theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට සීමාවන් පනවන්නේ කොහොමද?

3 අවම කියවීම
දරුවන්ට සීමාවන් පනවන්නේ කොහොමද?දරුවන්ට සීමාවන් පනවන්නේ කොහොමද?

දරුවන් උස් මහත් කිරීමේදී යම් යම් නීති රීති හා සීමාවන් පනවන්න සිදු වනවා. දරුවන්ගේ සහභාගිත්වය ඇතිව සුහදශීලිව සිමාවන් පනවන්නේ මෙහෙමයි.

කලට වේලාවට කෑම, බීම, නින්ද ආදිය දෙනවාට අමතරව දරුවන්ට සීමාවන් පැනවීම ත් ඉතාම වැදගත්.

අපේ ගෙදර රෑ කෑමෙන් පසුව  කෑම මේසය ඇස පස් කර බිම අතුගාන්නෙ මගේ දස හැවිරිදි පුංචි දුව.

සාමාන්‍යයෙන් සේදු රෙදි වේලීමට දැමීමේ කාර්යයද පැවරෙන්නේ ඇයට.

මෙය දුටු මගේ මිතුරියක් මා සමඟ පැවසුවේ ඇයට මේ ගැන දුකක් දැනෙන බවයි.

සෙල්ලම් කරන්න ඕනෙ දරුවෙකුගෙන් වැඩ ගන්න එක එතරම් හොඳ නැති බව ඇය මට දුන් පණිවුඩයයි. ඉතින් ඔබ එකඟ වන්නේ ඇය සමඟද? මා සමඟද?

දරුවන්ට අවශ්‍ය ආදරය, සෙනෙහස නොඅඩුව ඔවුනට දෙන අතර ඔවුන්ගේ සෙල්ලම් වයසේ ඇති තරම් සෙල්ලම් කිරීමට අපගේ උපරිම දායකත්වය ලබා දිය යුතුමය.

ඒ අතරතුරම ගේදොර වැඩටත් දරුවන් හවුල්කරගත යුත්තේ ඔවුන් නිවසේ වැඩ කටයුතු කෙරෙහි පංගුකාරයන් කරගැනීමටය.

නැතහොත් ඔවුන්ගේ සිත් තුලට අප කාවද්දවන්නේ නිවසේ මුළුතැන්ගෙයි වැඩ, ගෙදර වැඩ අම්මා සතු ක්‍රියාවලියක් පමණක් බවයි. 

ඒ වගේම තමන්ගේ සතුට, සෙල්ලම් කිරීම පිණිස අම්මා, තාත්තා ඔවුන්ගේ  අමාරුකම් පසෙක ලා  තමන්ගේ සතුට වෙනුවෙන් ඕනෑම මොහොතක පෙනී සිටින බවත් ඔවුන් ගලවා ගන්නා බවත් දරුවන් විශ්වාස කරන්නට පෙළඹෙනවා.

මේ විශ්වාසය නරක දෙයක් නොවන මුත් මෙතුලින් දරුවන් අපගෙන් දැරිය හැකි ප්‍රමාණයට වඩා දේවල් බලාපොරුත්තු වීමට නොදනුවත්වම මං පාදනවා.

මේ නිසා දරුවන්ගේ සතුට ගැන නිරතුරු ඇපකැප වන අතරම නිවස තුළ ඔවුනට යම්කිසි සිමාවන් හා නීති මාලාවන් සකස් කිරීම ඉතාම වැදගත්.

දරුවන්ට නිවෙස් තුළ සීමාවන් පැනවීම හා නීති මාලාවන් සකසන්නේ කෙසේද?

  1. දරුවන්ට සීමාවන් පැනවීම හා ඊට අදාළ ප්‍රතිවිපාක එකට යාබදව සම්පාදනය කරගන්න.

දෙමව්පියන් සහ දරුවන් එකට එකතු වී මෙම නීතිරීති සම්පාදනය කර ගැනීම වඩාත් උචිතයි, විනෝදජනකයි.

ඒ වගේම දරුවාගේ එකඟතාවය ඇතිව සිමාවන් පැනවීම සිදුවීම සතුටුදායකයි.

නීතිරීති සහ ඒවායේ ප්‍රතිපල ගැනත් අවබෝධයක් මින් දරුවාට ලැබෙනවා.

උදාහරණයක් වශයෙන්, දරුවා දෙමාපියන් සමඟ කට ගසනවා නම් මෙවැනි සංවාදයක් සිදු විය හැකිය.

“මම දන්නවා ඔයාට මා එක්ක කේන්ති යන බව. ඔයා හිතා මතා කට ගහනවා නෙවෙයි.

නමුත් එක වැරදියි කියා ඔයා දන්නවා නේද?”

“ඔව් අම්මා, මමත් කැමති නැහැ නමුත් මට කේන්තිය පාලනය කරගන්න බැහැ.”

“හොඳයි, අපි මෙහෙම කරමු. ඔයා කට ගහන්නේ නැති දවසට, මම ඔයාට තරුවක් දෙනවා.

ඔයා එක දිගට තරු පහක් ගත්තොත්, ඔයාට කැමති පොතක් අරන් දෙනවා. තරු දහයක් ගත්තොත්, ඔයා කැමති චිත්‍රපටියක් බලන්න එක්කන් යනවා.”

“හරිම හොඳ අදහසක්”

  1. දරුවාට නිතර ආදරය පෙන්වන්න

නීති රීති සකස් කරන්නේ දරුවාට ඇති ආදරය නිසාත්, නිවසේ කටයුතු ගෙදර සියල්ලන් සමඟ එක්ව කිරීමට නිසාත් බව දරුවාට නිතර පසක් කර දෙන්න.

  1. නීති රකින විට අගය කරන්න

දරුවා නීති කඩන විට වහා  කිපෙන අප, නීති රකින විට අගය  කරන්නේ බොහොම රහසින්. එසේ නොකට නීති රකින දරුවාගේ කැපවීම උපරිමයෙන් අගය කරන්න. ඔහු හෝ ඇය ගැන ඔවුන් ඉදිරියේම යහළු මිතුරන් සමඟ අගය කරන්න.

  1. දෙමාපිය ඔබත් නිතිය කඩන්න එපා

ඉහත තරු උදාහරණයේ දරුව තරු හතරක් ගතහොත් ඔවුන්ට තරු පහේදී පොරොන්දු වුනා දේ දෙන්නට දෙමාපියන් යුහුසුළු වන්න පුළුවන්.

ඔබ හැඟීම් වලට වහල් වී එසේ කළහොත් මේ මුළු අභ්‍යාසයම පුස්සක් වනවා. හිත දැඩි කරගෙන නිතියරැකීම ඔබ සතු වගකීමක්.

මේ ආකාරයට පුළුවන් තම නිවෙස් තුළම දරුවන්ට හිතකර සිමාවන් පනවා මනා හික්මීමකින් හා වගකීමකින් යුත් දරුවන් ඇති දැඩි කරන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

ඔබත් මෙම ක්‍රියාදාමයන් උපයෝගී කර එයින් ඔබට ලැබුණු හිතකර ප්‍රතිපල ගැන TheAsianParentහි අපවත් දැනුවත් කරන්න.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • දරුවන්ට සීමාවන් පනවන්නේ කොහොමද?
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • ගමනක් යන්න සුදානම් වෙද්දී තාත්තාටත් උදව් කරන්න පුලුවන් මෙහෙමයි .

    ගමනක් යන්න සුදානම් වෙද්දී තාත්තාටත් උදව් කරන්න පුලුවන් මෙහෙමයි .

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • ගමනක් යන්න සුදානම් වෙද්දී තාත්තාටත් උදව් කරන්න පුලුවන් මෙහෙමයි .

    ගමනක් යන්න සුදානම් වෙද්දී තාත්තාටත් උදව් කරන්න පුලුවන් මෙහෙමයි .

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it