ඩච් ඡායාරූප ශිල්පිනියක් වන මේරි ෆ්ර්මොන්ට්ස් විසින් ගන්නා ලද අති විරල පින්තුර ගණනාවක් අපි ඔබට ගෙන එනවා. ඔවුන් උපත ලබා ගෙවූ ප්‍රථම පැය කිහිපය තුළ ගෙන ඇති මෙම ඡායාරූප ඔවුන් මවගේ කුසේ ඉන්න ආකාරයට ඉන්න අපූරුව හරිම සුන්දරයි.
මේ ලිපිය මගින් අම්මලා, තාත්තලාට බලාගන්න පුළුවන් ඔවුන්ගේ පැටියා මාස 9 කදී මව් කුස තුළ කොයි කොයි ආකාරයෙන් හිටියද කියලා.
“ඔබට ඔබේ පැටියා මව් කුසින් එළියට එන හැටි බලා ගන්න පුළුවන්. එත් එළියට ආවට පස්සේ එයා කොයි විදිහට කුස ඇතුලේ ඉන්න ඇතිද කියලා හිතාගන්න බැහැ නේද”? ෆ්ර්මොන්ට්ස් කියනවා.
එත් මේ පින්තුර දකින කොට ඔවුන් ඔබේ කුස තුළ කොහොම ඉන්න ඇතිද කියලා හා සුන්දර අවස්ථාවන් කොයිතරම් ලස්සන දැයි සිතාගන්න පුළුවන් වේවි.
මුලින්ම 2011 වසරේදී මිඩ් වයිෆ් කෙනෙක් බිලින්දෙකු පළමු වරට ලෝකයට අවට පස්සේ එයාව මේරිට පෙන්නුවා.

ඉතින් මේරි අම්මාටයි, තාත්තාටයි පළවෙනි පාරට බිලිඳු පැටියාව තුරුල් කර ගන්න දුන්නා.

ඉන්පසු පැටියාව නැවතත් මිඩ් වයිෆ් අතට දුන්නේ අනෙකුත් පිරිසිදු කිරීම් හා පරික්ෂා කිරීමේ කටයුතු වලටයි.

ඉන් පසු මේරි මිඩ් වයිෆ් ගෙන් මේ පුංචි පැටියා එයාගේ අම්මගේ කුස තුළ හිටපු ආකාරය ඇහුවා.

සමහර වෙලාවට ඇය අලුත උපන් බිලින්දගේ දෙමපියන්ටම පැටියාව තියන්න කියලා ඉල්ලුවා.

ඉන් පසු ඇය ඇගේ කැමරාවට මේ සොඳුරු දසුන් එකතු කර ගන්නවා.

නෙදර්ලන්තයේ නම් හුඟක් මිඩ් වයිෆ්ලා මේ දෙය කරනවා.
මුළු මාස 9 ක කාලය පුරාම පැටවු අම්මගේ ගර්භාෂය වටා යනවා.
එත් මෙලොවට එන්න කලින් ඔවුන් එක තැනක නවතිනවා. හරියට දැන් එළියට යන කාලය කියලා දැනගෙන වගෙයි.
මේ ස්ථානගතවීම් එක එක බිලින්දගෙන් වෙනස් වෙනවා.
ඔවුන් හිස පහළටත් කකුල් ඉහළටත් නැතිනම් ඊට ප්‍රති විරුද්ධ අතටත් ඉන්න පුලුවන්.
ඉතා කලාතුරකින් බිළින්දන් ඔවුන්ගේ පසු පස ප්‍රදේශයෙන් එලියට එන අවස්ථාවනුත් තියෙනවා. මේ වගේ පැත්තකට හැරිලා හිටියොත් සිසේරියන් සැත්කමකින් ඔවුන්ව එළියට ගන්නවා.
ඔබට ඇගේ මේ සුන්දර දසුන් ඇගේ facebook පිටුවෙන් දැකගන්න පුළුවන්.

පුංචි පැටවුන්ගේ ලෝකය හරි සුන්දරයි. එත් එහි ඔබ නොදුටු තැන් පෙන්වන්යි theAsianparent අපි උත්සහ කළේ.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