theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?

5 අවම කියවීම
අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?

පළවෙනි වතාවට ඔබේ පැටියා නාවන්නේ කොහොමද කියලා ඔබ චකිතයෙන් ඉන්නවද? මේ ලිපිය මගින් ඔබට අවශ්‍ය උපදෙස් රූප මගින් හා ආරක්‍ෂිත පියවර සමගින් දැනගන්න පුළුවන්.

පුංචි පැටියව අලුතෙන්ම ගෙදරට ගෙනාවට පස්සේ ඔබට අලුත් දින චර්යාවකට පුහුණු වෙන්න වෙනවා. ඔබ අලුත්ම අම්මා කෙනෙකු නම් මේ තත්වය ඊටත් වඩා බැරෑරුම් වෙන්න පුළුවන්. අනෙක් අතට බබා නාවන හැටි ගැන ඔබට චකිතයක් තියෙන්න පුළුවන්.

වතුර පිරුණු බේසමක් උඩින් පුංචි පැටියාව ඔසවාගෙන ඉන්න ඔබට බියක් දැනෙන්න පුළුවන්. අනෙක් අතට වතුර කොයිතරම් උණුසුම් විය යුතු දැයි ඔබ සිතන්න පුළුවන්. පැටියා ගෙදර ගෙනාපු ගමන්ම එයාව නාවන එක හොඳද නැද්ද? පැටියාව නාවන කොට පිළිපැදිය යුතු ආරක්‍ෂිත පියවර මොනවද?

ඔබේ හිතේ ඇතිවන බබා නාවන හැටි ගැන චකිතය නැති කර ගන්න මේ ලිපිය මගින් හුඟක් ඉඟි හා උපදෙස් ලබාගන්න පුළුවන්.

මේ උපදෙස් පිළිපැදීමට පෙර දරුවාගේ පෙකණිය හැලෙන තුරු ඔබට පැටියා වතුර බේසමක බහා සේදීම කළ නොහැකි අතර ඒ වනතුරු දරුවාව වතුරෙන් තෙත මාත්තු කිරීම කරන්න වෙනවා.

පුංචි පැටියා නාවන විට අනුගමනය කළ යුතු පියවර හා ආරක්‍ෂිත විධි ගැන ඔබට මේ ලිපියෙන් දැනුවත් වෙන්න පුළුවන්.

බබා නාවන හැටි 

ආරක්‍ෂිත පියවර

  • කිසිවිටකත් පැටියාව වතුර පිරවූ භාජනය ළඟ තනිව තබා යන්න එපා. දරුවාව ජලයට නිරාවරණය වීමෙන් අනතුරක් සිදුවීම අනපේක්ෂිත බැවින් හා ඊට මිනිත්තුවකටත් වඩා අඩු කලක් යන බව මතකයේ තබාගන්න.
  • දරුවාගේ ආරක්ෂාවට වැඩිමහල් තවත් දරුවෙකු වතුර බේසම අසලින් තබා යන්න එපා.
  • හැම වතාවකම පාවිච්චියෙන් පසු වතුර බේසම අස් කරන්න.
  • ඔබේ උදව්වට කෙනෙක් ඉන්නවා නම් ප්‍රථමාධාර ක්‍රම ගැන ඇයව දැනුවත් කිරීම වැදගත්. ඒ වගේම නෑවීම හා දරුවාගේ බෙල්ලට ආධාරකයක් ලබාදෙමින් දරුවා වඩා ගැනීම දරුවාගේ ශරීරයේ මෘදු තැන් ගැන ඇයව දැනුවත් කරන්න.
  • දරුවා නාවන අතරතුර ගෙදර සීනුව නාද වන්නේ නම් දරුවාව හොඳින් ඔතා දරුවාද රැගෙන ඊට යාමට අත්‍යවශ්‍ය නම් යන්න. දරුවා නාවන අතර තුරදී ජංගම දුරකථන ක්‍රියා විරහිත කර තැබීමෙන් ඇතිවන බාධා අවම කරගන්න පුළුවන්.
  • බේසම තැබීමට කිසි විටකත් ප්ලාස්ටික් සීට් එකක් භාවිත කරන්න එපා. එය ලිස්සා යාමට ඉඩකඩ තිබෙනවා.
  • දරුවා නැවිමේදී ආරක්‍ෂිත ලෙස තැබිය හැකි ආකාරයට සැකසූ බේසමක් තෝරා ගන්න.
  • බේසම යටින් නොලිස්සන සුළු පාපිස්සක් තබන්න අමතක කරන්න එපා.

බබා නාවන හැටි

පළමු පියවර: අවශ්‍ය උපකරණ හා භාණ්ඩ එක්රැස් කර ළඟට ගන්න.

Step 1: Gather your bath essentials

සමහර විට නෑවීම අතර තුර ඔබට දරුවාගේ තුවාය වත්තේ වේලෙන්නට දමා ඇති බව මතක් වෙන්න පුළුවන්. මෙවැනි දේවල් සිදුවීමෙන් වළකා ගැනීමට අත්‍යවශ්‍ය සියල්ල ඔබ අසලින්ම තබා ගන්න.

කෝප්පයක්, සබන්, ඇඳුම් අමතර වතුර කෝප්පයක් වැනි දේවල් ළඟ තබා ගැනීම වැදගත්. ඒ වගේම ඒවා ඔබට පහසුවෙන් ගන්න පුළුවන් තැන්වල තබා ගැනීමත් වැදගත්. හිස් වැසුම සහිත පිසිනයක්, ඩයපරය ආදිය පහසුවෙන් ඇන්දවිය හැකි ආකාරයට ආසන්න තැනක තබා ගන්න.

උපදෙස් : ඒ වගේම දරුවා නාවන කාමරය අධික සීතලෙන් යුක්ත නොවීමට සැලකිලිමත් වෙන්න.

බබා නාවන හැටි දෙවන පියවර : වතුර බේසම සූදානම් කරගන්න.

Step 1: Gather your bath essentials

වතුර ප්‍රමාණය අඟල් තුනකට වඩා පිරවීම නොකළ යුතුයි. මැණික් කටුවට ජලය ස්පර්ශ කළ පසු රස්නය අඩු හෝ වැඩි නැතිව මධ්‍යස්ථ ලෙස ඇතිදැයි බලන්න. නිවැරදි උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ක් පමණ විය යුතු බවයි.

උපදෙස් : දරුවා සින්ක් එකක් අසල නැවීම කරනවා නම් ටැප් එක මෘදු රෙදි කඩකින් වැනි දෙයකින් ආවරණය කර තැබීමෙන් අනපේක්ෂිත වැදීම් වලින් ආරක්ෂා කරන්න පුළුවන්.

තුන්වන පියවර : දරුවා නාන බේසම වෙත රැගෙන ඒම.

Step 3: Bring baby to tub

දරුවාගේ ඇඳුම් ඉවත් කර පළමුව දෙපතුල් ජලයෙන් තෙමන්න. මේ අතර දරුවාගේ ගෙල පිටුපසට හොඳ ආධාරකයක් දෙමින් දරුවාව අල්ලා ගන්න.

උපදෙස් : පළමු වතාවල් වලදී දරුවා තදින් හඬන්න ඉඩ තියෙනවා. මේ ගැන කලබල වීමෙන් නෑම අතර මැද නතර කළ යුතු වන්නේ නැහැ.

සතරවන පියවර : නෑම පටන් ගැනීම.

බබා නාවන හැටි

දරුවා නෑවීම එක් අතකින් නෑවීම කරන අතර අනෙක් අතින් බෙල්ලට හා හිසට ආධාරකයක් ලබා දෙන්න. ඉන්පසුව හිස් කබලට සෙමින් වතුර වත්කරන්න.

උපදෙස් : හුඟක් වෙලාවට බිළිඳුන් උදෑසන නැවීම නිසා සනීපයක් ලැබෙන බැවින් ඉන්පසුව හොඳ නින්දක් ලබා දෙනවා. නින්දට පෙර නෑවීම නිසා දරුවා හොඳින් නිදන බැවින් ඊට පෙර වෙලාවක් තෝරා ගන්න පුළුවන්.

පස්වන පියවර :බේබි සබන් ගාන්න 

Step 5: Lather

හිස නෑවීමෙන් පසු මෘදු සබන් බිඳිති කිහිපයක් දමා මෘදුව අතුල්ලා සබන් සෝදා හැරීමට වෙනත් කෝප්පයක් හිසට යටින් තබා වතුර වත්කර පැත්තකින් තබන්න.

