ඔබේ නිවස විෂබීජ නාශක යොදා පිරිසිදු කරග්නේ මෙහෙමයි

ඔබේ නිවස විෂබීජ නාශක යොදා පිරිසිදු කරග්නේ මෙහෙමයි

විෂබිජ වලින් ‌තොර නිවසක් ඔබට ‌රෝග වලින් ආරක්ෂාව ලබා ‌දෙනවා

ගෙදර පිරිසිදු කිරීම හා විෂබීජහරණය කිරීම අපිට මතක් කරමින් කොවිඩ් 19 වසංගතය ලොව වෙලා ගනිමින් සිටියි.

“ සබන් යොදා අත් සෝදන්න”

“නිවසේ මතුපිට වල් පිස දමන්න”

“ මාස්ක් පළදින්න”

“ නිවසට වී ඉන්න”

දහසකුත් නීති , ඉල්ලීම් එක්ක ජනාතාව නිවෙස් තුලට කොටු වී සිටිනවා. අපේ එදිනෙදා ජිවිත එකවරම එක්තැනක නැවතිලා.

අපි සමාජ දුරස්ථභාවය අද අත්විදිනවා.

ඒ නිසා කොවිඩ් 19 මර්දනයට රටම දරන උත්සහය, ලොවම දරන උත්සහයට අපි අපේ උපරිම සහය දිය යුතුයි.

ගෙදර පිරිසිදු කිරීම හා විෂබීජහරණය කිරීම 

ඔබේ නිවස විෂබීජ නාශක යොදා පිරිසිදු කරග්නේ මෙහෙමයි

ලෝකයම විෂබීජ, වෛරස් එක්ක සටන් කරද්දි අපි දැන් කොටු වෙලා ඉන්න නිවස පිරිසිදු තැනක් කරගන්නේ කොහොමද?

අපිරිසිදු සපත්තු, රෙදි නිතරම ගොඩ ගැහෙන, ඉවත ලන ආහාර නිතර ගොඩ ගැහෙන අපේ ගෙවල් වලින් අහිතරකර වෛයිරස් බැක්ටියා පලවා හරින්න අපි කල යුතු දේවල් මොනවාද?

බැලු බැල්මට ඔබේ නිවස පිරිසිදුව පෙනුනත්, එහි ඔබගේ සෞඛ්‍යයට බලපාන අපවිත්‍ර ද්‍රව්‍ය තවමත් රැදි තිබෙනවා.

ඔබේ පවුල ආරක්ෂා කර ගත හැකි හොඳම ක්‍රමය ඔබේ නිවස පිරිසිදු කිරීම බව දකුණු කැරොලිනා වෛද්‍ය විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ ක්ෂුද්‍රජීව විද්‍යා පිළිබඳ ඇමරිකානු සංගමයේ සභාපති ආචාර්ය මයිකල් ජී. ෂ්මිට් පවසනවා. 

අපගේ දෑත් සේදීමෙන් පමණක් ඒ සදහා ප්‍රමාණවත් නොවේ.

උණු වතුර හා පිරිසිදු කාරකයක් භාවිතා කර ඔබ නිතර ස්පර්ශ කරන පොදු පෘෂ්ඨ දිනකට දෙවරක් වත් පිරිසිදු කල යුතු බව වෛද්‍ය ෂ්මිට් කියා සිටිනවා. 

 ජංගම දුරකථනහා යතුරුපුවරු පිරිසිදු කිරීම සඳහා අවම වශයෙන් 70% ක් පමණ අයිසොප්‍රොපයිල් ඇල්කොහොල් සහිත ද්‍රවණයකින්  පිසදමන්න

ඔබ පිරිසිදු කිරීම හා විෂබීජහරණය පටලවා නොගත යුතු අතර විෂබීජ විනාශ නොකර පිරිසිදු කිරීම පමණක් කළහොත් විෂබීජ හා බැක්ටීරියා වේගයෙන් වර්ධනය වෙන්න පුළුවන්.

විෂබීජ නාශක ලෙස ලේබල් කරන ලද නිෂ්පාදන නිවැරදිව භාවිතා කළහොත් වෛරස් හා බැක්ටීරියා ප්‍රමාණවත් ලෙස විනාශ වෙන බව දකුණු කැරොලිනා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ බෝවන රෝග අංශයේ වෛද්‍ය මහාචාර්ය වෛද්‍ය ජෝශප් හෝර්වාත් පවසනවා.  

