කොළ මල් ගෝවා නැතහොත් බ්‍රොකොලි (Broccoli) හරි ක්‍රමයට තම්බාගන්නේ කොහොමද?

කොළ මල් ගෝවා නැතහොත් බ්‍රොකොලි (Broccoli) හරි ක්‍රමයට තම්බාගන්නේ කොහොමද?

කොළ මල් ගෝවා නැතහොත් බ්‍රොකොලි (Broccoli) නිසි අහාරයෙන් සෝදා ගන්නා අකාරය මෙන්ම, තම්බා ගන්න අකාරය ගැනද මෙතැනින් දැනුවත් වන්න.

කොළ මල් ගෝවා නැතහොත් බ්‍රොකොලි (Broccoli)කොහොමද තම්බ ගන්නේ කියලා කිප දෙනෙක් ඔබව වැදගත් ලිපි වලින් පෝෂණය කරන අති දක්ෂ මවක් වන අනූෂා ජීවනීගෙන් අසා තිබුනා.  මේ ඊට පිළිතුරු ලෙස ඇය ඉදිරිපත්ත් කරන වටිනා දැනුවත් කිරීමයි.

අනූෂා ජීවනී කියන්නේ අපට නිතරම මහත් සේ වටිනා  ලිපි සපයන ශ්‍රී ලන්කන් මම්ස් සමුහයේ ලිපි කමිටුවේ ලේඛිකාවක්. ඇය නිපුනතා දස්කම් වලින් පිරුණු මවක් වන අතර ඉවුම් පිහුම්, අත්කම් විස්කම් අතින් නිතරම අපු මන දොළ පිනවනවා පමණක් නොව අප සැම දෙනාවත් ඒවා ආශ්‍රයෙන් දැනුවත් කරනවා.

ඉතින් අද ලිපිය ඇය අප දැනුවත් කරන්නේ කොළ මල් ගෝවා නැතහොත් බ්‍රොකොලි (Broccoli)නිසි ලෙස සෝදා තම්බා ගන්නා අකාරය ගැනයි.

කොළ මල් ගෝවා නැතහොත් බ්‍රොකොලි (Broccoli)සෝදාගන්නා ආකාරය

බ්‍රොකොලි එහෙන් පිටින්ම උරයකට දාලා වතුර පුරවා උරේ අතින් තද කරන් අල්ලගෙන හොඳට ගසලා හෝදන්න.. මේ වගේ දෙතුන්පාරක් හෝදන්න.. මේ ක්‍රමේ මම ටිවී එකේ දැක්කේ.. අපේ ඇස් වලට පෙනුනේ නැති වුනාට පොඩි පොඩි සත්තු ඉන්න පුලුවන්.

 කොළ මල් ගෝවා නැතහොත් බ්‍රොකොලි (Broccoli)

Broccoli තම්බාගන්නා ආකාරය

1 හොඳින් හෝදගත් බ්‍රොකොලි එක කෑලි කපා තම්බගන්න ලුනුකුඩු ටිකක් දාලා විනාඩි 5ක් තම්බා ගන්න. (කැමති නම් තව ටික වෙලාවක්  තම්බ ගන්න පුලුවන්) 

කොළ මල් ගෝවා නැතහොත් බ්‍රොකොලි (Broccoli) හරි ක්‍රමයට තම්බාගන්නේ කොහොමද?

2 තම්බ ගත් බ්‍රොකොලි එක කූල් වතුරට දාන්න.. එහේම දාම්මාම ලස්සන කොල පාටක් හිටිනවා..

3 විනාඩි 5 වගේ කූල් වතුරේ තියලා තෙතමාත්තු කර Zip lock පැකට් වල දාලා ඇලෙන්නේ නැති ගානට ෆ්‍රිසර් කරලා දාන්න.

මෙම ක්‍රමය සුදු මල් ගෝවා සඳහාද අනුගමනය කරන්න පුළුවන්. මාසයක් හෝ මාස එකහමාරක් පමණ මේ විධියට බ්‍රොකොලි තියාගන්න පුළුවන්. පාවිච්චියට ගන්නට පෙර සාමාන්‍ය වතුරේ දමා තෙත තෙතමාත්තු කර ගන්නට පුළුවන්.

දරුවන්ට සෞක්‍ය සම්පන්න ආහාර පිළියෙළ කරන්නට උත්සුක වන,  විශේෂයෙන්ම උදෑසන කාර්යබහුල වන අම්මලාට මෙම ක්‍රමය ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.

මෙලෙස සකස්බි කරගත්සි බ්‍රොකොලි දරුවන්ගේ කෑම පෙට්ටියට,  සැලඩ් වලට, පාස්තා වලට ආදිය පාවිච්චි කරන්නට පුළුවන්. මීට ක්‍රිම් චීස් එක්දා කොට අවන් එකේ බේක් කර කෑමට ගන්නටත්ද්දි පුළුවන්. එය ගොඩක්ම රසවත්. 

කොළ මල් ගෝවා නැතහොත් බ්‍රොකොලි (Broccoli) හරි ක්‍රමයට තම්බාගන්නේ කොහොමද?ඉතින් මේ වටිනා උපදෙස් අප හා බෙදාගත්තාට අනුශාට නැවත වරක් අපගේ ආදර ස්තුතිය පුද කරන අතර ඇය විසින් නිර්මාණය කල පොඩිත්තන්ට අගනා තවත් නිර්මාණශීලි අහාර සැකසුම් කිහිපයක් පහතින්...

පවුලේ සැමට රසට රසේ අතුරුපසක් ජෙලෝ පින් වීල් රෝල්

පෑන් කේක් වලින් හා පැටියෙක් හදමුද?

 

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.

Written by

Niloufer Perera

කතන්දර ලිපි