theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ තරුණ දරුවාගේ ඇතුළාන්තය ඔබ කොතෙක් දුරට හඳුනනවාද?

3 අවම කියවීම
ඔබේ තරුණ දරුවාගේ ඇතුළාන්තය ඔබ කොතෙක් දුරට හඳුනනවාද?ඔබේ තරුණ දරුවාගේ ඇතුළාන්තය ඔබ කොතෙක් දුරට හඳුනනවාද?

හිතුමතේ ගත් වැරදි හදිසි තීරණ නිසා යෞවන මල් කැකුළක් මිලින වී යනවා. අපගේ තරුණ දූ දරුවන්ගේ ගැටළු වියවුල් වලට සංවේදී වීමෙන් මෙවන් වටිනා ජිවිත අකලට මලින වීම වලකාගත හැකි වේවි.

අන්තර්ජාලය පුරාම තරුණ දූපුතුන්ගේ දිවි නසාගැනීම ගැන පුවත් නිතර සංසරණය වෙනවා.

ලංකාවේ පවා මෙය බහුල තත්වයක්. අප මේ පුවත් කියවා එම දරුවන්න ගැන නොයෙකුත් නිගමන වලට එළඹෙනවා. 

පාඨකයින්ගේ නොයෙකුත් නිගමන, දොස් පැවරුම්, අපහාස හා උපහාස කිරීම් වැනි නොයෙක් මතිමතාන්තර වලින් අන්තර්ජාලය පිරී යනවා. කෙසේ වෙතත් නැති ජිවිතයට යලි පණ පොවන්නට බැහැ.

අකලට අහිමි වූ ඒ සුන්දර, වටිනා ජීවිත වලට යලිත් ජිවය දෙන්නට බැහැ. බොහෝ දෙනා වේදනාව හා කෝපය මිශ්‍ර හැඟීම් වලින් මේ සිදුවීම් ගැන සංවේදී වනවා.

මෙම දරුවන්ඇ ආදරෙන් හැදු වැඩු මාපියන් හට ඇති වන වේදනාව කෙතරම් වන්නට ඇත්ද.

මේ සියළු හැඟීම් වලට අමතරව මට දැනෙන්නේ මහත් බියක්.

උගත්, විනෝදශීලි චරිත පවා, අහිමි වූ ප්‍රේම කතන්දර නිසාවෙන් පහසුවෙන්ම දිවි නසාගැනීම වැනි බරපතල් තීරණ වලට එළඹීම  අදහා ගත නොහැක්කක්.

ජිවිතයේ අසීමිත වූ තනිකම් දැනෙන අවස්ථා අප හැමෝගේම ජිවිත වල නැතුවා නොවේ.

එහෙත් ජිවිතයේ අන්තයට ඇද වැටෙන අවස්ථා වලදී පවා දිචි නසා ගැනීම කිසි සේත්ම පිළිතුරක් වන්නේ නෑ.

මට නිතැතින්ම පැන නැගෙන ප්‍රශ්ණ සමුදායෙන් කිහිපයක් නම්...

  • ඉගෙනුමේ ඉහළම ඉනි පෙත්තට ඒමට මේ දරුවන්ට මං පෑදු අපගේ අධ්‍යාපන ක්‍රමය කෙතරම් දැනුම මෙන්ම බුද්ධියත් ලබා දෙනවාද?
  • මේ දරුවනට සමීපතම මිතුරු මිතුරියන් සිටියාද?
  • මොවුන්ගේ දෙමාපියන් අතර තිබු සම්බන්දතාව කෙතරම ශක්තිමත්ද?
  • මොවුන් ආශ්‍රය කලේ කෙබඳු මිතුරන්ද?

මෙම දරුවන්ගේ දිවි නසාගැනීම ගැන තීරණ වලට එළඹී හේතු වලට පිළිතුරු දෙන්නට මේ දරුවන් අප අතර නැතුව ඇති.

නමුත්  මොවුන්ගේ ජීවිත තුළින් මාපියන් වන අපට දෙන්නේ දෑස් කඩතුරා හැර විවර කර බලන්නට ආයාචනයක්.

