theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඕනෑවට වඩා හිතන එක නවත්වා ගන්නේ මෙහෙමයි

4 අවම කියවීම
ඕනෑවට වඩා හිතන එක නවත්වා ගන්නේ මෙහෙමයිඕනෑවට වඩා හිතන එක නවත්වා ගන්නේ මෙහෙමයි

ඔබේ සිතට එකඟව යහපත් කියා සිතෙන කිසිවක් පිළිබඳව අනිත් අය මොනවා හිතයිද, මේ දෙයින් චරිතයට ඉන් කැළලක් වෙයිද, වගේ ඔබ නිරන්තරව සිතමින් කල් ගත කරනවා නම් පමණට වඩා කල්පනා කිරීම නවතා එය ක්‍රියාවට නැගීම වැදගත් වෙනවා.

උදාහරණයක් විධියට, ඔබ පදිංචිය මාරු කිරීමට අදහස් කරනවා කියලා හිතමු. ඔබට එය එක් වරම කරන්නට බැහැ, ඉතින් ඔබ ටිකක් නිදහසේ වාඩි වෙලා කල්පනා කරන්නට පටන් ගන්නවා. අන්තිමට දවස් දෙක තුනකින් බලද්දීත් ඔබේ නිවෙස් ලිපිනය වන්නේ ඔබ හිඳගත් අසුන තිබෙන පැරණි නිවසේමයි. ඒ නිසා මෙහෙම සිතමින් ඉන්නවා වෙනුවට, ඔබට කරන්නට ඇති දේවල් ලයිස්තුගත කරන්න. එම ප්‍රදේශයේ ඇති නිවාසවල මිල ගණන්, ඒ නව පරිසරයේදී ඔබට රැකියාව මාරු කරන්නට වෙනවා නම් ඒ බව, දරුවන්ගේ පාසල් මාරු කරන්නට ගතයුතු පියවර වැනි දේවල් ඒ අතර තිබෙන්නට පුළුවන්.

දැන් ඒ කළ යුතු දේවල් වලට ආර්ථිකමය සැලසුමක් එක්ක කාලරාමුවක් යොදන්න. එමඟින් ඔබට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව හොඳ සැලසුමක් ඉබේ ම ලැබේවි.

පමණට වඩා කල්පනා කිරීම සඳහා අවධානය වෙනස් කරගන්න

පමණට වඩා කල්පනා කිරීම

(wallpaperfolder.com)

දැන් මේ වගේ ඔබට කරන්නට දෙයක් නැති අවස්ථාවක් ගැන හිතමු. ඒ කියන්නෙ, ඔබ අතීතයේදී කරපු දෙයක් නිසා දැන් ඊට කරන්නට පිළියමක් නැහැ කියලා ඔබට තේරෙනවා. සිරිත් මල්දමේ කවියකත් තියෙනවානෙ “වැඩක නොයෙදූ සිත – නරක අතටම පෙරළෙත” කියලා. ඒ හින්දා පරණ දේවල් ගැන හිත හිත ඉන්නවාට වඩා කිසියම් වැඩක යෙදීම අඩුගානේ භෞතික වශයෙන් හෝ ඔබව ඉදිරියට ගෙනයනවා, එහෙම නේද?

මේ සඳහා ඔබ කරන්නට කැමති කුමක් හෝ විනෝදාංශයක, කාර්යාලීය කටයුත්තක, නිර්මාණකරණයක වැනි හාත්පසින් වෙනස් දෙයක යෙදෙන්න. නැත්නම්, අළුතෙන් දෙයක් ඉගෙන ගන්න. ශරීරයට ව්‍යායාම් ලැබෙන කටයුත්තක් නම් වඩාත් හොඳයි. ඉන් ගත වෙහෙසෙන නිසා ඔබ වැඩි වැඩියෙන් හුස්ම ගන්නා අතරේ ම රුධිර සංසරණයත් හොඳින් සිදුවෙනවා. මෙමඟින් දුක, පසුතැවීම ඇතිකිරීමට බලපාන හෝමෝන නිපදවීම අවමව ගොසින් ඔබට නව ජවයක් ලැබුණු හැඟීමක් ඇතිවේවි. එහෙම දේ කරන්න අපහසු අවස්ථාවක නම් හාස්‍යජනක ටීවී සීරීස් එකක් හෝ චිත්‍රපටයක් බලන්න. මේවා නිසා සිනහ ඇතිවීමෙන් මුහුණේ පේශි සිනහව වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. එයත් දුක්ඛදායී හෝමෝන වියැකී යාමට හේතුවක් වෙනවා.

