theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

 දරු ප්‍රසුතියට හොස්පිටල් යන්න කලින් මේ දේවල් මතක ඇතුව බෑග් එකට දා ගන්න

5 අවම කියවීම
 දරු ප්‍රසුතියට හොස්පිටල් යන්න කලින් මේ දේවල් මතක ඇතුව බෑග් එකට දා ගන්න දරු ප්‍රසුතියට හොස්පිටල් යන්න කලින් මේ දේවල් මතක ඇතුව බෑග් එකට දා ගන්න

හොස්පිටල් එකට ‌ගෙනියන්න අවශ්‍ය ද්‍රව්‍ය වල පරීක්ෂණ ලැයිස්තුවක් අපෙන්.

දරු ප්‍රසුතියට රෝහල් ගත වෙන්න ඉන්න අම්මා කෙනෙක් අනිවාර්යයෙන්ම සුදානම් කර ගත යුතු දෙයක් වන්නේ හොස්පිටල් බෑග් එකයි.

හදිස්සියකදි ‌රෝහල් ගතවෙන්න වාහනයක්, මුදල් ටිකක් වගේම ‌‌මේ ‌හොස්පිටල් බෑගයත් සුදානම් කර තැබීම වැදගත්වෙනවා.

ඇත්තටම මේ බෑගයේ අඩංගු වන්නේ දරුවා ලැබෙද්දි හා ඉන්පසු රෝහලේ ඉදිරි දින කිහිපයේ ඔබ ගත කරන කාලය සදහා ඔබ හා දරුවාගේ අවශ්‍යතායි.

දරුවෙකු ලැබීමට රෝහලට යන මේ ගමන ට්‍රිප් එකක් යනවා තරම් ලේසි නැහැ.

ඒ සදහා ඔබ ගෙන යා යුතු අවශ්‍යතා ලැයිස්තුවක් තිබෙන අතර ඉන් එකක් හෝ මග හැරීමෙන් ඔබ හා දරුවා  මෙන්ම සෞඛ්‍ය සේවා සපයන්නන්ද අපහසුවට පත් වෙන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් දරු ප්‍රසුතිය සදහා රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික රෝහල්ද තෝරාගන්නවා.

මෙහිදි ඔබ රැගෙන යා යුතු අවශ්‍යතා ලැයිස්තුවේ සමාන කම් මෙන්ම අසමානකම්ද තියෙනවා.

පෞද්ගලික රෝහලක නම් රෝහල මගින් මෙම ලැයිස්තුව ලබා දෙන අතර රජයේ රෝහල අවශ්‍යතා ලැයිස්තුව ඔබට මාසික සායනයේදි පවුල් සෞඛ්‍ය සේවිකාව විසින් ලබා දෙනු ලබනවා.

මාස 6 ක් ‌වෙන්න කලින් හොස්පිටල් බෑග් එක හදන්න ‌හොදද?

හදිසි ආපදා

මෙම හෝස්පිටල් බෑගය සුදානම් කිරීම ගැන විවිධ මති මතාන්දර තියෙනවා. මාස 6 ට කලින් බෑග්එක හදන්න හොද නෑලු.

ඒත් ඇත්ත තත්වය නම් එලෙස බෑග් එක සුදානම් නැතිනම් බැරි වෙලා හෝ ඔබට එතරම් අඩු මාස ගණනකදී ප්‍රසුතියට මුහුණ දෙන්න සිදුවුවහොත් කුමක් වේවිද?

මේ රෝහලට ගෙන යායුතු කළමනා මිලදී ගන්න සැලකිය යුතු මුදලක් වැය වෙනවා. ඒ සදහා මුදල් සමහර විට ඔබට දරන්න අපහසු වෙයි. 

අදහසක් විදියට ඔබට මෙහෙම කරන්න පුළුවන් මෙම අවශ්‍යතා කොටස් විදියට මාසෙන් මාසෙට මිලදී ගෙන මාස 6 වන විට බෑගය සම්පුර්ණයෙන්ම සුදානම් කර තබන්න පුළුවන්.

නැතිනම් මාසයක් ගානේ යම් මුදලක් ඉතිරි කරගෙන මාස 6 වන විට එකවර මිලදී ගෙන බෑගය සුදානම් කරන්න පුළුවන්.

මේ බෑගය් අඩංගු වෙන සමහර දේවල් මිලදී ගත් පමනින් අසුරන්න බැහැ. බබාගේ නැපි, ගවුම් එහෙම හොදින් සෝදලා මැදලා අසුරගන්න අවශ්‍ය වෙනවා. 

මෙම බෑගය සුදානම් කල පසු සාමාන්‍යයෙන් අවසාන මාස කිහිපයේ ඔබ යන තැන්වල රැගෙන යන්නේ නම් හොදයි.

නැතිනම් ඔබේ බෑගය තිබෙන තැන රැගෙන ආ යුතු ආකාරය වෙනත් අයෙක් හෝ කිහිප දෙනෙක් දැනුවත් කර තබන්න.

ප්‍රසුතිය සිදුවෙන වේලාව හරියටම කියන්න බැරි අතර නොසිතූ මොහොතක එයට මුහුණ දෙන්න වුව සුදානම් ශරීරයෙන් සිටීම වටිනවා.

 ඒ වගේම මේ බෑගයට අනවශ්‍ය දේවල් අඩංගු නොකල යුතු අතර ලේබර් රූම් එකේදි අවශ්‍ය වෙන දේවල් වෙනම බෑගයක තබා ගන්න අමතක නොකරන්න.

ඔබේ පහසුව සදහා අපි අද පරීක්ෂා කල හැකි ලැයිස්තුවක් සකස් කර ඉදිරි පත් කරන අතර ඔබට එය ඩවුන්ලොඩ් කරගෙන සලකුණු කරමින් බෑගය සකස් කරගන්න උදව් කරාවි.

එවිට කිසිවක් ඔබට අමතක වෙන්නේ නැහැ.

පහත ‌දේවල් කිසිවක් ‌ ‌හොස්පිටල් බෑග් එක එක්ක ‌රෝහලට රැගෙන යන්න එපා

  • ආභරණ
  • මුදල් හෝ වෙනත් වටිනා දෑ
  • වෛද්‍යවරයා විසින් ‌රෝහලට රැගෙන ඒමට නිර්දේශ ‌නොකරන ‌වෙනත් ඖෂධ
  • ඇස් කණ්නාඩි ‌හෝ ස්පර්ශ කාච

මේවා රැගෙන ‌නොඒමෙන් ඔබට අනවශ්‍ය කරදර වළක්වාගන්න පුළුවන්.

හොස්පිටල් බෑග් එක සුදානම් කිරීම

අම්මාගේ අවශ්‍යතා

සිසේරියන් සැත්කම

ද්‍රව්‍ය ප්‍රමාණය බෑගයේ ඇසුරුවාද? නැතිද?
ලිපි ලේඛන    
1. ක්ලිනික් කාඩ් එක    
2.රිපෝර්ට්    
3. ජාතික හැදුනුම් පත හෝ මවගේ උප්පැන්නය    
4. රක්ෂණ කාඩ්    
ඇදුම් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය    
5. බෙඩ් ජැකට් 04  
6.චීත්ත 04  
7.දත් බෙහෙත් හා දත් බුරුසුව    
8. සබන් හා ෂැම්පෝ    
9.තුවායක් 1  
10. සනීපාරක්ෂක තුවා- ලූප් සහිත    
11 රබර් සෙරෙප්පු යුගලයක් 1  
12. කොණ්ඩ පටියක් 1  
13. අපිරිසිදු රෙදි දමන බෑග් 5  
14.ෆීඩීන් බ්‍රා 3  
15 සුදුසු යට ඇදුම් කිහිපයක්    
වෙනත් අවශ්‍යතා    
16. පිගාන, කෝප්පය, හැන්ද    
17.උණුවතුර බෝතලය    
18. වතුර බෝතලය    
19. සීනී, තේ කොළ, කිරිපිටි    

මීට අමතරව වස්ති ‌බෝතලයක් හා ‌රේසර් එකක් අරගෙන යන්න පුළුවන්.

බබාගේ අවශ්‍යතා

 දරු ප්‍රසුතියට හොස්පිටල් යන්න කලින් මේ දේවල් මතක ඇතුව බෑග් එකට දා ගන්න

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
ද්‍රව්‍ය ප්‍රමාණය බෑගයේ ඇසුරුවාද? නැතිද?
1. ළදරු ගවුම් 10  
2.නැප්කින්  12  
3. ළදරු පොරෝනා 3  
4. රබර් ෂීට් 1  
5.ළදරු රෙදි 8  
6.ළදරු තුවා 1  
7.ළදරු තොප්පි 1  
8.ළදරු මේස් කුට්ටම් 1  
9. බේබි වයිප්ස්    
10 ටේක් මී හෝම් කිට් එකක් 1  
11.ළදරු නියපොතු කපන 1  

මීට අමතරව ළදරු ‌නෙට් එකක්, ‌කොට්ට ‌සේට් එකක් හා කපු පුළුන් රැගෙන යන්න පුළුවන්.

ලේබරූම් එකට ‌ගෙන යන පුංචි බෑග් එක

ද්‍රව්‍ය ප්‍රමාණය බෑගයේ ඇසුරුවාද? නැතිද?
අම්මාට    
1.චීත්ත 2  
2.බෙඩ් ජැකට් 2  
3.ෂොපින් බෑග් 2  
4.ඉණට බදින රෙදි පටි 1  
5.ලූප් සහිත සනීපාරක්ෂක තුවා පැකට් 1  
6.වූල් බෑන්ඩ් 2  
බබාට    
7.ළදරු ගවුම් 2  
8. ළදරු නැපි 2  
9.ළදරු  පොරෝනා  1  
10.පෙකනි කටු  1  
11. නැපි කටු    

මේ සාමාන්‍ය රජයේ ‌රෝහලක් ‌වෙත ‌‌ගෙන යායුතු බඩු ලැයිස්තුවයි. ඔබ විසින් ‌ෙතෝරාගන්නා ‌ෙරෝහල අනුව ‌ෙමෙම ලැයිස්තුව ‌වෙනස් ‌වෙන්න පුළුවන්.

බබාගේ ‌රෙදි ‌සෝදා ‌හොදින් ‌වේලා මැද ගැනිම වැදගත් ‌වෙනවා.

බෑගය පිළවෙළට අසුරා ගැනීම ඔබටම පහසුවක් ‌වේවි.

ලේබර් රූම් එකට ‌ෙගෙන යන බෑගය ‌ෙවෙන්ව තබා ඒ පිළිබද අන් අය දැන්වත් කරන්න.

ලිපි ‌ලේඛන අතට ගත හැකි පරිදි බෑගයේ උඩින්ම තැම්පත් කරන්න.

මීට අමතරව ඔබට ‌පෞද්ගලිකව අවශ්‍ය විය හැකි ‌දේවල් හා බබාට භාවිතා කරන්න අවශ්‍ය ‌දේවල් ඔබට එක් කරගන්න පුළුවන්.

මේ සම්බන්ධව ඔබට ගැටලුවක් ඇතිනම් ‌හෝ අදහස් දැක්වීමට අවශ්‍ය නම් පහත දැක්වෙන කමෙන්ට් තීරය භාවිතා කරන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
 
 
 
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරු ප්‍රසූතිය
  • /
  •  දරු ප්‍රසුතියට හොස්පිටල් යන්න කලින් මේ දේවල් මතක ඇතුව බෑග් එකට දා ගන්න
බෙදාගන්න :
  • සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

    සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

  • මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

    මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

  • සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

    සීසේරියන් සැත්කමකට මුහුණ දුන් අම්මාට සාමාන්‍ය දරුඋපතක් සිදු කල මවක් කියන කථාව

  • මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

    මිනිස් සිරුරක මහිමය විදාහලමින් දරු උපතේදී අස්ථින් එහා මෙහා වෙන ආකාරය

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it