අපගේ දු දරුවන්ගේ මානසික ශක්තිය තීව්ර කර, ජිවිතයට එඩිතරව මුහුණ දෙන්නට උදව් විය හැකි ක්‍රම කිහිපයක් සලකා බලමු. දිවි නසාගැනීම පරදවමු! 

  1. දරුවාගේ මිතුරෙක් වන්න දිවි නසාගැනීම

දරුවා සමග මිත්‍රශීලි වීමෙන් කෙතරම් හිතකර ප්‍රතිපල ඇති වේදැයි අප නිතර මතක් කරනවා.

දරුවා සමග එදිනෙදා කුළුපග වීමෙන් කාලයක් තිස්සේ මේ මිතු දම පළ දරනවා, ශක්තිමත් වෙනවා.

දරුවාට විශ්වාස කල හැකි මිතුරෙක් වීමෙන් දරුවන් තමන් තනි නොවන බව නිතර තේරුම් ගෙන මනා ආත්ම ශක්තියකින් වැඩෙනවා.   

  1. දරුවාට සවන් දීම

සවන් දීම ඉතා සුළු දෙයක් සේ හැඟුනද, අද දෙමාපියන්ගේ බහුතරයක් දරුවන්ට නොලැබෙන දෙයක් තමා සවන් දීම.

සවන් දීමට කාලය වෙන් කිරීම පමණක්  නොව, තමන් අවෙගශීලි නොවී, ඉතා ඉවසීමෙන්, අනිසි නිගමන වලට නොඑළඹී සවන් දීමෙන් ඔබට දරුවා ගැන මනා අවබෝධයක් ඇති වනවා.

මෙහිදී දරුවාට කුඩා හෝ ප්‍රශ්නයක් ඇත්නම්, එකම බැල්මකින් ඔබට එය තේරුම් යනවා.

  1. දරුවාගේ මිතුරන් ගැන අවබෝධයෙන් සිටින්න

දරුවන් ආශ්‍රය කරන ඇය කවරුන්ද යන්න දැනගෙන සිටීම අතිශයින්ම වැදගත්. දරුවෙකුගේ ජිවිත වැදීමේදී, තමුන්ගේ පවුලෙහි පැවැත්මට දෙවෙනි වන්නේ දරුවන්ගේ ආශ්‍රයයි.

දරුවාගේ මිතුරන් ගැන දැනුවත් වනවා පමණක් නොව, ඔවුන්ගේද හොඳම මිතුරෙකු සෙ කටයුතු කිරීමෙන් ඔබගෙන් එම දරුවන්ටද වන්නේ නොමද සේවයක්.  

  1. දරුවාගේ ප්‍රශ්න වලට උවමනාවට වඩා සම්බන්ධ වන්නට එපා

බොහෝ මාපියන් අතින් වන වරදක් තමා කුඩා කල සිටම දරුවන්ගේ හැම කටයුත්ටකටම උවමනාවට වඩා දායක වීම.

පාසලේ ගුරුවරුන් අතර ප්‍රශ්න, දෙමාපියන් සමග ඇති වන ප්‍රශ්න ආදිය විසඳීමට දෙමාපියන් උවමනාවට වැඩිය මැදිහත් වන නිසා තනිව ප්‍රශ්න වලට මුහුණ දීමේ හැකියාව ක්ෂය වනවා.

කුඩා කල පටන්ම තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ආකාරය කියා දෙනු විනා ප්‍රශ්න විසඳා දීම සිමා කිරීම සුදුසුයි.

දරුවන් අපගේ පණ වැනිය. දරුවන්ට උපරිම අධ්‍යාපනයක් සපයන අතරම දරුවාගේ ආත්ම ශක්තිය පරිනත කිරීමට කටයුතු කිරීමෙන් එඩිතර, ශක්තිමත් දරුවන් ලොවට දායක කරන්නට අපට හැකි වනවා.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • ඔබේ තරුණ දරුවාගේ ඇතුළාන්තය ඔබ කොතෙක් දුරට හඳුනනවාද?
බෙදාගන්න :
  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්

    දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්

  • සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

    සමහර විට දරුවන්ට පාළුව හා කාන්සිය දැනීම හොඳයි. ඇයි?

  • දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්

    දරුවන් දෙදෙනෙකු සිටින මවක ගෙන් අලුත් පියෙකුට විවෘත ලිපියක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it