theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?

4 අවම කියවීම
දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?

දරුවන්ගේ සෙල්ලම් බඩු විෂබීජ වලින් පරෙස්සම් කරගන්න පිරිසිදු කරන්න වෙනවා. පැටවුන්ගේ දඟ වැඩ, ගෙදර වැඩ අතරේ මේක ලේසි නැහැ. එත් අපි සොයාගත් ලේසි පහසු ක්‍රම කිහිපයක්ම ඔබට කියන්නම්. බලන්න ඔබට ඉන් නිසැකවම පහසුවක් ලැබේවි.

මම ජිවත් වෙන්නේ මගේ සැමියයි, පුතාලා දෙන්නයි, සිය ගණන් සෙල්ලම් බඩු එකතුවයි එක්ක. ළඟදි මම මුළු ගේම පවිත්‍ර කරනකොට තමයි දැක්කේ බබාලාගේ සෙල්ලම් බඩු වල තියෙන දූවිලි කන්දරාව. මේ සෙල්ලම් බඩු පිරිසිඳු කිරීම කොහෙන් පටන්ගන්නද?

එත් කුණු දූවිලි හැමදාමත් පිහදලා අස් කරන මම මේ ළඟදී අස්කරපු සෙල්ලම් බඩු ගොඩේ මේ තරම් දූවිලි කොහෙන්ද කියල කල්පනා කළා.

ටෙඩි බෙයාස්ලගේ ඇඟේන් දූවිලි විසිරිලා ගියා. බිල්ඩින් බ්ලොක්ස් වල කෙඳි කෙඳි වගේ දූවිලි බැඳිලා. මේක හරියන වැඩක් නෙමෙයි. හරියටම මේ සෙල්ලම් බඩු පිරිසිදු කරන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ.

මම මේ ගැන පුංචි සමීක්ෂණයක් කළා. ඒකයි මට හිතුනේ මම වගේම අම්මලා එක්ක මේ අදහස් ටික බෙදාගන්න.

1. නාන අවස්ථාවන් වලදී පාවිච්චි කරන සෙල්ලම් බඩු පිරිසිඳු කීරීම (bath toys)

නාන අවස්ථාවන් වලදී පාවිච්චි කරන සෙල්ලම් බඩු නිසි ලෙස පිරිසිදු නොකලොත් එය ඉතාමත් අනතුරු දායක වෙන්න පුළුවන්. දියේ පාවෙන තාරාවන් වගේ සෙල්ලම් බඩු  වල දිගු කාලයක් වතුර රැඳුනොත් ඉන් අහිතකර බැක්ටීරියා වර්ග හැදෙන්න පුළුවන්.

ඉතින් එහි බැරෑරුම් කම කියන්න ඕනේ නැහැනේ. මේක ඇත්තටම උදාවිය හැකි භයානක තත්වයක්. විශේෂයෙන් ඔවුන් මේ සෙල්ලම් බඩු කටේ දාගත්තොත්.

ඒවා පිරිසිදු කරන්නේ කොහොමද?   

එක සමාන ප්‍රමාණයෙන් විනාකිරි හා වතුර අරගෙන එම සෙල්ලම් බඩු හොඳහැටි වතුරේ ගිල්වා තබන්න. ඒ වගේම මෙම මිශ්‍රණය සෙල්ලම් බඩු තුළට යැවීමට වග බලාගන්න.

පසු දිනයේ සෙල්ලම් බඩු ඇතුලේ තියෙන වතුර මිරිකා ඉවත් කර හරින්න. ඉන් පසු හොඳින් සෝදා වේලෙන්න හරින්න. නැවත පාවිච්චියෙන් පසු සෝදා වියලෙන්නට හරින්න අමතක කරන්න එපා.

වතුර සමග ගැටෙන මෙවැනි සෙල්ලම් බඩු නෙට් වැනි හිල් සතිත බෑගයක දමා තබන්න. එමගින් වතුර රැඳීම අඩු කරනවා.

bacteria

මෙවැනි බැක්ටීරියා ඔබේ දරුවාගේත් සෙල්ලම් බදු වල ඉන්නවද?

2. කෙඳි සහිත මෘදු සෙල්ලම් බඩු පිරිසිඳු කීරීම (soft toys)

දරුවෝ හුඟක් ආස කරන කෙඳි සහිත හෝ වූල් සහිත රෙදි වලින් මසන ලද සතුන් මත දුහුවිලි ඉතා ඉක්මණින් රැඳෙන එක නවත්වන්න හරි අමාරුයි.

මෙවැනි සෙල්ලම් බඩු රැය පුරාම ඔබේ දරුවා ළඟ තිබුනත් ඔබේ දරුවාගේ ඇඟේ මේ දුහුවිලි ගෑවෙන්න පුළුවන් නේද?

එහෙනම් මේ සෙල්ලම් බඩු පිරිසිදු කරගන්නේ කොහොමද කියලා බලමු.

සති දෙකකට වරක් රෙදි සෝදන යන්ත්‍රයකට දමා ඔබට මේ සුරතල් සතුන් සෝදන්න පුළුවන්. ඉන් පසු එළිමහනේ වේලාගන්න.

ඒ වගේම තවත් උපායක් කියන්නම්. මේ සෙල්ලම් බඩු ප්ලාස්ටික් බෑගයක දමා දිනක් අධිශීතකරණයේ දමා සේදුවොත් එහි ඇති විෂබීජ මර්ධනය කරන්න ඔබට පුළුවන් වෙනවා.

3. ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩු හා මෙවලම් පිරිසිඳු කීරීම

මගේ පුංචි පුතා කෑම කන වෙලාවට බොහෝ විටෙක ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩු එක්ක තමයි ඉන්නේ. ඉතින් ඒවා පිරිසිදු නැත්නම් වෙන දේ අමුතුවෙන් කියන්නේ මොකටද?

එම සෙල්ලම් බඩු පිරිසිදු කරගන්නේ කෙසේද?

ඒවායේ ඇති විද්‍යුත් පද්ධති නිසා ඔබට වතුර වැඩිය පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා ජලයෙන් තෙමාගත් රෙදි කඩවල් වලින් හෝ වෙට් වයිප් වලින් ජලය නොරැඳෙන ලෙස මේ සෙල්ලම් බඩු පිරිසිදු කරගන්න පුළුවන්.

මේ සමග දරුවන් මේ සෙල්ලම් බඩු කටේ දාන්නේ නැතත් ඒවා පිරිසිදු කර තැබීම අවශ්‍ය බව මම ඔබට කියන්න කැමතියි.

 4. බැටරි නැති ප්ලාස්ටික් සෙල්ලම් බඩු පිරිසිඳු කීරීම

ලෙගෝ-ඩුප්ලෝ, බාබි බෝනික්කන්, බුරුසු, පනා, බෝනික්කන්, කෝච්චි වගේ දේවල් කොහොමද පිරිසිදු කරන්නේ?

පිරිසිදු කරන්නේ මෙහෙමයි.

මද රස්නයෙන් යුත් වතුර බේසමකට සබන් දියර ස්වල්පයක් දමා ඩෙටෝල් බින්දු කිහිපයක් ද එක් කරන්න. පිරිසිදු රෙදි කඩකින් ඒවා පිහදමන්න. ඉන් පසු හොඳින් සෝදා නැවත පිහදමා වේලාගන්න.

siblings2

5. ලී සෙල්ලම් බඩු

toys

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ලී වල බැක්ටීරියා සමග සටන් කිරීමේ ගුණයක් ඇති බව කිව්වත් ඒවා පිරිසිදුව තැබීම හොඳයි කියලයි මට නම් හිතෙන්නේ.

පිරිසිදු කරන්නේ මෙහෙමයි.
ලෙහෙසිම විදිහ තමයි සුදු රෙද්දක් පොඟවා විනාකිරි වලින් පොඟවා සෙල්ලම් බඩු පිහදමන්න. විනාකිරි ඉතා හොඳ පිරිසිදු කාරකයක් වන අතර එහි ස්වභාවික අමු ද්‍රව්‍ය නිසා ඒවාට හානියක් වන්නේ නැහැ.

 6. බෝනික්කන් පිරිසිඳු කීරීම

ප්ලාස්ටික් හා ප්ලාස්ටික් වලින් තැනූ බෝනික්කන් විනාකිරි ගැල්වූ රෙදි කඩකින් පිහදා පිරිසිදු කරන්න පුළුවන්. ඒ වගේම ඒ ගොල්ලන්ගේ කොණ්ඩේ ෂැම්පු ටිකක් දාලා සේදුවත් වරදක් නැහැ. රෙදී බෝනික්කන් නම් රෙදි සෝදන යන්ත්‍රයකට දාලා පිරිසිදු කළාට වරදක් නැහැ. එහි ලේබල් වල ඇති උපදෙස් වලට අනුව මේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්.

කොච්චර කාලෙකට සැරයක් මේ වගේ පිරිසිදු කිරීමක් ඕනෙද?

මාසෙකට සැරයක් ප්‍රමාණවත්. කොහොම වුනත් නාන විට පාවිච්චි කරන සෙල්ලම් බඩු නම් වියළා තැබීම අනිවාර්යයයි. ඒ වගේම සෙල්ලම් බඩු මත කෑම එහෙම වැටුනහම ඉක්මනින් පිහදාන්න ඕනේ. පැටියාට හතිය වගේ රෝග පීඩාවන් තියෙනවනම්  නිතර පිරිසිදු කරන්න අමතක කරන්න එපා.

අම්මලාගේ වැඩ පහසු වෙන තරමට පැටවුන්ට අම්මත් එක්ක රැඳෙන්න ලැබෙන කාලය වැඩි වෙනවා. ඒ කාලය වැඩි කරන්න ඔබට පහසු ඉඟි හා උපදෙස් theAsianparent Sri Lanka අපි ලබාදෙන්නේ ඔබේත් පැටියාගේත් සතුට වෙනුවෙන්මයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිඳු කරන්නේ කොහොමද?
බෙදාගන්න :
  • දරුවන්ට  සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය

    දරුවන්ට සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය

  • විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!

    විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!

  • දරුවන්ට  සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය

    දරුවන්ට සෙල්ලම් බඩු බොහොමයක් තිබීම ඔවුන්ගේ වර්ධනයට හානිදායක විය හැකිය

  • විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!

    විශකර ද්‍රව්‍ය සහිත සෙල්ලම් බඩු ලංකාවට ඇතුළු වීම, ළමයින්ගේ සෞක්‍යයට තර්ජනයක්!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it