ඔබේ සහකරුගේ නිරෝගී බව ගැන ශුක්‍රාණුු වල පාට කියන කථා

ඔබේ සහකරුගේ නිරෝගී බව ගැන ශුක්‍රාණුු වල පාට කියන කථා

ශුක්‍රාණු නිරෝගී දැයි එය ‌දෙස බැලීමෙන් කියන්නේ ‌මෙහෙමයි.

ඔබේ සහකරුගේ ශුක්‍රාණු වල පාට අනුව ඒවා නිරෝගිදැයි ඔබට දැනගන්න පුළුවන්.

පිළිසිඳ ගැනීමට උත්සාහ කරන කාලය  යුවළකට වඩාත්ම අභියෝගාත්මකයි. නිරෝගී ශුක්‍රාණු හෝ ශක්තිමත් ශුක්‍රාණු තිබීම ගැබ්ගැනීමේ අවස්ථා වැඩි කරනවා.

නමුත් සමහර විට, මෙම මාතෘකාව ඔබේ සැමියා සමඟ සාකච්ඡා කිරීම අසීරු වෙන්න පුළුවන්.

එසේම කතා කිරීමට තරමක් සංවේදී කාරණයක් වෙන්න පුළුවන්.

ඉතින් ඔබේ සැමියාගේ ශුක්‍රාණු දෙස බැලීමෙන් පමණක් ඒවා සෞඛ්‍ය සම්පන්නදැයි කියන්නේ කොහොමද? මෙන්න ඒ සම්බන්ධ මග පෙන්වීමක්.

ශුක්‍රාණු නිරෝගී දැයි ශුක්‍රාණු වල පාට ‌‌දෙස බැලීමෙන් කියන්නේ කෙසේද?

ඔබේ සැමියාගේ ශුක්‍ර තරලය ස්වභාවිකවම ඔහුගේ ශුක්‍රාණු වල සෞඛ්‍යය ගැන බොහෝ දේ පවසනවා.

ශුක්‍ර තරලයේ පාට එහි සෞඛ්‍යය පිළිබඳ කියන හොඳම ක්‍රමයකි.

ඔබ පරීක්ෂා කළ යුතු පළමු දෙය ශුක්‍රාණුවේ වර්ණය වන අතර එය එහි සෞඛ්‍යය ගැන බොහෝ දේ ඔබට කියනු ඇත.

  • වලාකුළු සුදු හෝ අළු

ඔබේ සහකරුගේ නිරෝගී බව ගැන ශුක්‍රාණුු වල පාට කියන කථා

සාමාන්‍ය ශුක්‍ර තරලය සාමාන්‍යයෙන් වලාකුළු සහිත සුදු හෝ අළු පැහැයක් ගන්නා අතර ජෙලි වැනි ස්වභාවයක් ගන්නවා.

මෙය ඔබේ සැමියාගේ ශුක්‍රාණු වල වර්ණය නම් එහෙනම් වඩාත් හොදයි.

ඉහළ මට්ටමේ ශුක්‍රාණු ප්‍රමාණයක්  සහ ගුණාත්මක භාවයක් පවත්වා ගැනීම සඳහා පහල ඉඟි වලින් කියන ආකාරයේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගන්න.

  • රෝස, රතු, දුඹුරු හෝ තැඹිලි

සමහර විට ශුක්‍රාණු වල රුධිරය තිබීම නිසා මේ වර්ණ ඇතිවෙන්න පුළුවන්.

සමහර අවස්ථාවලදී,  දැඩි ලෙස ලිංගිකව එක්වීම හෝ ස්වයංවින්දනය මේ සදහා හේතුවෙන්න පුළුවන්. එය නම් දින කිහිපයකින් යථා තත්වයට පත්වෙනවා. 

නමුත් එසේ නොවී තත්වය බරපතල වේ නම් රුධිර පීඩනය ඇතිවීම, හර්පීස්, ක්ලැමීඩියා සහ ගොනෝරියා වැනි ලිංගාශ්‍රිත රෝග හෝ පුරස්ථි ආසාදනය නිසා ඇති වු තත්වයක් වෙන්නත් පුළුවන්.

