theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ජීවිතයේ සැමදාම සතුටින් ඉන්නට නොවරදින සූත්‍රය

3 අවම කියවීම
ජීවිතයේ සැමදාම සතුටින් ඉන්නට නොවරදින සූත්‍රයජීවිතයේ සැමදාම සතුටින් ඉන්නට නොවරදින සූත්‍රය

සැමදාම සතුටින් ඉන්නට නොවරදින සූත්‍රය ජිවිතයේ බලාපොරොත්තු වෙනුවට අගය කිරීම ආදේශ කරගන්නට හුරු පුරුදු වන්න. ඔබට දැනෙන වෙනසින් ඔබම මවිත වේවි.

ජීවිතය දිහා ප්‍රවේසමෙන් බැලුවොත්, දෛනික ජිවිතයේ එදිනෙදා ක්‍රියාවලිය දිහා මොහොතකට නැවතී බැලුවොත් ඔබට පැහැදිලිව පෙනේවි එදිනෙදා ජිවිතයේ සැම දේම පාහේ අප කරන්නේ වෙන කිසිම හේතුවකට නොවෙයි ජිවිතයේ සැමදාම සතුටින් ඉන්නට යි කියල.

මූලික අරමුණ සතුටින් සිටීම වුවත් බොහෝ දෙනෙකු සිටින්නේ කනස්සලෙන්... එහෙම නේද? අපි පුරුද්දට කාව හෝ මුණ ගැහුණු ගමන් නැතිනම් දුරකථන ඇමතුමක් දුන් ගමන් අහන්නේ "ඉතින් කොහොමද?" කියල.

මෙයට පුරුද්දක් ලෙස බොහෝ විට ලැබෙන පිළිතුර තමා "ඔහේ ඉන්නවා" කියන එක. බොහෝ විට මෙම පිළිතුරෙත් ගැබ් වෙලා තියෙන්නේ කනස්සලු ස්වභාවයක්.

ඉතින් අද ඔබ සමඟ බෙදාගන්නට හිතුවේ ජිවිතයේ හැමදාටම ඉතාම වටිනා පුංචි සුත්‍රයක් ගැන.

සැමදාම සතුටින් ජිවත් වන්නට පෙරුම් පුරන ඔබ හැමෝම මේ සූත්තරේ රහස හඳුනාගෙන මේ පුංචිම පුංචි අභ්‍යාසය කරන්නට ලෑස්ති නම් ගෙවෙන සෑම දවසක්ම අනිවාර්යයෙන්ම මහත් සතුටින් ගත කරන්නට හැකි වනවා. ඉතින් මොකද්ද මේ සූත්‍රය.

ජිවිතයේ බලාපොරොත්තු වෙනුවට අගය කිරීම ආදේශ කරගන්න.

ඔව්! ඕක තමා සූත්‍රය. ඔබේ පුංචි හෝ සිත් තැවුලක් ගැන සිතා බලන්න. මෙයට හේතුව ඔබ ඊට විරුද්ධ දෙයක් බලාපොරොත්තු වීමයි. දරුවන් සමඟ කේන්ති යන්නේ අප බලාපොරොත්තු වන ආකාරයට දරුවා ක්‍රියා නොකිරීම නිසයි.

සැමියා සමඟ සිත් තැවුල් වන්නේ අප බලාපොරොත්තු වන ආකාරයට ඔහු ක්‍රියා නොකිරීමයි. අන් සැම දෙයක්ම ගතහොත් මෙයට සමාන හේතු සොයාගන්න පුළුවන්.

ඉතින් කොහොමද අගය කිරීම තුලින් සැමදාම සතුටින් ඉන්නට මෙය වෙනස් වන්නේ? 

නිදසුනක් හරහා ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නම්.

නිදසුනක් ලෙස ඔබේ සැමියාගේ ක්‍රියා කලාපය නිසා ඔබ සිත් තැවුලෙන් නම්, මුලින්ම ඔබට සැමියෙකු සිටීම අගය කරන්න.

සැමියෙකු නොමැති, පවුලක අත්දැකීමක් නොමැති බොහෝ දෙනෙක් ඔබ සිටිනා ලෝකය ලබන්නට සිහින මවනවා නොවේද? ඔබේ සැමියා තුල ඇති ඔබ කැමති ගති පැවතුම් ගැන ආවර්ජනය කරන්න.

ඔබට සැමියෙකු සිටීම ගැනත්, ඔහුගේ ක්‍රියා කලාපය තුලින් ඔබට දායාද වන ඉවසීම, තේරුම් ගැනීම සහ ශක්තිමත් බව වෙනුවෙන් ඔබ අදහන දෙවියන්ට හෝ විශ්ව ශක්තියට ස්තුතිවන්ත වන්න.

මෙම ක්‍රියාදාමය ඔබගේ අනෙකුත් සිත් තැවුල් වලටද ආදේශ කරගන්නට පුළුවන්.

මෙයින් ඔබගේ ගැටලුව නිරාකරණය නොවන්නට පුළුවන්. නමුත් එම ගෙටලුව දිහා වෙනස්ම කෝණයකින් බලන්නට ඔබට හැකියාව ලැබෙනවා.

හඬා වැටෙමින් මැසිවිලි නගන්නෙකු වනවා වෙනුවට ඔබ සිටියාට වඩා උසස් තැනක සිට ඔබේ ගැටලුව දකින්නට හුරු වනවා.

සමහර විට ඔබ ගැටළුවක් යැයි සිතු දෙය ආශීර්වාදයක් බවද තේරුම් ගන්නට හැකි වන අවස්ථා තිබෙනවා.

ඔබ සැමදාම සතුටින් ජිවත් වන පුද්ගලයෙකු බවට පත් වනවා.

ඔබ වටා සිටින්නන් පවා ඔබ මැසිවිලි නගන්නෙකු වෙනුවට ශ්‍රියාවන්ත පුද්ගලයෙකු සේ දකින්නට පටන් ගන්නවා.

පුංචි පේළියක් වුවත් මෙය ගැඹුරු අර්ථයක් සහිත අභ්‍යාසයක්.

ජීවිතය ආශීර්වාදයක් සේ දකින්නට හුරු වූ විට ඔබේ සතුට ඔබේ විශාලම ආභරණය වනවා.

මේ නිසා සතුට අනාගතයේ යම් දවසක අත් දකින්නට ඇති දෙයක් නොවේ...

ඔබ තුළම ඇති සැඟවුණු පහනක්. අදම එහි තිර හැර බබලන්නට මෙන්ම එලිය දෙන්නට පටන් ගන්න.

#අඳුරටඑළියක් වෙත සැපයූ ලිපියකි.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ජීවිතයේ සැමදාම සතුටින් ඉන්නට නොවරදින සූත්‍රය
බෙදාගන්න :
  • විවාහය, ඔබ පමා වැඩියි

    විවාහය, ඔබ පමා වැඩියි

  • මෙන්න මේ පුරුදු 2ට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්

    මෙන්න මේ පුරුදු 2ට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්

  • විවාහය, ඔබ පමා වැඩියි

    විවාහය, ඔබ පමා වැඩියි

  • මෙන්න මේ පුරුදු 2ට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්

    මෙන්න මේ පුරුදු 2ට ඔබේ විවාහය ශක්තිමත් කරන්න පුළුවන්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it