theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

යෝනිය පිරිසිදු කිරීම ගැන ඔබට ඇති ප්‍රශ්න 12 කට මෙන් පිළිතුරු

5 අවම කියවීම
යෝනිය පිරිසිදු කිරීම ගැන ඔබට ඇති ප්‍රශ්න 12 කට මෙන් පිළිතුරුයෝනිය පිරිසිදු කිරීම ගැන ඔබට ඇති ප්‍රශ්න 12 කට මෙන් පිළිතුරු

ඔබේ ‌යෝනිය පිරිසිදු කිරීම ගැන නිවැරදි මග ‌පෙන්වීමක් අවශ්‍යද?

යෝනිය පිරිසිදු කිරීම ගැන ඔබට ගැටළු තියෙනවාද?

ඔන්න එහෙනම් ඒ හා සම්බන්ධ ප්‍රශ්න 12 කට පිළිතුරු ඇතුලත් ලිපියක් ‌ගෙන එන්නයි අපගේ ‌මේ සුදානම.

1.යෝනිය පිරිසිදු කිරීම අවශ්‍යද?

 ඔබේ යෝනිය සම්පුර්ණයෙන්ම පිරිසිදු කිරීම අවශ්‍ය නැහැ .

නමුත් ඔබ ඔබේ යෝනියේ බාහිර කොටස් වෙන ක්ලිටරිස්, ක්ලිටරිස් ආවරණය හා පිටත හා ඇතුලත යෝනි තොල් පිරිසිදු කල යුතු වෙනවා.

ඔබ ඇත්තට සෝදා පිරිසිදු කල යුත්තේ යෝනියේ බාහිර කොටසයි.

යෝනියේ අභ්‍යන්තර කොටස පිරිසිදු කිරීමට එහි ස්වයංක්‍රීය ක්‍රමයක් තියෙනවා.

ඔබ විවිධ ආලේපන හා සබන් වර්ග යොදමින් යෝනියේ ඇතුලත සේදීමට යාම හානිදායකයි.

ඒවා ඔබේ යෝනිය තුල Ph අගය වෙනස් කරනවා.

ඒ මගින්  බැක්ටීරියා සමතුලිතතාවය හානි කරන අතර හිතකර බැක්ටීරියා විනාශ වීමටද හේතු වෙනවා. අවසානයේ ඔබට ඊස්ට් ආසාදන වැනි විවිධ ආසාදන වලට ගොදුරු වන්නට වේවි.

2 බාහිර යෝනිය පිරිසිදු කරන්නේ කොහොමද?

යෝනිය පිරිසිදු කිරීම ගැන ඔබට ඇති ප්‍රශ්න 12 කට මෙන් පිළිතුරු

ඔබේ බාහිර යෝනිය උණුසුම් ජලයෙන් සෝදන්න.

ඔබට අවශ්‍ය නම් සමට හානි කර නොවන මෘදු සබන් වර්ගයක් හෝ මේ සදහා නිෂ්පාදිත ආලේපනයක් භාවිතා කරන්න පුළුවන්. 

ඔබේ යෝනි තොල් ඈත් කර එහි නැමි අතර පිරිසිදු රෙදි කඩකින් හෝ ඇගිලි වලින් සෝදන්න.

නමුත් ඔබේ යෝනි මාර්ගය තුලට ජලය හෝ සබන් ඇතුල් වීමට ඉඩ නොදෙන්න.

මීට අමතරව ඔබේ  ගුදය හා යෝනිය අතර ප්‍රදේශයත් ගුදයත් සෑම දිනකම සෝදන්න.

ගුදය අවට සිටින බැක්ටිරියා යෝනියට යා හැකි බැවින් මෙසේ සේදීමේදි සෑම විටම ඉදිරියේ සිට පසුපසට සෝදන්න.

3.සබන් භාවිතා කරන්න අවශ්‍ය නැතිද?

මායෝ සායනයට අනුව ඔබේ බාහිර යෝනි කොටස් සේදීමට සබන් අවශ්‍යම නැහැ.

නමුත් ඔබට අවශ්‍ය නම් සුවද නොගැල් වු වර්ණක අඩංගු නොවන  මෘදු සබන් වර්ගයක් භාවිතා කරන්න.

සුවද ගැල්වු සබන් ඔබේ යෝනිය අවට මෘදු සමට හානි කරන්න පුළුවන්.

4. යෝනිය පිරිසිදු කිරීම සදහා ආලේප හෝ ස්ප්‍රේ වර්ග සුදුසුද?

වෙළද පොලෙන් මිලදී ගත හැකි මෙම නිෂ්පාදන ඔබේ යෝනිය පිරිසිදු කරන බව හා සුවදවත් කරන බව කියනවා නේද?

නමුත් මේවා මිලදී ගන්න එපා. ඔබේ යෝනියෙන් මල් සුවද වහනය විය යුතු නොවේ.

ඒවා මගින් කරනුයේ මිනිසුන්ට යෝනියේ ස්වාභාවික ගන්ධයන් ගැන අනාරක්ෂිත හැගීමක් ඇති කිරීමයි.