ඔබේ පෞද්ගලික අවයව ඇති පෙදෙසෙහි හෝ ඒ අවට වේදනාවක් තිබේ නම්, හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමුවන්න.

  • කළු

බොහෝ විට කළු ශුක්‍රාණු ඇතිවන්නේ පැරණි වු රුධිරය නිසයි. නමුත් ඔබේ සුසුම්නාවට වු තුවාලයක් නිසාත් එසේ වෙන්න පුළුවන්.

එසේ නොවේ නම් මෙය වඩාත් බරපතල ගැටළුවක් විය හැකි බැවින් ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

  • කහ හෝ කොළ

කහ හෝ කොළ ශුක්‍රාණු ඇතිවන්නේ සාමාන්‍යයෙන් ශුක්‍ර තරලය සමඟ මිශ්‍ර වී ඉතිරිව ඇති මුත්‍රා නිසයි.

ඒ නිසා  බොහෝ විට මේ අමුතු වර්ණ ශුක්‍රාණු ලැබෙනවා.

එසේ නොමැති නම් එය මුත්‍රා ආසාදන, පුරස්ථි ආසාදන හෝ ලිංගාශ්‍රිත රෝග වැනි හේතුන් නිසා ඇතිවෙන වෛද්‍ය ගැටලුවක ලකුණක් වෙන්නත් පුළුවන්.

ශුක්‍රාණු පිටවීමෙන් පසු ඔබේ සැමියා වේදනාවෙන් සිටී නම්, වෛද්‍යවරයා හමුවෙන්න.

ශුක්‍රාණු වල පාට: නිරෝගී ශුක්‍රාණු සදහා හොද පුරුදු

ඔබේ සහකරුගේ නිරෝගී බව ගැන ශුක්‍රාණුු වල පාට කියන කථා

නිරෝගී ශුක්‍රාණු කරනුයේ  ඔබේ සැමියාගේ සරු බව හෝ පුරුෂ ශක්තිය ලබා දීම පමණක් නොවේ.

ශුක්‍රාණුවක් කෙතරම් සෞඛ්‍ය සම්පන්නද යන්නට වයස බලපාන බව විශ්වාසයි. නමුත් පිරිමින්ට වයස අවුරුදු 80 වන තුරු ශුක්‍රාණු නිපදවිය හැකි බව ඔබ දන්නවාද?

පුරුෂයෙකු සිය 40 වන උපන්දිනය පසු කරන විට ශුක්‍රාණුවේ සෞඛ්‍යය පිරිහීමට පටන් ගන්නවා.

ඒ වගේම එහි  චලනය (ඩිම්බය දෙසට ගමන් කිරීමේ හැකියාව) වයස අවුරුදු 20 සිට 80 දක්වා ක්‍රමයෙන් අඩුවෙනවා.

කෙසේ වෙතත්, පිරිමින්ට නිරෝගී ශුක්‍රාණු නිපදවීමට දිරිගැන්විය හැකි සමහර පුරුදු තියෙනවා. අපි ඉන් කිහිපයක් ගැන දැනගනිමු.

  1. එය සිසිල්ව පහතින් තබා ගන්න

ශුක්‍රාණු නිපදවන්නේ උෂ්ණත්වය සිසිල්  විට පමණයි. එබැවින් වෘෂණ කෝෂ උණුසුම් වීමෙන් අනියත කරදර ඇතිවෙන්න පුළුවන්.

ඔබේ සැමියාගේ වෘෂණ කෝෂ ඇති ප්‍රදේශය අධික ලෙස උණුසුම් කිරීමෙන් වැළකී සිටිය යුතුය.

එබැවින් උණුසුම් ස්නාන  ලබා ගැනීම අවම කල යුතුය. ඔබේ සැමියාගේ තද යට ඇඳුම් ඉවත් කර ලිහිල් කොට කලිසම් තෝරා දෙන්න. එවිට ශුක්‍රාණු නිෂ්පාදනය අඛණ්ඩව සිදුවේවි.