ඔබේ නිවසේ සෑම කාමරයක්ම විෂබීජහරණය කරන්නේ කෙසේද ? මෙන්න මග පෙන්වීම

ඔබේ නිවස විෂබීජ නාශක යොදා පිරිසිදු කරග්නේ මෙහෙමයි

මුළුතැන්ගෙය විෂබීජහරණය

මුළුතැන් ගෙය පිරිසිදු කිරීමට පෙර ඔබ අත්වැසුම් පළදින්නේ එසේ නම් කුමන වර්ගයේ ඒවාදැයි තීරණය කරන්න.

රබර් අත්වැසුම් නැවත භාවිතා කරන්න පුළුවන්.

ඒ වගේම පිරිසිදු කාරක හා විෂබීජ නාශක භාවිතා කරන සෑම විටකම අත් සබන් දා සෝදන්න.

මුළුතැන්ගෙට අපේ දෑතින් පමණක් නොව ආහාර මගින්ද බැක්ටිරියා පැමිණෙනවා. 

ඒ නිසා මුළුතැන්ගෙය නිසි ලෙස විෂබීජ නාශක කිරීම වැදගත් වෙනවා. ‌

මේස මත, කබඩ් අගුලු, සින්ක් එක මත, පැන්ට්‍රිය මත වැනි මුළුතැන්ගෙයි ඇති දෘඩ පෘෂ්ඨ මත සැල්මොනෙල්ලා, ලිස්ටීරියා, ඊ. කෝලි, අච්චුව සහ යීස්ට් වැනි බැක්ටීරියා සිටින්න පුළුවන්. 

විෂබීජ නාශක සහිත පිසිනයක් භාවිතා කර මෙම සියලු පෘෂ්ඨයන් දිනපතා කිහිප වතාවක් පිරිසිදු කළ යුතුය.

ඒ සදහා එක් පිසිනයක් ප්‍රමාණවත් නොවන අතර එවන් පිසින කිහිපයක් ඒ සදහා භාවිතා කරන්න. 

පිසිනයක් මගින් ප්‍රමාණවත් විෂබීජ නාශක ද්‍රාවණය පෘෂ්ඨ මත මිනිත්තු හතරක්වත් ඉතිරි කලයුතු අතර එය සුළගට වියලීමට ඉඩ තැබීම ඵලදායී වෙනවා.

  • භාජන, පිඟන් සහ වීදුරු භාණ්ඩ විෂබීජහරණය

පිඟන් සෝදන ඩිටර්ජන්ට් එකක් භාවිතා කරන්න. ඒ සදහා විෂබීජ නාශක සහිත පිරිසිදු කාරකයක පිගන් හා වීදුරු පොඟවා ඉවතට ගෙන පිඟාන වාතය වියළීමට ඉඩ දෙන්න.

මේ ආකාරයට රිදී, ඇලුමිනියම් හෝ බිදි ගිය එනමල් බදුන් පිරිසිදු කරන්න එපා.

ගෙදර පිරිසිදු කිරීම:  විසිත්ත කාමරයේ දෘඩ පෘෂ්ඨයන් විෂබීජහරණය 

අපේ අතේ ඇති විෂබීජ නිසා විසිත්ත කාමරයේ ගොඩාක් පෘෂ්ඨ එනම් ස්විච, දොර දොරවල් සියල්ලම අපවිත්‍ර වෙන්න පුළුවන්.

රෝග පාලනය හා වැළැක්වීම සදහා  තත්පර 20 ක් ජලය හා සබන් සමඟ නිරන්තරයෙන් අත් සේදීම සුදුසු බව කිව්වත් බොහෝ විට එය ඵලදායි නොවේ.

වැඩි ආරක්ෂාව සඳහා මෙම පෘෂ්ඨ මත විශබීජ නාශකයක් ඉස විනාඩි 5 ක් වාතය වියළීමට ඉඩ හරින්න.

  • ඉලෙක්ට්රොනික උපකරණ විෂබීජහරණය

දුරකථන, දුරස්ථ පාලක, ලැප්ටොප් සහ යතුරුපුවරු වල බොහෝ බැක්ටීරියා රැදෙනවා. 

දුරකථන තිර පිරිසිදු සඳහා ඔබට 70% සමස්ථානික ඇල්කොහොල් අඩංගු විෂබීජ නාශකයකින් පිසදැමීමක් භාවිතා කරන්න පුළුවන්.  

නමුත් ජංගම දුරකථනයේ තිරය පිරිසිදු කිරීමට පෙර සෑම විටම අත්පොත කියවන්න.

දුරස්ථ පාලක හා යතුරු පුවරු පිසදැමීම 75% සමස්ථානික ඇල්කොහොල් අඩංගු විෂබීජ නාශකයකින් එය පිස දමා වාතය වියළීමට ඉඩ දෙන්න. 

නාන කාමරය විෂබීජහරණය

ඔබේ නිවස විෂබීජ නාශක යොදා පිරිසිදු කරග්නේ මෙහෙමයි

නාන කාමරයේ ඇති ෂවර්, වැසිකිළි, කවුන්ටර් යන  පෘෂ්ඨයන්ට අමතරව, නිතිපතා භාවිතා කරන පිසින තුවා සහ පාපිසි විෂබීජහරණය කර සේදීමට වග බලා ගන්න.

දිනකට වරක්වත් පිරිසිදු අත් පිසිනයක් මාරු කිරීමට වග බලා ගන්න.

නාන කාමරයේ දෘඩ පෘෂ්ඨයන් දිනකට දෙවරක් වත් විෂබීජහරණය කළ යුතුය.

ඔබ භාවිතා කරන විෂබිජ නාශකයේ අඩංගු උපදෙස් අනුව පිරිසිදු කරන්න.

දත් මැදිමෙන් පසු  කිවිසුම් යාමකින් හෝ කෙළ ගැසීමෙන් පසු ඉවත් වී වියලෙන ලද  ශ්ලේෂ්මල ඉවත් කිරීම සඳහා, මයික්‍රෝ ෆයිබර් රෙද්දක් භාවිතා කරන්න.

වැසිකිළිය පිරිසිදු කිරීමට වෙනම මයික්‍රෝ ෆයිබර් රෙද්දක් භාවිතා කරන්න . නැතිනම් විෂබීජ හුවමාරු නොවීම සදහා වැසිකිළිය පිරිසිදු කිරීම අවසානයට කරන්න.

ගෙදර පිරිසිදු කිරීම: නිදන කාමරය විෂබීජහරණය 

ඇඳ ඇතිරිලි, කොට්ට සහ ඇඳුම් වැනි මෘදු ද්‍රව්‍යයන් පිරීසිදු කිරීමට හා  විශේෂයෙන් යමෙකු රෝගාතුර වුවහොත් බැක්ටීරියා විනාශ කිරීමට විශේෂ අවධානයක් අවශ්‍ය වෙනවා.

ඇඳුම්, අත්වැසුම් සහ ස්කාෆ් විවිධ විෂබීජ වලට නිරාවරණය වෙන බව අමතක නොකරන්න. ‌මේවා සබන් ‌යොදා ‌හොදින් පිරිසිදු කරන්න.

  • සේදිය නොහැකි මෘදු මතුපිට විෂබීජහරණය

මෙට්ට, කොට්ට සහ සමහර ඇඳ ඇතිරිලි රෙදි සෝදන යන්ත්‍රයෙන් සෝදන්න බැහැ.

ඒ වගේම කාමරයේ තියෙන ගෘහ භාන්ඩද පිරිසිදු කිරීම අවශ්‍ය වෙනවා.

මේ සදහා භාවිතා කල හැකි බැක්ටිරියා විනාශ කල හැකි පිරිසිදු කාරකයක ඇති අතර එහි උපදෙස් අනුව එය භාවිතා කරන්න.

ඇදුම් සේදීමේදීද විෂබීජ නාශක අඩංගු පිරිසිදු කාරකයක් භාවිතා කරන්න.

ඔබ ලගත් ඔබේ නිවස විෂබිජහරණය ගැන අදහස් තියෙනවාද? එහෙනම් අප හා ‌බෙදාගෙන්න.

ලෝකය තුල කොරෝනා ව්‍යාප්තියේ  වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

මූලාශ්‍ර:  www.businessinsider.com
 
 
 
 
කතන්දර ලිපි