මෙම හිස් කෝප්පය පෙර සුදානම් කර ගැනීම වැදගත්. ඇඟ සේදීමට වතුර කෝප්පයක් පමණ එක් කරන්න. ( ඔබ කැමති නම් පළමුව සේදු හිසේ වතුර මාත්තු කර ඇඟ සේදීම කරන්න පුළුවන්.

ඉන් දරුවාට සීතල ගතියක් දැනෙන්නේ නැහැ) ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් වලදී අම්මලාට එලෙස කිරීමට උපදෙස් ලැබෙනවා.

තෙමන සහිත ඇඟට මෘදු රෙදි කැබැල්ලක සේදුම් ඛාරකයකින් බිඳුවක් පමණ ගලවා ඇඟ පිරිමදින්න.

තවත් පිරිසිදු තෙත රෙදි කඩකින් පැටියාගේ මුහුණ පිස දමන්න පුළුවන්. පැටියාගේ ඇස් පිස දැමීමට තෙමාගත් මෘදු පුළුන් කැබලි දෙකක් පාවිච්චි කරන්න. පිස දැමීමේදී ඉතා ප්‍රවේසම් සහිතව පිස දැමීම වැදගත්. දරුවාගේ ඉකිලි අත්යට සබන් වැඩිපුර නොගෑමත් වැදගත් වන්නේ තවමත් එම ස්ථාන ඉතාම සිනිඳු නිසයි. හිසට සවිමත් ආධාරකයක් තබමින් පිටුපස පැත්ත හොඳින් පිරිසිදු කරන්න.

උපදෙස් : බේබි සබන් හා බේබි ලෝෂන් පාවිච්චි කරන විට රසායනිකයන් අඩංගු නොවන නිෂ්පාදනත් මෘදු අන්තර්ගතයන් අඩංගු නිෂ්පාදනත් තෝරා ගන්න.

හයවන පියවර : සේදීම.

Step 6: Rinse

තෙත රෙදි කැබැල්ලකින් ඇඟේ ඇති සබන් පිස දමා හොඳින් සෝදා හරින්න. ඉතා පරිස්සමෙන් බබා නාන බේසමෙන් එළියට ගන්න. තෙත නිසා දරුවා ලිස්සීමට ඉඩ තිබෙනවා.

හැකිතරම් දරුවා එතීමට තවත් රෙදි කඩක් යොදා ගන්න පුළුවන්.

උපදෙස් : හතරැස් රෙදිකඩක් නම් වඩාත් පහසුයි.

හත්වන පියවර : වියළීම හා ඇඳුම් ඇන්දවීම.

බබා නාවන හැටි

ඉක්මනින් දරුවාගේ ඇඟේ වතුර පිස දමා වියළි කිරීම වැදගත්. ඔබට ඉන්නේ පුතෙකු නම් හැකි ඉක්මනින් ඩයපරය ඇන්දවීම කරන්න පුළුවන්. නැතිනම් දරුවාගේ ලිංගේන්ද්‍රිය වැසෙන සේ නැප්කින් එකකින් වසන්න. දරුවාගේ ඇඟ තදින් ඇතිල්ලීමෙන් වළකින්න. අත් යට හා වැසුන තැන්වල ජලය ඇත්දැයි බලන්න. හිස, දෙකන් හොඳින් පිස දමා වියළන්න. කැමති නම් මොයිචරයිසර් සුළු ප්‍රමාණයක් ඇඟේ ගල්වා ඉන්පසුව දේශගුණයට ගැළපෙන ලෙස පැටියාට ඇඳුම් අන්ඳවන්න.

අලුත උපන් දරුවන් නැවීම අම්මලාට තරමක් අභියෝගයක් වුනත් එය ජයගන්න theAsianparent Sri Lanka ඒ වෙනුවෙන් මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • අලුත උපන් පුංචි පැටියා හරියටම නාවන හැටි ඔබ දන්නවද?
බෙදාගන්න :
  • අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

    අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

  • අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

    අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

  • අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

    අලුත උපන් බිළිදා නෑවීම ගැන මෙම කරුණු 7 ඔබ සිහිතබාගත යුතුයි

  • අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

    අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it