  1. හොඳින් ආහාර ගන්න

සියලුම ප්‍රධාන ආහාර කාණ්ඩ අඩංගු සෞඛ්‍ය සම්පන්න සහ සමබර ආහාර වේලක් ඔබේ සැමියාට ලබාදෙන්න.

 ඒ මඟින් ඔබට දවස පුරා ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා පමණක් නොව, සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු රාශියක් නිෂ්පාදනයටද එය දායක වෙනවා.

කොළ පාට එළවලු, අර්තාපල් සහ රනිල කුලයට ආහාර  වැනි ෆෝලේට් සහිත ආහාර ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කිරීමට උපකාරී වෙනවා.

ඒ වගේම විටමින් D, ධාන්‍ය හා මේද සහිත මාළු ලබා දීමෙන් ශුක්‍රාණු වල ප්‍රශස්ථ හැඩය සහ සංචලතාව මනාව පවත්වා ගන්න පුළුවන්.

මේද සහිත මාළු වල ඔමේගා -3 වැනි මේද අම්ල ද අඩංගු වන අතර එය ශුක්‍රාණු ව්‍යුහය හා සංඛ්‍යාව වැඩි දියුණු කරනු ලබනවා.

  1. බඩ අඩු කරගන්න.  ක්‍රියාශීලීව සිටින්න

හොඳින් ආහාර ගැනීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබේ සැමියාට එකතැන නොසිට ව්‍යායාම කිරීම සදහා  දිරිමත් කළ යුතුය.

අධ්‍යයනවලින් පෙනී යන ආකාරයට ශාරීරිකව ක්‍රියාශීලී පිරිමින්ට ඉහළ ටෙස්ටොස්ටෙරෝන් මට්ටමක් පවතින එය වඩා හොඳ ශුක්‍රාණු ඇති කිරීමට හේතුවෙනවාලු. ව්‍යායාම කිරීම මගින් ලිංගික ආශාවද වැඩිවෙනවා.

  1. දුම්පානය නතර කරන්න

ශුක්‍රාණු වල පාට

බොහෝ අධ්‍යයනවලින් පෙනී යන ආකාරයට  දුම්පානය නීසා ශුක්‍රාණු වලට අහිතකර බලපෑම් ඇතිවෙනවා. එහිදි ශුක්‍රාණු ප්‍රරමාණය අඩු වීම, ශුක්‍රාණු සංචලතාව අඩු වීම හා  ශුක්‍රාණු වල හැඩය අඩු වීම මේ අහිතකර බලපෑම් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

එය ගබ්සා වීමේ අනුපාතය වැඩි කිරීමට හේතු වෙනවා. ඔබේ සැමියා මේ  දැන් දුම්පානය නතර කළහොත්, ඔබට මාස තුනකින් හොද ප්‍රතිඵල අත්කැ ගන්න පුළුවන්.

ඒ අතර ශුක්‍රාණු පරිණත වෙනවා.

  1. සන්සුන් වන්න.

ශරීරය නිරෝගීව සිටීම පමණක් වැදගත් නොව  මනසද නිරෝගි විය යුතු වෙනවා. මානසික ආතතිය නිසා  ලිංගික ක්‍රියාකාරිත්වය අඩුවීම හෝ එය වඩාත් නරක අතට හැරීම හා ශුක්‍රාණු නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර වීම සිදුවෙන්න පුළුවන්. ඔබ නිරෝගී ශුක්‍රාණු ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඔබේ සැමියා සැහැල්ලුවෙන් තබා ගැනීම වැදගත් වෙනවා.

ඉහත උපදෙස් පිළිපැදීම තුලින් ඔබේ සැමියාගේ ශුක්‍රාණු නිරෝගී කරගන්න පුළුවන්. ඒ මගින් ඔබට දරුවෙකු පිළිසිද ගැනීම නම් වු ‌සොදුරු ඉලක්කය ‌වෙත පහසුවෙන්ම ලගා ‌වෙන්න පුළුවන් ‌වේවි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි