theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගර්භණීභාවය පරීක්ෂා කරන්න අපූරු ලුණු පරීක්ෂණයක්

3 අවම කියවීම
ගර්භණීභාවය පරීක්ෂා කරන්න අපූරු ලුණු පරීක්ෂණයක්ගර්භණීභාවය පරීක්ෂා කරන්න අපූරු ලුණු පරීක්ෂණයක්

ඔබේ මුළුතැන්ගෙයි තියෙන ලුණු භාවිතා කරලා ඔබ ගැබ්ගෙනද කියලා ඔබටම පරීක්ෂා කරගන්න පුළුවන්. අපූරුයි නේද?

ඔ‌බේ ගැබ් ගැනීම පරීක්ෂා කරන්න ඔන්න අපූරු ක්‍රමයක්.ඔබ ගැබ්ගෙන සිටිනවාද නැද්ද යන්න ඉක්මණින් දැනගන්න ඔබට අවශ්‍යයි නේද?

සමහර විට ඔබට පරීක්ෂණ පටිගන්න ෆාමසිය යන්න වේලාව නැතිවෙන්න පුළුවන්. නැතිනම් වෛද්‍යවරයා ඉන්නේ  බොහෝ දුරින් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී, ඔබ ගැබ් ගෙනද යන්න පරීක්ෂා කිරීමට ඔබට අවශ්‍ය වේවි.

ඔන්න එහෙනම් ඔබේ මුළුතැන්ගෙයි තියෙන ලුණු භාවිතා කරලා ඔබ ගැබ්ගෙනද කියලා ඔබටම පරීක්ෂා කරගන්න පුළුවන්. අපූරුයි නේද?

ඇයි මේ ගෙදර හැදූ ගර්භණී පරීක්ෂණයම?

ඔබ ගර්භණීදැයි පරීක්ෂා කරන්න විශ්වාසදායක ක්‍රමයක් භාවිතා නොකරන්නේ ඇයි කියා ඔබ කල්පනා කරනවා නේද? එහෙනම් නිවසේදී ගර්භණිත්වය පරීක්ෂා කර ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින් අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

ඔබට ඇත්තටම දරුවෙකු ලැබීමට අවශ්‍ය වුවද නැතිද මේ සමස්ත ක්‍රියාවලියම ඔබව කම්පනයට පත් කරන්න පුළුවන්. ගෙදර හැදූ මේ ගර්භණී පරීක්ෂණයෙන් ඔබේ කුතුහලය ඉක්මණින් තෘප්තිමත් කරන්න පුළුවන්.

ඒ වගේම හුරුපුරුදු තැනක් වු ඔබේ නිවස තුළම ඔබ සොයන්නට පිළිතුරු ලැබේවි.

ගැබ් ගැනීම: මේ ලුණු පරීක්ෂණය කිරීමට පෙර කළ යුතු දේවල්

මේ මඟින් නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න නම් ඔබේ ශරීරය ප්‍රමාණවත් තරම් hCG හෝමෝනය නිපදවීමට පටන් ගන්නා තෙක් ඔබ බලා සිටිය යුතුය. එනම් ඔබගේ ඔසප් විය යුතු දිනය පසු වී සතියක් ගතවෙන තුරු ඔබ ඒ සදහා ඉවසිය යුතු වෙනවා. එසේ සතියක් ගත වීමට පෙර කරන ඕනෑම දෙයකින් ඔබට වැරදි ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්.

නිවැරදි ප්‍රතිඵල වලට ඔබගේ මුත්‍රා සාන්ද්‍රණය බොහෝ දුරට බලපානවා. ඒ නිසා පරීක්ෂණයට පෙර ඔබ අධික ලෙස ජලය පානය නොකළ යුතුයි.

ඕනෑවට වඩා ජලය පානය කල විට ඔබේ මුත්‍රා තනුක වෙන බැවින් නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම දුෂ්කර වෙනවා. ඔබ මේ පරීක්ෂණය කරන අයුරු දැනගන්න අවශ්‍ය  නම් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න.

ගැබ් ගැනීම: මේ පරීක්ෂණය කරන්නේ කොහොමද?

ලුණු සමඟ ගර්භණීභාවය පරීක්ෂා කරන්නේ කෙසේදැයි ඔබ ඉගෙන ගන්නා පළමු අවස්ථාව මෙය නම්, මේ ක්‍රියාවලිය සිදුවෙන ආකාරය ඔබ කල්පනා කිරීම සාමාන්‍යයි.
මුලදී ඔබට ඒ ගැන විශ්වාසයක් නැතිවේවි. ඒකට කමක් නැහැ. සෑම කෙනෙකුගේම නිවෙස් වල තියෙන ලුණු වලින් ගර්භණී පරීක්ෂණයක් කරන්නේ කොහොමද කියලා විශ්වාස කරන්න බැරි තරම් නේද?
HCG හෝමෝනය ලුණු සමඟ ප්‍රතික්‍රියා කරනවා. එමඟින් ඔබ ගැබ්ගෙනද නැද්ද කියා  ඔබට දැනගන්න පුළුවන්.

ගැබ් ගැනීම: ලුණු වලින් කරන ගර්භණී පරීක්ෂණයකට ඔබට අවශ්‍ය දේවල්

මෙම පරීක්ෂණය සඳහා ඔබට කිසිවක් මිලට ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ගර්භණීභාවය ලුණු සමඟ පරීක්ෂා කරන්න ඔබ ඉගෙන ගන්නවා වගේම  ඔබට අවශ්‍ය සියල්ල ඔබේ මුළුතැන්ගෙයෙහි ඇති බවත් ඔබ ඉගෙන ගත යුතුය.

ඔබට අවශ්‍ය වන්නේ:

  • පරීක්ෂණයේ කාල සීමාව ගණනය කල හැකි කාලරාමුවක් (ඔබගේ දුරකථන ටයිමරය වුවත්  සුදුසුයි)
  • උදේම ලබාගත් මුත්‍රා සාම්පලයක්
  • පැහැදිලි, විනිවිද පෙනෙන කෝප්පයක් හෝ භාජනයක්
  • ලුණු ටිකක්

ගැබ් ගැනීම: මේ පරීක්ෂණය කරන ආකාරය

1. උදේම ලබාගත් මුත්‍රා සාම්පලයක් පැහැදිලි, විනිවිද පෙනෙන කෝප්පයකට ලබාගන්න.
2. මුත්‍රා සාම්පලයට ඇඟිලි තුඩු වලට ගත් ලුණු දෙවරක් එක් කරන්න
3. ලුණු මුත්‍රා හොඳින් මිශ්‍ර කරන්න.
4. ටයිමරය මිනිත්තු 5 කට සකසා කාලය අවසන් වන තෙක් බලා සිටින්න
5. වෙනස්කම්  බලන්න.

මේකෙන් කොහොමද , ඔබ ගැබ්ගෙනද  නැද්ද කියන්නේ?

මිශ්‍රණයේ කිරිපාට පෙණ ඇත්නම්  මෙය ඔබ ගැබ්ගෙන ඇති බවට එය ලකුණකි. නමුත් මුත්‍රා පෙන රහිත  නම් ඔබ ගැබ්ගෙන නැහැ.

ඊළඟට කුමක් කළ යුතුද?

ලුණු වලින් ගැබ් ගැනීම පරීක්ෂා කිරීම ඉක්මන් හා ලාභදායී ක්‍රමයකි. කෙසේ වෙතත්, නිසැකවම දැන ගැනීම සඳහා ඔබට රෝහලේදී රුධිර පරීක්ෂණ කිහිපයක් කරන්න සිදුවෙන්න පුළුවන්.
මෙම පරීක්ෂණ පහසු විය හැකි නමුත්  විද්‍යාත්මකව තහවුරු  කර නොමැත. පරීක්‍ෂා කිරීම සඳහා නිසි ගර්භණී පරීක්ෂණ කට්ටලයක් ලබා ගැනීම හෝ වැඩිදුර තහවුරු කිරීම සඳහා වෛද්‍යවරයකු හමුවීම සැමවිටම සුදුසු වෙනවා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • ගර්භණීභාවය පරීක්ෂා කරන්න අපූරු ලුණු පරීක්ෂණයක්
බෙදාගන්න :
  • නිවසේදි ගැබිනි බව පරීක්ෂා කල හැකි මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කරන පරීක්ෂණය

    නිවසේදි ගැබිනි බව පරීක්ෂා කල හැකි මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කරන පරීක්ෂණය

  • මගේ ජීවිතය වෙනස් කල ඒ සුන්දරතම රතු ඉරි දෙක

    මගේ ජීවිතය වෙනස් කල ඒ සුන්දරතම රතු ඉරි දෙක

  • නිවසේදි ගැබිනි බව පරීක්ෂා කල හැකි මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කරන පරීක්ෂණය

    නිවසේදි ගැබිනි බව පරීක්ෂා කල හැකි මුත්‍රා වල hcg මට්ටම පරීක්ෂා කරන පරීක්ෂණය

  • මගේ ජීවිතය වෙනස් කල ඒ සුන්දරතම රතු ඉරි දෙක

    මගේ ජීවිතය වෙනස් කල ඒ සුන්දරතම රතු ඉරි දෙක

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it