන විට, මව්වරුන් හා පියවරුන්  ඔවුන්ගේ රෝගී දරුවාට  රාත්‍රී සුව නින්දක් ලබා දීමට මේ කරුණු දැන සිටිය යුතුය.

බොහෝ දරුවන්ට අඩුම තරමින් වරක් වත් උණ රෝගයෙන් පීඩා විඳිනු ඇත. උණ සඳහා වු මේ නිවසේ ඇති පිළියම්  කුඩා දරුවාගේ  වේදනාවන් තුනී කිරීමට  කැමති මව්වරුන් හා පියවරුන් මේ තොරතුරු දැන සිටිය යුතුය.

ඔබ කුඩා දරුවෙකුව සිටින විට, ඔබගේ මව සහ පියා  ඔබගේ උෂ්ණත්වය අඩු කර ගැනීමට බොහො දෑ කරන්න  ඇති.

මගේම අම්මා මගේ පපුව  තවමින් රෙදි කඩකින් මාව තෙත් කරමින් සිසිල් කලා. ඈ තව මට අරුම පුදුම රෝස පැහැති මිශ්‍රණයක්  දුන්නා. ඇයට ඒහි අඩංගු දේ දැන් මතක නැහැ. එහි ලස්සන පෙනුමක් තිබුණත්, එහි කටුක රසය අදටත් මට අමිහිරි බවක් ගෙන එනවා.

ඔබේ කුඩා දරුවාගේ උණට අමිහිරි රසැති  පිළියම් යෙදීම  අවශ්‍ය නැත.  උපකාරවත් විය හැකි උණ සඳහා නිවෙස් පිළියම් කිහිපයක් මෙන්න,

මේවා භාවිතා කිරීමට උත්සාහ කිරීමට පෙර ඔබේ දරුවාගේ ළමා රෝග වෙෙද්‍ය වරයාගේ  උපදෙස් ලබා ගැනීමට වගබලා ගන්න.

ඇත්ත වශයෙන්ම, ඔබේ දරුවා කුඩා ළදරුවෙකු හෝ අලුත උපන් බිළිදෙක් නම්, උණ සලකුණු  මතු වේ නම් වහාම වෛද්‍යවරයකු වෙත  යන්න.

මව්වරුන් පියවරුන් දැන සිටිය යුතු උණ සදහා නිවෙස් පිළියම් 

1. ඔවුන්ගේ කකුල් සිසිල් කිරීම

දරුවාගේ නළලට සිසිල් කිරීම  ගැන අපි හැමෝම දන්නවා. එහෙත්,  ජෛව තාක්ෂණවේදය පිළිබඳ ජාතික මධ්‍යස්ථානය (NCBI) පවසන පරිදි එම තාක්ෂණයම ඔවුන්ගේ පහළ ශරීරයටද අදාළ කර ගත හැකිය.

තෙත් ස්පොන්ජියක් හෝ රෙදි කැබැල්ලකින් යොදා දරුවාගේ පාද  තැවීමෙන්, ඔහුගේ උණ අඩු කර ගත හැකිය. කාමරය  මධ්‍යස්ථ උෂ්ණත්වයක් යටතේ තබා ඇති බවට වග බලා ගන්න.

ඔබේ දරුවාව සිසිල් ස්පොන්ජ් එකකින් නහවන්න පුළුවන්. අමතර ඝර්ෂණය නිසා උෂ්ණත්වය වැඩි විය හැකි නිසා ඇතිල්ලීමකින් තොරව තැවීමක් පමණක් කරන්න. දිගු කාලයක් තිස්සේ ඔවුන්ගේ සමේ තෙතමනය තබා ගැනීම වළක්වා ගන්න. වහාම ඔවුන්ගේ ශරීරයේ සෑම කොටසක්ම වියළීම හොඳ ඉඟියකි.

2. ඇල්මැරුණු වතුරෙන් තැවීම

බබාට සුව පහසුව ඇති කිරීම සඳහා තවත් ක්‍රමයක් වන්නේ ඇල්මැරුණු වතුර වල පොඟවා ගත් ටවල් ඒකකින් ඔබේ දරුවාගේ කකුල් තවන්න.

උණ  සහ උණ ‍ රෝග ලක්ෂණ මර්දනය කිරීම සඳහා උණුසුම් ස්පොන්ජ් ස්නානයක් දරුවාට ලබා දීමට  ඔබට හැකිය. සමහර අවස්ථාවලදී එප්සම් ලවණ, බේකින් සෝඩා සහ අත්‍යාවශ්‍ය තෙල් එකතු කිරීමෙන් උණත් සමග ඇතිවෙන වේදනාවට සැනසිල්ල ලබා දෙන්න හැකිය.

හෙල්ත් ලයින් වලට අනුව සෞඛ්‍යාරක්ෂිත අත්‍යාවශ්‍ය තෙල් වර්ග පිළිබඳ කදිම නිදසුනක් වන ලැවැන්ඩර් ඔයිල් වලට කොලික් තත්වය ඇති  දරුවන් පවා  සංසුන් කිරීමට හැකියාවක් ඇත. ඔබේ දරුවාගේ සමේ ආලේප කිරීමට පෙර එය හොඳින් තනුක කිරීමට වග බලා ගන්න.

ඔබේ දරුවා ලැවැන්ඩර්  (lavandula angustifolia) සුවඳ කැමති නොවේ නම්, මැන්ඩරින් (citrus reticulata) සමාන සැනසීම ලබා දෙන විකල්පයක් විය හැකිය.

