හොට්ඩෝග් සහ නගට්ස් දරුවන්ට මෙතරම් අහිතකර ඇයි ?

හොට්ඩෝග් සහ නගට්ස් දරුවන්ට මෙතරම් අහිතකර ඇයි ?

හොට්ඩෝග් සහ නගට්ස් ගැන අපි කෙතරම් දැනුවත්ද? ඒවා වල නොපෙනෙන අනතුරු දායක බව කෙතරම්දැයි මෙම ලිපිය කියවා දැනගන්න.

දරුවන්ට කෑමකට පිටතට ගෙනිච්චහම ඔවුන්ව හොට්ඩෝග් සහ නගට්ස් වලින් මුදවාගන්න එක ඇත්තටම අභියෝගයක්. අපි ක්ෂණික කෑම වලින් ඈත් කරන්න හැදුවත් දරුවන්ට දෙන කෑම අතර හුඟක් ආපනශාලා වල මේවත් ඇතුලත් වෙනවා.

ඇත්තටම තාමත් කියන්න පුළුවන් ඒවා දරුවන්ට දෙන්න එපා කියලා. නමුත් ඒක කියන්න තරම් ලේසි පහසු නැති බව ඔබත් මමත් දන්නවා.

හොට්ඩෝග් සහ නගට්ස් බහුලව දරුවන් එල්ල කරගෙන නිෂ්පාදනය වුවත් ඒවායේ ගුණාත්මක බව ගැන නම් සිතීම පවා අපහසුයි. හුඟක් වෙලාවට වෙළඳ දැන්වීම් වල කියන 100% මස් අඩංගු යැයි සහතික වීම ඇත්තටම ඇත්තක්ද? නමුත් දරුවන් එහි රසට හා පෙනුමට රැවටෙනවා.

මේවා කෑමටත් හරිම පහසුයි. ලුණු රස වගේම කෑමෙන් පසු පුංචි පැණි රසයකුත් එක්වෙනවා. ඉතින් මේ කෑම දෙවර්ගයම දරුවන් හුඟක් කැමති නම් ඇයි ඒවා දරුවන්ට දෙන්න හොඳ නැත්තේ?

පෝෂණ ගුණයත් සමග බලන විට නගට්ස් හා හොට්ඩෝග් වල සෝඩියම් හා මේදය අධික බව පේනවා. සකස් කරන ලද මස් වර්ග වලට අධික ලෙස සෝඩියම් නයිට්රයිට් දමනු ලබනවා. එය රසායනයන් සමග ක්‍රියාකරනවා. අනෙකුත් සකස් කරන ලද මස් වර්ග සියල්ලෙහිම මේ අවධානම තිබෙනවා. සෝඩියම් නයිට්රයිට් සමහර බැක්ටීරියාවන්ගේ වර්ධනය වළක්වන අතර වර්ණය ආරක්ෂා කරනවා. 

මෙය දරුවන්ට ඉතා අවධානම් සහිත වෙනවා. සතියකට හොට්ඩෝග් 2 ක් කන දරුවෙකුට මොලයේ ගෙඩි හැදෙන අවධානමකට දෙගුණයකින් වැඩි වෙනවා. මසකට 12 ක් දරුවෙකු හොට්ඩෝග් ආහාරයට ගැනීම ලියුකේමියා වැළඳීමේ අවධානම හුඟක් වැඩි කරන බව පැවසෙනවා. පෝෂණ වේදිනියක වන ශානියා කහාලනි අදහස් බෙදා ගනිමින් හොට් ඩෝග්ස් හැමවිටම සෞක්‍යට අහිතකරයි. එහි ඇති අධික සෝඩියම් හා සකස්කරන ලද මස් නිසා හෘද රෝග වැළඳීමේ අවධානම ඉහළයි.

ඒ වගේම මෑතකදී කරන ලද අධ්‍යනයකට අනුව ගැස්ට්‍රික්, පිළිකා වැළඳීමට හොට් ඩොග්ස් වර්ග වල බලපෑම වැඩියි (Znu et al 2013). මෙම කලින් සකස් කරන ලද මස් වල නයිට්රයිට් ඉහළ අගයක් ඇති අතර අධික උෂ්ණත්වයක් යටතේ  පෙර පිසීමට ලක්වීම  නිසා එමගින් ශරීරයට අහිතකර දේ නිපදවෙනවා.

ඒ වගේම විවිධ නම් වලින් වෙළඳපළේ ඇති චිකන් කෑම වර්ග අලෙවිසල් වලට ඔබේ දරුවන් ගෙන යාමේදී ඔබ මේ ගැන සිතීම වැදගත්.

නිවැරදි තේරීම ඔබ සතුය

රස කෑම වල ගුණ නැති බව දැන් ඔබ දන්නවා. ඉතින් ගුණයෙන් වැඩි රසයෙන් වැඩි කෑම දරුවන්ට තෝරා දෙන්නේ කොහොමද?

  • නගට්ස් කන්න දරුවන් ආසනම් ගෙදරදීම සාදාගත හැකි ආකාර ගැන සොයා දැනගන්න.
  • ගෙදරදීම පොටෙටෝ චිප්ස් හදාගන්න.
  • රසඛාරක අඩංගු නැති ආහාර නිතරම දරුවන්ට ලබා දෙන්න.
  • මුල සිටම දරුවන්ට එහි ගුණ අගුණ කියා දීමෙන් ඔවුන් ඊට ඇති නැඹුරුව අඩු කරන්න.

අපේ දරුවන්ව ලෙඩ කරන්න කෑම වලින් ලැබෙන දායකත්වය ඉහළයි. හොඳටත් නරකටත් ආහාර හේතු වෙන බව නිරතුරුවම මතකයට නගාගන්න theAsianparent Sri Lanka ලිපිය ඔබේ අවධානයට යොමු කරන්නට සිතුවා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි