බබාගේ දිව පිරිසිදු කිරීම අම්මලා බොහොමයකට අද තියෙන ප්‍රශ්නයක් නේද?
පුංචි පැටියාගේ දිවේ සුදු තට්ටුවක් වැනි දෙයක් බැඳිලා තියෙනවද? එය පිරිසිදු කිරීම ගැන ඔබ නොදැනුවත්ද?
එහෙනන් මේ අම්මා එයාගේ බබාගේ දිව පිරිසිදු කරන්නේ කොහොමද කියලා මේ Video එකෙන් බලන්නකෝ.
බබාගේ දිව මෙහෙම සුදු පැහැති තට්ටුවක් බැදෙන්නේ මව්කිරි දරුවාගේ දිවේ තැම්පත්වීම නිසයි.
කිරි මැලියම් කියලත් හදුන්වන මේ සුදු පැහැති ද්‍රව්‍ය දරුවාට හානියක් නොකලද දරුවාට රසය දැනීම සදහා බාධාවක් වෙන්න පුළුවන්

දිව පිරිසිදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය
- පිරිසිදු රෙදි කඩක් පමණයි
බබාගේ දිව පිරිසිදු කිරීම නොකළ යුතු අවස්ථා

- දරුවා නොසංසුන් නම්
- බබා නොනවත්වා හඩයි නම්
- දරුවා රෝගී විට
බබාගේ දිව පිරිසිදු කිරීම කරන විට සැලකිලිමත් විය යුතු කරුණු
- බබාගේ දිව පිරිසිදු කිරීමට පෙර ඔබේ දෑත් හොදින් සබන් දා සෝදන්න.
- හොදින් පිරිසිදු කරගත් රෙදි කඩක් සුදානම් කරගන්න.
- කිසිදු විටෙක වෛද්‍ය උපදෙස් නොමැතිව දිව සේදීම සදහා විවිධ සේදුම්කාරක දියර භාවිතා නොකරන්න.
- බබා සංසුන් කල හැකි සෙල්ලම් බඩු කිහිපයක් ලංකරගන්න.
- අතින් පිරීසිදු කරලත් දිවේ මැලියම් ගතිය පහව නොයයි නම් දරුවාගේ වෛද්‍යවරයා වෙත දරුවා රැගෙන යන්න.
බබාගේ දිව පිරිසිදු කිරීම පියවරෙන් පියවර

- බබාව සංසුන් කරගන්න.
- පිරිසිදු ගෝස් හෝ කපු රෙදි කෑල්ල ඔබේ දකුණු අතේ දබර ගිල්ලේ රදවා ගන්න.
- ඉන්පසු වම් අතින් බබාගේ හිස මදක් ඉහළට සිටින සේ අල්ලා ගන්න. ඔබට මෙය පහත වීඩියෝවේ දකින්න පුළුවන්.
- දැන් සෙමෙන් රෙදි කඩ දැවටු ඔබේ දබරගිල්ල බබාගේ මුව ඇතුලට යොදා දිව තුවාල නොවන පරිදි මෘදුව අතුල්ලන්න.
- මෙය මද වේලාවක් කරන්න.
- ඉන්පසු ඔබේ මැදගිල්ලට එම රෙදි කඩේම වෙනත් පිරිසිදු කොටසක් දවටාගන්න.
- ඉන්පසු ඒ ඇගිල්ලද බබාගේ මුව තුලට ඇතුල් කර මෘදුව පිරිමදින්න
- බබා ෙනොසංසුන් වේ නම් බබාට කතා කරන්න. සෙල්ලම් බඩුවක් දෙන්න. අවධානය වෙනස් කරන්න.
- ඔන්න ඔයාගේ පුංචි පැටියාගේ දිව දැන් පිරිසිදුයි. හැබැයි මේ මැලියම් ඉවත් නොවේ නම් දරුවා වෛද්‍යවරයා වෙත ගෙන යන්න.
ඔබට මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවශ්‍ය නම් හෝ ගැටලුවක් ඇතිනම් පහතින් සටහන් කර අප හා බෙදා ගන්න.
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.