theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

6 අවම කියවීම
අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයිඅලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි

ඔබ හිතනවාට වඩා හේතුව වැදගත්...

නිසැකවම ඔබේ අලුත උපන් දරුවන් ආරක්ෂිතව හා නිරෝගීව තැබීම ඔබේ ප්‍රමුඛතාවයන් අතර මුල් තැනට පත් වේ. මුල් සති කිහිපය තුල අලුත උපන් දරුවන් ගේ සෞඛ්‍යයට ඇති ප්‍රබලතම තර්ජනයන් ගෙන් එකක් වන්නේ ආසාදන වලට හේතු වෙන විෂබීජ නොපෙනී පැවතීමයි.

අලුත උපන් දරුවන් ආසාදන වලට ගොදුරු වන්නේ ඇයි? දෑත් සේදීම වැනි සරල ක්‍රියාවක් ඔබේ පුංචි පැටියාගේ ආරක්ෂාවට සහය වන්නේ කෙසේද යන්න මෙම ලිපිය තුලින් දැනගන්න.

අලුත උපන් දරුවන් ආරක්ෂිතව හා නිරෝගීව තැබීම

අස්ථිර  පද්ධතිය

උපතෙන් සතියකට පසු අලුත උපන් දරුවන් ආසාදන වලට ගොදුරු වීමට වැඩි ප්‍රවණතාවක් දක්වයි.

වෛරස් හා බැක්ටීරියා වලින් ඇතිවෙන ආසාදන හා ලෙඩ රෝග වලට එරෙහිව සටන් කරන්නේ අපේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේ.

නමුත් අලුත උපන් දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවම නිසි පරිදි පරිණත වී නැත.

මේ නිසා වැඩිහිටියෙක්ගේ හෝ වැඩිමහලු ළමයෙක්ගේ පරිද්දෙන් සාර්ථකව  විෂබීජ වලට එරෙහිව සටන් කර ඒවා ඉවත් කිරීම කල නොහැකිය.

මේ නිසා, ළදරුවන් නොමේරූ බවත් සමග ආසාදන වලට ලක් වුවහොත් දැඩි ලෙස රෝගී විය හැකිය.

රෝගී දරුවන් විෂබීජ හා සටන් කරමින් ඉතා දුෂ්කර කාලයක් ගත කිරීමට සිදුවේ.

වැඩුනු දරුවන්ට වඩා අලුත උපන් දරුවන් විෂබීජ වලට ගොදුරු වනවා සේම ඔවුන් බරපතල ආසාදනයන් ගෙන් මරණයට පත්වීමට ඇති ඉඩකඩ වැඩි බව සෞඛ්‍ය විශේෂඥයින් පවසා සිටිනවා.

අලුත උපන් දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් නොමැති අතර පහසුවෙන් ආසාදන වලට ගොදුරු වෙන සුලුය.

අලුත උපන් දරුවන් ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙතරම් දුර්වල  ඇයි?

දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වන්නේ ඇයිදැයි විස්තර කිරීමට ඕන තරම් න්‍යායයන් තියෙනවා.

එක න්‍යායයක් වන්නේ අලුත උපන් දරුවාගේ මොලය, පෙනහළු හා  ශරීරයේ ඉතිරි කොටස් මෙන්ම ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියද පරිණත වී නොමැති අතර ඒවා කාලයත් සමග පරිණත භාවයට පත් වේ.

තවත් එකක් නම් ගැබිණි මවගේ හා ඇය තුල වර්ධනය වන දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධති  මර්ධනය වී ඇති අතර එමනිසා ඒවා එකිනෙක ප්‍රතික්ෂේප  වන්නේ කරන්නේ නැහැ .

ජීවිතයේ මුල් අවධිය තුල දරුවාගේ බඩවැල් ,පෙනහළු,සම හා මුව තුල සිරුරට හිතකර බැක්ටීරියාවන්ට වර්ධනය වීමට ඉඩ දීම සිරුර මගින් යාන්ත්‍රණය කරන අතර, ඒ මගින්  ප්‍රතිශක්තිකරණයේ මර්ධනයක් ඇති වන බව මේ සම්බන්ධව තියෙන නවතම අධ්‍යනයන් පෙන්වා දෙනවා.

මෙම හිතකර ක්ෂුද්‍රජීවීන් ජීවිතාන්තය දක්වා යන නිරෝගී බවත් ප්‍රතිශක්තිකරණයත් සදහා මුල් අඩිතාලම සකස් කරනවා. මොනවා වුනත් එක දෙයක් පැහැදිලියි.

දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ස්ථාවර වෙන මුල් මාස දෙකවත් කුඩා දරුවා ආසාදන වලින් ආරක්ෂා කිරීම ඉතා වැදගත් කර්තව්‍යයක් වෙනවා.

වැදගත් දෙයක් හා මුලික පියවරක් වශයෙන් අත් සේදීම වැනි සරල ක්‍රියාවක් ඔබද අනුගමනය කරමින් දරුවා බලන්න එන සියල්ලන්ටම එසේ කරන ලෙස ඉල්ලා සිටීම මගින් ඔබේ වටිනා දරුවා භයානක විෂබීජ වලින් ආරක්ෂා කරගන්න.

ප්‍රසුතියෙන් පසු

ඔබ දරුවාව අතට ගැනීමට පෙර අත සෝදාගන්න. දරුවා බලන්න එන අමුත්තන්ටද එසේ කරන ලෙස ඉල්ලා සිටින්න.

අත් සේදීම : ඔබේ අලුත උපන් දරුවා ආරක්ෂා කරන සරල හා ඵලදායී ක්‍රමයක් වේ.

ඔබේ දරුවාට මාස දෙකක් වත් වෙනතුරු අමුත්තන්ට ඔබේ දරුවා අතට ගැනීමට නොදීම වඩාත් යෝග්‍යයි. 

ඔවුන් අතට ගන්නේ නම්, ඊට පෙර සබන් හා ජලය යොදා හොදින් අත් සෝදන සිට ඉල්ලා සිටීම වටිනා අදහසක් වේ.

ඔබ මෙන්ම ඔබේ පවුලේ අයද එම නිතීය අනුව කටයුතු කිරීමට සලස්වන්න.

ළදරු මරණ අනුපාතය අඩුකර ගැනීම හා වළක්වා ගැනීම මෙන්ම දරුවා ආසාදන වලින් ආරක්ෂා කරගැනීමද වැදගත්.

ඒ සදහා අත් සේදීම වැනි සරල  ක්‍රියාවක්  කොහොමද සහය වන්නේ යන්න  නේපාලයේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් අනාවැකියක් පල කරනවා.

දකුණු නේපාලයේ ජෝන්ස් හෝප්කින්ස් විශ්ව විද්‍යාලය හා නේපාලයේ පෝෂණ මැදිහත් වීමේ ව්‍යාපෘතිය අලුත උපන් දරුවන් හා ඔවුන්ගේ මව්වරුන් 23000 කට වැඩි ප්‍රමාණයක් ඇසුරෙන්  අධ්‍යනයන් පවත්වන ලදී.

දරු උපතට පෙර ඒ සදහා සහභාගී වෙන සෞඛ්‍ය සේවිකාවට හා මව්වරුන්ට  දරුවා අතට ගැනීමට පෙර භාවිතා කල යුතුයි.

දෑත් සේදීම ඇතුලු දරු උපතට අදාල සනීපාරක්ෂාව හා ආරක්ෂාවට අදාල ක්‍රියාකාරකම් සියලුම සහභාගී වු කාන්තාවන්ට දැනුම් දෙන ලදී.

ඒ වගේම ඔවුන්ට කුඩා සබන් කෑල්ලක් අඩංගු සනීපාරක්ෂක කට්ටලයක් ලබා දුන්නා.

දින 1 සිට  දින 14 දක්වා  කාලය තුල ආසාදන හා මරණ සදහා හේතුවු අවදානම් කරුණු හා රැකබලා ගැනීමේ ක්‍රමවේදයන් තක්සේරු කිරීමට  පරීක්ෂකයින් මව්වරුන් ගෙන් ප්‍රශ්න කලා.

දරු ප්‍රසුතියට පෙර ඒ සදහා සහභාගී වු සේවිකාවන් හා දරුවන් අතට ගැනීමට පෙර මව්වරුන් සබන් හෝ විෂබීජ නාශකයක් යොදා අත් සෝදා ඇති පිරිස අතර ළදරු මරණ අනුපාතිකය කැපී පෙනන ලෙස අඩු බව ඔවුන් එහිදි සොයා ගනු ලැබුවා.

ඇත්තවශයෙන්ම ,සමහර වේලාවට හා සෑම විටම තම දරුවන් අතට ගැනීමට පෙර අත් සේදු බවට වාර්තා කල මව්වරුන්ගේ අලුත උපන් දරුවන්ගේ  මරණ අවදානම 60% කින් අඩු වුනා.

අත් සේදීම මගින් අලුත උපන් දරුවා ජීවිත තර්ජන ඇතිකරන විෂබීජ වලට සම්පුර්ණයෙන්ම නිරාවරණය වීම අඩුකරන අතර ඒ මගින් ළදරු මරණ අනුපාතිකය අඩුවන බව අධ්‍යනයන් යෝජනා කරනවා. 

අලුත උපන් දරුවෙක් අවට  දැඩි පිරිසිදු කමක් (101%)

මේ වන විටත් ඔබ හා අනෙකුත් අය අලුත උපන් දරුවා හා කටයුතු කරන විට පිරිසිදුකම කොතරම් වැදගත් යැයි ඔබ දන්නවා.

ඔබේ දරු උපත නියමිත දිනට කලින් සිදු වී නම් ඔබේ දරුවා අතට ගැනීමට පෙර හා පවුලේ අය ඇතුලු අනෙක් අයට අත් සෝදාගන්න ලෙස පැවසීමට ඔබට හේතු තියෙනවා.

ඔබ අලුත උපන් දරුවා  විශේෂයෙන් NICU (ළදරු දැඩි සත්කාරක ඒකකය )  තුල සිටින දරුවන්  අතට ගැනීමට පෙර මේ වැදගත්  මගපෙන්වීම් ( Uconn Health මගින් ලබා ගන්නා ලද) මතක තබා ගන්න.

ඒ වගේම මෙය සියලුම අමුත්තන්ට දන්වා එය පිලිපදින ලෙස දන්වා සිටින්න  වගබලා ගන්න.

* ඇදුමේ අත් වැලමිට දක්වා නවන්න.

* ඔරලෝසු, මුදු හා අනෙකුත් ආභරණ (සරල මංගල මුදු හැර) ගලවා ආරක්ෂිත තැනක තැම්පත් කරන්න. ඔබේ ඇදුමේ කොනක එල්ලා ගන්න.

මෝස්තර හා කැටයම් සහිත ආභරණ වල ඇතිල්ලීමෙන් ඉවත් නොවන විෂබීජ තිබිය හැකිය.

*කෙටි හා ස්වාභාවික නියපොතු වලට වඩා කෘතිම නියපොතු, දිගු නියපොතු හා කැටයම් සහිත නිය ආලේපන ගැල්වු නියපොතු විශාල ලෙස විෂබීජ දවටාගන්නා ලද බවක් පේනවා.

ඔබගේ නියපොතු කෙටිව පවත්වා ගැනීමට වගබලා ගන්න.

*උණු ජලය හා සබන් භාවිතා කර ඔබේ දෑත් තත්පර තිහක් වත් සෝදන්න.

සින්ක් එකේ පතුල වෙත ඔබේ ඇගිලි දිගුකර ගෙන සිටින්න.

ඔබේ දෑත් වැලමිටට වඩා පහලින් තබා ගැනීම තුලින් සබන්, ජලය හා විෂබීජ ඔබේ අත දිගේ පහලට ගමන් නොකර සින්ක් එකට සේදී යයි.

*අත් සේදීමෙන් පසු කඩදාසි අත්පිස්නාවක් මගින් දෑත් වියලෙන තුරු පිසදමන්න. භාවිතයෙන් පසු ඉවතට විසිකල හැකි නිසා කඩදාසි අත්පිස්නා වඩාත් හොදයි.

*කඩදාසි අත් පිස්නාවක්ම භාවිතා කර ජල කරාමය වසන්න.

ඔබේ පිරිසිදු කරගත් අත්වලින් ජල කරාමය වත් අල්ලන්න එපා.

*සෝදා පිරිසිදු කරගත් දෑතින් කිසිවක් අල්ලන්න එපා.

* ඔවුන්ගේ අලුත් සහෝදරයා හෝ සහෝදරිය බැලීමට එන කුඩා දරුවන් Happy Birthday ගීතය දෙවරක් වත් ගායනය කර ඉවර වෙන තුරු අත් සෝදන්න ඔවුන්ට උදව් කරන්න.

*ඔබේ මුහුණ, ඇස් ඇල්ලීමෙන් පසු හා දරුවාගේ ඩයිපරය මාරු කිරීමෙන් පසු නැවත අත් සෝදන්න.

ඔබේ දරුවා අතට ගැනීමට පෙර අනෙක්  අයට අත් සෝදන්න යැයි පැවසීමට පැකිලෙන්න එපා.

අනෙක් අයට ඔබේ දරුවා අතට ගැනීමට පෙර අත් සෝදන්න යැයි පවසන්නේ කෙසේද?

ආච්චි,සීයා ඇතුලු අනෙකුත් නැදෑයින්ට ඔබේ දරුවා අතට ගැනීමට පෙර අත් සෝදන්න යැයි පැවසීම අපහසු විය හැකිය.

නමුත් ඔබේ දරුවාගේ ආරක්ෂාවට එසේ කිවයුතු බවත් එම ඉල්ලීම සාධාරණ බවත් මතක තබා ගන්න.

බොහොමයක් අමුත්තන් සතුටින් ඔබේ ඉල්ලීම ඉටු කරාවි.

තමන්ට ලෙඩ රෝග නොමැති බැවින් අත් සේදීම අවශ්‍ය නොවන බව පවසන ස්වල්ප දෙනෙක් ඉන්න පුලුවන්.

පොදු මතක් කිරීමක් වශයෙන් මිනිසුන් දෘශ්‍ය මාන රෝග ලක්ෂණ වලින් තොර වුවත් විෂබීජ වාහකයන් ලෙස කටයුතු කල හැක.

ඔබේ අලුත උපන් දරුවාට වැඩිමහලු සහෝදරයෙක් සිටියි නම් ඔහුට මෙම මෙහෙයුම පවරන්න උත්සහ කරන්න.එවිට ඔහු අමුත්තන්ව අත් සෝදන්න රැගෙන යාවි.

අමුත්තන් අත් සෝදන්න සුදානම් නැති නම් හෝ ඔබ අසල  ජලය හෝ සබන් නොමැති නම් ඇල්කොහොල් අඩංගු සනීපාරක්ෂක ද්‍රාවණ හොද විසදුමක් වේවි.

ඔබට මේ ලිපිය වැදගත් වෙන්න ඇතැයි අප හිතනවා.මේ තොරතුරු නැන්දලා, ආච්චිලා, සීයලා ඇතුලු පවුලේ හැමෝම එක්ක බෙදා ගන්න.

කමෙන්ට් බොක්ස් එකේ ඔබ මේ ලිපිය ගැන ඔබ මොකද හිතන්නේ කියලා සටහනක් යොදන්නත් අමතක කරන්න එපා.

theAsianparent Sri Lanka අපේ  මේ වැයම ඔබට ඔබේ රත්තරන් පැටියා විෂබීජ වලින් රැකදෙන්නයි.

නිර්දේශ : Science, KidsHealth.org, Nature

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

 

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • අලුත උපන් දරුවා අතට ගැනීමට පෙර ඔබ ඔබේ දෑත් සේදිය යුත්තේ ඇයි
බෙදාගන්න :
  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

  • අලුත උපන් දරුවන්ගේ ගුද මාර්ගයෙන් වාතය පිටවීම හා එය වලක්වා ගන්නෙ කෙසේද ?

    අලුත උපන් දරුවන්ගේ ගුද මාර්ගයෙන් වාතය පිටවීම හා එය වලක්වා ගන්නෙ කෙසේද ?

  • අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

    අලුත් බබාව බලන්න යන්න කලින් මේ දේවල් වලින් දැනුවත් වෙන්න

  • අලුත උපන් දරුවන්ගේ ගුද මාර්ගයෙන් වාතය පිටවීම හා එය වලක්වා ගන්නෙ කෙසේද ?

    අලුත උපන් දරුවන්ගේ ගුද මාර්ගයෙන් වාතය පිටවීම හා එය වලක්වා ගන්නෙ කෙසේද ?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it