theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට ඇතිවෙන කරදරකාරී කැස්ස සදහා ආයුර්වේදය පිළියමක්

2 අවම කියවීම
දරුවන්ට ඇතිවෙන කරදරකාරී කැස්ස සදහා ආයුර්වේදය පිළියමක්දරුවන්ට ඇතිවෙන කරදරකාරී කැස්ස සදහා ආයුර්වේදය පිළියමක්

ශීත කාලය  පැමිණෙන විට දිගටම පවතින සීතලට අමතරව පවතින දෙයක් වන්නේ  දරුවාගේ දියර ගලන නාසය හා නතර නොවන කරදරකාරී කැස්ස.

දරුවන්ට කරදරකාරී කැස්ස හැදුනාම තිත්ත  ඖෂධ සහ කැස්ස පැණි ලබාගැනීම ඉතා අසීරූ කටයුත්තක් විය හැකි බව පැවසිය හැකිය.

මේ කරදරකාරී  කැස්ස පරාජය කිරීමට ආයුර්වේදය පිළියමක්

මගේ දුවගේ කරදරකාරී කැස්ස පලා නොගිය විට ඉස්සර අපේ අම්මා අපිට කරදරකාරී කැස්ස හැදුන සෑම අවස්ථාවකදීම විශ්වාසය තැබූ එක් අත්බෙහෙතක්  පිළියෙල කිරීමට මම තීරණය කළා.

ඔබට ඔබේ මුළුතැන්ගෙයි රාක්ක මතින් අමුද්‍රව්‍ය  සොයා ගත හැකි නිසා ඒවා මිලදී ගැනීම සඳහා සුපිරි වෙළඳසැලට ඉක්මනින්ම  යාම අවශ්‍ය  නොවේ.

කරදරකාරී කැස්සෙන් මිදීමට අවශ්‍ය මේ අරුම පුදුම  අත්බෙහෙත සඳහා අවශ්‍ය වන්නේ මී පැණි සහ කළු ගම්මිරිස් පමණයි.

කරදරකාරී කැස්සට ප්‍රතිකාර කිරීමට එය උදව් කරන්නේ කොහොමද ?

දරුවන්ගේ කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර කිරීම සඳහා අතීතයේ මී පැණි භාවිතා කර ඇත.

එය විවිධ කැස්ස  සිරප් වල කොටසක් වෙනවා පමණක් නොව එය කැස්ස මර්දනය කිරීමේ කාර්යක්ෂමතාවයට සහාය වන අතර, එය බොහෝ පහසුවෙන් සොයා ගත හැකි ඖෂධ  වඩා හොඳ විය හැකිය.

සුව වීමේ සංඝටක  ඇති බවට ප්‍රකට මී පැණි  වල ප්‍රතිශක්තිකරණ සංයෝග මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම සහ කැස්ස වැළැක්වීම සිදුවෙන ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ.

වර්ෂ 2014 දී එක්සත් ජනපදයේ ජාතික සෞඛ්‍ය ආයතනය විසින් සිදු කරන ලද එක් පර්යේෂණයකින් මී පැණිවල තනි මාත්‍රාවක් ශේෂ්මල නිෂ්පාදනය අඩු කරමින් දරුවන් තුල කැස්ස අඩුවෙන බව සොයාගෙන තියෙනවා .

අනෙක් අතට, කළු ගම්මිරිස් වල ප්‍රතිශක්තිකරණ වැඩි කරන විටමින් C, ෆ්ලේවනොයිඩ් සහ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර  සංසරණය හා ශේෂ්මල ගලා යෑම උත්තේජනය කරනවා.

ඇත්ත වශයෙන්ම, මෙම අත්බෙහෙත පුරාණ චීන ඖෂධ ඇති ප්‍රමුඛ ස්ථානයකින් පවා සොයාගෙන තියෙනවා .

භාවිතා කරන්නේ කෙසේද?

ඔබේ දරුවා තුළ ඇති කරදරකාරී  කැස්ස අඩු කර ගැනීම සඳහා කළු ගම්මිරිස් සහ මී පැණි භාවිත කළ හැකි ක්‍රම දෙකකි.

නැවුම්  කළු ගම්මිරිස් කුඩු ටිකකට මී පැණි තේ හැන්දක් එකතු කරන්න. මිශ්‍ර  කරන්න. විශේෂයෙන් නින්දට පෙර උණුසුම් වතුර සමඟ දිනකට දෙවරක් ඔබේ දරුවාට එය පානය කරන්න දෙන්න.

උණුසුම් වතුර කෝප්පයකට ගම්මිරිස් වලින් කිහිපයක් එකතු කරන්න එයට  මී පැණි තේ හැන්දක් එකතු කරන්න. එය තැම්බීමට මිනිත්තු 2-3 ක් තබා ඔබේ දරුවාට මෙම තේ දිනකට දෙතුන් වතාවක් පානයට දෙන්න.

උපදේශනය: පළමුවරට කිසිවක්  භාවිතා කිරීමට  පෙර ඔබේ  දරුවාගේ  ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් ගන්න.

ඒ වගේම  වයස අවුරුද්දකට වඩා  අඩු  ළදරුවන් සඳහා මී පැණි නිර්දේශ කරනු නොලැබේ.

මෙම පිළියම කර්තෘ විසින් නිර්දේශ කර ඇති අතර, සෑම කෙනෙකුටම සම ප්‍රතිඵල ලැබේ යැයි සහතික කර නොමැත.

ලොව පුරා ඇති ආයුර්වේදය ප්‍රතිකාර ඔබ වෙත ගෙන එනු ලබන්නේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දේශීය බෙහෙත් ක්‍රම
  • /
  • දරුවන්ට ඇතිවෙන කරදරකාරී කැස්ස සදහා ආයුර්වේදය පිළියමක්
බෙදාගන්න :
  • ඔබෙත් දරුවාගේත් සෙමට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙටම දුවන්න ඕනේ නැහැ

    ඔබෙත් දරුවාගේත් සෙමට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙටම දුවන්න ඕනේ නැහැ

  • මීපැණි වල ගුණ පෙන්වන මී පැණි සත්කාරය සෙමත් එක්ක කැස්සට අපුරුයි

    මීපැණි වල ගුණ පෙන්වන මී පැණි සත්කාරය සෙමත් එක්ක කැස්සට අපුරුයි

  • ඔබෙත් දරුවාගේත් සෙමට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙටම දුවන්න ඕනේ නැහැ

    ඔබෙත් දරුවාගේත් සෙමට බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙටම දුවන්න ඕනේ නැහැ

  • මීපැණි වල ගුණ පෙන්වන මී පැණි සත්කාරය සෙමත් එක්ක කැස්සට අපුරුයි

    මීපැණි වල ගුණ පෙන්වන මී පැණි සත්කාරය සෙමත් එක්ක කැස්සට අපුරුයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it