theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ විවාහය රැකගත හැකි විනාඩි 5න් කරන්න පුළුවන් උපායක්

3 අවම කියවීම
•••
ඔබේ විවාහය රැකගත හැකි විනාඩි 5න් කරන්න පුළුවන් උපායක්

කසාදය රැකගන්න විනාඩි 5 ක් ප්‍රමාණවත්.

ඔබේ කසාදය රැකගන්න අවැසිද? එහෙනම් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ මිනිත්තු පහක  පුංචි උත්සාහයකි.

ඔබේ සම්බන්ධතාවය කොයිතරම්  සර්වසම්පුර්ණයි කියලා ඔබ සිතුවත්, සෑම විවාහයක්ම හොඳ නරක අත්දැකීම් වලින් පිරිලා තියෙනවා.

මෙය සාමාන්‍ය තත්වයක්  වන අතර සමහර දුෂ්කර අවස්ථා කළමනාකරණය කරන්නත් අසීරුයි නේද? 

ඔබගේ විවාහය රැකගන්නේ කොහොමද කියලා ඔබ කල්පනා කරන්නේ නම්, මිනිත්තු පහක් පමණක් වැයවෙන මෙම පහසු උපක්‍රමය ඔබට කදිම විසදුමක් වෙන්න පුළුවන්.

සමහරු උපදේශකයින්ගේ හෝ චිකිත්සකයින්ගේ උපකාර සොයා යනවා. තවත් සමහරු සිය විවාහය රැක ගන්නේ කෙසේද යන්න පිළිබඳ මෙවැනි ලිපි සොයනවා.

සම්බන්ධතා විශේෂඥ හා මනෝවිද්‍යාඥ බෙලින්ඩා විලියම්ස් මේ පිලිබඳ අතිශය වටිනා තොරතුරක් අපිට කියාදෙනවා. එය ඇය ගැටළු සහිත යුවල නැවත සම්බන්ධ කිරීමට භාවිතා කරනවා.

ඔබේ කසාදය මිනිත්තු පහකින් ආරක්ෂා කර ගන්නේ කෙසේද?

එකම එක පුංචි මොහොතක් වැය කරමුද?

3

ඔබ බොහෝ දෙනෙක් මේ පුංචි  මොහොතක් කියන්නේ කුමක්ද කියලා කල්පනා කරනවාද?

යුවළක් විවාහ වූ විට, සමීප සබඳතා වර්ධනය කරගැනීමට ඕනෑ තරම් කාලය තියෙන බව බෙලින්ඩා පැහැදිලි කරනවා.

යුවළකට දරුවන් ලැබීමට පෙර, සෝපාව  මත දිගා වී සිටීම, මෝටර් රථයේ අත් අල්ලා ගැනීම හෝ වාඩි වී එක්ව සංගීතයට සවන් දීම වැනි පුංචි මොහොත වල් සම්බන්ධතාවය ගොඩනංවනවා කියලත් ඇය පවසනවා.

නමුත් දරුවන්  ලැබෙන විට, මේ සියල්ලම දුරස් වෙන්න ඉඩ තියෙනවා.

ඒ සඳහා  ඇයගේ විසඳුම වන්නේ මිනිත්තු පහක පුංචි මොහොතකින් සමීපත්වය නැවත ලබා ගැනීමයි.

“ ඔබගේ සම්බන්ධතාවයට බලපෑමක් ඇති කිරීම සඳහා ලොකු කාලයක් අවශ්‍ය  වෙන්නේ නැහැ ,” බෙලින්ඩා පවසනවා. “මේ පුංචිම පුංචි මොහොත ඇත්තටම සම්බන්ධ වීමට ගන්න පුළුවන් පුංචිම අවස්ථාවක් වුනත් ලබා ගන්නවා.”

මේ සියල්ලම පුංචි  දේවල් ගැනයි

ඔබේ විවාහය රැකගත හැකි විනාඩි 5න් කරන්න පුළුවන් උපායක්

එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වීමත් එකිනෙකාට ආදරය කිරීමත් එකිනෙකාට පෙන්වීමට ඇති පුංචිම අවස්ථාව සොයා ගැනීමට තමන් යුවළයන් දිරිමත් කරන බව බෙලින්ඩා තවදුරටත් කියා සිටිනවා.

මෙය ඔබ එකිනෙකාට නිසි ලෙස සුබ පැතීම හා සමුගැනීම සහතික කිරීම තරම් පුංචි  දෙයක් වෙන්නත් පුළුවන්.

ඔබ පසුකර යන විට පුංචි සුරතලයක් කිරීම,අත් අල්ලාගෙන ඔබ නින්දට වැටීම,  මුහුණට ආදරෙයි යැයි පැවසීම, ස්තුතිය ප්‍රකාශ කිරීම හෝ ඔවුන්ගේ ප්‍රියතම තේකක් වැනි පුංචි  තෑග්ගක් ලබාදීම වෙන්නත් පුළුවන්." ඇය පැවසුවා.

“ප්‍රධාන මූලධර්මය නම්, අප විශාල දෙයක් කිරීමට අවස්ථාවක් එළඹෙන තුරු සිටියහොත්, බොහෝ විට මේ අවස්ථාව නොලැබෙන්න හෝ සම්බන්ධතාවය සඳහා ඇති අවස්ථාව දුරස්  වෙන්න පුළුවන්. එබැවින් ඔබට ලබා ගන්න පුළුවන් දේ ගන්න. පුංචිම අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ”

ඔබේ විවාහය රැක කරගන්නේ කෙසේදැයි කල්පනා නොකරන්න. මේ පුංචි  මොහොත වල් උත්සාහ කරන්න.

සුළු කාලයක් එකට ගත කිරීමත් ඔබගේ විවාහය සුරැකීමට උපකාරී වෙනවාද? එහෙනම්  මේ අරුම පුදුම පුංචි මොහොත වල් වැඩිපුර ඇති කිරීමට උත්සාහ කරන්න.

මෙය පරීක්‍ෂාවට ලක් කිරීමට අපි තීරණය කලා.

අපි දන්නා අම්මලාට   ඔවුන්ගේ සහකරු හෝ සහකාරිය සමඟ ආදරයෙන් පුංචි මොහොතක් ගත කර ලබන අත්දැකීම බලන ලෙස  මව්වරුන් කිහිප දෙනෙකු ගෙන් අපි ඉල්ලා සිටියා.

මෙන්න කසාදය ව‌ෙනුව‌ෙන් ඔවුන් ලබාගත් පුංචි අවස්ථා කල විප්ලවය

ඔබේ විවාහය රැකගත හැකි විනාඩි 5න් කරන්න පුළුවන් උපායක්

  • තම ස්වාමිපුරුෂයා හා තමා එකිනෙකා පසුකර යන විට සිනාසෙමින්, වඩා සෙනෙහසින් පිරි මොහොතකට ඔහු ගෙන යා හැකි බව සෙලීනා පවසනවා.
  • තම ස්වාමිපුරුෂයා මුළුතැන්ගෙයෙහි එකිනෙකා පසුකර යන විට ඇය සෙල්ලක්කාර ලෙස ඔහුගේ තට්ටමට තට්ටුවක්  දාන බව රේලීන් පවසනවා. එසේ කරන්නේ දරුවන්ගේ ඇස් වලින් වසන් වෙලාලු. මෙය ශාරීරික හා පසුව මානසික  සමීපතාව නැවත ගොඩනැංවීමට උපකාරී වුනාලු.
  • ඇය සහ ඇගේ සැමියා අවසන් වරට බීම එකක් බෙදාගත් අවස්ථාව මතක නැති බව  ජැස්මින් පවසනවා. එක් සැන්දෑවක ළමයින් නින්දට ගිය පසු, ඇය ඇගේ සැමියා සමග බීම වීදුරුවක් පානය  කරන්න තීරණය කළා. මෙය ඔවුනොවුන්ගේ දවස් ගත කල අයුරු එකිනෙකා සමඟ කියන්න හොඳ අවස්ථාවක් වුනා. එසේ කිරීම  ඔවුන්ට මාස කිහිපයක් තිස්සේ අමතක වී තිබු දෙයක්ලු.

අනන්‍යතා ආරක්ෂා කිරීම සඳහා නම් වෙනස් කර ඇත.

ඔබේ කසාදය ව‌ෙනුව‌ෙන් ඔබත් ‌මේ පුංචි ම‌ොහ‌ොතවල් උදා කරගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබේ විවාහය රැකගත හැකි විනාඩි 5න් කරන්න පුළුවන් උපායක්
බෙදාගන්න :
•••
  • මේ දේවල් 10 නම් ඔබේ බිරිදට කියන්න අමතක කරන්න එපා

    මේ දේවල් 10 නම් ඔබේ බිරිදට කියන්න අමතක කරන්න එපා

  • එකිනෙකා තේරූම් ගන්න දෙන්නාම උත්තර දිය යුතු ප්‍රශ්න 9 ක්

    එකිනෙකා තේරූම් ගන්න දෙන්නාම උත්තර දිය යුතු ප්‍රශ්න 9 ක්

single
  • මේ දේවල් 10 නම් ඔබේ බිරිදට කියන්න අමතක කරන්න එපා

    මේ දේවල් 10 නම් ඔබේ බිරිදට කියන්න අමතක කරන්න එපා

  • එකිනෙකා තේරූම් ගන්න දෙන්නාම උත්තර දිය යුතු ප්‍රශ්න 9 ක්

    එකිනෙකා තේරූම් ගන්න දෙන්නාම උත්තර දිය යුතු ප්‍රශ්න 9 ක්

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
Articles
  • COVID-19
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • මාපිය දැනුම
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor