theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නිවුන් දරුවන් ලබා ගන්න අවශ්‍යයි නම් මෙන්න මගපෙන්වීමක්

3 අවම කියවීම
නිවුන් දරුවන් ලබා ගන්න අවශ්‍යයි නම් මෙන්න මගපෙන්වීමක්නිවුන් දරුවන් ලබා ගන්න අවශ්‍යයි නම් මෙන්න මගපෙන්වීමක්

නිවුන් දරුවන් ලබා ගැනීම අවශ්‍ය නම්, මෙන්න මේ දේවල් 7 ට  ඔබට උදව් කළ හැකි වේවි.

නිවුන් දරුවන් ලබා ගැනීම ඔබෙත් ප්‍රාර්ථනාවද? මෙම ලිපියෙහි අපි නිවුන් දරුවන් ලබා ගැනීම පිළිබඳව විතරක් නොව, මේ සම්භන්ධ මිත්‍යා මත ගැනත් සාකච්චා කරනවන.

නිවුන් දරුවන් ලබා ගන්න අවශ්‍යයි නම් මෙන්න මගපෙන්වීමක්

නිවුන් දරුවන් ලබන්න නම්

නිවුන් දරුවන් ලබා ගැනීම: මෙහෙමයි වෙන්නේ

ගර්භාෂය තුළ එක් දරුවෙකුට වඩා වර්ධනය වන විට එය බහු ගර්භණීභාවයක් ලෙස හැඳින්වේ. මෙය සිදුවීමට නම්, නිතීයක් ලෙස එක ඩිම්බයකට වඩා වැඩි ප්‍රමාණයක්  තිබිය යුතු වේ.

එමනිසා, ශුක්‍රාණු   දෙකකට සංසේචනය වීමට ඩිම්බ  දෙකක් තිබිය හැකි අතර, අනන්ය වූ හෝ සහෝදර නිවුන් දරුවන් ඇති වීමට හේතු වේ. නමුත් සමහර විට, සංසේචනය වූ යුක්තාණුව දෙකකට බෙදී යයි. මේ නිසා අනන්‍ය වු නිවුන් දරුවන් ඇති වේ.

මේ සදහා  හේතු විය හැකි ප්‍රවේණික හා පාරිසරික තත්ත්වයන් කිහිපයක් තිබෙනවා. අපි ඒවා  බලමු.

ඉතින්, මේ දේවල් 7 ඔබ සතු නම් හෝ කරනවා නම් නිවුන් දරුවන් ලැබීමේ අවස්ථාව වැඩි වෙනවා.

නිවුන් දරුවන් ලබා ගන්න අවශ්‍යයි නම් මෙන්න මගපෙන්වීමක්

නිවුන් දරුවන් ලබා ගැනීම කෙරෙහි බලපාන සාදක

1. පවුලේ නිවුන් දරුවන් ඇත්නම්

තම පවුල් වල බහු ගර්භණිත්වයන් බහුලව ඇති කාන්තාවන්ට නිවුන් දරුවන් ඇතිවීමට වැඩි හැකියාවක් ඇත. එමනිසා , ඔබට ඔබේම නිවුන් දරුවන්  අවශ්‍ය  නම්, නිවුන් දරුවන් සහිත පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවක් සොයාගන්න.

2. ප්‍රමාද වී ගැබ් ගැනීම

ප්‍රමාද වී ගැබ් ගැනීම නිසා බහු ගර්භණිත්වයක්  ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇත. මෙය  අවස්ථාවක් පමණක් වන අතර, ඔබට එය ප්‍රයෝජනයට ගත හැකිය. අවාසිය නම්, ඔබ ප්‍රමාද වී ගැබ් ගෙන ඇත්නම් සාමාන්‍යයෙන්  ඔබව දැඩි ලෙස නිරීක්ෂණය කරනු ඇත.

ඒ අනුව බොහෝ කාන්තාවන් තිස්වෙනි විය අවසාන භාගයේදී සෞඛ්‍ය  සම්පන්න දරුවන් පිළිසිඳගැනීම හා බිහිකිරීම කරන  බව එහිදි පැවසෙනවා.

IUI ප්‍රතිකාරය

3. අයි වී එෆ් ( IVF )

උපකාරක ශිල්ප ක්‍රම මගින් බහුතර ගර්භණීභාවය ඇතිවීම වැඩි වේ. ගර්භණී  භාවය ඇතිවිමට ඔබේ ගර්භාෂයට හෝර්මෝන හා විටමින් භාවිතා කිරීම එයට හේතු වේ.

