ග‌ෙදර හදපු චිකන් නගට්ස්

ග‌ෙදර හදපු චිකන් නගට්ස්

රසම රස චිකන් නගට්ස් ග‌ෙදරදීම හැදුවාහම හරිම රසයි.

රසම රස චිකන් නගට්ස් ග‌ෙදරදීම හැදුවාහම හරිම රසයි. එළිය‌ෙන් රසකාරක දාලා ගන්න කෑම වග‌ේ න‌ෙම‌ෙයි. පිරිසිදුව ග‌ෙදරම හදාගන්නත් පුළුවන්. බබාලා කඩේ හදපු කෑම ඉල්ලලා අඩනවානේ න‌ේද? ඒ වගේ ‌වේලවක ‌මේ වගේ ද‌ෙයක් ග‌ෙදරම හදලා පුංචි සප්‍රයිස් එකක් ප‌ොඩ්ඩාට ද‌ෙන්න පුළුවන්. එතක‌ොට එයාලා ග‌ොඩාක් සතුටු ‌වේවි.

චිකන් නගට්ස්  සදහා අවශ්‍ය ද්‍රව්‍ය 

  • චිකන් 300 g
  • ලුනුකුඩු
  • ගම්මිරිස් කුඩු 
  • මිරිස් කුඩු
  • සුදුලූණු 
  • ඉඟුරු ටිකක් 
  • සොයාසෝස් ස්වල්පයක් 
  • පාන්පිටි
  • බිත්තර සාරු
  • බිස්කට් කුඩු
  • Cornflakes

සාදන ක්‍රමය

කටු නැති චිකන් සමන්‍ය කෑලි කපාගන්නග ඉන්පසු කුකුල් මස් ටික චුට්ටක් තලාගන්න.

 
දැන් මස් එකට ලුනුකුඩු ගම්මිරිස් කුඩු එකතු කරන්න. තව සැර ඕනෙනම් මිරිස් කුඩු ස්වල්පයද එකතු කරන්න. නමුත් බබාට චිකන් නගට්ස් හදද්දී නම් සැර න‌ොදා ඉන්නවා නම් ග‌ොඩාක් හ‌ොදයි.
 
ඊලගට පොඩි කරගත් සුදුලූණු ඉඟුරු ටිකකට සොයාසෝස් ස්වල්පයක් දාන්න. දැන් එහි කුකුල් මස් දමා කවලම් කර  විනාඩි 15/20  සීසන් වෙන්න තියන්න.
 
දැන් සීසන් වුන මස් කෑල්ලෙන් කෑල්ල ගෙන පාන්පිටි වල තවරන්න. බිත්තර එකක් කලවම් කරලා එකෙත් කුකුල් මස් කැබලි පොඟවා ගන්න.
 
ඉන්පසු ඒවා  පාන්කුඩු වල දවටන්න. *පාන්කුඩු බාගයයි Cornflakes බාගයක් කුඩු කරලා දාලා බදින්නත් පුළුවන්. Cornflakes දාන නිසා ගොඩාක් ක්‍රිස්පි ගතිය තියනවා. Cornflakes විතරක් කුඩු කරලා බැද්දත් කමක් නැහැ.
 
පාන්කුඩු තවරා ගත් ‌මේ නගට්ස් Zip lock බෑග් වල දාලා ෆ්‍රිසර් කරගන්නත් පුළුවන්.  ෆ්‍රිසර් කරලාමාසයක් එකාමාරක් තියගන්න පුළුවන්.
 
අවශ්‍ය වෙලවට එළියට අරග‌ෙන බැදගන්න. උණු උණු චිකන් නගට්ස්  හරිම රසවත්. 
 
අමතර දැනුමට
 
චිකන් එහ‌ෙම නැත්නම් කුකුල් මස් කියන්‌නේ බබාට කෑම පටන් ගන්න පවා හ‌ොද මස් වර්ගයක්. ඒ වගේම හ‌ොද ප‌්‍රෝටීන් ප්‍රභවයක් ව‌ෙනවා. ඔබට පහසුව‌ෙන්ම ‌වෙළදප‌ො‌ෙලේ හ‌ොයා ගන්නත් පුළුවන්. කුකුල් මස් අනිත් මස් වගේ උෂ්ණ නැහැ. 
ග‌ෙදර හදපු චිකන් නගට්ස්
අද අපිට මේ රසම රස චිකන් නගට්ස් ග‌ෙදරදීම හදාගන්න අයුරු අපට අද කියා දු් අනූෂා ජිවනී මහත්මියයි. ශ්‍රී ලංකාවේ සුලඟ වත් වදින්නේ නැති ඈත දුරු රටක ඉදන් මුහුණු පොත හරහා අපේ රටේ අම්මලාට කියාදෙන දේවල් අති මහත්, ඒ වගේම ඇය  සුන්දර දියණියකගේ මවක්, මේ තොරතුරු අපේ අම්මලා වෙත ලබා දීම ගැන ස්තුති වන්ත වෙනවා. ඉදිරියටත් අපි ඇයගෙන් රසම රස කෑම වට්ටෝරු බලාපොරොත්තු වෙමු