theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අවහිර වූ මව්කිරි නාල පහසුවෙන් පිරිසිඳු කර මව්කිරි ප්‍රවාහය පහසු කළ හැකි පියයුරු සම්බාහනයක්

4 අවම කියවීම
අවහිර වූ මව්කිරි නාල පහසුවෙන් පිරිසිඳු කර මව්කිරි ප්‍රවාහය පහසු කළ හැකි පියයුරු සම්බාහනයක්අවහිර වූ මව්කිරි නාල පහසුවෙන් පිරිසිඳු කර මව්කිරි ප්‍රවාහය පහසු කළ හැකි පියයුරු සම්බාහනයක්

කිරි ගල් වීම නැතහොත් කිරි තද වීම කියන්නෙ මවුකිරි දෙන්මුල් අවදියේ බොහොමයක් අම්මලා අත්දකින අපහසුතාවක්. මෙන්න මේ ගෙදරදීම කරගන්න පුළුවන් පහසු ප්‍රතිකර්මය අම්මලාට මහත් අස්වැසිල්ලක් වේවි.

මව්කිරි සැපයුම අඩුවීම ට හේතු සාධක බොහෝ විය හැක. පෝෂණ ඌනතා, ප්‍රමාණවත් නොවන ග්‍රන්ථි පටක, පූර්ව සෞඛ්‍ය තත්වයන් සහ වෙනත් බොහෝ හේතූන් තිබිය හැකියි. ඒ වගේම මව්වරුන් බහුල ලෙස අත්දකින අපහසුතාවයක් තමයි කිරි තද වීම කියන්නේ. මේවාට ප්‍රතිකර්මද විවිධාකාරයෙන් තිබිය හැකි අතර පියයුරු සම්බාහනය ඉන් මූලික මෙන්ම පහසුම ප්‍රතිකර්මයක්.
ඔබගේ මව්කිරි නාල අවහිර වීම නිසා දරුවාට මව්කිරි දීමේදී ඔබට ඇතිවන ආතතිය වැඩි වූ විට සිදුවිය හැක්කක් තමා කිරි තද වීම නැතහොත් කිරි තද වීම කියන්නේ.  මෙය ඔබට වඩාත් වේදනාකාරී මෙන්ම අභියෝගාත්මක අත්දැකීමක් බවට සැකයක් නැත.

නමුත් බිය වන්නට එපා, අම්මේ! පියයුරු සම්බාහනය කිරීම මගින්  සරල පියවර 5කින් අවහිර වූ කිරි නාළයන් පිරිසිඳු  කරගත හැකි ක්‍රමයක් ගැනයි මේ කියන්නට යන්නේ

නමුත් ඊට පෙර, නාලයක කිරි කැටි ගැසුණු විට පෙන්වන ලක්ෂණ මොනවාදැයි බලමු.

කිරි නාලයක් අවහිර වූ විට නැතහොත් කිරි තද වීම පෙන්වන දැනෙන රෝග ලක්ෂණ

  • පියයුරු වල නිශ්චිත ස්ථානයකින් දැනෙන වේදනාව
  • පියයුරේ ඉදිමුණු, මුදු මොළොක් ගැටිත්තක්
  • පියයුරු වල රස්නය හා ඉදිමීම
  • එක් පැත්තකින් කිරි ප්‍රවාහය මන්දගාමී වීම
  • එක් ප්‍රදේශයක සමේ ගැටිත්තක් තිබීම
  • තන පුඩුවේ කුඩා සුදු තිතක් නැතහොත් කිරි බිබිලක් තිබීම
කිරි නාල අවහිර වෙන්නට හැර තිබීමෙන් සමහර අවස්ථාවල ලාවට උණ ඇති විය හැක. එය පියයුරු වල වේදනාකාරී ආසාදනයක් වන බුරුළු ප්‍රදාහය (mastitis) දක්වා වර්ධනය වන්නට පුළුවන්. මෙය කූචදාහය නමින්ද හඳුන්වනවා.

මේ නිසා ඔබ පියයුරු වේදනාව සමඟ උණ තත්වයක් ඇති වුවහොත් වෛද්‍යවරයකු වහාම හමුවීම වඩාත් යෝග්‍යයි.

පියයුරු සම්බාහනය මගින් අවහිර වුණු කිරි නාල නිසා ඇති වූ කිරි තද වීම සුව කරගන්නේ කොහොමද?