කල්පනාකාරී විය යුත්තේ, ඔබ කරන්නට තෝරා ගන්නා කටයුත්ත නිසා තව තවත් ඔබේ ගැටළුව සිහි වන ආකාරයේ දෙයක් නොකිරීමට වග බලා ගැනීමටයි. මොකද නැත්නම් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් තමයි වෙන්නේ.

මේ ගැන කථා කරන එක නවත්වන්න

පමණට වඩා කල්පනා කිරීම

(antgibbz.com)

“ප්‍රශ්ණයක් තියෙනවා නම් මාත් එක්ක කියන්න” කිව්වාම ඒ ගැන කථා කරලා හිත නිදහස් කරගන්න එක හොඳ පුරුද්දක්. හැබැයි ඔහොම අවස්ථාව දෙන හැමෝටම තියෙන ප්‍රශ්ණ කියන්න ගියොත් වෙන්නේ ගෙයි ගිනි පිටට දීලා තව ප්‍රශ්ණ වැඩි කරගන්න වෙන එක විතරයි. ඊටත් වඩා, හැමෝගෙන්ම උපදෙස් ගන්න ගියාම වෙන්නේ අර “බූරුවා, පුතා සහ පියා” කථාවෙ වගේ ඒ හැම එකක් ගැන ම හිතන්න ගිහින් ඔබ තවත් වැටෙනවා.

ඒ කියන්නෙ ඔබට අත්හදා බලන්නට ලැබෙන විකල්ප සංඛ්‍යාව වැඩි වුණා ම ඒක කරනවා ද මේක කරනවා ද එහෙම කළොත් මොනවගේ දෙයක් වෙයි ද වගේ හිතන්නට සිද්ධ වෙන ප්‍රමාණය තවත් වැඩි වෙනවා. සමහරවිට එක් කෙනෙක් ලබා දීපු විකල්පයකට තවත් කෙනෙක් දීපු විකල්පයක් හාත්පසින් පරස්පර වෙන්නට පුළුවන්. එතකොට ඔබ තවත් අවුලකට පත්වෙනවා.

ඒ නිසා ඔබේ ප්‍රශ්ණයක් කිව හැකි එක් විශ්වාසවන්ත සහ දැනුමෙන් පරිපූර්ණ පුද්ගලයෙක් තෝරාගන්න. ඒ ඔබේ දෙමාපියන්, ළඟ හිතවතෙක්, ස්වාමි පුරුෂයා හෝ බිරිඳ වෙන්නට පුළුවන්. හොඳ මානසික වෛද්‍යවරයෙක් වෙන්නත් පුළුවන්. එය අවස්ථානුකූලව, බුද්ධිමත්ව තෝරා ගත යුතුයි. නිතර සාර්ථක චරිත කථා ආදිය කියවනවා නම් ඔබට ඒ අයගේ ජීවිත වලින් බොහෝ දේවල් ඉගෙනගන්නට පුළුවන් වේවි. එයින් ප්‍රශ්ණවලට මුහුණ දෙන හැටි ගැන අත්දැකීම් සමුදායක් ඔබට ලබාගන්නට පුළුවන් වෙනවා වගේම ඕනෑම දෙයකට සවිමත්ව මුහුණ දීමේ ශක්තියක් ලැබෙනවා.

අතීතය ගෙවිලා ඉවරයි. අනාගතය තවම ඇවිල්ලා නැහැ. ඉතින් මේ දැන් උදාවෙලා තිබෙන මොහොත අපි නිවැරදිව ලිව්වොත් ඒක අතීතයට රන් අකුරෙන් එක්වේවි. ඉන් අනාගතයත් බැබලේවි. එතකොට නම් ශීත සෘතුව මධ්‍යයේ වුණත් වසන්තය ගෙන්වාගන්න පුළුවන් අනිවාර්යයි.

කවරයේ පින්තුරය: powerofpositivity.com

රචනය: Thambaru Wijesekara

කවරයේ පින්තූරය: (Huffington Post)

මෙම මුල් ලිපිය  Roar Media විසින් නිර්මාණය කර පළ කල ලිපියකි. ඔවුන්ගේ අනුදැනුම ඇතිව මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරනවා.

https://roar.global/roar-media/about/

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • මානසික ගැටළු
  • /
  • ඕනෑවට වඩා හිතන එක නවත්වා ගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • නව කොරෝනා වෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද?

    නව කොරෝනා වෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද?

  • අසාමාන්‍ය ලිංගික ආශාවන් 6ක්

    අසාමාන්‍ය ලිංගික ආශාවන් 6ක්

  • නව කොරෝනා වෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද?

    නව කොරෝනා වෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද?

  • අසාමාන්‍ය ලිංගික ආශාවන් 6ක්

    අසාමාන්‍ය ලිංගික ආශාවන් 6ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it