3. ශාකමය තේ

බොස්ටන්හි ළමා රෝහලේ ළමා රෝගී විශේෂඥ වෛද්‍ය  කතී කිම්පර් පවසන පරිදි, ශාකමය තේ වට්ටෝරු අවුරුදු 4 ට වඩා වැඩි දරුවන්ට ආරක්ෂිත වේ.

කෙසේ වෙතත්, එහි අඩංගු ද්‍රව්‍ය  සමහර දරුවන්ට ආසාත්මිකතා ඇති විය කල බැවින්  එය ලබා දීමට පෙර ඔබේ දරුවාගේ වෙෙද්‍යවරයාගේ උපදෙස් ගන්න.

වයස අවුරුදු 12 ට වන විට, බොහෝ වෛද්‍යවරු කළු තේ ලබා දීම ආරක්ෂිත බව පිළිගනු ඇත. නමුත් නැවතත්, වෛද්‍යවරයා ගෙන් පළමුව විමසිය යුතුය.

ශාකමය තේ දහඩිය උද්දීපනය කරයි, එය උණ සඳහා නිවසේ ඵලදායී නිවෙස් පිළියමක් ලෙස ප්‍රකටව ඇත්තේ අන්න ඒ නිසයි.

ළමයින් සඳහා සෑම වර්ගයකම තේ නිර්දේශ නොකෙරේ. විශේෂයෙන්ම ඉහළ කැෆේන් අන්තර්ගතයන් සහිත තේ එබැවින්  ඕනෑම තේ වර්ගයක් දීමට පෙර ඔබේ වෙෙද්‍යවරයාගේ උපදෙස් ගන්න.

4. තෙත හා වියළි මේස්

නෙම්රොපත් හි වෛද්‍ය කෙටී කොරසෝ විසින් මෙම ජලතෙරපි ක්‍රමවේදය සහතික කරයි. මෙහිදි  වතුරෙන් පොගවා ගත් මේස් මිරිකා ගෙන ඔබේ දරුවාගේ පාද මත තබන්න. ඉන්පසු ඒ මත ඝන වුල් මේස් එකක්  තබන්න . තෙත් මේස් එතිමෙන් ලිම්පතික් තරලය සංසරණය වැඩි වී සිරුරේ උෂ්ණත්වය අඩු කරයි.

වැඩිහිටියන් සඳහා රාත්‍රිය පුරා තැබීම ආරක්ෂිත වුවද මෙය ළමයින්ට එසේ නොවිය හැකිය. මෙම ක්‍රමවේදය භාවිතා කිරීමට පෙර ඔබේ දරුවාගේ වෛද්‍යවරයාගෙන් විමසන්න.

5. ඉඟුරු සහ මීපැණි

එහි ප්‍රති වෛරස හා ප්‍රති බැක්ටීරියා ගුණ අඩංගු නිසා ඉඟුරු උණ, වේදනාව හා කැස්ස අඩු කිරීමට උපකාරී වන බව හෙල්ත් ලයින් පවසයි.

වැඩිහිටියන් සඳහා, උණ මර්දනයට හා තදබදය අඩු කිරීමට වියලි ඉගුරු කැබැල්ලක් මත මී පැණි බිංදු කිහිපයක් ඉස ලබා දීමට නිර්දේශ කරනවා.  ළමයින් සඳහා, ඉඟුරු සහ මී පැණි තේ, උණුසුම් හෝ සිසිල් කර ලබා දෙන්න උත්සාහ කරන්න.

ඔවුන්ගේ උණ ඉතා අධික නම්, උෂ්ණත්වය වැඩි කිරීමට ඉඩ ඇති බැවින් ඉඟුරු අඩංගු පානයක් ලබා දීමෙන් වැළකිය යුතු ය. ප්‍රකට පෝෂණවේදී ලින්ඩ්සි ඩන්කන් අනතුරු අඟවනවා..

මතක තබා ගන්න: වයස මාස 12 ට අඩු ළමුන්ට මී පැණි ලබා නොදිය යුතුය.

රෙයිස් සින්ඩ්‍රොමය ඇති කළ හැකි බැවින්, ඔබේ දරුවාට ඇස්ප්‍රීන් ලබා නොදෙන්න

මෙම පිළියම් හැර, ඔබේ දරුවා හැකි තරම් සිසිල්ව සහ සුවපහසුව තබන්න. සැහැල්ලු ඇඳුම් ඇඳගෙන ඔහු සැහැල්ලු බ්ලැන්කට් සහිතව නිදාගෙන සිටින බවට වග බලා ගන්න. දවස අවසන් වන විට, විවේකය  හා සජලනය සදහා  තවත් විකල්ප රැකබලා ගැනීමේ ක්‍රම අවශ්‍ය නොවේවි.

ඔබේ පුංචි දරුවාට උණ වැළදුන විට කල හැකි මේ පුංචි සත්කාර ඔබ වෙත ගෙන ආවේ theAsianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • ඔබේ දරුවාගේ උණ සඳහා නිවසේ ඇති පිළියම්
බෙදාගන්න :
  • ඩෙංගු මාරයා හඳුනාගන්න: මේ තාත්තගේ කතාව කියවා බලන්න.

    ඩෙංගු මාරයා හඳුනාගන්න: මේ තාත්තගේ කතාව කියවා බලන්න.

  • සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

    සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

  • ඩෙංගු මාරයා හඳුනාගන්න: මේ තාත්තගේ කතාව කියවා බලන්න.

    ඩෙංගු මාරයා හඳුනාගන්න: මේ තාත්තගේ කතාව කියවා බලන්න.

  • සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

    සෙම්ප්‍රතිශ්‍යාව සදහා දරුවන්ට පුදුම හිතෙන අත්බෙහෙතක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it