පියවරෙන් පියවර ක්‍රියාවලිය

ඔබ පියයුරු වල කිරි කැටිගැසීම අත්දකින විට, පියයුරු වල ඇතැම් තැන්වල තද ගතියක්, ඝන ගතියක් හෝ ගැටිති සහිත ගතියක් අතට දැනෙන්නට පිලිවෙනි.

තන පුඩුව වටා ඇති සම රත් පැහැ ගෙන ඉදිමිය හැකි අතර තන පුඩු මත සුදු පැහැති බිබිලි හෝ පැල්ලම්ද තිබිය හැක.

මේ තිබෙන්නේ ඔබටම පහසුවෙන් කරගන්නට පුළුවන් සම්බාහනයක පියවර 5ක්. ඔබේ ශ‍රීරය ගැන හොඳින්ම දන්නේ  ඔබයි. ඉතින් මෙය ඔබම කරගැනීමෙන් ඉක්මනින්ම මව්කිරි සපයන නාල වල අවහිරතා ඉවත් කර පහසුවෙන්ම කිරි එරීමට සකසාගන්නට පුළුවන් වනවා.

පියවර 1: පසුපසට සහ ඉදිරියට චලනය කිරීම

සම්භාහනය1
ඔබේ දෑත් තිරස් අතට සිටින සේ  ඔබේ අත් අතර ඔබේ පියයුරු තබාගන්න.
රූපයේ පෙන්වා ඇති පරිදි පියයුරු වල ග්‍රන්ථි පටක ඉදිරියට හා පසුපසට පිරිමදිමින් සම්බාහනය කරගන්න.

පසුව, ඔබේ ඔබේ දෑත් සි‍රස් අතට තබාගෙන එම ආකාරයෙන්ම පිරිමදිමින් සම්බාහනය කරගන්න. ( වැඩි විස්තර ඊළඟ රූපයෙන්).

පියවර 2: වක්‍රාකාර ලෙස සම්බාහනය කිරීම

පියයුරු සම්බාහනය 2
රූපයේ පරිදි එක් අතක් මත ඔබේ පියයුර තබාගන්න. දැන් අනික් අතේ ඇඟිලි තුනක් හෝ හතරක් ගෙන එම පියයුර මත පැතළිව තබාගන්න.
මේ සියල්ල කළ යුත්තේ ඔබේ අතින් පියයුරු ග්‍රන්ථි වක්‍රාකාර ලෙස පිරිමදිමිනි.
ඔබේ ඇඟිලි තුඩු වරින් වර  සෙ.මී.2-3 මාරු කරමින් දිගටම ඉහත කී පරිදි වක්‍රාකාර ලෙස සම්පූර්ණ පියයුරම සම්බාහනය වන තෙක් පිරිමදිමින් සම්භාහනය කරන්න.

පියවර 3: මෘදු පිරිමැදීම

පියයුරු සම්භාහන 3
තන පුඩුව වටා ඇති තද පහැති කොටසේ පිටතින් පටන්ගෙන තන පුඩු දක්වා ඔබේ ඇඟිලි තුඩු වලින් මෘදු ලෙස පිරිමදින්න.
මෙම සම්භාඅහනය තුළින් මව්කිරි නාල ඔස්සේ මව්කිරි ප්‍රවාහය වඩාත් වේගවත් කරන්නටත් පහසු කරන්නටත් හැකි වනවා.

පියවර 4: සියුම් තෙරපීමකට ලක් කරන්න

පියයුරු සම්බාහන 4
තනපුඩු වටා ඇති කොටස ඔබේ මහපට ඇඟිල්ලත් දබරැඟිල්ලත් අතර තබා සියුම් ලෙස පපු ප්‍රදේශය දෙසට තෙරපීමක් කරන්න.
පියයුරෙන් මව්කිරි බිඳක් නිකුත් කරගන්නට උත්සාහ කරන්න.
මෙසේ කිරීමෙන් පසු, පියයුර මිරිකාගන්න. දැන් ඔබේ දබරැඟිල්ලත් මහපට ඇඟිල්ලත් තනපුඩු දෙසට ගෙන එමින් මිරිකාගන්න (සම පිරිමදින්නට එපා)

පියවර 5: රිද්මයානුකූලව මෙය නැවත නැවතත් කිරීම තුළින් ආතතියෙන් මිදීම

පියයුරු සම්භාහනය5
ඉහත මිරිකාගත් මව්කිරි බිඳෙන් තනපුඩු තෙමාගන්න. දැන් මව්කිරි උරා බොන්නට පැටියාව පොළඹවාගන්නට මෙය උපකාරී වේවි.
ඉහත අභ්‍යාසය රිද්මයානුකූලව නැවත් නැවතත් කිරීම මගින් තද වූ පියයුරු වල අවහිර වූ නාල පිරිසිඳු කරගෙන පියයුරු සඃඅල්ලු කරගන්නට හැකි වේවි.
විකල්පයක් ලෙස, මව්කිරි උත්තේජනය කිරීමට සහ කිරි එරවාගැනීමට කිරීමට ඔබට මෘදු ලෙස ක්‍රියාත්මක වන පියයුරු පොම්පයක් (breast pump) වුවද භාවිතා කළ හැකියි.

පියයුරු සම්බාහනය කිරීමට පෙර සැමවිටම සැලකිල්ලට ගත යුතු දේ

පියයුරු සම්බාහනය කිරීමේදී මතක තබා ගත යුතු කරුණු කිහිපයක් මෙන්න:

1. මූලිකවම වැදගත් වන්නේ ඔබ මීට තෝරාගන්නා කාලයයි.

මව්කිරි දෙන සෑම වාරයකටම මත්තෙන් කෙටියෙන් මෙම සම්බාහනය සිදු කරගන්න.

අලුත උපන් බිළිඳාගේ මුල් දින හා සතිවලදී මෙය සිදු කිරීම වඩාත්ම සුදුසු වනවා. ඔබගේ පියයුරු තදවීම වළක්වාගැනීමට මෙය විශේෂයෙන් ප්‍රයෝජනවත් වනවා.

2. සංඥා ගැන විමසිල්ලෙන් සිටින්න

පියයුරු සම්බාහනය සෑම විටම මෘදු ලෙස සිදු කළ යුතු දෙයකි.

එය වේදනාකාරී වේ නම්, ඉන් කියැවෙන්නේ ඔබ එය නිවැරදිව කරන්නේ නැති බවයි. සෑම විටම හොඳ සහ නරක ආකාරයේ වේදනාවන් ඇත. නමුත් වේදනාව වරදවා වටහාගන්නට එපා. ඔබේ ශරීරයෙන් ඔබට දෙන  සංඥා ගැන අවධානයෙන් පසුවන්න.

සම්බාහනය හා එහි ප්‍රතිඵල ගැන ඔබ සෑහීමකට පත්වන්නේ නැතිනම් එම ක්‍රියාවලිය නවත්වන්න.

3. ඔබේ දෑත් පිරිසිදුව තබා ගන්න!

සරල නමුත් මෙය බොහෝ විට නොසලකා හැරෙන පියවරකි. ඕනෑම පියයුරු සම්බාහනයකට පෙර අත් සේදීමට මතක තබා ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිලූෆ පෙ‍රේරා
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මව්කිරි දීම ආශ්‍රිත ගැටළු
  • /
  • අවහිර වූ මව්කිරි නාල පහසුවෙන් පිරිසිඳු කර මව්කිරි ප්‍රවාහය පහසු කළ හැකි පියයුරු සම්බාහනයක්
බෙදාගන්න :
  • මව් කිරි දීම නොකළයුතු අවස්ථා ගැන ඔබ දන්නවද?

    මව් කිරි දීම නොකළයුතු අවස්ථා ගැන ඔබ දන්නවද?

  • මව්කිරි වල ලේ මිශ්‍ර වී තිබේ නම් ඔබ මේ දේවල් කරන්න

    මව්කිරි වල ලේ මිශ්‍ර වී තිබේ නම් ඔබ මේ දේවල් කරන්න

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

  • මව් කිරි දීම නොකළයුතු අවස්ථා ගැන ඔබ දන්නවද?

    මව් කිරි දීම නොකළයුතු අවස්ථා ගැන ඔබ දන්නවද?

  • මව්කිරි වල ලේ මිශ්‍ර වී තිබේ නම් ඔබ මේ දේවල් කරන්න

    මව්කිරි වල ලේ මිශ්‍ර වී තිබේ නම් ඔබ මේ දේවල් කරන්න

  • දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

    දූ දරුවන්ගේ පපුවේ සෙම වැඩි කරන නියුමෝනියාව ගැන ඔබ දැනුවත්ද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it