theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

වාර විභාග සඳහා දින කිහිපයකින් දරුවා සුදානම් කල හැකි කෙටි ක්‍රමයක්

2 අවම කියවීම
වාර විභාග සඳහා දින කිහිපයකින් දරුවා සුදානම් කල හැකි කෙටි ක්‍රමයක්වාර විභාග සඳහා දින කිහිපයකින් දරුවා සුදානම් කල හැකි කෙටි ක්‍රමයක්

වාර විභාගයට ඔන්න මෙන්න කියා තිබියදී දරුවා ඊට සූදානම් කිරීමේ කෙටි ක්‍රමයක් තමා මේ.

පාසැල් වාර විභාගය අත ළඟම එනවා. වාර විභාග සූදානම කෙසේ වෙතත් එදිනෙදා වැඩ වලින්ම දරුවන් අද අතිශයින්ම කාර්ය බහුලයි. පාසලේ අමතර වැඩ, අමතර ක්‍රියාකාරකම් ආදිය නිසා දරුවා ගෙදර එන්නෙත් බොහෝ රෑ බෝ වෙලා.

දරුවන් දිනපතා පාඩම් කටයුතු වල යෙදීමෙන් විභාගය ඔන්න මෙන්න තිබියදී වැඩ ගොඩ ගැහෙන්නේ නැති බව අප හැමෝම දන්නා කරුණක්.

නමුත් ඉතින් දරුවන්ගේත් දෙමාපියන්ගේත් කාර්ය බහුලත්වය නිසා මෙසේ කිරීම කරනවාට වඩා කියන්න ලේසියි.

ඉතින් අද මේ කියන්නට යන්නේ එවන් කාර්යබහුල දූ දරුවන්ට, දෙමාපියන්ට දවසෙන් දෙකෙන් විභාගයට සුදානම් වීමේ රහස් ක්‍රමයක් ගැන.

විශේෂයෙන්ම දරුවා අමතර පන්ති නොයන කෙනෙක් නම් මේ ක්‍රමය තවත් සාර්ථක වන්නේ දරුවන්ගේ හිසට උවමනාවට වඩා පාඩම් වැඩ පිරවීම යෝග්‍ය නොවන නිසා.

මේ ක්‍රමය පුංචි පන්ති වල සිට ශිෂ්‍යත්ව පන්ති දක්වා හෝ එයින් ඉහළ වසර වලට වුනත් යොදා ගන්න පුළුවන්. මෙය පිළිසකර කල යුත්තේ දෙමාපියන් විසින්. 

වාර විභාග සූදානම: එක දවසින් වාර විභාගයේ එක් විෂයකට සුදානම් වන්නේ කෙසේද?

  1. දරුවාට සාමාන්‍යයෙන් ටිකක් අමාරු විෂයක් මුලින්ම තෝරා ගන්න
  2. දරුවාට සතිපතා/මාස්පතා දෙන අභ්‍යාස කොළ ටික රැස් කරගන්න. මේවා සතිපතා එකතු කොට නිවසේ file කිරීම ඉතාමත්ම යෝග්‍යයි.
  3. දරුවාගේ අච්චු පොත හා ලියන පොත ලඟට ගන්න
  4. දරුවාගේ පෙර වාර විභාග ප්‍රශ්න පත්‍රය අතට ගන්න.
  5. මේ දේවල් පිළිසකර කරන තෙක් දරුවාට වෙනත් විෂයක් තෝරා ගෙන පුනරීක්ෂණය කරන ලෙස උපදෙස් දෙන්න.
  6. දැන් මෙම ඛාණ්ඩ තුනෙන් ප්‍රශ්න තිහක පමණ අනුමාන ප්‍රශ්න පත්‍රයක් පිළියෙළ කරන්න.
  7. ඉහත තෝරා ගත ප්‍රශ්න වලට පිළිතුරුද වෙනම කොලයක සටහන් කර ගන්න.
  8. මෙම පිළියෙළ කිරීමේදී එම තෝරාගත් විෂයේ මේ වන තුරු ඉගැන්වූ කාල පරාසයටම අයත් දත්ත අනුව ප්‍රශ්ණ පත්‍රය පිළියෙළ කරන්න.
  9. දැන් දරුවාට පොත් ටික නැවත ලබා දී පාඩම් කිරීමට පැයක් හෝ දෙකක් දෙන්න.
  10. දැන් ප්‍රශ්න පත්‍රය කිරීමට දරුවාට ලබා දෙන්න.

මෙම ප්‍රශ්ණ පත්‍රය කිරීමේදී දරුවා පිළිතුරු සපයන ගමන් විෂය පරාසය ඉක්මනින් පිරික්සීමට උත්සුක වනවා. පරණ වාර විභාග ප්‍රශ්න පත්‍රය නිරික්සීමෙන් ප්‍රශ්ණ ආසන පිළිවෙල හා රටාව ගැන අපටත් අවබෝධයක් එනවා.

මෙම ක්‍රමය මගේ දරුවා කුඩා කල සිටම අනුගමනය කරන නිසා දැන් ඇයට මා විසින් සකසන අනුමාන ප්‍රශ්න පත්‍රය නැතිවම බැහැ.

එය ගෙදරදී කිරීමෙන් ඇයට ආත්ම විශ්වාසයක්ද ඇති වනවා. 

ඉතින් ඔබත් මෙම ක්‍රමය අත්හදා බලන්න. දරුවාට ඉගෙනීමත් සතුටක් වනවා නොඅනුමානයි.

විභාග කාලයේදී දරුවාට අවශ්‍ය නින්ද, විවේකය ආදී එලෙසින්මේ අත් විඳින්නට දීමෙන් දරුවාගේ සෞඛ්‍යට බොහෝ හිතකර වනවා.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ද්විතීක අධ්‍යාපනය
  • /
  • වාර විභාග සඳහා දින කිහිපයකින් දරුවා සුදානම් කල හැකි කෙටි ක්‍රමයක්
බෙදාගන්න :
  • එකයි, දෙකයි, තුනයි ..මට ඇඟිලි පහයි. ඇඟිලි ගනිමු ගණන් හදමු.

    එකයි, දෙකයි, තුනයි ..මට ඇඟිලි පහයි. ඇඟිලි ගනිමු ගණන් හදමු.

  • මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන මේ කෑම වර්ග දරුවන් විභාග වලට මුහුණ දෙන කාලයට හුඟක් හොඳයි.

    මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන මේ කෑම වර්ග දරුවන් විභාග වලට මුහුණ දෙන කාලයට හුඟක් හොඳයි.

  • එකයි, දෙකයි, තුනයි ..මට ඇඟිලි පහයි. ඇඟිලි ගනිමු ගණන් හදමු.

    එකයි, දෙකයි, තුනයි ..මට ඇඟිලි පහයි. ඇඟිලි ගනිමු ගණන් හදමු.

  • මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන මේ කෑම වර්ග දරුවන් විභාග වලට මුහුණ දෙන කාලයට හුඟක් හොඳයි.

    මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන මේ කෑම වර්ග දරුවන් විභාග වලට මුහුණ දෙන කාලයට හුඟක් හොඳයි.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it