මේවා ඔබේ පිටත හා අභ්‍යන්තර යෝනිය සදහා අනවශ්‍ය හා හානිදායක බව පමණක් මතක තබාගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

5. ඒ කියන්නේ කිසිම සුවද ගැල් වු ආලේපනයක් සුදුසු නැතිද?

ඔව් , ඔබ කිසිදු සුවද ගැල්වු ආලේපන, සබන් හෝ දියර කිසිවක් ඔබේ යෝනි මාර්ගයට ආලේප කරන්න එපා. ඒවා හානිදායක වෙන්න පුළුවන්.

6. නමුත් යෝනි මාර්ගයේ ගන්ධයට මොකද කරන්නේ?

යෝනිය පිරිසිදු කිරීම ගැන ඔබට ඇති ප්‍රශ්න 12 කට මෙන් පිළිතුරු

ඔබේ යෝනියෙන් පැමිණෙන්නේ එහි ස්වභාවික ගන්ධය මිස අන් කිසිවක් නොවේ.

කිසිවෙක් ඔබට ලං වුවහොත් මිස එය අන් අයට දැනෙන්නේ නැත. එය ඔබේ ලිංගික සහකරුට ගැටලුවක් නොවේවි.

එම ගන්ධය සාමාන්‍ය අතර කණගාටු වෙන්න දෙයක් නොවෙයි.

ගන්ධයක් නැති යෝනියක් නැහැ වගේම එයට එවන් ගන්ධයක් තිබිය යුතුයි.

යෝනිය් විවිධ ගන්ධයන්ගෙන් යුක්ත විය හැකි අතර එයට ඔබ ගන්නා ආහාර හා ඔසප් චක්‍රය බලපායි.

යෝනියෙන් දුගදක් පැමිණේ නම් වෛද්‍යවරයා හමුවෙන්න. එය යම් රෝගයක ලක්ෂණයක් වෙන්න පුළුවන්.

7.යෝනියෙන් ස්‍රාව බහුලව පිටවීම සාමාන්‍යයද?

යෝනියෙන් ස්‍රාව පිටවීම සම්පුර්ණයෙන් සාමාන්‍යයි. එම ස්‍රාව වරින් වර වර්ණ වෙනස් වෙන්න පුළුවන්.

නිතර පිටවෙන සුදු පැහැදිලි ස්‍රාව ස්වාභිවික ලිහිසි ද්‍රව්‍යයක් වෙන අතර එය ඔබේ යෝනිය තෙත්ව හා නිරෝගිව තබා ගනියි.

පැහැදිලි ස්‍රාව ඔබේ ඩිම්බය පිටවෙන බවට සලකුණකි. රතු දුඹුරු ස්‍රාව ඔබේ ඔසප් චක්‍රයට පෙර හා පසු පිටවෙන්න පුළුවන්.

ඔසප් දින වලදී ඔබේ රුධිරය නිසා ස්‍රාව රත් පැහැ ගන්නට පුළුවන්.

අළු, කොළ හෝ කහ ස්‍රාව පිටවීම හෝ ඒ සමග කැසීම, රිදීම හෝ අනෙක් අසාමාන්‍ය සලකුණක් ඇත්නම් වෛද්‍යවරයා හමුවෙන්න.

8.ඔසප් දිනවල යෝනිය පිරිසිදු කිරීම සදහා වැඩි යමක් කරන්න අවශ්‍යද?

යෝනියේ සුවඳ

ඔසප් දිනවලද ඔබට සාමාන්‍ය ලෙසම ඔබේ බාහිර යෝනිය පිරිසිදු කරන්න පුළුවන්.

ඔබට එහි ගන්ධය පිළිබද ගැටලුවක් ඇති නම් සනීපාරක්ෂක තුවා මාරු කරන විට කිහිප විටක් එය සෝදන්න.

9.මෘදු සබන් හෝ ජලය වෙනුවට වෙනත් යමක් භාවිතා කර යෝනිය පිරිසිදු කලහොත් කුමක් සිදුවේවිද?

සමහර කාන්තාවන් සුවද ගැල් වු සබන් යොදා බාහිර යෝනිය පිරිසිදු කරනවා. නමුත් එය හොද දෙයක් කියලා කියන්න බැහැ. සුවද ගැල්වු සබන් නිසා ඔබේ යෝනිය අවට මෘදු සමට හානිදායක වෙන්න පුළුවන්.

10. ස්ප්‍රේ කිරිම සුදුසුද?

යෝනි මාර්ගය පිරිසිදු කරන්න එයට ස්ප්‍රේ වර්ග භාවිතා කරනවා. නමුත් එය සුදුසු නොවේ.

එය ආරක්ෂිත නැහැ. මේවා මගින් යෝනියට හිතකර බැක්ටිරියා විනාශ කරමින් හානිකර ආසාදන වලට ඔබේ යෝනිය නිරාවරණය කරන්න පුළුවන්.

ඇමරිකානු අධ්‍යයන මගින් මෙලෙස ස්ප්‍රේ කරන කාන්තාවන් ලිංගිකව සම්ප්‍රේශණය වන රෝග වලට හා ගැබ් ගැනීමේ ගැටළු වලට මුහුණ දීමට සිදුවෙන බව සොයා ගෙන තියෙනවා.

12.යෝනි මාර්ගයට වාෂ්ප ඇල්ලීම සුදුසුද?

ස්වාභාවික ඖෂධ උණු වතුරට දා එහි වාෂ්ප යෝනි මාර්ගය තුලට ඇල්ලීම සමහර කාන්තාවන් කරනවා.

ඒ මගින් කැක්කුම, මස්පිඩු පෙරලීම හා වෙනත් අපහසුතාවයන් සමනය වෙන බව ඔවුන් විශ්වාස කරනවා.

මෙය සුදුසු දෙයක් නොවේ. මෙය එසේ වේදනාව සමනය කරන බවට හෝ මෙය හානිකරබවට කිසිම සාක්ෂියක් නැහැ.

උණුසුම් වාෂ්ප මගින් යෝනිය හා ඒ අවට ඇති සියුම් පටක වලට හානියක් වෙන්න පුළුවන්. සමහර ඖෂධ පැළෑටි මඟින් ඔබට ගබ්සා විය හැකිය.

12.තවත් දැනගත කාරණා තියෙනවාද? 

ඔබේ යෝනිය  නිරෝගීව තබා ගැනීමට ඔබට කළ හැකි බොහෝ දේ තියෙනවා.

  • ඉදිරියේ සිට පිටුපසට සෝදන්න

සාමාන්‍යයෙන් ඔබ වැසිකිළි ගියත්  යෝනිය සෝදන විට ඉදිරියේ සිට පිටුපසට සෝදන්න.

ඔබේ ගුදයේ ස්පර්ශ වෙන කිසිම දෙයක් ඔබේ යෝනී මාර්ගයේ ස්පර්ශ නොවිය යුතුය. 

එසේ වුවහොත් විශබීජ යෝනි මාර්යට ඇතුල් වෙන්න පුළුවන්.

  • ලිංගික ඇසුරකදි ප්‍රවේශම් වෙන්න

ඔබගේ ගුදය ස්පර්ශ කරන කිසිම දෙයක් සේදීමකින් තොරව යෝනී මාර්ගය ඇතුල් නොකරන්න.

ඒ මගින් ආසාදනයන්ට ලක් විය හැකිය. ලිංගික ඇසුරකින් පසු මුත්‍රා කිරීමෙන් යෝනී මාර්ගයේ ඇති විශබීජ පිටවීමට ඉඩ ලැබෙනවා.

ඒ වගේම යෝනී මාර්ගය ඇතුල් කරන  ලිහිසි ද්‍රව්‍ය, කොණ්ඩම් වැනි දේවල් ප්‍රවේශමෙන් තෝරාගන්න

  •  කපු යට ඇඳුම් අඳින්න 

කපු යට ඇඳුම් ඔබේ සංවේදී කලාපය  මෘදු හා සුව පහසුව තබයි. ඒ තුලින් වාතය හොදින් ගමන් කරන නිසා දහඩිය රැදෙන්නේද නැහැ.  නයිලෝන් යට ඇදුම් සුදුසු නොවේ.

  • දහඩිය හෝ තෙත් ඇඳුම් ඉවත් කරන්න

 තෙත් සහිත බව බැක්ටිරියා වර්ධනයට තෝතැන්නක් නිසා ඔබ ව්‍යායාම කල හෝ පිහිණුම් කල වහාම හෝ දහඩිය දාන යමක් කල වහාම එම ඇදුම් ඉවත් කරන්න.

වෛද්‍යවරයෙකු වෙත යායුතු අවස්ථා

  • ඔබ මුත්‍රා කරන විට, ලිංගිකව හැසිරෙන විට හෝ ස්වයංවින්දනයේ යෙදෙන වේදනාවක් ඇතිවේ නම්
  • ඔබේ යෝනි මාර්ගයෙන් දුගදක් වහනය වෙනවා නම්
  • ඔබේ යෝනිය වටා බිබිලි, තුවාල හෝ ඉන්නන් සිටිනම්
  • කොළ, කහ හෝ අළු ස්‍රාවයන් පිටවේ නම්
  • චීස් මෙන් පෙනෙන ඝන ස්‍රාවයන් පිටවේ නම්
  • යෝනිය දිගම කසයි නම්
  • හේතුවක් වටහා ගත නොහැකි ලෙස යෝනියෙන් රුධිරය වහනය වෙයි නම්

ඒ වගේම දැන ගැබ් ගෙල පිළිකා සදහා වැඩි අවදානමක් ඇති බැවින් පැප් පරීක්ෂණයක් කරගන්න.

ඔබට තව වැඩි විස්තර දැන ගන්න අවශ්‍ය නම් මේ සම්බන්ධ වෛද්‍යවරයෙකු හමුවෙන්න.

මුලාශ්‍ර-  www.healthline.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • යෝනිය පිරිසිදු කිරීම ගැන ඔබට ඇති ප්‍රශ්න 12 කට මෙන් පිළිතුරු
බෙදාගන්න :
ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it