අවස්ථාවන් වැඩි කිරීම සඳහා එක් කලලයකට වඩා වැඩි ප්‍රමාණයක් තැන්පත් කරනු ලැබේ. එමනිසා ඒවා සාර්ථක නම් , ඔබට නිවුන් හෝ  ත්‍රිත්ව දරුවන් පවා ඇති විය  හැකිය.  මෙය ගර්භණී වීම සදහා යමෙකුට තෝරා  ගත හැකි ක්‍රමයක් නොවන බව ඒ මගින් පැවසෙනවා.

4. නිවුන් දරුවකු වීම

ඔබ උපත ලැබුවේ නිවුන් දරුවෙක් ලෙස නම්, ඔබට  නිවුන් දරුවන් පිළිසිඳගැනීමේ හැකියාව වැඩි විය හැකිය. නිවුන්නු දරුවන් ඇතිවීම සදහා  වගකීම දරන්නේ ශුක්‍රාණු නොව ඩිම්බ වන බැවින් විශේෂයෙන් කාන්තාවන් සඳහා, මෙය නැවතත් සත්‍ය වේ.

5  සිරුර තරමක්  බරෙන් වැඩිවීම

30 කට වඩා වැඩි BMI අගයක් ඇති කාන්තාවන්ට බහු ගැබ්ගැනීම් ඇති වන බව නිරීක්ෂණය කර ඇත. නිශ්චිත හේතුව නොදනිති. එහෙත්, ගර්භාෂයේ බහු ගැබ්ගැනීම් ඇති වීමට එක් චක්‍රයක්  තුළ බහු ඩිම්බ පිට වීමට හෝමෝන හේතු විය හැකි බව අනුමාන කෙරේ.

මෙය සෞඛ්‍ය  සම්පන්න BMI අගයක් ලෙස සලකනු නොලැබන බැවින් මේ හේතුවෙන්  බර  වැඩි කර ගැනීම  නොකළ යුතුය.

6. උස වීම

උසින් වැඩි කාන්තාවන්ට මිටි කාන්තාවන්ට  වඩා  නිවුන් දරුවන්  ලැබීමට වැඩි අවස්ථාවක් ඇත.

7.  ඔබට පෙර නිවුන් දරුවන් සිටීම

ඔබට කලින් නිවුන්  දරුවන් ලැබී ඇත්නම්, ඔබට නැවත නිවුන් දරුවන් ලැබීමට අවස්ථාවක් තිබේ.

නිවුන් දරුවන් ලබා ගැනීම පිළිබඳව මිත්‍යාවන් 3ක්

නිවුන් ගර්භණීත්වය සමග සම්බන්ධිත දේවල් පවතින අතර, එය පිළිබඳ බොහෝ මිත්‍යා මතද තිබේ. බහු ගර්භණීවීමට හේතු නොවන කරුණු 3 ක් මෙන්න

1. ඩිම්බ පිටවන දිනවල කිරි / මාංශ ආහාරයට ගැනීම – මෙම උපකල්පනයට විද්‍යාත්මක පදනමක් නොමැති අතර  නිරීක්ෂණ අධ්‍යන මගින් ඒ සදහා සහාය නොදක්වයි.

2. විකල්පීය චිකිත්සාව- ඖෂධ භාවිතයෙන් තොරව ප්‍රතිකාර කිරීම  , චීනකටු චිකිත්සාව , හෝ ඒ සමාන දෙයක් ඔබට නිවුන් ගර්භණී බව ඇති වන බව සහතික නොකරයි.

නිවුන් දරුවන්ට කැමති ඔබටත් අකමැති ඔබටත් මේ ආදරණීය මගපෙන්වීම The Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • නිවුන් දරුවන් ලබා ගන්න අවශ්‍යයි නම් මෙන්න මගපෙන්වීමක්
බෙදාගන්න :
  • ලෝකය ජය ගන්නට ‌වෙර දරන ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරු සොහොයුරියන්ට සුභපැතුම්

    ලෝකය ජය ගන්නට ‌වෙර දරන ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරු සොහොයුරියන්ට සුභපැතුම්

  • Fit and Fab: This mum of TWINS lost 25 kilos in 9 months!!!

    Fit and Fab: This mum of TWINS lost 25 kilos in 9 months!!!

  • ලෝකය ජය ගන්නට ‌වෙර දරන ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරු සොහොයුරියන්ට සුභපැතුම්

    ලෝකය ජය ගන්නට ‌වෙර දරන ශ්‍රී ලාංකික නිවුන් සොහොයුරු සොහොයුරියන්ට සුභපැතුම්

  • Fit and Fab: This mum of TWINS lost 25 kilos in 9 months!!!

    Fit and Fab: This mum of TWINS lost 25 kilos in 9 months!!!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it