මගේ පස් වියැති දරුවාට පහර දීමෙන් වැලකී සිටීමට මම යොදා ගත් පහසු උපක්රම 5ක්

මගේ පස් වියැති දරුවාට පහර දීමෙන් වැලකී සිටීමට මම යොදා ගත් පහසු උපක්රම 5ක්

මගේ දියණියට පහර දී දවස පුරා වරදකාරී හැගීමකින් පීඩා විදීමට පෙර මම කලේ මෙන්න මේ විදියටයි .

අවංකවම අපේ ජීවිතයේ සෑම දිනකම අපිට ඉන්න පුංචි කරදරකාරයෝ එක්කෙනා  හෝ දෙන්නා අපි සියලුම මව්වරුන්ව කෝපයට පත් කරනවා. තරහා පාලනය කරගන්න බැරුව දරුවාට පහර දීම නවත්වාගන්නට බැරි අවස්ථා බොහොමයක් අපට තියෙනවා.

උසස් කියලා සලකන දෙමාපියන් පවා මේ වරද කරලා කිසිම දෙයක් නොලබා වරදකාරී හැගීමෙන් පීඩා විදිනවා.

සත්‍ය නම් ඔබ කොතරම් සංසුන් නිහඬ පුද්ගලයෙකු වුවත් ඉවසිල්ලෙන් තොරව, අහිංසකත්වයෙන් තොරව (මම විශ්වාස කරන දෙය) ඔබේ දරුවන් ඔබ වෙත දක්වන විශ්වාස කල නොහැකි උද්වේගකාරීත්වයක් ඇතිවන්නට පුළුවන්.

ඒ නිසා ඔබට සමහර වේලාවන් වල දැඩි කරදරකාරි හැගීමක් ඇති වෙන්න පුලුවන්.

ඔබට කරන්න දෙයක් නෑ තමයි නමුත් දරුවාට පහර දෙමින් දඩුවම් කරන්න එපා.

කොහොම නමුත්  සෑම පුංචි අවස්ථාවකදී උපරිමයෙන්  වැලකීම සිටීම හා ප්‍රශ්න වලට මුහුණ දීම සදහා ක්‍රම හා උපායමාර්ග කාලයක් තිස්සේ අපි සැලසුම් කරනවා .

වයස අවුරුදු හයකට ලගා වු දියණියක් සිටින මවක් කියමින් සිටිනවාට වඩා මම ගැටලුවකට මුහුණ දීමට අවශ්‍ය සමහර මෙවලම් මං ලග තබා ගෙන ඉන්නවා .

මගේ දරුවාට පහර දීම නිසා දවස පුරා වරදකාරී හැගීමකින් පීඩා විදීමට පෙර මම කලේ මෙන්න මේ විදියටයි.
1. දහයට ගණන් කරන්න

මේක අපි සියලු දෙනාම පාසැල් කාලයේ ඉගෙන ගන්නා දෙයක්, ජීවිතය ඉගෙන ගන්නෙක් වශයෙන් කෝපය ඇති වු විට දහයට ගණන් කිරීම මගේ පළමු ක්‍රමවේදය වේ.

එමගින් බොහෝ විට මගේ දවස හොද වෙන අතර ඒ තීරණාත්මක තත්පර දහය අවසානයේදී අපි සමකාමී බවට පත්වෙනවා .

2. වතුර වීදුරුවක් පානය කරන්න

මෙය අපේ මුතුන්මිත්තන් ගෙන් දයාද වු ඉතා විටිනා දෙයකි.

ඔබට තරහා ගොස් ඇති විට වතුර බීමෙන් ඔබ සංසුන් බවට පත් වේ.

වතුර ශීත කාරකයක් වශයෙන් ක්‍රියා කරන අතර එය ඔබේ උගුරෙන් පහලට යන මොහොතේදී ඔබේ කෝපයද නිවී යයි.

මාව විශ්වාස කරන්න. ඔබේ කෝපය අවසානයි.

3. අවධානය වෙනස් කරන්න .

ඉහත ක්‍රම දෙකම සාර්ථක නොමැති නම් මේ තුන්වෙනි ක්‍රමයත් උත්සහ කරන්න.

ඔබේ අවධානය වෙනස් කරමින් ඔබ තනිව (දරුවන් නොමැතව) කෝපී කෝප්පයක් බොමින් සිටින සුන්දර මොහොතක් සිහි කරන්න.

නැත්තම් ඔබ කැමතිම සිංදුවට සවන් දෙන්න.

4. හුරුබුහුටි දරුවන්ගේ ඡායාරූප දෙස බලන්න .

මෙම ක්‍රමය මට ලැබුනේ යෙහෙළියක ගෙනි. ඇය කෝප ගන්නා සෑම අවස්ථාවකම ඇගේ පුතා පුංචි කාලයේ පිංතුරයක් ලගට ගොස් හුරුබුහුටි කුඩා අහිංසක පෙනුම දෙස බලා ඉන්නවා .

එහිදි තත්පර කිහිපයක් ඇතුලත ඔබේ මාතෘ හෝමෝන ගින් හැගීම් වෙනස් කරන අතර ඔබ කිසිම දෙයක් නොවුන ගාණට හැසිරෙනවා.

5. දරුවාට පහර දීම මගහරින්නට අවසානය වනතෙක් ඇහුම්කන් දෙන්න .

ඉහත සියලුම අවස්ථා අසාර්ථක නම් මම අවංක කෙටි සංවාදයක යෙදෙන්න උත්සහ කරනවා. (ඔව්, ඒක තමයි අවුරුදු පහක් වයසැති අපේ දරුවාත් එක්ක කරන්නේ).

ප්‍රශ්නය ඇත්තේ දරුවාගේ පැත්තේ නම් පළමුවෙන්ම ඇය එසේ කලේ ඇයිදැයි තේරුම් ගන්න උත්සහ කරන්න.

ඇය මගේ අවධානය ගන්න උත්සහ කරනවා වෙන්න පුලුවන්. නැත්තම් ඇයව ප්‍රකෝප කරන් යමක් තියෙන්නත් පුලුවන්.

බොහෝ වෙලාවට අපිට ගැටලු හදුනගෙන ඒවාට හේතු වන දේවල්  මුනින් උපුටා දමන්න පුලුවන්.

ඔබ හා ඔබගේ පුංචි පැටියා අතර ඇති ආදරණීය බැදීම හැමදා සුරකින The Asianparent Sri Lanka මේ තොරතුරු ආදරයෙන් තිළිණ කරනු ලබයි .

මෙම ලිපිය theIndusparent හි අනුමැතිය ඇතිව නැවත ප්‍රකාශනය කරන්න ලදී.