theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මගේ දියණිය ස්වාධීන, නිර්භීත ශක්තිමත් මෙන්ම යහපත් සිරිකතක් කිරීම මගේ පැතුමයි

4 අවම කියවීම
මගේ දියණිය ස්වාධීන, නිර්භීත ශක්තිමත් මෙන්ම යහපත් සිරිකතක් කිරීම මගේ පැතුමයිමගේ දියණිය ස්වාධීන, නිර්භීත ශක්තිමත් මෙන්ම යහපත් සිරිකතක් කිරීම මගේ පැතුමයි

දිරියෙන් හා ශක්තියෙන් පිරිපුන් දියණියක් ලොවට දායාද කරන්නට පටත් පුළුවන්.

මා මෙන්ම දියණියන් සිටින සැම මාපිය යුවලකගේම පැතුම මෙය බව අතිශයෝක්තියක් නොවේ. බොහෝ අය සිතන්නේ මෙය සිහිනයක් පමණක් බවයි. එහෙත් දියණිය නිර්භීත කරන්නේ කොහොමද?

සුන්දර නමුත් අයෝමය දියණියක් වන්නට ඔබේ දියණිය හුරු කරන්නට ඇත්තෙන්ම ඔබට පුළුවන්.

ඒ වගේම මෙය ඉතාම පහසු කාර්යයක්. ටිකක් හෝ අපහසු දේකට ඇත්තේ අප ගතානුගතික අදහස් වලින් මදක් මිදීමට සිදු වීමයි.

දියණිය නිර්භීත කරන්නේ කොහොමද? ස්වාධීන, නිර්භීත,  ශක්තිමත් මෙන්ම යහපත් කෙනෙක් කරන්නේ කොහොමද?

1. කුඩා කල පටන්ම ස්වාධීනව කටයුතු කිරීමට දියණිය හුරු කිරීම

දරුවා පොචි දවස් වල සිටම, ඒ කියන්නෙ වයස අවුරුද්ද ලබන්නට කිට්ටුව ඉඳන්ම ඇයට ස්වාධීන වන්නට හුරු කරන්නට පුළුවන්.

තමාගේම ඇඳුම් අන්ද ගැනීම, තනිව ආහාර ගැනීම ආදී දේවල් දරුවාට තනියෙන් කිරීමට හුරු කිරීමෙන් දරුවාට පවා ආහාර ගැනීම වැනි දේ විනෝදජනක වනවා.

මා දන්නා බොහෝ මවුවරුන් දරුවන් පුංචි වැඩියි, දරුවා ගේ හැඩි කරනවා, කාලය නාස්ති වනවා වැනි නොයෙක් දේ කියා දරුවාට වසර කිහිපයක් යන තුරුම කවනවා.

මා දන්නා ඇතැම් වැඩිහිටි දරුවන් පවා පසු කාලීනව තනිව ආහාර ගැනීමට හුරු කිරීම බොහෝ අපහසු වනවා. නමුත් කුඩා කල පටන් මේ දේවල් තනිව කිරීමට හුරු කිරීමෙන් ඔබට අත් ප්‍රතිපල බොහොමයි.

මේ කියන්නේ අත් දැකීමෙන්. උදාහරණයක් හැටියට පත්තර කොළ ටිකක් එලා බත් පුංචි දීසියක දමා දී පුංචි දුවට අහාර ගන්න උනන්න්දු කල හැකියි.  

2. කුඩා කල සිටම ගේදොර වැඩට දියණිය හවුල් කර ගැනීම

දරුවන්ට පුංචි කාලෙම ලොකු වගකීම් දෙනකොට දැනෙන්නේ ලොකු සතුටක්. අපි කවුරුත් දන්නවනේ එයාල ලොකු ඇය අනුකරණය කරන ලස්සන. මම ඉස්සර රෙදි වේලෙන්න දාන වගකීම දුන්නේ මගේ පස් හැවිරිදු දුවට.

රෙදි ටිකක් පුංචි බාල්දියකට දාල දුන්නම ඒවා ගුලි ගසා දැම්මත් අප ඇයගේ ක්‍රියාව බොහෝ අගේ කළා.

ඒ නිසා මේ කර්තවය ඇය ඉටු කලේ බොහොම අසාවෙන්. ඇයට වෙනම ප්ලාස්ටික් පිහියක් අප අරන් දී තිබුනේ ඉවුම් පිහුම් වලට අවශ්‍ය කළමනා කපා සකස් කිරීම ඇයට පහසු කිරීමටයි.

3. නිතර අගය කිරීම දියණිය නිර්භීත කරන්නේ කොහොමද

මේ මාතෘකාවේ වටිනාකම කියන්න වචන නෑ. බොහෝ විට අප රටේ මාපිය වරුන් හුරු වී ඉන්නේ වැඩි හරියක් විවේචනය කරන්න.

දරුවා ගත ලකුණු වලට වඩා නොගත් ලකුණු කිහිපය ගැන ආන්දෝලනය කරන්න. කල දේට වඩා නොකළ දේ ගැන දොස් කියන්න.

අද කාලයේ මේ ගති ගුණ වෙනස් කල යුතු වනවා.

අපේ මාපියන් අපව එලෙස විවේචනයෙන් හැදුවා නම්, එය දුකක් මිස සතුටක් නුදුන් බව අප දන්නවා.

එම දුක අප දරුවන්ට නොදී ඔවුන්ගේ පුංචි පුංච් ප්‍රයත්නයන් හැම දේම අගය කරමු.

ගෙදරට එන අමුත්තන් සමඟ පවා ඒ ගැන ගුණ කියමු.

මෙයින් ඔබට ලැබෙන්නේ නිරතුරුවම සතුට කැටි කරගත් දියණියක්.

4. ගෙදර දොරේ ප්‍රශ්ණ ඇත්නම් ඒවා විවෘත්තව කතා කිරීම

බොහෝ විට අප සුභදායි දේ පමණක් දරුවන් ඉදිරියේ කතා කරනවා.

ආර්ථික ප්‍රශ්න හෝ වෙනත් මත ගැටුම් ඇයට දැනගන්නට ඉඩ තබන්නේ නැත්තේ බොහෝ සුභවාදී ප්‍රතිරූපයක් ඇය හට නිතර පෙන්වන්නයි.

මෙය සාර්ථක වන්නේ නෑ.

වසර 5ක් හෝ ඊට ටිකක් වැඩි වන විට නිවසේ ප්‍රශ්න ඇය ඉන්නා ඉසව්වේ කතා බැහැ කරන්නට මැලි වන්නට එපා.

එමෙන්ම නිවසේ කාරණා නිවස තුල පමණක් රැඳිය  යුතු බව නිතර පහදා දිය යුතයි.

මෙසේ වැඩෙන දැරිය දෙමාපියන්ට සරිලන හෝ දැරිය හැකි සිමාවන් මොනවාදැයි හඳුනා ගන්නවා.

දෙමාපියන්ගෙන් අනේක දේවල් ඉල්ලනවාට වඩා පවුලේ කණ්ඩායම් හවුල්කරුවකු (Team-player) බවට පත් වනවා. මෙය ඉතා සුන්දරයි.

5. උවමනාවට වඩා දියණියගේ ප්‍රශ්න වලට මැදිහත් නොවීම දියණිය නිර්භීත කරන්නේ කොහොමද

ඇතැම් විට අප දරුවන්ගේ ප්‍රශ්න වලට උවමනාවට වඩා මැදිහත් වනවා. ගුරුවරුන් ගැන නිතර හොයා බලමින් ඔවුන්ගේ අඩු ලුහුඬු කම් රපොර්තු කරන අතර සුදුසු ගුරුවරුන් සොයමින් දරුවා අත්තෙන් අත්තට මාරු කරනවා.

මෙහිදී අප දරුවාව ප්‍රශ්න වලට මුහුණ දීමේ ශක්තිය ප්‍රගුණ කරනවා වෙනුවට ප්‍රශ්න වලින් පලා යාම නොදැනුවත්වම කියා දෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දෙමාපියන්ට කීව නොහැකි ආකාරයේ ප්‍රශ්න පැන නැගෙන අවස්ථා වල බොහෝ දියණියන් පහසුවෙන් පරාජිත වන්නේ මේ නිසයි.

6. පමණ ඉක්මවා ආරක්ෂා කිරීම

ආරක්ෂාව අද කාලයේ අත්‍යාවශ්‍ය වනවා. නමුත් ඇතැම් මාපියන් දරුවන් මදක් ලොකු මහත් වූ කල පවා තම ඇස් මායිමෙන් ඔබ්බට දැරියව යවන්නේ නෑ.

දියණියට අවුරුදු 8ක් හෝ වැඩි වන විට සීමාවන් පනවා පුංචි නිදහසක් දිව යුතු වනවා.

මම කලේ දරුවාට අත් ඔරලෝසුවක් පළඳවා වෙලාවක් නියම කොට ඇයට අසල්වැසි දරුවන් සමඟ සෙල්ලම් කර ගෙදර ඒමට පැය භාගයක් නියම කරනවා.   

මෙයින් ඇයට වගකීමක් භාර දෙන අතර ඇය එය ඉටු කරන බැව් දන්නා බවට අප ඇය කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කරනවා.

ඉහත කාරනා සැලකිල්ලට ගෙන ලොකු මහත් කරන දියණිය මනා ආත්ම විශ්වාසයකින්, ශක්තියකින් හා වගකීමකින් ජීවිතය ගොඩ නගා ගන්නවා නිසැකයි.

මේ ගුණාංග වලින් දියණිය පෝෂණය කරන අතරම දෙමාපියන් හැටියට මනා ආදර්ශමත් ජීවිතයක් ගත කිරීම මේ හැම දේටම වඩා වැදගත් වනවා.

 මේ සම්බන්ධයෙන් උදාහරණ හා අත්දැකීම් බෙදාගන්න ඔබත් කැමතිනම් අප ඒ ගැන ලියා එවනවාට අප ගොඩක් කැමතියි.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • මගේ දියණිය ස්වාධීන, නිර්භීත ශක්තිමත් මෙන්ම යහපත් සිරිකතක් කිරීම මගේ පැතුමයි
බෙදාගන්න :
  • තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

    තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

  • ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

    ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

  • තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

    තාත්තායි දුවයි මේ ආදරයයි: ඉස්කෝලේ යන්න බෑ!

  • ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

    ඔබේ දරුවා තනිව නිදාගැනීමට හුරු කරන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it